නිදහස් අධ්‍යාපනය රැක දෙන ලෙස ඉල්ලමින් අත්සන් දස ලක්ෂයක් එකතු කිරීමේ වැඩසටහන යටතේ රුහුණු සරසවි ආචාර්යවරු මාතර මහ බස්නැවතුම් පොළේදි අත්සන් එකතු කිරීමට වීදි බටහ.
අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ආදායමෙන් සියයට හයක් වෙන්කළ යුතු වුවත් රජය මෙවර වෙන් කර ඇත්තේ සියයට 1.7 බව ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දෙව මයිකල් සිල්වා මහතා කියයි.
සරසවි ආචාර්යවරු වැඩි පඩි ඇතුළු ඉල්ලීම් කිහිපයක් මත පසුගිය හතර වැනිදා සිට වර්ජනය කළහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටින් නම් එහෙමයි කෙරුවාවෙන් මොකද වෙලා තියෙන්නේ.
මොලේ කළක් තියෙනවවනම් තේරෙනවා අහිංසක ළමයින්ගේ ඉගෙනීම කඩාකප්පල් කරලා. මේ කරන දෙයට තියෙන දේ මොකක්ද කියලා. අනේ අපි නොදන්න ලයිව්. (ස)
එස්.බී. ඇමැති තුමනි මොකද වෙන්නේ.
සරසවියේ අනාගතය වෙනුවෙන් මීට සහාය දක්වමු
"නිදහස් අධ්‍යාපනය ශේෂ්ඨයි! නමුත් කොයිතරම් දුරකට එයින් මහජනතාවට බර පටවනවාද කියන එක ප්‍රශ්නයක් ?" ලලිත්, මම නම් හිතන්නේ අධ්‍යාපනය සඳහා කරන වියදම ආයෝජනයක් කියලා. ගෙදරක වුනත් ඉගෙන ගන්න දක්ෂ ළමයට දෙමාපියෝ කොහොම හරි වියදම් කරන්නේ පස්සේ කාලෙක පවුලට යහපතක් කරයි කියලා නේද? ඒ වගේ රටක උනත් දක්ෂ ළමයින්ට නොමිලේ අධ්‍යාපනය ලබා දීල පසුව ඒ අය සාපේක්ෂව (පිට රට වලට) සුළු වැටුපකට වෘතීන්ට බඳවා ගැනීමෙන් රටට අඩු වියදමකින් ගුණාත්මක සේවයක් ලබා ගන්ට පුළුවන් වෙනවා. එහි ප්‍රතිලාභ නැවතත් ජනතාවටම තමයි. (හැබැයි ඒ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන ලෙස ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නම් රජයේ වැඩක්)
මේ වැඩපිලිවෙළ නම් නියමයි
මේ ඉල්ලීම් ඇත්තටම ගොඩක් වැදගත්.එත් සරසවි ආචාර්යවරුන් හා පරිපලනය අතර මේ අර්බුදය නිසා සරසවි සිසුන් මාස දෙකක් තිස්සේ ගෙදර.
බජට් එකෙන් වැඩියෙන් වෙන්කරන්න කියන එකේ යටි අරමුණ සරසවි ආචාර්යවරුගේ පඩි තවත් වැඩි කර්ගන්න නම්...මේ වෑයම පුස්සක් වේවි! නිදස් අධ්‍යාපනය ශේෂ්ඨයි! නමුත් කොයිතරම් දුරකට එයින් මහජනතාවට බර පටවනවාද කියන එක ප්‍රශනයක් ? සමබර ක්‍රමය තමයි නිදස් අධ්‍යාපනයට සමගාමිව මුදල් ගෙවා ලබදෙන අධ්‍යාපනයට ඉඩ සැලැස්වීම.
ඇදුරන් අරඹා තිබෙන්නේ වැටුප් ප්‍රශ්නය විසදුනත් නතර නොවන වැඩක්...ජාතික අධ්‍යයාපනය සඳහා යුනෙස්කෝ නිර්දේශය එනම් දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් රටේ අධ්‍යාපනයට වෙන් කරන්න කියල...මේක පුද්ගලික අංශය කරන වියදමට අමතරවයි...මේ අදහස සමාජ ගත කිරීමේ දිගු කාලින සාකච්චාවක් තමා ඔවුන් අරඹා තිබෙන්නේ...ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේ මට්ටමට ක්‍රම ක්‍රමයෙන් ළගාවීමට පැහැදිලි සැලැස්මක් සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් කරන්න කියල...ඊට පසු ඒ ගැන නොකඩවා මහා ජන මතයක් ජීවී ලෙස තබා ගන්න දිගටම පෙත්සම් අත්සන් කිරීම...සම්මන්ත්‍රණ තිබීම...අනිකුත් උනන්දුවක් ඇති සංවිධාන සමග වැඩ කිරීම දිගටම කරනවා...පාසල් අධ්‍යාපනයේ ප්‍රාග්ධන වියමින් 82% යන්නේ ජාතික පාසල් 374 කට බවත් ඉතිරි පාසල් තුන්දහස් ගනනට යන්නේ ඉතිරි 18% බවත්...අධ්‍යාපනයේ වියදම අඩුවෙනකොට මිනිස්සු සල්ලි දීල හරි එක ගන්න යොමුවෙනවා ....මේ ලියන්නේ සරසවි ඇදුරෙක්
නිදහස් අධ්‍යාපනයට ජය වේවා!!
ඇදුරුවරුනි, නිදහස් අධ්‍යාපනය සඳහා මුදල් වැඩි පුර වෙන් කරවා ගන්න පෙත්සම් ගහල වැඩක් නැහැ. එහෙම කාලෙකුත් ඉස්සර තිබුන. වෙන ක්‍රම නැද්ද? මම කියන්නේ අද තිබෙන දේශපාලනයට ගැලපෙන ක්‍රම නැද්ද?
ඇදුරු කොලුවනේ, කෙලි පැටික්කියනේ මෙදා පොටේ වැඩේ දීලම ඉවරයක් කොර ගනිල්ල. පුළුවන් නම් දෙබාන ගෙදර යවල, දෙබාන ආං බාං කොරන ගොපළු යකාටත් වැඩක් දෙන්න පුළුවන් නම් තමයි හොඳ. ඒකටත් ඉතිං ඡන්දයක් එනකම්ම ඉන්න එපැයිනේ. ඒත් බැරිද අරාබි නිසොල්ලාසයේ මෑතක වෙච්චි කතන්දරයක් ආදුරුසෙට අරගෙන ඒ වැඩෙත් ඉවරයක් කොරලම දාන්න. මමත් ෆුල් සපෝර්ට් එදාට.....
අනවශ්‍ය මුදල් කපාහැරල ඒ සල්ලිවලින් මේ අයගේ ඉල්ලීම් දෙමු. කොහොම වුණත් මේ සටනට සුභ පතමි.
ඔබට මේ සදහා විද්යුත්ව අස්සන් කල හැක . ඒ සදහා.... http://www.ipetitions.com/petition/save-sri-lankan-schools-and-universities/
අත්සන් වලින් මොකද කරන්නේ.....
හොඳ වැයමක් , අවිහිංසක ඉල්ලීමක් .සාර්ථක වේවා ...!
ඔන්න මගේ අත්සන........