IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


අත්අඩංගුවට නොගන්නැයි රියාජ් ගොනු කළ පෙත්සම සළකා බැලීම 20 දා

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළිත් වරක් අත්අඩංගුවට  ගැනීමේ ආසන්නතම අවස්ථාවක් පවතින හෙයින් , තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් මහතා ගොනු කළ  රිට් පෙත්සම සලකා  බැලීම සඳහා මේ මස 20 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (16) නියම කළේය.

දෙමින් වගඋත්තරකරුවන් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසද අභියාචනාධිකරණය  විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියම කරන ලදී.

මෙම පෙත්සම  මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.

මෙහිදී පෙත්සම්කාර  රියාජ් බදියුදීන් මහතා  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව හදිසි අවශ්‍යතාවක් මත ගොනු කර තිබෙන හෙයින් එය සලකා බැලීම සඳහා කෙටි දිනයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 20 වැනිදා කැඳවන ලෙස විනිසුරු මඬුල්ල නියම කළේය. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදිසිංහ, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්විස්, එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මිහිඳු අබේසිංහ ඇතුළු හත් දෙනෙකු නම් කරනු ලැබ ඇත.


නීතිපති ගෞරී සංගරි තවරාසා මහත්මිය මාර්ගයෙන් ගොනු කළ මෙම රිට් පෙත්සමින් පෙත්සම්කාර  රියාජ් බදියුදීන් මහතා කියා සිටින්නේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය අප්‍රේල් මස 14 වන දා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත දීර්ඝ කාලයක් රඳවා තබා පරීක්ෂණ සිදුකළ බවයි.

අදාළ කාලසීමාව තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් තමාට හිමි නිවාස, දේපොළ, ව්‍යාපාර, බැංකු ගිනුම් යනාදිය පිළිබඳව පුළුල් අයුරින් විමර්ශන සිදුකළ බව පෙන්වා දෙන රියාජ් බදියුදීන් මහතා එහිදී තමාට එරෙහිව කිසිදු අපරාධමය චෝදනාවක් තහවුරු කළ හැකි සාක්ෂි අනාවරණය නොවීම හේතුවෙන් තමන්රී මුදාහැරීමට එම දෙපාර්තමේන්තුව ක්‍රියා කළ බව කියා සිටී.

එසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්  ඉකුත් 11 වැනිදා යළිත් සිය බිරිදගේ මවගේ නිවසට ගොස් සෝදිසියට ලක් කර ඇතැයි පෙත්සම්කරු කියා සිටී.

එසේ තිබියදීත් දේශපාලන හේතූන් මත තමන්ව යළි අත්අඩංගුවට ගන්නා ලෙස විවිධ පාර්ශව විසින් බලපෑම් එල්ල කරමින් සිටින බව පෙන්වාදෙන පෙත්සම්කරු මේ හේතුවෙන් තමාව යළි අත්අඩංගුවට ගත හැකි බවට සාධාරණ බියක් මතුව තිබෙන බවද රියාජ් බදුද්දීන් මහතා සිය පෙත්සමින් කියා සිටී.

මේ හේතුවෙන් පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට යළි අත්අඩංගුට ගැනීම වැළැක්වීමේ ආඥාවක් සහ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රියාජ් බදුයුදීන් මහතා විසින් මෙම රීට් පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

 

තමාව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන  රියාජ්  බදියුදීන්   මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් කතෝලික සභාවේ සෙත් සරණ ආයතනයෙන් අභියාචනාධිකරණය හමුවේ අතරමැදි පෙත්සමක් ගොනු කර තිබිණි.

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් සෙත් සරණ ආයතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමා විසින් මෙම අතරමැදි  පෙත්සම ගොනු කරනු ලැබ ඇත.

 



අදහස් (3)

අත්අඩංගුවට නොගන්නැයි රියාජ් ගොනු කළ පෙත්සම සළකා බැලීම 20 දා

සේන Friday, 16 October 2020 08:55 AM

සහරාන් නොමළා නම් මිනිහත් ඉල්ලනවා මේකම...

:       1       7

Hafeel Friday, 16 October 2020 09:14 AM

මේක පුරුදු කළෙත් වත්ම් ලොක්කා.

:       4       6

NuwanSaturday, 17 October 2020 11:02 AM

ඔව් ඒ කතාව හරි. කුදලාගෙන යන්න එනකොට ඔහොම එකක් කරලා තමයි සර් ගොඩ ගියේ. දැන් මේ මනුස්සයයි, එයාගේ සහෝදරයයි ඒ තියරිය දාලා ගොඩ යනවා. බොරු නම් බලන්නකෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 39 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1338 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 473 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1422 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 157 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 971 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site