(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මුදල් විශුද්ධී කරන පනතේ වගන්ති ප්‍රකාරව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින මාතර, කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුනි කේෂලා බෝගහවත්ත මහත්මියගේ වැඩ පෙරේදා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත.

මෙම වැඩ තහනම සිදුකර ඇත්තේ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා විසිනි.

මෙම සිද්ධියට අදාළව මූලික විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුනි මහත්මියගේ රාජකාරී වැඩ තහනම් කර තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි මහත්මිය ඇතුළු පස් දෙනෙක් මුදල් විශුද්ධී කරන පනතප්‍රකාරව මාතර දිසානායක මහතා හමුවට ඉකුත් 06 වැනිදා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 20 වැනි දා දක්වා රිමාන්ඞ් භාරයට පත්කරනු ලැබ සිටිති.