හංවැල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජයසිරි ආරියරත්න මහතාට ඉතිරි සල්ලි නොදී බැන වැදී බස් රියට යට කිරීමට උත්සාහ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඩුවෙල හංවැල්ල බසයක රියදුරා හා කොන්දොස්තර සැක පිට අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලීසිය කියයි.
කොන්දොස්තරට දුන් රුපියල් තිහෙන් බස් ගාස්තුව වන රුපියල් විසිහතර අය කැරගෙන ඉතිරි මුදල් නොදුන් හෙයින් ගමනාන්තයේදී එය ඉල්ලු විට තමාට බැන වැදුණු බව අධ්‍යක්ෂවරයා පොලීසියට පැමිණීලි කැර ඇත.
ඉතිරි මුදල් නොදීම ගැන පැමිණිල්ලක් කිරීමට බසයේ අංකය ලියා ගැනීම සදහා බසය පිටුපසට ගොස් සිටීයදී බසය පසු පසට ධාවනය වු බවත් ඔහුගේ පැමිණිල්ලේ සඳහන්වේ.
රියදුරු හා කොන්දොස්තර අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ හැම තැනම තියෙන තත්වෙ ඕකයි. (ස)
ඕකට රියදුරුටයි කොන්දොස්තරටයි දොස් කියලා හරියන්නේ නැහැ. රටක මහජන ප්‍රවාහනය භාර දෙන්න ඕනෑ වගකිවයුතු ආයතනයකට. අනෙක් රටවල එහෙමයි. (නි)
සනත් මහත්තයා කියන දේ හරි. නමුත් මේ විරෝධතා කට්ටියට ඒ වගේ රස්සාවල් දුන්නට භාර ගන්නේ නැහැ නේ මහත්තයෝ. අපේ මලයත් ඔය ඒ ලෙවල් පාස්වෙලා ඉල්ලන්නේම බැංකුවේ රස්සවක්මයි. ඒ ලෙවල් කියන එක දැන් ගණන් ගන්නේ නැහැ කිවුවට අහන්නෙම නැහැ අප්පා.. (ස)
අද ඒ ලෙවෙල් තියනවා කියල විරෝදතා කරපු අය පුහුණු කරලා කොන්දොස්තර බලපත් දෙන්න. ඉදිරියට කොන්දොස්තරලට බලපත සහ පුහුණුව අනිවාර්ය කරන්න. ඒවගේම කොන්දොස්තරලගේ සහ රියදුරන්ගේ වැඩ පරික්ෂා කරන්න රස්සාදෙන්න කියල බස් සමිති වලට නීති දමන්න. (අ)
පුද්ගලික බස් කොන්දොස්තරලය් රියදුරෝ හුඟ දෙනෙක් මනුස්සකමක්වත් සදාචාර කමක්වත් දන්නේ නැති අමනුෂ්යෝ විදිහට තමයි දවස ගෙවන්නේ. (ස)
දැන් ලඟදි ඉඳල පුද්ගලික බස් රියදුරන් ජංගම දුරකථන භාවිතා කරමින් බස් එළවීම ජයටම කරනවා . අල්ලන්න කෙනෙක් නැහැ අනේ අපි එයාලගේ දෙමාපියන් සිහිකරමින් යමු.(නදී)
පෞද්ගලික බස් රියදුරුන් කොන්දොස්තරලා වැඩිදෙනෙක්ම චණ්ඩි.කිසිම හිතක් පපුවක් නැති,මිනිස් ජිවිතයක කිසිම වටිනාකමක් නොදන්නා පිරිසක්. (නි)
අධ්‍යක්ෂකගේ අතේ වරදක් තිබිලාම නැද්ද? (නි)
