
(අංජුල මහික වීරරත්න)
අධිවේගී මාර්ග ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම සඳහා වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කිලෝමීටර 312ක දුර ප්‍රමාණයකින් යුතු අධිවේගී මාර්ග වසර 10ක් පමණ කාලයක් තිස්සේ මෙරට තුළ භාවිත වෙමින් පවතින අතර, ආසන්න වශයෙන් කිලෝමීටර 92ක් පමණ සම්පූර්ණ දුරකින් යුතු වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගයේ I කොටස (කඩවත සිට මීරිගම දක්වා) සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ III කොටස (පොතුහැර සිට ගලගෙදර දක්වා) 2027 - 2028 කාලසීමාව තුළ දී භාවිතයට එක් කිරීමට නියමිතය.
අලුතින් ඉදි කරනු ලබන අධිවේගී මාර්ග ක්‍රියාත්මක කිරීමට සහ නඩත්තු කිරීමට ද, පවතින අධිවේගී මාර්ග සඳහා දැනට භාවිත කරන ඇතැම් වාහන සහ යන්ත්‍රෝපකරණ යල් පැන ගිය මට්ටමක පවතින බැවින් ඒවා ප්‍රතිස්ථාපනයට ද මාර්ග සංවර්ධන අධිකාරිය වෙත නව වාහන සහ යන්ත්‍රෝපකරණ මිල දී ගැනීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, එම කාර්යයන් සඳහා අධිවේගී මාර්ග ඉපයීම් වලින් රුපියල් මිලියන 1,200ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ පහත සඳහන් පරිදි වාහන සහ යන්ත්‍රෝපකරණ 21ක් ප්‍රසම්පාදනය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදිවේගී මාර්ග නඩත්තු කිරීමේ කටයුතු (වගකීම) ඉදිකළ සමාගම් වසර 15 - 25 අතර කාලයක් ගැනීම සාමාන්‍ය ක්‍රමවේදය වේ අදිවේගී මාර්ග නඩත්තු කිරීමට විශාල මුදල් වැයකර වාහන ගැනීමට පෙර පුද්ගලික සමාගමක් හෝ සමාගම් tender procedure මගින් තෝරාගෙන මාර්ග සංවර්දන දිකාරියේ පුර්ණ අදීක්ෂණය යටතේ පුද්ගලික සමාගමක් හෝ සමාගම් මගින් හෝ අදිවේගී මාර්- ග ඉදිකළ සමාගම් නඩත්තු කිරීමේ වගකීම බාරදීම මගින් රජයට විශාල වියදමක් දරා වාහන මිලදී ගැනීම්, නඩත්තු, ඉන්දන, සේවක වැටුප් ආදී කරුණු පිලිබදව සැලකිලිමත් වීම වැදගත්වේ. එහිදී වඩාත සුදුසු සහ මුල්‍යමය වාසිය රජය මගින් අදිවේගී මාර්- ග නඩත්තු කිරීමේ කටයුතු සිදුකිරීමද පුද්ගලික සමාගමක් මගින් සිදුකිරීමද යන්න සොයාබැලීම කලයුතුය
පහත සඳහන් පරිදි කිව්වට, මොකුත් සඳහන් කරලා නැහැනේ