අධිකරණයේ වැදගත් තනතුරු පිරවීමේදී රාජපක්ෂ පාලනය හිතා මතාම අධිකරණය සමච්චලයට හා බෙලහීනත්වයට පත් කරන බව පෙනී යතියි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
සුදුසුකම් සහිත පුද්ගලයින් නොතකා සාමාන්‍ය නීතීඥයකු වන ප්‍රියන්ත ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීම ආසන්නතම උදාහරණය බව එම පක්ෂය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඇත්ත. අධිකරණයකට සමච්චල් අවශ්‍ය නැහැ (නි)
ඕක තමයි ඉතින් මේ රටට වෙලා තියෙන්නේ. (නි)
හිටපු අගවිනිසුරුතුමිය සම්බන්ධයෙන්ද මෙවැනිම විරෝධතා ආවා මතකයි නේද? (නි)
අනේ මෙහෙමත් දේවල්? (නි)
හැම තැනම ලොකු තනතුරු වල ඉන්නේ නුසුදුස්සෝ.එකයි හැම වැඩක්ම අවුල් වෙන්නේ. (ස)
ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම අංගයක් අධිකරණයේ ස්වාධීනත්වය හා ඒ පිලිබඳ පොදුජනයා තුල පවත්නා විශ්වාසය. මෙහෙම ගියොත් අපේ රටට කුමකින් කුමක් වෙයිද කියා හිතා ගන්න බැහැ.(ස)
ඇත්තටම අධිකරණයේ ස්වාධීනත්වය යනු කුමක්ද? (නි)
කවුරු කළත් අධිකරණය සමච්චලයයට ලක්කිරීම නීතියේ ආධිපත්‍යය හෑල්ලු කිරීමක්. පසුව ජනතාව අධිකරණය ගැන විස්වාසය අතහැරලා එකිනෙකා ප්‍රශ්න විසඳන්න බලාවි. එය ඉතාමත් භයානක තත්ත්වයක්. පසුගිය දිනවල මෙවැනි සිදුවීම් ගණනාවක්ම අපි දැක්කා. (නි)
ඒසී කාමරවල ඉඳගෙන සමහරු විභාග ලියනකොට ඔහොම තමා (නි)
අධිකරණය සහ සාධාරණය බලාපොරොත්තු වන සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන්ම සමච්චලයට ලක්කරන්නේ එහි නඩු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහතුන් විසිනි. (නදී)
මොකක්ද මේ අධිකරණයට කරලා තියෙන සමච්චලය.? ඒක කිසිම කෙනෙක් කතා කරන්නේ නැත්තේ නො දන්නාකම නිසාද.? මම දන්නා තරමට නම් අධිකරණයට කිසිම සමච්චලයක් සිදුවෙලා නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇබෑර්තු තුනකින් එකක් පිරවීමට කටයුතු කර තිබෙනවා. ඉතින් එහි තිබෙන අයෝග්‍යතාවය කුමක්දැයි පැහැදිළි නැහැ. මෙහෙම දෙයක් මෑත අතීතයේදීත් සිදුඋනා. හිටපු අගවිනිසුරුතුමිය පත් කිරීමේදී මෙවැනිම විරෝධතා සමහර දේශපාලන පක්ෂ තුළින් මෙන්ම නීති අංශ තුළින්ද මතු වී නැති වී ගියා. විවිධ අංශ වලින් මේ සම්බන්ධව විවිධ මත පලවී තිබෙන අතර පත් කිරීමට යෝජිත විනිසුරු තුමාගේ සුදුසුකම් පිළිබඳව නීති සංගමය විසින් විමසිල්ලෙන් කටයුතු කරන බවත් පලවෙනවා. ඉදිරියේදී මෙහි නිවැරදි තීරණය ලැබෙනතුරු බලා ඉඳ කතා කිරීම ඉතා හොඳයි.(නදී)
සමහරවෙලාවට අධිකරණයම අධිකරණය සමච්චල් කරගන්න අවස්ථාත් තියනවා. එකම වරදට අධිකරණ දෙකකදී තීන්දු දඩුවම් දෙකක්.(නදී)
සහන්. නීතියේ ආධිපත්‍යයක් නැහැ. එක් අතකින් තරාදියත් අනෙක් අතින් කඩුවකුත් ගත් දෙනෙත් බැඳී කාන්තාවක ලෙසින් සංකේතවත් කරන නිතිය අපක්ෂපාතිය. සාධාරණය.(නදී)
අධිකරණය හෑල්ලුවට ලක්කිරීම පසුගිය කාලෙම සිදු උනු දෙයක්. ඒක පටන්ගන්නේ ජේ.ආර්. ජයවර්ධන කාලේ නඩුකාරයන්ගේ ගෙවල් වලට ගල්ගහලා. ඊට පස්සේ අගවිනිසුරු නෙවිල් සමරකෝන්ට එරෙහිව විශ්වස බංග යෝජනාවක් ගෙනාවා. අද රාජපක්ෂ කාලේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාව පන්න ගත්ත ශිරාණි බණ්ඩාරනායකට විරුද්දව විශ්වාස බංග යෝජනාවක් ගෙනෙල්ලා විශ්‍රාම ගිය නීතිඥයෙක් අගවිනිසුරු කලා. අද සාමාන්‍ය නීතිඥයෙක් මහාධිකරණයට පත්කරනවා. හැබැයි මේ දෙන්නම නීතිඥයන්.(නදී)
පහුගිය කාලේ සිදුවන දේවල් දිහා බැලුවම කොහොමත් දැන් සේරම කෙරුවාවල් බලයට යටයි.(නදී);