මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන කටයුතු වඩාත් ඉහළ නංවමින් දැනුම හුවමාරු කැර ගැනීම සඳහා දැන් අවස්ථාව සැලැසී ඇතැයි ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව් එම් අබේරත්න බණ්ඩාර මහතා පවසයි.
මලයා විශ්ව විද්‍යාලය සමඟ මේ වසර මුලදි අති කැර ගත් අවබෝධතා ගිවිසුම මීට මඟ පෙන්වන බවද මහාචාර්යවරයා කියයි.
දැනුම හුවමාරුව , ජාතික අධ්‍යාපන අයතනයේ අධ්‍යයයන කාර්ය මණ්ඩලයේ ඥාණ ගවේෂණ අවස්තා ඇති කිරීම ජාතික අධ්‍යාපන ආයතන කාර්ය මණ්ඩලයට දර්ශනශූරී උපාධිය ගාස්තු ගෙවීමකින් තොරව හැදැරීමට ඉඩ ලැබීම වැනි සුවිශේෂි වරප්‍රසාද මේ ගිවිසුම නිසා හිමි වී ඇතැයිද මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා පවසයි.
මලයා විශ්ව විද්‍යාලයයේ උපකුලපති ආචාර්ය ග්වුත් ජැස්මන්,ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව් එම් අබේරත්න බණ්ඩාර මහත්වරු ගිවිසුම අත්සන් කළහ.
ග්‍රාමීය කටයුතු පිළිබද ජ්‍යේෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතාද මේ අවස්තාවට සහභාගී විය.
මේ ගිවිසුම අනුව මලයා විශ්ව විද්‍යාලයයේ මහාචාර්යවරු හය දෙනෙක්ද උපාධි අපේක්ෂකයෝ කණ්ඩායමක්ද ජාතික අධ්‍යාපන ආයතනයයේ චාරිකාවක් සදහා පැමිණියහ.
එම කණ්ඩායමේ සාමාජිකයෝ අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා හමු වු අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය,පේරාදෙණිය විශ්ව විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය,නුවර හා පුලතිසිපුර විද්‍යාපිඨයන්හි නිරීක්ෂණ චාරිකාවකටද එක් වුහ.
ජාතික අධ්‍යාපන අයතනයයේ හා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධරයන් විෂය මාලා සංවර්ධනය හා පර්යේෂණ පිළිබඳව දේශන මාලාවක්ද මලයා සරසවි මහාචාර්යවරුන් විසින් පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. ඉදලා හිටලා හොද පුවතක් අහන්න ලැබුනා (නි)
වර්තමාන අපේ රටේ අධ්‍යාපනය නංවන්න ඇප කැපවී ක්‍රියා කිරීම ඉතාම හොඳ දෙයක්, එතුලින් කීර්තිමත් ජන සමාජයක් බිහිකර ගත හැකියි. (නි)
ජාතික අධ්‍යාපන ආයතනය සල්ලි කාබාසිනියා කරන ආයතනයක්. පන්ති පොත් ලියපු ඒවායේ තවමත් වැරදි තියෙනවා. කරන්න වැඩ ඕන තරම් තියෙද්දී අඡයාපනය විනාශ වෙද්දී එක තවමත් නිදි. (අ)
කාගේ අතහිත ලැබුණත් වැඩක් නැහැ, රටට ගැලපෙන පොදු අධ්‍යාපන ප්‍රතිපත්තියක් තිබිය යුතුයි (නි)