දක්ෂිණ අධිවේගී මර්ගයේ කොට්ටාව පිවිසුමේදී, අධිකරණ නිලධරයකු දුන් රුපියල් දහසේ නෝට්ටුවක් ව්‍යාජ බව සොයා ගැනීමත් සමග හෝමාගම මහේස්ත්‍රාත්ට දන්වා සුදුසු පියවර ගැනීමට ක්‍රියා කළ බව අධිවේගී මාර්ග පොලිසිය කියයි.
අධිකරණ නිලධරයා පවසා ඇත්තේ රුපියල් 14000ක චෙක්පතක් උසාවි ලේඛකාධිකාරී මගින් මාරුකර ගත් මුදලේ මෙම දහසේ නෝට්ටුව තුබූ බවයි.
ලේඛකාධිකාරීගෙන් ද ප්‍රකාශයක් ගැනීමට නියමිතය.
අධිකරණ නිලධරයාගේ පැමිණිල්ල අනුව ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට නියමිතය.
මීට කළින් බැංකු නිලධාරිනියක ඉදිරිපත් කළ නොට්ටුවක් ව්‍යාජ බව අධිවේගී මාර්ග යන්ත්‍රවල සටහන් කළත් එම නෝට්ටුව හොඳ නොට්ටුවක් බව බැංකුව සහතික කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නා විදියට අධිවේගී මාර්ගයේ තිබෙන මුදල් චෙක් කරන යන්ත්‍රවලට ප්‍රමිති සහතිකයක් නැත. පලපුව ජනතාව වරදකරුවන් කිරීමට පෙර අවශ්‍ය දේ හරියට සැකස් කර ගත්තොත් හොදයි නෙවේද. (දී)
මීට දින කීපෙකට පෙරත් අධිවේගී මාර්ගයේ ඔය වාගේම දෙයක් වුනා කියලා මේ ආකාරයටම පුවතක් තිබුනා. තව ටික දවසකින් ඕක සාමාන්‍ය දෙයක් වේවි. ඊට පස්සේ හොර සල්ලි ද නැද්ද කියලා බලන එකත් නවත්තල දාවිද දන්නෙ නැහැ. එතකොට වෙන දේ කියන්න ඕනෑ නැහැනේ (දී)
හුසේන් රියාද් ඔයා හරි. (දී)
මාත් අසයි ඔය හොර නෝට්ටු බලන්න (අ)
මේ වැඩෙන් මිනිස්සු අධිවේගේ යන්න බය වෙනවා .අන්තිමට මේ පාර වී වේලන්න විතරක් පාවිච්චි කරන්න වේවි (දී)
මේ අධිවේගී මාර්ගයේ තියෙන දෝෂ සහිත මැෂිමෙන් හොද සල්ලිත් හොර සල්ලි කරනවද කියලා පොඩ්ඩක් හොයලා බැලුවොත් හොදයි නේද කෝකටත්? (නි)
අධි වේගේ නෝට්ටු ගැනත් මුහුදු මාර්ගයේ බෝට්ටු ගැනත් තමා හැම දාම අහන්න වෙන්නේ (අ)
සල්ලිත් හොර පාරේ යනවා වැඩීයි දැන්.(නදී)
මට තියෙන්නේ වෙන ප්‍රශ්නයක් , ඔය දේම සාමාන්‍ය පුද්ගලයෙකුට වුනානම් ප්‍රකාශයක් ගෙන මුදා හරිද..? සාමාන්‍ය වැසියෙක් කරන ප්‍රකාශය පොලිසියෙන් පිළිගනීද..? සාමාන්‍ය කෙනෙක්ට ඔය දේ උනානම් මේ ප්‍රවුර්තිය පල වෙන්නේ මෙන්න මේ වගේ." දක්ෂිණ අධිවේගී මර්ගයේ කොට්ටාව පිවිසුමේදී හොර දහසේ නෝට්ටුවක් මාරු කිරීමට තැත් පුත්ගලයකු අත්අඩංගුවට" ඊට පස්සේ කියවන් යනකොට තියෙයි වැඩිදුර පරීක්ෂණ සඳහා රිමාන්ඩ් ලරන ලදී කියලත් .. (දී)
නඩුත් හාමුදුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ .. (දී)