ඉස්සර මතකද බස් වල සිගරට් බිව්වා.දැන් එහෙම නැහැ.මේ මාරු සල්ලි ප්‍රශ්නෙයි මගියන්ට බනින එකයි නවත්වන්නත් පුළුවන්.නීති සැකසීමයි නීති ක්‍රියත්මක කරන්නයි දේශපාලකයන්ට බල කරන්න ක්‍රමවේදයක් හදාගන්න ඕනෑ.විපක්ෂයවත් මේ වගේ ප්‍රශ්න කතා කරන්නේ නැහැ.ජනතාව වෙනුවෙන් කියලා කෑගහන සංවිධාන කතා කරන්නෙත් නැහැ,මාධ්‍ය විතරයි මේ වෙනුවෙන් හඬක් නගන්නේ. (නි)
මුන්ට කරන්ට "හොඳ වැඩක් " නම් යෝජනා කරන්ට පුළුවන්'. ඒ උනාට මොන මගියද ඕකට සාමුහිකව එකතු වෙන්නේ.? දවසක් මම බස් එකේ ගනේමුල්ලේ ඉඳල කඩවතට යද්දී ඒකේ ඩ්‍රයිවර් උන්නැහේ පුදුම වේගයකින් බස් එක ඩ්‍රයිව් කෙරුවා. මගියෝ එහාට මෙහාට විසිවෙනවා. බැරිම තැන කෑ ගහලා කිව්වා " මැරෙන්න ඕන නම් තමුසේ කෝච්චියකට හරි පැනල මැරෙනවා. මේකේ ඉන්න කට්ටිය මරන්නේ නැතුව " කියලා. එතකොට කොන්ද මගේ ලඟට ඇවිල්ල මට අපහාසෙට කතා කරලා " මේ අප්පුහාමි... මට්ටන් ලියෙන් මට්ටන් වෙන්නේ නැතුව කරබාගෙන ඔය පොල්ල අල්ල ගන්නවා.." කිව්වා. බස් එකේ හිටපු මිනිස්සු බොක්කේ මලපහ පිච්චේද්දී මට ඔලොක්කුවට හිනාඋනා. මං මේසන් බාස් කෙනෙක් හින්ද උන්නැහේ එහෙම කිව්වට කලිසන් අන්දපු මහත්තයෙකුට නං කියන එකක් නැහැ. ඒ උනාට කලිසන් ඇඳපු කට්ටිය තමයි හිනා වෙන්නේ. මේ බස් නවත්තන්ට ඕන නැහැ. නමුත් බලධාරීන් මේවට නිසි පිළිවෙලක් යොදන්ට නං ඕන අප්පා. (නදී)
කොන්දොස්තරලව හුරතල් කරන්නේ පාරේ ඉන්න පොලිසිය. (නි)
ඉතුරු සල්ලි දෙන්නේ නැති කොන්දොස්තරලාට කරන්න හොඳ වැඩක් යෝජනා කරන්න බලන්න කවුරුහරි... (නි)
මෙම බස් ගාස්තු ඉතුරු නොදීමේ ගැටළුව ගැන ඉක්මන් විසදුමක් අවශ්‍යයි (නි)
කොන්දොස්තර කොන් වැඩ නොකර දොස්තර වැඩ කොරයි යැ. (ස)
දැන් බොහෝ දෙනා අනුන්ගේ දේකට තබා තමන්ගේ දේකට කතා කරන්නත් බයයි. නමුත් අපි මේ විදිහට කොඳු බිඳගෙන නිවටයන් වගේ ජීවත් වෙන එක ජීවත්වීමක් නෙමෙයි කියලයි මං හිතන්නේ. රටේ පාලකයොත් කැමති රටේ ජනතාව නිවට ලෙස ඉන්නවාට. ඒ අතරින් මෙවන් වූ උදවිය ඉන්න එක අපි හැමට ආදර්ශයක්. (ස)
පාසල් ළමයෙක් යටකළ රියදුරෙක් දැන් ආයෙත් බස් එලවනවා නේද? (ස)
බස් එකේ මඟින් නිදන් ද හිටියේ. මිනිහෙක්ව යට කරන්න හදද්දිත් තමන් ගැනම හිතලා. (ස)
අධ්‍යාපන අධ්‍යක්ෂක නිසා වැඩේ ඉක්මන් වුනා... අපි වගේ උනා නම්...වැඩේ නොවෙන්නත් තිබුනා....කොහොම උනත් හංවැල්ල පොලීසියට අපගේ උත්තමාචාරය.... අවිස්සාවේල්ල උසාවියෙන් මේ දෙදෙනාගේ බලපත්‍ර තහනම් කෙරේවා..... (ස)
රුපියල් හයකට මිනී මරන්න තරම් මිනිසුන් දරුණු වෙන්නේ ඇයි? මා හිතන්නේ අපේ මිනිසුන්ගේ පුහු ආත්ම අභිමානය මෙයට හේතුවයි. (ස)
