IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


අධිවේගෙට දුන් නෝට්ටුවක් ගැන පොලිස් පරීක්ෂණ

දක්ෂිණ අධිවේගී මර්ගයේ කොට්ටාව පිවිසුමේදී, අධිකරණ නිලධරයකු දුන් රුපියල් දහසේ නෝට්ටුවක් ව්‍යාජ බව සොයා ගැනීමත් සමග හෝමාගම මහේස්ත්‍රාත්ට දන්වා සුදුසු පියවර ගැනීමට ක්‍රියා කළ බව අධිවේගී මාර්ග පොලිසිය කියයි.

අධිකරණ නිලධරයා පවසා ඇත්තේ රුපියල් 14000ක චෙක්පතක් උසාවි ලේඛකාධිකාරී මගින් මාරුකර ගත්  මුදලේ මෙම දහසේ නෝට්ටුව තුබූ බවයි.

ලේඛකාධිකාරීගෙන් ද ප්‍රකාශයක් ගැනීමට නියමිතය. 

අධිකරණ නිලධරයාගේ පැමිණිල්ල අනුව ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට නියමිතය.

මීට කළින් බැංකු නිලධාරිනියක ඉදිරිපත් කළ නොට්ටුවක් ව්‍යාජ බව අධිවේගී මාර්ග යන්ත්‍රවල සටහන් කළත් එම නෝට්ටුව හොඳ නොට්ටුවක් බව බැංකුව සහතික කළේය.



අදහස් (0)

අධිවේගෙට දුන් නෝට්ටුවක් ගැන පොලිස් පරීක්ෂණ

කුමාර Saturday, 20 July 2013 07:29 PM

මේ වැඩෙන් මිනිස්සු අධිවේගේ යන්න බය වෙනවා .අන්තිමට මේ පාර වී වේලන්න විතරක් පාවිච්චි කරන්න වේවි (දී)

:       0       0

විශ්ව Saturday, 20 July 2013 09:10 PM

මාත් අසයි ඔය හොර නෝට්ටු බලන්න (අ)

:       0       0

ක්වින්ටස් Saturday, 20 July 2013 12:13 PM

හොර නෝට්ටු ගැවසේනවට මහජනයා මොනව කරන්ඩද? ච්රෙඩිට් චාර්ඩ් මගින් මුදල් ගෙවන්ඩ ක්‍රමයක් හදන්ඩ.(අ)

:       0       0

සුසන්ත Saturday, 20 July 2013 12:25 PM

ඕක පොඩි මිනිහකුට උනානම් එකට මොකද වන්න . නඩුකර හාමුදුරුවෝ නිසා සමාවක් දුන්න. නේද (දී)

:       0       0

පහන් මඩුගල්ල Saturday, 20 July 2013 12:26 PM

පිටරට වල සමහර සුපර් මාර්කට් අයකැමිවරු නෝට්ටුව මත විශේෂ පැස්ටල් කූරකින් අදිනවා ඇදුනොත් ව්‍යාජ නෝට්ටු.(නදී)

:       0       0

ශාන්තලාල් Saturday, 20 July 2013 12:26 PM

ඕක යන්තරේ වැරැද්දක්. මහජනයාගේ වැරැද්දක් නෙමෙයි.(නදී)

:       0       0

සෙනරත් Saturday, 20 July 2013 12:29 PM

ලංකාවේ අලුතින් මුද්‍රණය කල නෝට්ටු බොහොම බාල කඩදාසි තෝරාගෙන තියෙන්නේ. ඉතින් කාටත් පුළුවන් මුද්‍රණය කරන්න.(නදී)

:       0       0

සිංහ Saturday, 20 July 2013 12:39 PM

මේ අධිවේගී පිවිසුම් වල තිබෙන මුදල් නෝට්ටු යන්ත්‍ර වල තත්වය ගැන අභියෝග කරපු බැංකු නිලධාරිනියකගේ සිද්ධියක් ලඟදි උනා නේද. තවම මෙහෙම වෙනවා කියන්නේ එම යන්ත්‍ර ගැන පරීක්ෂාවක් කරලා නැද්ද. එම නිලධාරිනිය මුදල් බැංකුවෙන් ලබාගත් නිසාත්, බැංකුව සතු යන්ත්‍රය ගැන දන්නා නිසාත් තමයි එහෙම අභියෝග කලේ. තවත් ජනතාව අපහසුවට පත් නොකර මේවා නිවැරදි කරන්නේ කවදාද?(නදී)

:       0       0

මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නිය Saturday, 20 July 2013 12:46 PM

ඕක තරමක අමාරු වැඩක්. හොර සල්ලි පාවිච්චිය අඩු කරන්න පුළුවන් ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ගනුදෙනු කරනවානම්.(නදී)

:       0       0

පි.ඩි විතානගේ Saturday, 20 July 2013 12:55 PM

වරද කොතන්නද, දෙඉයෝ දන්නී (දී)

:       0       0

මොහොමඩ් Saturday, 20 July 2013 12:57 PM

කරුණාකර සල්ලි මැසිම මාරු කරන්න. බාල චීන මැෂිමක්ද?(නදී)  

:       0       0

සදුනි Saturday, 20 July 2013 09:49 PM

හුසේන් රියාද් ඔයා හරි. (දී)

:       0       0

සරත් Saturday, 20 July 2013 01:21 PM

අලුත් මුදල් නෝට්ටු නම් පහසුවෙන්ම නිරවද්‍ය තාවය හදුනාගන්න පුළුවන්. එත් පරණ ඒවා නම් ටිකක් අමාරුයි. හැමෝටම වරදින්න පුළුවන් කියන එක එතුමාට "පසක්" වෙන්න ඇති (දී)

