පිටකොටුවේ කහ ඉරක් මත දී ගැබිණි මවක වාහනයක හැපී මරණයට පත්වීමෙන් පසු සිංගප්පූරුවට පැනගිය බව කියන කොළඹ පෞද්ගලික රෝහලක ආරක්ෂක අංශ අධ්‍යක්ෂවරයකු වූ කිරිබත්ගොඩ ලිලාන් පියරත්න ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අලුත්කඩේ අංක හත මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැමරා වලින් වෙන්නේ මේ වගේ අනතුරු කරන අය අල්ලා ගන්න පුළුවන් වෙන එක පමණයි. අනතුරක් වුණාට පස්සේ කරපු මිනිහ ඇල්ලුවට මැරුන ජිවිතයට පණ එන්නේ නැහැනේ. මම හිතන්නේ හැම ප්‍රධාන කහ ඉරක් සමගම විදුලි සංඥා එළි පද්ධති සවිකළා නම් මේ වගේ අනතුරු සෑහෙන ගාණක් අඩු වෙනවා. කොහොමහරි මේකෙන් ජිවිත 3ක් විනාශයි. මැරුන දෙන්නා ඉවරයි. වරද වුණ මිනිහත් මැරුනා වගේ තමයි දැන් ඉතින්. (නි)
රාත්‍රි සමාජ ශාලා වලට යාම මොහුගේ පුරුද්ද්කි , (ස)
තමන්ට මත්පැන් බිලා හරියට කෙලින් ඉන්න බැරි මේ වගේ අයට දෙන්න තියෙන දඩුවම තමයි තමන් කරපු වැරැද්ද ලියපු ලොකු බෝඩ් එකක් බෙල්ලේ එල්ලලා දිවා කාලයේ පමණක් අගනුවර ජනාකීර්ණ ස්ථානයක සතියක් දණ ගස්සලා තැබීම (ස)
කරපු එක රට පැන්න.වෙනත් අධ්‍යක්ෂක කෙනෙක් අත්අඩංගුවට.(ස)
හරි මෙයාව අල්ලගත්තා. එතකොට අර කහ ඉරේදී බලපත් නැතුව රිය අනතුරක් කර පුද්ගලයෙකු මරා දැමු තරුණ බලවතාට කිසිම දඬුවමක් තවම දීලා නැහැනේ. මෙයාටත් පෙර දඬුවම් දෙන්න තිබුනේ එයාට. වෙනස මේ පුද්ගලයාට අසවල් බලයක් නැහැ. නැතිවුණේ අහිංසක ජීවිත . වැරදි කළේ අනුන්ගේ ජීවිත ගැන තැකීමක් නැති උදවිය. නීතිය දෙවිදියක්. ඒ ඇයි. ? (නි)
මෙයත් එක්කම එකම රිමාන්ඩ් එකට යන්න සුදුසු උදවිය තවම එළියේ. කෝ අර කහ ඉර මත රියදුරු බලපත් නැතුව ගිහින් මාරාන්තික අනතුරක් කළ කෙනාට දඬුවම්? (නි)
මෙයාව නීතිය ඉදිරියට ගෙන්නුවේ සාමාන්‍ය පුරවැසියෙක් නිසා. දේශපාලන බලයක් තිබුනා නම් මුළු රටේම ගැබිණියන් යට කරගෙන ගියත් අල්ලා ගන්න ලැබෙන්නේ නැහැ. (නි)
උපරිම දඬුවම් දෙන්න ඕනෑ. හැබැයි නීතිය හැමෝටම එක විදියට ක්‍රියාත්මක වෙනවා නම් ඉතා හොඳයි. කෝ දැන් අර මීට පෙර කහ ඉර මත රිය පදවා කළ මාරාන්තික අනතුරු වලට කිසිම දඬුවමක් සමහරුන්ට ලැබිලා නැහැනේ. සමහරුන්ට ඒවා ආශ්චර්යයේ ලක්ෂණ වෙන්න ඇති. (නි)
පුද්ගලික ආරක්ෂක අංශ අධ්‍යක්ෂක වෙන්න ඉගෙනගත් මිනිස්සු යයිද? ලංකාවේ හතු පිපෙනවා වගේ පුද්ගලික ආරක්ෂා සේවා තියෙනවා. (නි)
රියදුරන්ගෙන් කීයෙන් කීදෙනාද කහ ඉර ළඟ නැවතී සිටින මගීන්ට පාර හරහා මාරුවීමට ඉඩ සළසා දෙන්නේ? (නි)
