IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


අධ්‍යාපන අමාත්‍යංශයේ නව ලේකම් වැඩ අරඹයි

(ජේ.ඉඳුරුවගේ )

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්වූ වසන්තා පෙරේරා මහත්මිය අද (01) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළා ය.

අධිකරණ, විදුලිබල හා බලශක්ති, සෞඛ්‍ය, සහ වෘත්තීය පුහුණු, අමාත්‍යාංශයන්හි ලේකම් ධූරයේ කටයුතු කර ඇති ඇය මුදල්, ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල ප්‍රධාන නායකත්ව තනතුරුවල ද සේවය කර ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරියකු වන වසන්තා පෙරේරා මහත්මිය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික සංවර්ධන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබා ඇත.

 



අදහස් (7)

අධ්‍යාපන අමාත්‍යංශයේ නව ලේකම් වැඩ අරඹයි

kumara Tuesday, 02 January 2024 07:15 AM

මේ තනතුරට පත් වෙන්න ඕන අධ්‍යාපනය පිළිබදව ආචාර්ය උපාධියක් තිබෙන, ‌නවීන තාක්ෂණික දැනුම සම්බන්ධව මූලික උපාධියක් තිබෙන (ඉංජිනේරු වැනි) කෙනෙක්. මේ අයට තියෙන්නේ masters විතරයි. එහෙම කෙනෙක් පර්යේෂණ සම්බන්ධව දැනුමක් නැහැ. පාඨමාලා දැනුම පමණයි. තර්කාණුකූලව ඉදිරිය හිතන්න පුලුවන් වෙයි කියල හිතන්න අමාරුයි. මෙහෙම චරිත තමන්ගේ මමත්වයෙන් රගනකොට පුදුම වෙන්න දෙයක් නෑ. තාරා ද මෙල් මතකයිනේ. ඉගෙනීම ගැන ඉගෙන ගන්න කෙනෙක් ඔ්නා ඒ තනතුරු වලට පත් වෙන්න. පෞද්ගලිකව මම මෙයාව අදුරන්නෙවත්, තරහක් යාලුකමක්වත් නෑ. සහතික දිහා බලලයි කියන්නෙ. සමහරවිට ඇය දක්ෂ කෙනෙක් වෙන්නට පුලුවන්. නමුත් කලා උපාධි, විද්‍යා උපාධි වැහැ වැහැලා තියෙන යුගයක ඉස්කෝල අධ්‍යාපනය ඉදිරියට ප්‍රයෝජනයක් වෙන විදිහට කරන්න නම් ඒ දරුවන්ට තමන්ගේ නිර්මාණාත්මක බව විශ්වාස කරලා තෝරාගැනීම් කරන්නට ඉඩ දිය යුතුයි. ‌අධ්‍යාපන මට්ටම කෙසේ උවත්, ඇයටත් ඇයගේ අධීක්ෂණය ලබන අනාගත දරු පරපුරටත් සුබ පතනවා. ලොකු වගකීමක්. අඩු තැන් පුරවගෙන ඉදිරියට යන්න සුබ පතනවා හදවතින්ම.

:       0       1

Nuwan Tuesday, 02 January 2024 09:11 AM

මොන සුදුසුකම් තිබුනත් ස්වාධීන කොන්ද පන නැත්නම් වැඩක් නෑ.

:       1       7

gunda Tuesday, 02 January 2024 11:05 AM

පොත් කියවල විභාග පාස් කොරන්න වගේ වැඩත් කෙරුවොත් තමයි හොඳ

:       0       7

Nira Tuesday, 02 January 2024 12:55 PM

බදු හොරුන්ගෙනුත් බදු අයකර ගත්තේ නැත්නම් හෙන ගහනවා ,මේ ගෑනිට

:       0       0

චන්දන Tuesday, 02 January 2024 03:16 PM

පේපර් ක්වලිෆිකේෂන් බලලා පහුගිය ලේකම් ජාතික පාසල්වලට විදුහල්පතිවරු පත් කලා... ඒව සියල්ල විනාශයි....රෝයල්...ගාල්ල මහින්ද...රිච්මන්ඩ්...විශාඛා මොකද වුනේ? ඒවට දාපු විදුහල්පතිලාවිභාග පාස්...ඒත් වැඩ බැහැ...පාසලක දවසක්වත් උගන්නලා පුරුදුදක් එයාලට නැහැ..අධ්‍යාපන පද්ධතියේ සජීවි බව නොදත් අය පද්ධතිය විනාශ කරනව. ළමයි ගුරුවරු කියනනේ ෆයිල් කියල හිතාගෙන ඉන්නෙ....මෙයත් එහෙම වුනොත්....ලක්ෂ 45 ක ළමයින්ට දෙයියන්ගෙම පිහිටයි..

:       0       0

කාන්තිසිස්ටමි එකක් නැති රටෙි ඔය ඔක්කොම පඹයො Wednesday, 03 January 2024 12:29 AM

සිස්ටමි එකක් නැති රටෙි ඔය ඔක්කොම පඹයො

:       0       0

malmalbiso Wednesday, 03 January 2024 05:52 AM

උගත්කම මදියි ඔය තනතුරට. අචාර්ය උපාධියක්වත් නැති කෙනෙක් කොහොමද රටක අනාගතය හදන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1305 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 258 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2209 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1229 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 661 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 445 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site