පොළොන්නරුව කොළඹ බසයක ආ පොළොන්නරු රෝහලේ සේවිකාවකට කොළඹ දී අතවර කරන්නට තැත් කළ රියදුරු හා කොන්දොස්තර අද කොළඹ මහේස්ත්‍රාත් උසාවියේදී ඇයට පෙරදිග සිරිතට ආචාර කර සමාව ගත්හ.
ඇයට වන්දි වශයෙන් රුපියල් පන්දාහ බැගින් ගෙවීමට ද පොළොන්නරුව හා මින්නේරියේ පදිංචි මේ දෙදෙනාට මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
ඔවුන් අතවර කරන්නට සැරසෙද්දී කාන්තාව බසයෙන් පැන පොලිසියට පැමිණිලි කර ඇත.
මේ දෙදෙනා වරද පිළිගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීල් රණා, ඔයාගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. මටත් ඔයා ගැන දුකයි (නි)
නීල් රානා, ඔබට අම්මා කෙනෙක් සහෝදරියක් නැද්ද ? සහෝදරියක් නැති වුනත් ඔබගේ අම්මට මේ දෙය සිදු වුනොත් ඔබ මේ ගැන ගන්න තීරණය කෙසේද ? ඔබ වැනි අය නිසා තමා අද සමාජයේ මෙවැනි පහත් සිදුවීම් සිදුවන්නේ. (නි)
ලංකාව උෂ්නය වැඩි රටක් බව ඇත්ත. ආයේ පාරක් කොළඹ එනකොට මතක ඇතිව වායු සමීකරණය දාගෙන එන්න. එතකොට ඔය දෙන්නගේ ඔය රාග උෂ්නය නගින එකක් නැහැ. (නි)
නම් ගම් ප්‍රසිද්ද කරන්න,රටම දැනගත්තම ඇති. ඒක තමයි හොදම දඩුවම (නි)
රජකාලේ දඬුවම් කළ යුතුයි (අ)
මෙහෙම අදහස් දාන උගත්, බුද්ධිමත්, ශීලාචාර, අවංක මිනිස්සුම ඉන්න රටේ අනේ ඇත්තටම කවුද මේ තරම් ළමා අපයෝජන, ස්ත්‍රී දුෂණ, කාන්තා හිංසන සිදුකරන්නේ? පුදුමයි ඒත් ඇත්තයි. (නි)
නීල් රණාගේ මවට මේ වගේ දෙයක් වුණා නම් මොකද එයාට හිතෙන්නේ? (නි)
ගැහැණියකගේ පතිවත කියන්නේ ඔවුන්ගේ ජීවිතයේ බොහොම වැදගත් දෙයක්.එය අනිසි ලෙස කෙලෙසුනොත් ඒගොල්ලන්ට ජීවත් වෙන්නත් එපා වෙනවා. එය ඔවුන්ගේ මානසික මට්ටමේ ඉඳල හිතන්න ඕනෑ. නීල් රනා වගේ අයට මේවා තේරෙන්නේ නැහැ. (නි)
දැන් හැම එකාම අතවර කරන්න යයිද දන්නෙ නැහැ. ඇයි වැඩේ වැරදුනොත් 5000ක් විතරනේ. ගණිකාවකට ගෙවන ගානමනේ. වැඩේ හරි ගියොත් ෆ්‍රී. නැත්තන් කොහොමත් ගෙවන ගාන. (නි)
නීල් රනා හරි මෝඩයි (නි)
සිංහල කියන්නේ ඉතින්, කතා කරලා වැඩක් නැහැ (නි)
දිල්හානි, අසේල, කුමුදු, විකී, තිලක්, රණා කට්ටිය ඌරු වරිගෙද? (නි)
මෙහි අදහස් දමා තිබෙන බහුතරයකගේ මතය අනුව වරදක් සිදුකල තැනැත්තා සිය වැරැද්ද පිළිගත් විට පැමිණිලිකාර පාර්ශවයෙන් සමාව ඉල්ලීමට නියෝග කර එසේ සමාව ලැබුණු පසු දඬුවම් කලයුතුයි. මෙය කවර රටක කවර නීති ක්‍රමයකට අනුකුලදැයි නොදන්නා නමුදු ප්‍රජාතන්ත්‍රවාදයට අනුව බහුතරයකගේ මතයට ඉඩදුන්නොත් "වැරදි කිරීම මනුස්ස ගතියක් සමාව දී දඬුවම් කිරීම දේව ගතියක්" ලෙස ආප්තෝපදේශයත් වෙනස් කිරීමට සිදුවෙයි. මා මෙහි අදහස් ප්‍රකාශකර ඇත්තේ නීතිය විග්‍රහ කිරීම පිණිස මිස දුන් දඬුවම ප්‍රමාණවත්ද නැද්ද හෝ ගැහැණු පිරිමි හා ගුරු ගෝල සම්බන්දතා කෙසේ පැවතිය යුතුද යන්න හෝ විග්‍රහ කිරීමට නොවනබව වටහා ගැනීමට අසමත්වුවන් ගැන කණගාටුයි.(නදී)
නම් දෙක දාන්නකෝ (නි)
මෙයාලා මුස්ලිම් අය වුණා නම්... (නි)
කරුණාකර මෙවැනි නඩු වලදී වන්දි හා දඩ මුදල් වැඩිකරන්න. එතකොට අපරාධ අඩු වෙයි. ඒත් එක්කම රටේ පළවෙනි ආදායමි මාර්ගය ඒකම කර ගන්න පුලුවන්. එතකොට මහජනතාවගේ බදු බරත් අඩු කර ගන්න පුලුවන් ඔනෙ නම්.(නදී)
