“මේ රටේ වගේ අට ගුණයක විශාල මුහුදක් අපට තිබෙනවා. මේ මුහුදේ මත්ස්‍ය සම්පත බහුලයි. විදේශ විනිමය ඇතුළු අපට මෙයින් විශාල ආදායමක් ලැබිය හැකියි. දෙලක්ෂයක ධීවර ජනතාවක් ජීවත්වන්නේ ධීවර කර්මාන්තයෙන්. මේ සියල්ල නියාමනය කළ යුත්තේ ධීවර සංස්ථාවයි. එහෙත් එය සිදු වූයේ නැහැ. ඒ නිසා අතීත පාඩම් ඉගෙන ගෙන ධීවර සංස්ථාව රැකගෙන ඉදිරියට යා යුතුයි” යැයි සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පැවසීය.
ධීවර අමාත්‍යාංශය, ධීවර සංස්ථාව ඇතුළු අනුබද්ධිත ආයතනවලට පසුගිය කාලය පුරාවටම අත්තනෝමතික ලෙස පත්වීම් සිදු කළ බවත් දේශපාලන ඇඟිලි ගැසීම් නිසා ලාභ ලැබිය හැකි ව තිබූ ආයතනයක් පාඩු ලබා වැසී යන තත්ත්වයට පත්ව ඇති බවත් ගමගේ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධිවර අමාත්‍යංශයත් සෞඛ්‍ය අමාත්‍යංශයට බාර දුන්නනම් වැඩේ ඉවරයි. රැක ගැනීම කෙසේ වෙතත්..(රේ)
නැහැ ඉන්දියාවට ළඟදීම ඒක බාර දේවි (අ)
වටේම තියන මුහුදේ නිකම් අල්ලා ගන්න පුළුවන් මාලු ටික අල්ලාගෙන විකුණලා ලාබ ගන්න බැරි නම් වෙන මොනවද කරන්න පුළුවන් (බ)
අට ගුණයක විශාල මුහුදක් තිබෙන අපි තායිලන්තෙන් මාලු ගෙනත් මීගමුව හලාවත මාර්කට් එකේ විකුනනවා (බ)
හැම එකම ඔහොම තමයි. දේසපාලුවෝ රට කනවා 1960 ඉදලම (බ)
දැන් ඉන්දියන් ධීවරයින්ට ලංකාවේ මුහුදු තීරයේ නිදහසේ මාලු අල්ලන්ට ඉඩ දීලා තියෙනවා (හේ)