IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


අත්අඩංගුවට නොගන්නැයි ජීවන්ත පීරිස් පියතුමාගෙන් අයිතිවාසිකම් පෙත්සමක්

(රන්ජන් කටුගම්පල සහ නිමන්ති රණසිංහ)

තමන් ත්‍රිවිධ  හමුදාව මගින් හෝ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රියාකාරී අරගල කරුවකු වන ජීවන්ත  පීරිස් පියතුමා විසින්  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු අට දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සමේ මෙසේ සඳහන් වේ

පෙත්සම්කරු ගෝටා ගෝ ගම  අරගල භූමියේ ක්‍රියාකාරී අරගල කරුවෙකි. ඔවුන්ගේ අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරය හැර ගිය අතර ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට තේරී පත්විය.

ඉන්පසුව අරගල කරුවන්ට විවිධ හිරිහැර එල්ල විය . පසුගිය විසි දෙවෙනිදා අරගල කරුවන්ට රාජ්‍ය හමුදා සහ පොලීසිය මගින් පහර දීමේ විවිධ බලපෑම් එල්ල කරන ලදී.

මේ අතර ක්‍රියාකාරී අරගල කරුවන් කිහිප දෙනෙක්ද පොලිසිය  විසින්  අත්අඩංගුවට ගනු ලැබූහ.  ඒ අනුව
නොබෝ දිනකින් තමන් ද අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පෙත්සම්කරු කියා සිටියි.

එබැවින් තමන් ත්‍රිවිධ  හමුදාව මගින් හෝ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙස ද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

 



අදහස් (4)

අත්අඩංගුවට නොගන්නැයි ජීවන්ත පීරිස් පියතුමාගෙන් අයිතිවාසිකම් පෙත්සමක්

ruwan Wednesday, 03 August 2022 05:49 AM

ඉතින් වැරැද්දක් කරලා නැත්නම් මොකටද බය වෙන්නේ? ඔයත් එක්කම ලගින් හිටපු අර හාමුදුරුවෝ වගේ එක්කෙනත් ගන්න ඕනේ.

:       1       1

Vijitha Wednesday, 03 August 2022 08:11 AM

මුං අරගල උද්ගෝෂණ කරන කොට අපේ මුලික අයිතිවාසිකම් කඩවීම ප්‍රශ්නයක් නෙවෙයි ද? ජනපති කාර්යාලයෙන් අපේ වැඩක් කර ගන්න නෑ. පරේ අවහිරයකින් තොරව යන්න බෑ. ආර්ථිකය විනාශයි. සංචාරකයන් රටට එන්නේ නෑ. එම නිසා ඩොලර් නෑ. තෙල් නෑ. මේ ඔක්කොම ප්‍රශ්න මේ කාලකණ්නි නිසා

:       2       1

කිරි පුතා Wednesday, 03 August 2022 08:23 AM

ඒ දවස්වල සොත්ති උපාලිටත් තිබ්බෙ මෙහෙම ඉල්ලීමක් කරලා , පොලිස්පතිට විරුද්ධව පියවරක් ගන්න .

:       1       0

sharm warn Wednesday, 03 August 2022 09:10 AM

පුලුවන්නම් පියතුමාව හිරේ දාලා පෙන්නන්කෝ.

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 1590 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 747 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 121 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 616 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 1116 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


පොතුවිල් ආසනය මුස්ලිම් කොංග්‍රසයට
2024 නොවැම්බර් මස 15 580 0

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 255 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 575 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site