(රේඛා තරංගනී ෆොන්සේකා)
විදුලි කාර්මිකයාගේ අත්දෙක කපා අත්දෙක රැගෙන පලාගොස් සිට නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වු සැකකරු පැය හතළිස් අටක් ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන ලෙස මොරටුව මහේස්ත්‍රාත් උද්දාල සුවන් ඳුරුගොඩ මහතා අද (24) නියෝග කළේය.
මොරටුව පොලිසිය විසින් කරනු ලැබූ රැඳවුම් ඉල්ලීමට අනුව මෙම නියෝගය නිකුත් කෙරුනේ මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන(40) තෙල්ගේ ඉසුරු ප්‍රියංකර පීරිස් යන සැකකාර පුද්ගලයාට ය.
සැක්කාර පුද්ගලයා විදුලි කාර්මිකයාගේ අත්දෙක කපාගෙන අත් දෙක ද රැගෙන පලා ගොස් සිටි අතර මොරටුව පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා සිටියදී සැකකරු නීතිඥ යෙකු මාර්ගයෙන් මෙසේ අධිකරණයට ඉදිරිපත් විය.
ඉදිරිපත් වූ කරුණු සියල්ල සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා පැය හතළිස් අටක් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලබා දුන්හ.
එමෙන්ම සැකකරු තුවාලකරුගේ අත් දෙක කපා වෙන්කොට ඇති බව හෙයින් ඔහු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද පොලිසිය විසින් අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.
ඒ අනුව සැක්කාර පුද්ගලයා ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතා යටතේ පැය 48ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම්ට නියමිතය.
මෙම සැකකරු පැය 48 කින් වැඩිදුර වාර්තා සමග නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අත් කපා රැගෙන ගිය සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට නියෝග