දැරණියගල නූරි වතත්තේ අධිකාරී නිහාල් පෙරේරා ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 දෙනාගෙන් නව දෙනකු හැර සෙසු පිරිස කණ්ඩායම් වශයෙන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලෙස අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ජී එච් ඒ සෙනවිරත්න මහතා නියෝග කළේය.
ඒ අනුව සැකකරුවෝ සිව් දෙනෙක් අද ඉදිරිපත් කරනු ලැබූහ. සාක්කිකරුවෝ නව දෙනෙක් ඉන් තිදෙනකු හඳුනා ගත්හ.
තෙරියසාමි තරුපයියා, සුබ්‍රමණියම් මහේන්ද්‍රන් හා පෙරුමාල් රවි කුමාර් ඔවුහුය.
සරත් විජේසිරි හඳුනාගැනීමට නොහැකි විය.
තවත් සැකකරුවන් හතර දෙනකු අඟහරුවාදාත්, තවත් හතර දෙනකු බදාදාත් හඳුනාගැනීමේ පෙරට්ටුවලට ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රධාන සැකකරුවන් වන අමිල විජේසිංහ හා දැරණියගල හිටපු ප්‍රාදේශීය සභාපති අනිල් චම්පික විජේසිංහ (අතකොටා), අශාන් රංග විජේසිංහ, තන්නිවේල් විජේකුමාර්, රාමන් සිවකුමාර්, පලනි අණ්ඩි, නිෂාන්ත කුමාර, විජයකුමාර හා පෙරුමාල් උදයකුමාර්ගේ නම් කලින් ප්‍රසිද්ධ වී ඇති නිසා ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට නොතබන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකරුවෝ සියලු දෙනාම ලබන 31 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සේරම ඒ ප්‍රදේශයේ (සබරගමුව ) ලොක්කෙක්ගේ හොදම ගෝලයෝ. (නි)
කැලණිය පැත්තේ උනානම් මේ අයව ගස් බදිනවා (දී)
අවුරුදු 15ක් පොලිසිය මොකද කලේ
බය වෙන්න එපා. අත කොට නිදහස් වෙනවා වෙනවාමයි (නි)
නම හෙළි නොකළ වතු අදිකාරීවරයාගේ සරති අන්තයේ පුවත් පතට ලියපු ලිපිය කියෙව්වා නම් මෙයාලගේ වැඩ කිඩ ගැන හොදින් දන ගන්න පුළුවන්.මිණිමරන්න, ස්ත්‍රී දූෂණ කරන්න,කුඩු ගංජා විකුනන්න සහයෝගය දෙන ඇමතිය මොකාද කියල කියන්න බැරිද? (අ)
ඔඩෙල්-ඩිෆෙන්ඩර් වීරයිනි, ඉදිරියට එන්න (නි)
මොකටද මුහුණ වහන්නේ ? මේක තමයි මනාපයේ ප්‍රතිඵල. අකාලයේ වටිනා මිනිසුන් මියයනවා (නි)
ඔය මිනි මැරුම් අපරාධ එහෙම කළෙත් ඔහොම පොරෝගන ගිහිල්ලද දන්නේ නැහැ. (නි)
කොහොමද සිංහල දෙමල සමගිය? අපරාධකරුවන්ට, දුෂිතයන්ට,කුඩු කාරයන්ට,කොටින්ම සමාජයේ වැරදි ලෙස ජීවත් වන කිසිවෙකුට ජාති බේද,ආගම් බේද කිසිවක් නැහැ නේ .ඇයි යහපත් ජීවිත ගතකරන අය අතර මෙය නැත්තේ? (නි)
නීතියෙන් දඩුවම් නොලැබුනත් කවදාහරි මෙයලයට කාගෙන්හරි පලවිපාක ලැබේවි. ඒ කරලා තියන අපරාධ වලට. රටේ නායකයන්ගේ නීතියේ අවධානය අනිවාර්යෙන්ම ලැබෙන්න ඕන කියල සියලු ලක්වැසියන්ගේ බලාපොරොත්තුව. (අ)
අත කොටට තිබිලා වැඩ ඔහොම නම් දිගට තිබුණා නම්.. මෙයාලගේ අවයව එක එක කොට කරන්න ඕනෑ. (නි)
