මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරැ සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු සහ අනතුරුදායක වන බවත් පැයට කිලෝ මීටර 70 පමණ දක්වා සුළඟේ වේගය වැඩිවිහ හැකි බැවත් පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය මුහුදේ යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දිවයිනේ නිරිත දිග කොටසේ නැවත වැසි සහ දිවයින අවට මුහුදු ප්‍රදෙශවල සුලං සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව බව ද බස්නාහිර සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල ද පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වල ද විටින් විට වැසි ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ උදෑසනක්! දැන් ඕවා කියලා වැඩක් නැහැනේ. ඕක කියන්න තිබුණේ අර අහිංසක ජීවිත නැතිවෙන්න කලින්නේ (නි)
මාළු මැරීමට විරුද්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කරගෙන යන ව්‍යාපාරයක් මේක. (ත)
හැම දාම කනවෝ කනවෝ කියලා බොරු කියලා අන්තිමට කන දවසේ එකක් වත් නෑ.(නදී)
හැම දාම කන්වෝ කනවෝ කියල බොරු කියලා අන්තිමට කන දවසේ එකක් වත් නැහැ.(නදී)
අපි කතා කළ යුතු වැදගත්ම කරුණ නම් මියගිය සහ අතුරුදහන් වූ ධීවර පවුල් 70 - 75 ක් පමණ ඇති බවයි. මේ පවුල් වල ළමුන් 4 ක් 5 ක් වත් ඉන්නවා. මෙය ජාතික ව්‍යසනයක් සේ සලකා මේ පවුල් වලට සහ ළමුන්ට ජීවත් වීමට සහ ඉගෙනීමට ස්ථීර වැඩ පිළිවෙලක් රජය මැදිහත් වී වහාම සකස් කළ යුතුයි. මේ සදහා හදවත් ඇති සියලු දෙනාම සහ ජන මාධ්‍ය රජයට බල කිරීම සදහා පෙළ ගැසිය යුතුයි (නි)
මාළුන්ගේ වෙලාව හොදයි (නි)
අනතුරු ඇඟෙව්වම එපා කියනවා, එපා නිසා නිකන් උන්නම ඒකටත් මොනවාහරි කියනවා. අයියෝ ලාංකිකයනි, කවදාද මේ ක්‍රමය නැතිවෙන්නේ? (නි)
ආරක්ෂක අංශ කියන දේ ඇහුවත් නැතත්, කාළගුණේ කියන දේ අහන්න ඕස්ට්‍රේලියා යන අය සූදානම් (නි)
අනේ අපේ කාළගුණය...! (නි)
ඔස්ට්‍රේලායා යන අයට තව ටිකක් කලින් නිවේදනය දෙන්න බැරිද?(නදී)
මාලු කන්නේ කොහොමද දැන්? වැව මාළුවත් කොළඹට ගෙන්නන්න වෙයි වගේ (නි)
මුහුදු යනවා නම් පීනන්න දැනගන්නම ඕනෑ (නි)
දැන් කවුද වැඩිවන මාලු මීලට වගකියන්නේ? (ස)
රෑට මුහුදු නොගිහින් ගෙදර හිටපුවහම ඊළඟ ප්‍රශ්නේ තව ටික කලකින් මේ පලාත්වල ජනගහනය වැඩි වෙන එක. (ස)
දැන් ඕවා කියලා වැඩක් නැහැ.(නදී)
මේක කාලගුණ අනාවැකි නෙමෙයි.(නදී)
රජයේ නිලධාරීන්ට මෙන්ම අනිකුත් නිලධාරීන්ව හදන්න ඇති එකම විකල්ප යෝජනාව නම් යම් කිසි පුද්ගලයකුට හෝ ආයතනයකට යම් නිලධාරියෙකුගෙන් අගතියක් හෝ හානියක් සිදු වුවහොත් එහි අලාභය ඔහුගෙන්ම වන්දියක් ලෙස ලබා ගැනීමයි. එවිට මෙවැනි ප්‍රශ්ණ රාශියකට විසදුමක් ලැබේවි එසේ එක් නිලධාරියකුට කළහොත් එම ආයතනයේ ඔක්කොමලා හැදෙයි. (නි)
මුහුදු යන්න ධීවරයෝ නැහැ දැන්. බයවෙන්නත් එපා. අනතුරු ඇඟවීම් දැන් අවශ්‍ය නැහැ (නි)
මධ්‍යම සහ සබරගමු පලාත් වල අයත් මුහුඳු යන්න එපාද? (නි)
දැන් කොච්චර වැඩ කළත් මෙයාලට සමාවක් නැහැ. ඒ නැති වුනේ ජීවිතේ හැමදාම දුක් විදපු මිනිස්සු. අද පවුල් පිටින් අසරණ වෙලා.ඒ අයව බලන්නේ කවුද ? (නි)
ඊයෙත් යන්න එපාලු, අදත් යන්න එපාලු, හෙටත් යන්න එපා කියයිද? කාලගුණ දෙපාර්තුමේන්තුවට බලය තියෙනවා නම් මුහුද යන එකත් තහනම් කරයි. (නි)
ගිනිපෙලෙල්ලෙන් බැට කෑ කාලගුණ දෙපාර්තමේන්තුව, දැන් කණමැදිරි එලියටත් හොදටම බයයි වගේ. (නි)
ඔන්න අඩි කොදුවක් තියාගෙන වෙරළට වෙලා හුළං වල වේගය මනිනවලු. වැරදුනොත් ගෙදර යනවලු.(නදී)
අනේ මගේ කඩදාසි බෝට්ටුවත් ඔය ලිස්ට් එකට දාන්න පුළුවන්ද? (නි)
හේතුවක් නැතුවත් මුහුදු යන්න එපා කියයි. කොහොම වුනත් කාලගුනේ කට්ටියට ප්‍රසිද්ද දඬුවමක් දෙන්න ඕනා. අපි කියමු කට්ටියට එක්කහු වෙලා බෙන්තොට වැල්ලේ කැඩුන බෝට්ටු ටික හදලා දෙන්න කියලා.(නදී)
දැන්ද නින්දෙන් නැගිට්ටේ? (නදී)
අනේ හොදයි. දැන් තමා අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩ පටන් තියෙන්නේ. ඒ ටිකේ නිවාඩුනේ.(නදී)
කාලගුණයට අලුත් බැට්රියක් දාලා වගේ.(නදී)