IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


අනංග කතාවට මැතිසබේ ගිනි ගනී

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මැතිසබයේ  ඇතැම් කාන්තාවන්ට සිදුවන්නේ යැයි කියන හිරිහැර සම්බන්ධයෙන් කතා බහක් මතුවීමෙන් පාර්ලිමේන්තුවේ අද (8) පෙරවරුවේ  උණුසුම් තත්වයක් ඇතිවිය.

මේ උණුසුම් තත්ත්වය ඇතිවූයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය  වෛද්‍ය  නලින්ද ජයතිස්ස මහතා  ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසීය.

පාර්ලිමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට ඇතැම් නිලධාරීන්ගෙන් ලිංගික අතවර සිදුවෙනවා කියලා  මාධ්‍යවල ප්‍රවෘත්තියක් පළවෙලා තිබුණා.  මේ ගැන පැමිණිල්ලක් ඕන නම් මුජිබර්  රහුමන් මන්ත්‍රීතුමා කරපු පැමිණිල්ල ප්‍රමාණවත්. මේ සිද්ධියෙන් පාර්ලිමේන්තුවේ ප්‍රතිරූපය ගැන ප්‍රශ්නයක් මතුවෙනවා.

මේ සිද්ධිය නිසා තොරතුරු පද්ධති සහ කළමනාකරණ  අංශයට මීට පස්සේ කිසිම කාන්තාවක් එන එකක් නෑ. මෙහෙම දෙයක් සිද්ධ වෙනවා නම් ලේකම් මණ්ඩලය පැහැදිලි විමර්ශනයක් කරලා මේ ගැන රටට යමක් කියන්න ඕන. එහෙම නොවෙයි නම් කතානායකතුමා මේ ගැන ප්‍රකාශයක් නිකුත් කරන්න ඕන. මේකේ ඇත්ත සිද්ධිය හොයන්න ඕන.

මුජිබර් රහුමාන් මහතා

පාර්ලිමේන්තුවේ මේ වගේ දේවල් සිද්ධ වෙනවා නම් මන්ත්‍රීවරුන් විදිහට අපිට ඒක බලපානවා. ඒ නිසා තමයි මම මේ ප්‍රශ්නය මතු කළේ. ජනමාධ්‍ය මේ සිද්ධිය අනාවරණය කරලා තිබුණා. මෙතන අකටයුත්තක් සිද්ධ වෙනවා නම් දෝෂාරෝපණය එන්නේ මන්ත්‍රීවරුන්ට. දැන් එහෙම තමයි සමාජ මතය හැදිලා තියෙන්නේ.
මෙතන කාන්තාවන්ට සිදු වෙන හිරිහැර ගැන මීට පෙරත් පුවත්පත් වාර්තා පළ වුණා. මෙහෙම දේවල් වෙනවා කියලා. සමහර අවස්ථාවලදී ප්‍රධාන ලේකම්තුමිය  අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබුණා. සමහරුන් වැඩ තහනමට පවා ලක් කළා. මේ පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි කලින් පාර්ලිමේන්තුවෙත් මේ වගේ සිද්ධ වුණා. මාධ්‍ය ඒවා වාර්තා කළා. මට ලැබිච්ච තොරතුරු තමයි මම වාර්තා කළේ. ඔබතුමා මේ ගැන පරීක්ෂණයක් කරලා ඇත්ත හොයාගන්න. හොයාගෙන කටයුතු කරන්න.

නලින්ද ජයතිස්ස මහතා;

මම කියන්නේ ඒක තමයි. මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා තමයි මම කියන්නේ.මේක කොයි කාලෙ සිද්ධ වෙච්ච වැඩක්ද

රහුමන් මහතා;

මේක අලුත් දෙයක් නොවෙයි.  පහුගිය පාර්ලිමේන්තුවෙත් මේ වගේ දේවල් සිද්ධ වුණා. මේ සම්බන්ධයෙන් හොයලා බලලා තීන්දුවක් ගන්න.

කතානායක;

අපි ඊයේම මේ සම්බන්ධයෙන් සොයා බැලුවා. ඒ කාන්තාවන් කැඳවා විමර්ශන කරන්න කියලා මම දැනුම් දීලා තියෙනවා.

මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ මහත්මිය;


මන්ත්‍රීවරියන්ගේ කාන්තා  සංසදයට නම් තවම මේ ගැන පැමිණිල්ලක් ලැබිලා නැහැ. මන්ත්‍රීවරුන්ට යම් මතයක් ප්‍රකාශ කරන්න පුළුවන්. මෙසේ ප්‍රකාශ නිකුත් කිරීමේදී සමාජයට වන හානිය ගැනත් අවධානය යොමු කරමින් ඒවා ඉදිරිපත් කළොත් හොඳයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඊයේ ඒ කතාව කිව්වේ වාචාල කමට නොවේ. එතුමා බොහොම වගකීමෙන් රටේ ප්‍රශ්න ගැන අහන මන්ත්‍රීවරයෙක්.