චනිල්, ඔබ හරි. දන්නා කෙනෙක් කියන්නකෝ ඒ ප්‍රශ්නයට අන්තිමට වුණේ මොකක්ද කියලා. නීතිය හැමෝටම සමාන නම් අර තරුණ බලවතාත් දැන් ඉන්න ඕනෑ නීතිය ඉදිරියේ දඬුවම් විඳිමින්. (නි)
ඇත්තටම මටත් දැන් තමා මතක් වුණේ. කහ ඉරේ අනතුර සිදුකළ තරුණ බලවතාට කිසිම ප්‍රශ්නයක් නැහැ නේන්නම්. බලනකොට බලවතුන්ගේ සැප රියකට යටවෙලා මැරෙන එක නම්බුවක්නේ නිකම්ම මැරෙනවාට වඩා. (නි)
ඒ මනුස්සයට සෙල්ලම් පිස්තෝලයක් නැතුව ඇති මම හිතන්නේ. (නි)
අවංක මනුස්සයෙක් කියලත් හිතෙනවා (නි)
කහ ඉර තිබුන පලියට උඩ බලාගන පාර නොපැනිය යුතුයි . මොහු බීලා. හිටියේ නැත්නම් ,එය අපරාධයක් නොවේ . හදිසි අනතුරක් පමණි . හැගිම් වලට වහල් වී තව ජීවිතයක් අඳුරු නොකළ යුතුය. (දී)
මොනවා වුණත් අපි මේ අධ්‍යක්ෂ කවුද කියලා මේතරම් හොයන්න මහන්සි වෙන්නේ නැහැ, මෙයා මෙහෙම අධ්‍යක්ෂ කෙනෙක් කියලා දන්නවා නම්.කොහොම වුණත් අපරාධකරුට ගැළවීමක් නොදුන් අපේ පොලිස් සේවයේ කාර්යක්ෂමතාව හා දක්ෂතාවය අපි අගය කළ යුතුයි. (නි)
මේ වගේ අයට දඬුවම් දීමේ අයිතිය දෙන්න ඕනා මියගිය කාන්තාවගේ ඥාතීන්ට.මගේ පියාත් මිය ගියේ බීමත් බේබද්දකු අතින්.මම නම් රැකියාව කරන කාලයේ අමන රියදුරන්ට හොඳට සැලකුව. (ස)
කහ ඉර මත යම් මිනිසෙකු හෝ මිනිසුන් සිටිනවානම් රියදුරාගේ වගකීම ඔවුන් කහ ඉරෙන් ඉවත්වෙනතුරු වාහනය නවතාගෙන සිටීමයි. වෙට්ටු දැමීම නොවෙයි. (අ)
වැරැද්ද රියදුරන්ගේ නොවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් විනයනුකුලව රිය පදවන්න මිනිස්සු පුරුදු වෙනවා.(අ)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා කිව්වේ මෙම රියැදුරා රාත්‍රී සමාජ ශාලාවකට ගිහින් පාන්දර ආපසු එන ගමන් මෙය සිදු උනා කියලයි. දැන් ඒගැන කතාවක් නැද්ද? (ස)
මාධ්‍ය- ගුවන් විදුලිය, රුපවාහිනි නාලිකා, විශේෂයෙන් ටෙලි නාට්‍ය යන අත රතුරේ පෙන්වන වෙළඳ දැන්වීම් වල හැකි සෑම අවස්ථාවකම "මාර්ග රිය අනතරු" ගැන හොඳ හිතට වදීන දැන්වීමක් පෙන්විය යුතුයි . වැඩ සටහන් මගින් ජනතාව දැනුවත් කල යුතුයි. (අ)
මම හිතන්නේ රියදුරන්ට විතරක් නොවේ පාර පනින (බහුතරය) අයටත් පුදුම හදිස්සියක් තියෙන්නේ (අ)
ඇයි අපි හැමවෙලාවකම වැරදි පැත්තම හිතන්න කව්ද හිතල"හරි "ආසාවට හරි මිණිමරන්න අ