මම නම් මේ අධ්‍යාපන අධ්‍යක්ෂක වරයාට ගරු කරන්නේ මෙවැනි තනතුරක් තියා ගෙනත් බස් එකේ ගිය එක ගැනයි .සාමාන්‍යයෙන් අපේ පළාතේ ඊට පහල නිලධාරියෙක්වත් බස් එකේ යන්නේ නැහැ. මෙයා ගොඩක් සාධාරණ කෙනෙක් වෙන්න ඇති. (ස)
ඔය වගේ කොන්දොස්තරලා රියදුරෝ අනන්තවත් ඉන්නවා.නමුත් අහිංසක මිනිසුන්ට ශක්තියක් නැහැ ඒ වරදිවලට පැමිණිලි කරන්න. මේ අවස්ථාවේ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමාට ස්තූති කරනවා.ඔබගේ දහිරිය ගැන. (ස)
දැන් කොළඹ බස්වල ටිකට් දෙන එක නවත්තලා.100, 101 ,138 154 එක බස් එකකවත් ටිකට් දෙන්නේ නැහැ. ගම්පහ -කඳාන 276 පාරේ උදේ පාන්දරට බස් නැහැ. හවසටත් එහෙමයි. මේ 276 පාරේ හිතුන හිතුන ගණන් ගන්නේ. 60-8435 කියල බස් එකක් තියෙනවා ඒකේ වැඩකරන අයිතිකාරයා මිනිස්සුන්ට ඉතුරු දෙන්නෙත් නැහැ. රට බල්ලට ගිහින්ද? නැත්නම් බල්ලට රට ගිහින්ද කියල හිතාගන්න අමාරුයි. (නදී)
මේ වගේ වෙලාවට තමයි අපිටත් බස් කුඩු කරලා දාන්න හිතෙන්නේ.(නදී)
කොහොමත් මේ කොන්දලා ඉතිරි සල්ලි දෙන්නෙම නැහැ.ඉල්ලුවත් කෑ ගහනවා.කුණු හරුපෙන් පවා. හරියට අමි වැරදි කරා වගේ. (ස)
ඔවුන්ට හරි දඬුවම් නැති නිසා තමයි ඔය වගේ වැඩ කරන්නේ. (නි)
මේක අපරාධ චෝදනාවක්. ඒත් පාලකයෝ නිදිනේ (නි)
බසය ඉදිරියට හෝ පසුපසට ධාවනය කීරීම රියදුරු සතු අයිතිවාසිකමක් ලෙසයි මම නම් දකින්නේ. අපි බසයෙන් ඉවත් වෙලා ඉන්න ඕනෑ. (නි)
මීට බොහෝ සම්මාන අත්දැකීමක් අප සතුවද තිබෙනවා. අවිස්සාවේල්ල බස් නැවතුම් පොළේදී බස්රිය යන්නේ කොහෙටද කියා ඇසුවිට රියදුරා මගේ ඇඟට කඩා පැන්නේ මාගේ මියගිය මෑණියන්වද මතක් කරය. මේ පිළිබඳව පැමිණිල්ලක් කිරීමට එහි ගියවිට ඒ පැමිණිල්ල ලියා ගැනීමට කාර්යාලයේ අය බියක් දැක්වුහ. පසුව සොයා බැලූ විට මේ රියදුරා පළාතේ එක්තරා දේශපාලඥයෙකුගේ ආරක්ෂකයෙකු වූ අතර ඒ නිසාම මිනියක් ද මරා නීතියේ රැහැනින් මිදුන බවකි දැනගන්න ලැබුනේ. මෙය සිදුවී දශක කිහිපයක් ඉක්ම ගියත් රෝගී සමාජය තවත් රෝගී වූ බවක් තමයි පෙනෙන්නේ. (නි)
සියලුම පුද්ගලික බස් රියදුරන් සහ කොන්දන් වැඩ මුළුවලට ගෙන්වා පුනරුත්ථාපනය කල යුතුමය.(නදී)
පෞද්ගලික බස් කාරයෝ නැවත 1940 -1950 වලට යන්න හදනවා වගෙයි ? ඒ සෙල්ලම් නම් දැන් හරියන්නේ නැහැ. තරා තිරම නොබලාම ක්ෂණිකවම මේ ගොන්බාන අල්ලපු එකට සහ නිතිය ක්‍රියාවේ යෙදවීම ගැන හංවැල්ල පොලිසියට අපේ ආචාරය. (ස)