 



අදහස් (6)

අනංග කතාවට මැතිසබේ ගිනි ගනී

Fawaaz Wednesday, 08 January 2025 03:24 PM

ඇත්ත කියනකොට ඔක්කෝටම රිදෙනවා. රහ්මන් කිව්වේ ඇත්ත...!

:       21       24

සුනෙත්Wednesday, 08 January 2025 09:43 PM

ඔබතුමා කොහොමද කියන්නේ එයා කියන්නේ ඇත්තමයි කියලා? මෙතන වෙනත් කතාවක් තියෙන්නත් පුලුවන්

:       4       2

ජගත් ලියනගේThursday, 09 January 2025 03:14 PM

මුජුබුර් මන්ත්‍රිතුමා හොද නමක් දිනාගත් ආදර්ශවත් මන්ත්‍රිතුමෙක්. එතුමා, සමහර අය වගේ කටවාචාල කමට කතා කරන මන්ත්‍රිතුමෙක් නෙවෙයි.

:       0       0

හසක Wednesday, 08 January 2025 04:08 PM

වැරැද්දක් වෙලා නම් කාවවත් ආරක්ෂා වෙන්නෑ. ඒක ගැන සෑහෙන විශ්වාසයක් තියාගන්න පුළුවන්.. NPP ආණ්ඩුව ගැන. වැරැදි වහන්නෙත් නැතිවෙයි, කලින් අය වගේ. එහෙම වැහුවොත් මුලින්ම දෝෂාරෝපණය එන්නේ මාලිමා ආණ්ඩුව ජයග්‍රහණය කරවපු බහුතර ජනතාවගෙන්...

:       5       26

Edirisingha Thursday, 09 January 2025 06:44 AM

ඔබේ අදහස පිළිගන්න බැහැ සමන්මලීගේ ප්‍රකාශය නිසා එය පිළිගන්නම බැහැ පැමිණිල්ලක් කල කෙනෙක් ඒක දකින දකින හමුවන හමුවන හැම කෙනෙකුටම කියන්නෙ නැහැනේ සාමාන්‍යයෙන් තොරතුරු ලැබෙන ක්‍රම රාශියක් තියෙනවා කෙනෙකුගේ ප්‍රකාශයක් අනුව වුනත් වගකිවයුතු කෙනෙකුට සොයාබලන්න ඒක හොදටම ප්‍රමාණවත් වෙනවා කොහොම වුනත් ඇමති නලින්දගේ අදහස නම් සාර්තකයි කියන්න පුලුවන් .එතුමා එහිදී කියනවා මෙහෙම ගියොත් අනාගතයේ කිසිවෙක් සේවයට නොඒවි කියලා අන්න ඒක තමයි වැදගත්ම ප්‍රකාශය වෙන්නෙ මොකද එහෙම වුනානම් දැනට පාර්ලිමේන්තුවේ සිටින පිරිස්වලට පාර්ලිමේන්තුව උන්ගෙ දරු මුනුබුරන්ට පමණක් රැකියා සපයන තැනක් කරගත්ත පුලුවන් වෙනවා සේවිකාවන්ට හිරිහැර වෙනවා නම් එය යටි අරමුණ කරගෙන තමයි හිංසා කරනවා ඇත්තේ

:       3       1

Ven.D.Revatha Thero Thursday, 09 January 2025 08:29 AM

කාන්තාවොත් ශිලාචාරව ඉන්න දැන ගන්න අවශ්‍යයි.

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජීඑස්පී ප්ලස් ගැන අද තීරණයක්
2025 අප්‍රේල් මස 30 48 0

ජීඑස්පී ප්ලස් පිළිබඳව කරුණු සොයා බැලීමට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.


විදුලි සෝපානය කඩා වැටී තරුණයා මරුට
2025 අප්‍රේල් මස 30 177 0

ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ගොඩනැගිල්ලෙ පිහිටි විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි සුපිරි සාප්පු සංකීර්ණයක සේවය කළ තරුණයකු ඊයේ ( 29) බරපතල තුවාල ලබා ගාල


හෙට විශේෂ ආරක්ෂාවක්
2025 අප්‍රේල් මස 30 156 0

ලෝක කම්කරු දිනයනිමිත්තෙන් හෙට (1) විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.


අද සිට ජන්ද කාඩ් ළගම තැපැල් කාර්යාලයෙන්
2025 අප්‍රේල් මස 30 55 0

තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලය


තැනින් තැනට සවස් කාලයේදී වැසි
2025 අප්‍රේල් මස 30 62 0

දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මහජන සෞඛ්‍ය පරීක්ෂඛ අල්ලස් දැලේ
2025 අප්‍රේල් මස 30 685 1

රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 156 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 41 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1076 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site