යක්කලමුල්ලේ කරාගොඩ පාරක් අයිනේ අත් පා නොමැති බිළිඳු මළ සිරුරක් ඇතැයි පොලීසිය කියයි. බල්ලන් විසින් ළදරු හිසක් ඇදගෙන යනු දුටු ගැමියෙක් ඒ ගැන පොලීසියට දැනුම් දී ඇත. සිරුරේ අත් පා නොමැති බවත් සතුන් විසින් කා දැමීම හේතුවෙන් ගැහැණු පිරිමි බව සොයා ගත නොහැකියැයි ද උපන් හැටියේ ම බිළිඳකුගේ සිරුරක් විය හැකියැයි ද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මස් ලේ නැති ඇට බලු ලෙව කන්නේ- නීතිය නැහැ මේ කිසිවක් දන්නේ- ඔහොම ගියොත් බලු මයි රජවෙන්නේ - නොමැරී තමයි අප පරලොව යන්නේ" (දී)
යුද්ධය නැති එකේ මේ වගේ දේවල් වලින්වත් මිනිස්සු මැරෙන්න ඕන කියලා හිතන අය ඉන්නවාද දන්නේ නැහැ? නැත්නම් කොහොමද මෙච්චර අපරාධ වෙන්නේ? (දී)
රටේ නිතිය නැති බව මෙවැනි ක්‍රියාවලින් ඔප්පුවෙනවා .දෙවියනි ! (දී)
රටේ තියෙන නීතියේ තරම මේ ක්‍රියාකාරකම් වලින් පෙනෙනවා.තවත් භීෂණ සමයක් එයි වගේ.එහෙම වුණොත් අපේ රටේ තරුණ පරම්පරාවට දෙවියන්ගේම පිහිටම තමයි. (නි)
කොහොමත් රටේ නීතියක් නැහැ. නීතිය තියෙන්නේ වැරදි කරන අයට නොව, නිවැරදි අයටයි. කොහොමට තිබුන රටක්ද මේ? මේවට වගකියන්න ඕනෑ රටේ මිනිසුන්ම තමයි. (නි)
රටේ මානව හිමිකම් කොමිසම නිදිද ,මේවා දැනුම් දිය යුතු තැන් වලට දැනුම් දිය යුතුමයි .... (දී)
සුනී ඔය හරි. සිවිල් නීතිය රකින කට්ටිය කෝ ?? (ස)
අනේ අපෙ රටට ගිය කල.... (ස)
ඇත්ත කෝ අපේ රටේ නීතියක් (දිල්)
මෙතන තියෙන ප්‍රශ්ණෙ නීතිය නෙවෙයි. අපේ සංස්කෘතිය, සාරධර්ම ගිලිහෙන එක. දරුවෙක් කියන්නේ අම්මා කෙනෙකුට කොච්චර සම්පතක් ද? දැන් ඒ ආදරය සෙනෙහස කෝ. අසම්මත දෙයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් මේ. (ස)
නිතිය ඉටුවෙනකම් බලන් ඉන්න එතකොට හරි මොනවාහරි දෙයකි වුණොත් කාගේ පිට හෝ වරද පටවන එක අපේ පුරුද්ද (අ)
රටේ නීතියට බැනල වැඩක් තියෙනවද ඕකට . නීතිය කියල දෙයක් තියෙන්නේ මිනිස්සුන්ගේ වැරදි වලට දඩුවම් දෙන්ඩ මිනිස්සුන්ගේ ගතිගුණ හදන්ඩ නීතියට නෙවෙයි . ගතිගුණ හැදෙන්නේ අධ්‍යාපනයෙන් , තමන් ආශ්‍රය කරන සමාජයෙන් . කොතනද වැරදිලා තියෙන්නේ . .?(අ)