අනේ මේ තරම් සුදුසුකම් තිබෙද්දිත් ඇයි මේ අවංක එඩිතර ජාති හිතෙෂි චරිතවත් පිරිස අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ වලින් මැතිවරණ සඳහා ඉදිරිපත් කර දිනවන්නේ නැත්තේ ?දැනටත් පාර්ලිමේන්තුවේ, පළාත් සභාවල, ප්‍රාදේශීය සභාවල කොච්චර නම් මේ වගේ අය ඉන්නවද ? (නි)
මෙයාලද මේ චන්ඩි? මෙයාලටද මේ ගමක් බය වෙලා හිටියේ ? (නි)
මොවුන් රකින දේශපාළුවන්ට ඡන්දය දෙන අයට ජාති ජාතිත් ශාප වේවා! (නි)
සිල් අරගෙන නිවන් දකින්න පෙරුම් පුරන්නට යන නඩයක්දෝ... (නි)
කොහොමත් සබරගමුවේ ඉන්නේ මූහුණු දෙකේ මිනිස්සු. නැත්නම් අතකොටාට ඡන්දෙ දෙයිද ? (නි)
ඔඩෙල්-ඩිෆෙන්ඩර් වීරයිනි, ඉදිරියට එන්න (අ)
පොලිසිය විත්තියද පමිනිල්ලද (දී)
මුව අල්ලලා ගහක බැඳල්ල ගමේ සියලුදෙනා සමග එකතුවෙලා ගල්ගසා මරාදමන්න වටිනවා , එතකොට රටේ මෙහෙම වැඩකරන අය අඩුවේවි (අ)
පව් අනේ ලැජ්ජා බයට හැදුනු මිනිස්සු ටික ඒ කනේ මේ මුහුනු වහගෙන යන්නේ ලැජ්ජා නැති වැඩ කරනකොට හිතන්න නෑ ලෝකයටම පේන්න මෙහෙම යන්න වෙයි කියලා නේ (අ)
දැන් නම් මිනිස්සු ඉන්නේ කේන්තියෙන්, අත කොටාගේ නෙවෙයි අනෙත් අයගේ උනත් අත කොට කරන්න බැරි නැහැ. දේශපාලකයින් පිළියම් නොයදුව නිසා ප්‍රශ්ණය උඩු දුවා ඇති බැවින් ලංකාවේ සියළු දේශපාලකයින් ප්‍රවේශම් විය යුතුයි (දී)
කොහොම උනත් ජාතික සමගිය ගැන හොද ආදර්ශයක් කට්ටිය රටට දීල තියෙනවා.. (දී)
සාක්කිකරුවන්ට හඳුනා ගැනීමට නොහැකි වුණා කියලා නිදහස් කරයිවද්ද? (නි)
මොට්ටැක්කිලියෙන් වහගෙන යන්න තරමට ලැජ්ජා නැති වැඩ කළේ ඇයි..? එල්ලුම් ගහ නම් මුල් දළු රිකිලි දමයි ළගදීම (නි)
ආයුධ හොයන්න යවන්න මෙයාලව් (දී)
මේ වහගෙන යන රෙද්දත් අර කලින් එක වගේද දන්නෙ නැහැ නේද ? එහෙම වුනොත් නම්....? (නි)
දැන් තමයි වත්තේ මිනිස්සු ටිකක් ඉදිරියට එන්න පටන් අරන් තියෙන්නේ. අත කොටාට ඇප දුන්න හැටියේ ඉතුරු අතයි කකුල් දෙකයි කොට කරලා දාන්න තියෙන්නේ සේරම එකතුවෙලා. හිරේ දැමීම මොහුට දඩුවමක් නොවේ. වත්තේ කොන්ද පණ තිබෙන ටික දෙනෙක් හිටියා නම් ඇති මේ වැඩේ කරන්න.ජීවිත කාලයටම හිරේ සිටියත් කමක් නැහැ රටටම ආදර්ශයක් වේවි. (නි)
මෙයාලව නිදහස් කරන්න ලොකු තැන් වලින් තාම නැද්ද සද්දයක්? (අ)
අනේ වාස් මහත්තයෝ..ඔබ තුමාගේ සේවය අපිට අවශ්‍යයි. (ස)
මේ අයත් නිදොස් කොට නිදහස් වේවිද දන්නෙ නැහැ (නි)
ඔන්න බලාගන්න දැන් ඉතින් අත කොටා කොට කොටා යන හැටි. ආයේ මෙතන අත කොටෙක් නැහැනේ? (ස)
ලංකාවේ මුස්ලිම් ගැණුනුන් මුහුණ වසන එක නවත්වන්න කියනවා. එතකොට සැකකරුවන් මුහුණු වහගෙන යන එක හොදද? (නි)
බලන්නකෝ හරිම ලජ්ජාවට බයට හැදිච්ච ළමයි ටිකක් මුහුණවත් පේනවට කැමති නැහැ. මෙයාලා සේරම වැඩිවියට පත්වෙලාද? සුදු රෙදිවලින් වහගෙන යන්නේ. (ස)