ඇත්තෙන්ම කිසිම රියදුරෙක් මිනීමැරීමේ චේතනාවෙන් රිය පදවා අනතුරු සිදු කර ගන්නේ නැහැ. මෙම අනතුර සම්බන්ද වීඩියෝ පටය නිරීක්ෂණය කලාම නම් පෙන්නේ රියදුරාගේ නොසලකිමත් බවයි. පාර හරහා මාරු වෙන්නන්ගේ නම් තියෙන්නේ කිසිම හදිස්සියක් නැති කමයි. තමන්ගේ ගෙයි ඇතුලේ ඇවිදින විදිහට පාරේ යන අයත් ඕන තරම් ඉන්නවා. කෙසේ වෙතත් අනතුරකදී යම් මරණයක් සිදු වුවොත් එය මිනි මැරුමක් ලෙස අර්ථ දැක්වීම නම් නිවැරදි නැහැ. අනික තමයි අපේ රටේ මිනිසුන් අනතුරකදී රියදුරාට මරණ දණ්ඩනය දීමට තැත් කිරීම. මේවා සිදු නොවිය යතු දේවල්. රිය අනතුරකදී වැදගත්වන විශේෂ කරුණක් තමයි රක්ෂණය. ලංකාවේ පවතින වාහන රක්ෂණ ක්‍රමයේ විශාල වෙනසක් සිදුවිය යිතු බව මගේ අදහසයි. අනතුරට පත්වෙන වාහන ගැන නොවෙයි, මගීන් සම්බන්ධයෙනුත් රක්ෂණ සමාගම් මිට වැඩිය වගකීමෙන් කටයුතු කල යුතුයි. මේ කරුණ ගැන බලධාරීන්ගේ අවධානය යොමු වේවායි සිතමි. (අ)
සමහර මිනිස්සු කහ ඉරෙන් පාර පනින්නේ ගෙදර මිදුලේ යනවා වගේ. කොහෙම වුනත් මෙි අනතුර දේශපාලක තුමෙක් කරා නම් ඉතිං මේ අදහස් කොහොම වෙනස් වෙිවිද ? (අ)
මේ කරපු දේ හරි කියනවා නෙමෙයි. මනුස්සයෝ වෙච්ච අපේ අතින් බොහෝ වැරදි සිදු වෙනවා. මෙයාට තිබුන ඒ කාන්තාව රෝහලකට ගෙනියන්න. එත් අද කාලේ එහෙම දෙයක් වෙලා වාහනය නතර කරපු ගමන් අවට අය කරන දෙයක් තමයි, වහනය ගිනි තියන හෝ කුඩුකරන එක . මොහු පොලිසියටවත් නොගිහින් කෙලින්ම රටින් පිටවුණා එක තමයි බරපතල වරද.. (අ)
මේ අනතුරේ වැරැද්ද රියදුරාගේ වුනත් මෙය සිදුවූ පිටකොටුවේ පදික මාරුව දවල්ට වුනත් හරිම කලබලව මිනිසුන් පර මාරු වෙනවා.සිග්නල් ලයිට්ස් ගැන කිසිම තැකීමක් නැහැ. ඊට එහායින් පොලිසියේ මහත්වරුන් වාහන දිහා බලන් ඉන්නව හරි විදියට වාහන එලවන නිසා මුළු කොටුවේම පාර බ්ලොක් වෙනවා. එම නිසා දැන්වත් ඔතන පාර මාරුවට දිවා රාත්‍රී දෙකම නිසි ක්‍රම වේදයක් ඇති කරන්න.(ස)
කහ ඉරට මීටර් පහලොවක් පමණ දෙපසින් බම්පර් දෙකක් දැමිය යුතුයි.(නදී)
එහෙනම් ඒකත් එහෙම වුණා? (නි)
එයා රිමාන්ඩ් කලේ රටේ නැතුවද? ඊයේ මාධ්‍ය ප්‍රකාශක කීවේ අනතුර සිදුවූ වෙලාවේම වාහනය පැදවූ තැනැත්තා සිංගප්පුරුව හරහා ඇමෙරිකාවට පැනගිය බවට සාක්ෂි ලැබී ඇති බව. තිස් තුන් පැයක් යන්නත් කලින් සිද්ධ වෙච්ච දෙයක්?(නදී)
මේ නඩුව නම් හරිම ඉක්මනින් විසඳුනා නේද? (නි)
මුහුණ වහන්නේ ලැජ්ජාවටද? (නි)
නැහැ විරාජ්, එයාට අවුව සැර ඇති. ඒකයි (නි)
හැබැයි හරිම ප්‍රසන්න පෙනුමක් තිබෙන පුද්ගලයෙක් (නි)
