අග විනිසුරු මොහාන් පීරිස් මහතාගේ නියෝගයෙන් අධිකරණ මාධ්‍යවේදීන් සදහා පහසුකම් සහිත විශේෂ කාමරයක් ලබා දෙනු ලැබීය.
අධිකරණ මාධ්‍යවේදීන් වෙත වෙන් කෙරුණු විශේෂ නිල කාමරය සියලු පහසුකම්වලින් සමන්විත වේ.
ඒ අතර අධිකරණ මාධ්‍යවේදීන්ගේ රාජකාරි කටයුතු පහසු කර දීම සදහා වෙනම මේස , පුටු ද දුරකථනයක් සහ උණු ජලය පානය කිරීමට විශේෂ ෆිල්ටරයක් ද වේ.
අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පෙරේදා අධිකරණ මාධ්‍යවේදීන් වෙත දුන් පොරොන්දුවක් අනුව මෙම නිල කාමරය ලබා දෙනු ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ වතුර විතරද?අලුත් කඩේ වුනාම බතුත් තියෙන්න එපැයි (නි)
පරිගණක පහසුකම් නැතිව වැඩක් නැහැ .(නදී)
විනිසුරුවරුන් දිවුරුම් දෙනකොට ශාලාවට එන්න, පොටෝ ගන්න එහෙම පහසුකමුත් දෙනවද දන්නේ නැහැ. (නි)
ඕකනෙ කියන්නෙ! ලද දෙයින් සතුටු වෙයල්ලා.(නදී)
ඕක අලුත් කඩේ. සුපර් මාර්කට් එකක් නෙවෙයි නේ බෑනෝ.(නදී)
දැන් ඉතින් මාධ්‍යවේදීන් ටික උසාවියට අපහාස වෙන වැරදි වැඩක් කලොත් සෙට් එකම කාමරේට දාලා වහන්න පුළුවන්. (නි)