අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය (අපිකා) ගැන ජනතාව දැනුම්වත් කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය වාර්තා නිවැරැදි කිරීමේ වැදගත්කමත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය සඳහන් කරයි.
ඇය මේ බව සඳහන් කරනුයේ එම කාර්යාලයය පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිරීක්ෂණ රජයට ලබා දෙමිිනි.
අතුරුදන්වූවන්ගේ පවුල්වලට තොරතුරු සැපයීමට එම කාර්යාලය කටයුතු කළ යුතු බව පෙන්වාදෙන මානම හිමිකම් කොමිසමේ සභාපතිනිය අතුරුදන්වූවන්ගේ පවුල්වලට ඊට ප්‍රවේශවීමේ හැකියාව සුරක්ෂිත කළ යුතු බව ද සඳහන් කරයි.
කාර්යාලයේ කාර්යක්ෂතාම රඳා පවතින්නේ ඊට වෙන් කරන මූල්‍ය ප්‍රතිපාදන මත බවද කාර්යාලයට සුදුසුකම් සහිත කැපවීමෙන් කටයුතු කළ පිරිසක් බඳවා ගැනීමේ අවශ්‍යතාව ද ඇය පෙන්වා දී ඇත.
මෙරට සියලු පාර්ශව හා රටේ සියලු කලාප නියෝජනය වන පරිදි අතුරුදන්වූවන්ගේ කාර්යාලයට සාමාජික සාමාජිකාවන් පත් කළ යුතු බව ද උඩගම මහත්මිය සඳහන් කරයි.
විනිවිදභාවය, භාෂාව, සමාජ තත්ත්ව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සම්බන්ධයෙන් අවධාරණය කළ යුතු බව ද ඇය කියන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමියගේ ආචාර්ය උපාධිය, අර එම් සිල්වලාට වගේ නිකන් ලැබුන එකක් නොවෙන නිසා, මේකේ යථාර්ථය තේරුම් ගන්න බලන්න. (බ)
ලොකු හොරුන්ගේ මුදල් වලින් රට විනාශ කරන කල්ලියක් (අ)
මෙයත් ඇමෙරිකානු ගිරවෙක්ම තමයි. ආචාර්ය පදවිය තිබුනත් මේ වගේ අය හිතෙන් ජීවත් වෙන්නේ අඟහරු ලෝකයේ මිසක් මහ පොලවේ නොවෙයි. පොත මිසක් වෙන දෙයක් අවබෝධ නැ. (උ)
තමුන්ගේ කෙනෙක් අතුරුදහන් වුණදාකට මෙහි අගය දැනේවි (නි)
99.5% ක්ම අතුරුදහන් යැයි කියන්නේ උතුරේ ත්‍රස්තවාදීන් නේද? දැනට විදේශ වල සැඟවී සිටින කොටි, යුද්ධය පැවති සමයේ කොටින් විසින් අල්ලාගෙන ගොස් අතුරුදහන් කළ සාමාන්‍ය වැසියන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් ගැන රජයක් වශයෙන් මීටවැඩිය අවධානය යොමු කළයුතුයි. (නි)
රටේ ජාතික ආරක්ෂාව ගැන පාලකයින් මීට වඩා සැළකිලිමත් වියයුතුයි. නැත්නම් රටේ ඉදිරි පරම්පරා ගානකට මේවායේ පවු ගෙවන්න වෙයි. රටේ හැමෝටම මතකයි අවුරුදු 30ක් විඳවපු තරම. (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
අනේ අපි මේවා දන්නෙ නැහැ. එයාලා කියනවා. අපි අහගෙන ඉන්නවා (නි)
'අපිකා' කියන වචනය දැක්කහම මට නම් හිතෙන්නේම 'අපි විසින් අපිව කාදැමීම' කියායි
යුද්දෙන් රණවිරුවෝ 5000 කට වැඩිය අතුරුදන් වුණා එයාල ගැනත් මේකෙන් හොයනවා වගේම යුද්දේ පිටින් දාල අතුරුදන් කෙරුව මිනිස්සු ගැනත් හොයන්න ඕනෑ (ම)
මහාදේව, ආචාර්ය දීපිකා කියන්නේ රටේ ඉන්න නීතුය පිළිබඳ උගත්ම ආචාර්යවරියක්. අපි ඇයගෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ දී මානව හිමිකම් නීතිය ඉගෙනගත්තා. එතුමිය මේ නිර්දේශ ඉදිරිපත් කරන්නේ රටේ නීතිය ගැන හොඳින් දැනගෙන. ඔයා වගේ පටු විදියට හිතන එක නෙමෙයි උගත්කම කියන්නේ. (නි)
ජරාවට ගිය රටක්. එක හදනකොට කාලකන්නින්ට හරි අමාරුයි . අතුරුදන් උවන් වටින්නේ එයාලගේ පවුල්වලට විතරක් නෙවෙයි රටටම වටිනවා මේක හොඳ වැඩක් . අපික හොඳ වැඩක්. මෝඩයෝ වගේ ගොන් අදහස් එපා . බුද්ධිමත්ව එහි කර්යන්ට සහය දෙමු ජතියක් වශයෙන් . ආචාර්ය දීපිකා කියන්නේ රටේ ඉන්න නීතිය පිළිබඳ උගත්ම ආචාර්යවරියක් .(අ)
නුවන්, සුපුන් ඔබලාත් එක්ක මමත් එකගයි.එසේම අපේ ඉදිරි පරම්පරාවට හොඳ රටක් සාදාදෙන පිණිස මේ ආත්මාර්ථකාමින්ව අතුරුදහන් කරන්න ක්‍රමයක් යෝජනා කරන්න කියා ඉල්ලා සිටිනවා. (බ)