ඔය තරම් ලැජ්ජානම් අනතුරට මුහුණ දී මියගිය අයට සාධාරණයක් කළා නම් ඉවරයි නේ (අ)
ජීවිත දෙකක් රටට නැතිවුන බව ඇත්ත. වැරැද්ද පිලි අරගෙන නිතිය ඉදිරියේ බාර වුනා නම් ඉවරයි. බිමත් නම්, මහින්සි නම්ථ නිදිමත නම් කවදාවත් සුක්කානස අතට ගන්න එපා.(නධී)
දැන් රෝහල් අධ්‍යක්ෂක ආරක්ෂක අධ්‍යක්ෂක වෙලාද? (නදී)
මාර්ග නීති මීට වඩා වැඩි කරල මේ වගේ වැරදි වලට දෙන දඩුවම් වැඩි කල යුතුමයි. පවු අහිංසක ගෑණු ළමයා. සල්ලි නෙවේ මොනව දුන්නත් ඒ ස්වාමියට සහ පවුලෙ අයට මේ වේදනාව නිමා කරන්න බැහැනෙ. ඒ හින්ද රියදුරු විනය හදන්න නීති දැඩි කරන්න ඕන වගේම වාහන වල, මහ මාර්ග වල ප්‍රමිතිය වැඩි කරන්න ඕනේ. අනෙක මෙහෙම දේවල් වෙන එක වලක්ව ගන්න බෝහෝ දේ කල යුතුයි. අයාලෙ යන බල්ලන්,හරක් වහාම අයින් කල යුතු වගේම පදික වේදිකාවන් සහ වාහන යන මාර්ග ඉතා දුරස්ව හෝ සවිමත් යකඩ වැටවල් හදල වෙන් කල යුතුයි. අනෙක කරත්ත, අලි, බයිසිකල් ඔය හැම එකක්ම මාර්ග වල එකට ගමන් කිරීමෙන් අනතුරු වැඩි වෙනව වගේම පරිසරය දූෂනය වෙනවා. නගරය අවලස්සනත් වෙනවා. ඒ හින්ද දිගු කාලීන හරි වැඩ පිලිවෙලක් හැදුවොත් මෙවන් විපත් වලක්ව ගන්න පිලිවන්.(නදී)
අපරාදයක් කළ සැගවිය නොහැක. ශ්‍රී ලංකා පොලිස් සේවය අගය කළ යුතුයි.(නදී)
කුමාර, ප්‍රසන්න මිනිස්සු තමයි වැඩියෙන්ම අප්‍රසන්න වැඩ කරන්නේ (නි)
කහ ඉර මත ගමන් කරලත් ජිවිත බේර ගන්න බැරි කාලයක්. ජිවිත දෙකක් ඉවරයිත එක ජිවිතයක් මෙලොව දකින්නත් කලින්ම නැති කරලා. මොන වාගේ දඬුවමක් දිය යුතුද මෙවෙනි අමනුස්සයන්ට ? ගැබිණි මවටත් මෙලොව තවමත් නුදුටු බ්ලිඳු දරුවාටත් මෙවන් අනතුරු මතු ආත්මයකවත් නොවේවා! නිවන් සැප ලැබේවා! (නදී)
ගැබිණි මවක් මැරිලා. සහගහන අපරාධයක්. මෙහි සමහර අදහස් කියැවූ විට, ලංකාවෙ ඉන්නෙ ලියන්න කියවන්න පුලුවන් වුණාට, මහා ආත්මාර්ථකාමී, සංවේදී බවක් නැති මුග්ධ පිරිසක් කියලා හැඟෙනවා. (නි)
මේ අනතුරේ කැමරා දර්ශනය මම දැක්කා. මම දැක්ක හැටියට, මේ රියදුරා පාර මාරු වෙන අය මඟහරිමින් යන්න උත්සාහ කළා. නිසැකවම එය වැරදි වැඩක්. නමුත් ඇගේ සැමියා යැයි සිතිය හැකි පුද්ගලයා, බිරිඳ ගැන නොතකා පාර මාරු වුණා. බිරිඳ කලබලෙන් ඔහු ළඟට දිව යන්න උත්සාහ කළා. බිරිඳ, පෙම්වතිය, මෙන්ම දරුවන් සමඟ ගමන් යනකොට පිරිමින් සැළකිලිමත් වෙන්න ඕනෑ. මොකද එයාලා තනිවම යනවා වගේ නෙමෙයි, අපි අනුගමනය කරමින් යන්නේ. අපි කලින් පාර මාරු වුණොත් එයාලා බලන්නේ ඉක්මනින් අපි ඉන්න පැත්තට එන්න. (නි)