අපේ පුංචි ලංකාවේ නීතිය අයාලේ ගිහින් නැහැ මහත්තයෝ... නීතිය ක්‍රියාත්මක කරන මහත්තුරු අයාලේ ගිහින් ආයුබෝවන්... (දී)
මොකක්දෝ අපලයක් හෝමාගම මහේස්ත්‍රාත් වරුන්ට තියෙනවා මේ දවස් වල. නරකද කට්ටදියෙක් ලවා වතුර ටිකක් මතුරාව ගත්තොත් කාරිය. (දී)
මම කළා නම් කොහොමට තියෙයිද (දී)
හොර නෝට්ටු ගැවසේනවට මහජනයා මොනව කරන්ඩද? ච්රෙඩිට් චාර්ඩ් මගින් මුදල් ගෙවන්ඩ ක්‍රමයක් හදන්ඩ.(අ)
අනේ ස්වාමීනි, ඔබතුමා ඔහුව මුදාහැරියේ එතුමාගේ පැටිකිරිය එලියට එයි කියලද ? සාමාන්‍ය කෙනෙක් වුනානම් පොලිසිය ක්‍රියා කරන්නේ ඔහොමමද ? නීතිය හැමෝටම එකසේ පොදුයි කිව්වට අපි දන්නවා හුඟක් පොලෝසියේ අයගේ ක්‍රියා කලාපයන්. පාතාලයේ වැඩර්ලා වැජබෙන්නේ දේශපාලුවන්ගේ ආශිර්වාදයෙන් හා පොලිසියේ රැකවරණයෙන්. ඔය උදවිය එක්ක මහේස්ත්රාත්වරුත් සම්බන්ධ සිද්දීන් ලංකා ඉතිහාසේ නැත්තෙත් නෑ නේද ? ටිකක් හොයල බලන්න එතුමාගේ " පෙර වැරදි " තියේද කියල. (දී)
හැම කෙනාටම නීතිය ක්‍රියාත්මක වෙන්නේ සමාන විදියට නොවෙන බවට දැනගන ලැබුන තවත් එක පුවතක්. (දී)
අලුත් මුදල් නෝට්ටු නම් පහසුවෙන්ම නිරවද්‍ය තාවය හදුනාගන්න පුළුවන්. එත් පරණ ඒවා නම් ටිකක් අමාරුයි. හැමෝටම වරදින්න පුළුවන් කියන එක එතුමාට "පසක්" වෙන්න ඇති (දී)
කරුණාකර සල්ලි මැසිම මාරු කරන්න. බාල චීන මැෂිමක්ද?(නදී)
වරද කොතන්නද, දෙඉයෝ දන්නී (දී)
ඕක තරමක අමාරු වැඩක්. හොර සල්ලි පාවිච්චිය අඩු කරන්න පුළුවන් ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ගනුදෙනු කරනවානම්.(නදී)
මේ අධිවේගී පිවිසුම් වල තිබෙන මුදල් නෝට්ටු යන්ත්‍ර වල තත්වය ගැන අභියෝග කරපු බැංකු නිලධාරිනියකගේ සිද්ධියක් ලඟදි උනා නේද. තවම මෙහෙම වෙනවා කියන්නේ එම යන්ත්‍ර ගැන පරීක්ෂාවක් කරලා නැද්ද. එම නිලධාරිනිය මුදල් බැංකුවෙන් ලබාගත් නිසාත්, බැංකුව සතු යන්ත්‍රය ගැන දන්නා නිසාත් තමයි එහෙම අභියෝග කලේ. තවත් ජනතාව අපහසුවට පත් නොකර මේවා නිවැරදි කරන්නේ කවදාද?(නදී)
ලංකාවේ අලුතින් මුද්‍රණය කල නෝට්ටු බොහොම බාල කඩදාසි තෝරාගෙන තියෙන්නේ. ඉතින් කාටත් පුළුවන් මුද්‍රණය කරන්න.(නදී)
ඕක යන්තරේ වැරැද්දක්. මහජනයාගේ වැරැද්දක් නෙමෙයි.(නදී)
පිටරට වල සමහර සුපර් මාර්කට් අයකැමිවරු නෝට්ටුව මත විශේෂ පැස්ටල් කූරකින් අදිනවා ඇදුනොත් ව්‍යාජ නෝට්ටු.(නදී)
ඕක පොඩි මිනිහකුට උනානම් එකට මොකද වන්න . නඩුකර හාමුදුරුවෝ නිසා සමාවක් දුන්න. නේද (දී)