:       0       0

චාමික Saturday, 20 July 2013 01:34 PM

හැම කෙනාටම නීතිය ක්‍රියාත්මක වෙන්නේ සමාන විදියට නොවෙන බවට දැනගන ලැබුන තවත් එක පුවතක්. (දී)

:       0       0

හුසේන් රියාද් Saturday, 20 July 2013 01:36 PM

අනේ ස්වාමීනි, ඔබතුමා ඔහුව මුදාහැරියේ එතුමාගේ පැටිකිරිය එලියට එයි කියලද ? සාමාන්‍ය කෙනෙක් වුනානම් පොලිසිය ක්‍රියා කරන්නේ ඔහොමමද ? නීතිය හැමෝටම එකසේ පොදුයි කිව්වට අපි දන්නවා හුඟක් පොලෝසියේ අයගේ ක්‍රියා කලාපයන්. පාතාලයේ වැඩර්ලා වැජබෙන්නේ දේශපාලුවන්ගේ ආශිර්වාදයෙන් හා පොලිසියේ රැකවරණයෙන්. ඔය උදවිය එක්ක මහේස්ත්රාත්වරුත් සම්බන්ධ සිද්දීන් ලංකා ඉතිහාසේ නැත්තෙත් නෑ නේද ? ටිකක් හොයල බලන්න එතුමාගේ " පෙර වැරදි " තියේද කියල. (දී)

:       0       0

පරාස පෙරේරා Saturday, 20 July 2013 01:41 PM

මම දන්නා විදියට අධිවේගී මාර්ගයේ තිබෙන මුදල් චෙක් කරන යන්ත්‍රවලට ප්‍රමිති සහතිකයක් නැත. පලපුව ජනතාව වරදකරුවන් කිරීමට පෙර අවශ්‍ය දේ හරියට සැකස් කර ගත්තොත් හොදයි නෙවේද. (දී)

:       0       0

ස්ටැන්ලි Sunday, 21 July 2013 01:15 PM

මීට දින කීපෙකට පෙරත් අධිවේගී මාර්ගයේ ඔය වාගේම දෙයක් වුනා කියලා මේ ආකාරයටම පුවතක් තිබුනා. තව ටික දවසකින් ඕක සාමාන්‍ය දෙයක් වේවි. ඊට පස්සේ හොර සල්ලි ද නැද්ද කියලා බලන එකත් නවත්තල දාවිද දන්නෙ නැහැ. එතකොට වෙන දේ කියන්න ඕනෑ නැහැනේ (දී)

:       0       0

සාමාන්‍ය වැසියා Saturday, 20 July 2013 01:42 PM

මම කළා නම් කොහොමට තියෙයිද (දී)

:       0       0

සකලබුජන් Saturday, 20 July 2013 01:43 PM

මොකක්දෝ අපලයක් හෝමාගම මහේස්ත්‍රාත් වරුන්ට තියෙනවා මේ දවස් වල. නරකද කට්ටදියෙක් ලවා වතුර ටිකක් මතුරාව ගත්තොත් කාරිය. (දී)

:       0       0

ෂෙරිෆ් Saturday, 20 July 2013 01:48 PM

අපේ පුංචි ලංකාවේ නීතිය අයාලේ ගිහින් නැහැ මහත්තයෝ... නීතිය ක්‍රියාත්මක කරන මහත්තුරු අයාලේ ගිහින් ආයුබෝවන්... (දී)

:       0       0

චාමි Saturday, 20 July 2013 01:48 PM

නඩුත් හාමුදුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ .. (දී)

:       0       0

දනුෂ්ක Saturday, 20 July 2013 02:16 PM

මට තියෙන්නේ වෙන ප්‍රශ්නයක් , ඔය දේම සාමාන්‍ය පුද්ගලයෙකුට වුනානම් ප්‍රකාශයක් ගෙන මුදා හරිද..? සාමාන්‍ය වැසියෙක් කරන ප්‍රකාශය පොලිසියෙන් පිළිගනීද..? සාමාන්‍ය කෙනෙක්ට ඔය දේ උනානම් මේ ප්‍රවුර්තිය පල වෙන්නේ මෙන්න මේ වගේ." දක්ෂිණ අධිවේගී මර්ගයේ කොට්ටාව පිවිසුමේදී හොර දහසේ නෝට්ටුවක් මාරු කිරීමට තැත් පුත්ගලයකු අත්අඩංගුවට" ඊට පස්සේ කියවන් යනකොට තියෙයි වැඩිදුර පරීක්ෂණ සඳහා රිමාන්ඩ් ලරන ලදී කියලත් .. (දී)

:       0       0

සේනාරත්න Saturday, 20 July 2013 02:34 PM

සල්ලිත් හොර පාරේ යනවා වැඩීයි දැන්.(නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 20 July 2013 02:42 PM

අධි වේගේ නෝට්ටු ගැනත් මුහුදු මාර්ගයේ බෝට්ටු ගැනත් තමා හැම දාම අහන්න වෙන්නේ (අ)

:       0       0

මොහමඩ් Saturday, 20 July 2013 05:43 PM

මේ අධිවේගී මාර්ගයේ තියෙන දෝෂ සහිත මැෂිමෙන් හොද සල්ලිත් හොර සල්ලි කරනවද කියලා පොඩ්ඩක් හොයලා බැලුවොත් හොදයි නේද කෝකටත්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2332 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1529 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2314 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3213 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site