අපේ රටේ පන්ති බේදයක් නොමැතිව තිබෙන දුර්වලකමක් තමයි, හික්මීම නොමැතිකම හා සංයමයක් නොමැතිකම. ඔය වාහන පදවන රියදුරන්ගෙන් කීයෙන් කීදෙනාද කහ ඉර ළඟ නැවතී සිටින මගීන්ට පාර හරහා මාරුවීමට ඉඩ සළසා දෙන්නේ. කුමන මාදිලියක වාහනයක් අතට ගත්තත් හැමෝම හදන්නේ ගුවන් නියමුවන් වෙන්නයි. මහපාරේදී තමයි පෙනෙන්නේ මේ මිනිස්සු මොනතරම් නම් ආත්මාර්ථකාමීද කියලා. (නි)
මෙයා තව මුහුණත් ආවරණය කර ගන්න හදනවා. අබ මල් රේණුවක වත් මෛතුියක් තිබුනා නම් ලෙඩාව කාර් එකේ දාගෙන රෝහලකට අරන් යන්න තිබුනනේ. මොහුත් රෝහලක වැඩ කරන කෙනෙක් නේද? (නදී)
මෙතන තුන් ගොල්ලක් වැරදියි. කවුරු මොනවා කිව්වත්. එලවපු කෙනා අපරික්ෂාකාරීත්වයෙන් පැදෙව්වා, අනික පාර පනින මිනිස්සු පරික්ෂාකාරී වෙන්න ඕන ඔයිට වැඩිය. අනික තමා ඔතන පාර පනින තැනක් නම් ආලෝක සංඥා කහ පාට නිවී නිවී දැල්වෙන්නේ නැතුව නිවැරදි ලෙස රාත්‍රී උනා කියල නැතුව පවත්වා ගෙන යාම. පිටකොටුව කියන්නේ හුගක් මිනිස්සු ගැවසෙන ප්‍රදේශයක් රෑට උනත්. ඉතින් පාර පනින විදුලි සංඥා දිවාකලයෙමෙන් රාත්‍රියේත් ක්‍රියාත්මක විය යුතුය. ඔය නිවී නිවී දැල්වෙන ඒවා ගොඩක්ම ලංකාවේ විතරයි තියෙන්නේ. හරිම භයානකයි. (ස)
නීතිය වල් වැදුන යුගයක තකතීරු මිනිස් මොළයට ඉබේටම කාන්දු වෙනවා මිනීමරන්න ලයිසන් තියෙනවා කියල. සුඛෝපබෝගී රථ වලට පොහොසත් මිනිස්සු යටවුනා කියල අහල තියෙනවද? (ස)
මෙයාව පණපිටින් එල්ලන්න ඕනා. (ස)
කහ ඉර උඩ කවුරු හෝ පය තබා ඇතිනම් , වහාන පදවන්නා වහාම රථය වේගය අඩු කර නැවැත්විය යුතුය . මාර්ග සංඥා එලිය කොල පාට උනත් මගියාට තමා මාරු වන තුරු නීතිමය බලය , දියුණු රටවල . එක නිසා දියුණු රටවල මාර්ග අනතුරු අධි වේගයේ සිදු වුනත් , කහ ඉර මත අනතුරු බොහෝ කලාතුරකින් සිදුවන්නේ . එකට ලංකාවේ අධි වේගයට වඩා මාර්ග අනතුරු මරණ සිදුවන්නේ කහ ඉර උඩදීය . වාහන පදවන්නන් මෙය ගැන අවබෝදයක් ලබා ගත යුතුය. (ස)
ලැජ්ජාවක් නැතුව ජිවිත දෙකක් විනාශ කරලා. අහිංසක මෙලොවට බිහිවන්න සිටි බිලිඳු දරුවකුත් මරලා , දැන් ඔලුව මුහුණ ආවරණය කරන්නේ . ලැජ්ජාවක් කියල දෙයක් මතක් උන නිසාද ? (ස)
බුද්ධි ,බම්පර් දෙකට වඩා ප්‍රයෝජන වේවි , කහ ඉරටයටින් උමගක් , හෝ උඩින් පාලමක් දැමීම, අපේ රියදුරෝ බම්පර් තකන්නේ නැත. (දී)
ඉගෙන ගත්තු මිනිස්සු මේවා කරන එකනේ හිතට දුක (දී)
පොඩි පැටියෙක් නේ .රියදුරු බලපත්‍රය ගත්තේ ලගදිද ,මුදලටද (දී)