නීල්-රනා කියන්නේ මේ වැඩේට සම්බන්ධ රියදුරු -කොන්දොස්තර වෙන්න ඕනෑ (නි)
නිල් රාණා කියන පුද්ගලයාගේ අධ්‍යාපන මට්ටම පෙන්නුම් කරනවට ස්තුතියි.(නදී)
සමාව දෙන්න නමේ තිබුනෙ හම ගහන්න බස් කොන්දොස්තරල රියදුරෝ ඔක්කොම එකයි වනචර කම් කරන්නෙ කාන්තාවන්ගෙ වයසවත් නොබල (අ)
සිදුවුණු වැරැද්දට කමා කරන ලෙස ඉල්ලලා සමාව ලැබුණානම් නැවත කුමටද වන්දියකුත් ගෙවන්නේ ? මේකත් හරියටම විදුහල්පතිට අත ඉස්සුව 13 වසරේ සිසුවා සමාවගත්තට පස්සේ ඉස්කෝලෙන් අස්කලා වගේ ඔලමොට්ටල වැඩක්. එක්කෝ සමාව නැතිනම් දඬුවම මිසක් දෙකම වෙන්න බැහැනේ.(නදී)
අර පොල් ගෙඩි ලමයට 50000 ක් නේද ? මේ දෙන්නගෙම බලපත් අහොසි කරන්නයි තිබුනෙ.(නදී)
ලස්සන කෙල්ලක් බස්එකට නගින විට පිටට අත තියල තල්ලු කරනවා. එහෙම නැත්නම් දොර ලගට වෙලා හරස් කරගෙන ඉන්නවා. එවිට ඇයගේ ඇගට තෙරපීම සමහර කොන්දොස්තර කොලුවන්ගේ හැටි. මේවාට විරුද්ධ වෙන්න වෙලාවක් නැහැ. වෘත්තීය භාවය නැති කමයි මේකට හේතුව. ඔනෑම කෙනෙක්ට කොන්දොස්තර වැඩේ බාර දීම මේකට හේතුවයි.(නදී)
නීල් -රණා , එතකොට කව්රුහරි ඔයාගේ අම්මව හරි නංගිව හරි දුවව හරි , එහෙම නැත්තම් ඔයාව හරි දූෂණය කරලා සමාව ගත්තොත් ඇතිද? (නි)
ඇයි පනස්දාහක් බැරි.(නදී)
නීල් සමාව ගත්තට මදි. දඩයක් ගහන්න ඕනා නැත්නම් හැමෝම ස්ත්‍රී දුෂණ කරලා සමාව ගනී.(නදී)
මේ නීල් රානා, ඔයා හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි මේක. බැරි වෙලාවත් අතවරය වුනා නම්. ඔය දේ හෙට ඔබගේ සහෝදරියට හරි අම්මට හරි වෙන්න පුලුවන්. එතකොටත් ඔහේ ඔහොමම කියයිද?(නදී)
ඔය වගේ කාන්තා හින්සනවලට 10000ක් මදියි. ලක්ෂයක්වත් ගැහුවොත් තමයි අයෙත් ඔය වගේ දේවල් නොකරන්නේ. මිනිස් ජීවිත සෙල්ලමට ගන්න එපා. කාන්තාව සෙල්ලම් භාණ්ඩයක් නෙමෙයි (අ)
මේ වනචරයන් තම මව සහෝදරි හෝ බිරිඳ ආදීන්ද, තමන් සමග සේවය කරන බස් රථවල සේවය නිමවනතුරු එක්ව ගමන් කිරීමේ නව වැඩපිළිවෙලක් හදුන්වා දිය යුතුයි.(නදී)
හොඳ වෙලාවට ,මේ කාන්තාවට කරදරයක් සිදු උනේ නැත්තේ, ආයෙත් බලු වැඩ නො කරන්න දෙන්න ඕනේ මිට වඩා දඩුවම්.(නදී)
නීල්-රානා, කරපු වැරද්දට සමාව දීලා මේවගේ අය හැදෙයිද. දඩුවම් කරන්නයි තිබුනේ.(නදී)
අවුරුදු 10-12 හිරේ යවල සදහටම, පොදු පහසුකම් ආයතනයක වැඩ කරන්නට තහනම් කරන්ට තරම් දෙයක් කරලා නැහැ වගේ.(නදී)
දඩුවම නම් බොහොම සරලයි. ඇයි මේවට මීට වැඩිය තදින් ක්‍රියාමාර්ග ගන්න බැරි? අපේ රටේ මේවට තාමත් අළුත් නීති සම්පාදනය කරලා නැද්ද? මේ නිසා තමා මේ වගේ වනචරයෝ මෙහෙම හැසිරෙන්නේ,ප්‍රාදේශීය නායකයොත් මේ දුෂණ කරන්නේ රටේ නීතියේ අඩු පාඩු නිසාද ? (නි)
දඩුවමනම් ලිහිල් වැඩියි. අනිත් අයටත් දැනෙන්න ඊට වඩා වැඩි දඩයක් හා දඩුවමක් දෙන්න තිබුනේ.මොකද අතවර කරන්න හැදුවේ විහිලුවට නෙමේනේ.අඩුම තරමේ දෙන්නගෙම වැඩ තහනම් කරන්න තිබුනා. (ස)
පුද්ගලික බස් රථ වල රියදුරන් සහ කොන්දොස්තර වරුන් බොහෝ දෙනෙක් අශික්කිත අවලම් නුගත් පිරිසක්ය . එහෙත් ඉඳ හිට උගත් සංවර වෙදගත් රියදුරන් සහ කොන්දොස්තරවරුන්ද සිටිති . මෙම පුද්ගලික බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තර ලට වෙනම පන්ති පැවැත් විය යුතුය . ආචාරශීලි සංවර සේවයක් සඳහා (ස)