IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අනාගත ජනපතිවරුන්ට පූර්වාදර්ශයක් දෙන තීන්දුවක්

 

(ආරියරත්න රණබාහු)
රෝයල් පාර්ක් නඩුවේ මරණ දඬුවම හිමිව සිටි විත්තිකරු ජනාධිපති සමාවෙන් නිදහස් කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස ‍ශ්‍රේෂ්ඨාධිකරණය  ලබාදුන්  තීන්දුව ඉතාම පැහැදිලි අනාගත ජනාධිපතිවරුන්ට පූර්වාදර්ශයක් කරගත හැකි තීන්දුවක් බව හිටපු මානව හිමිකම් කොමසාරිස් ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවැසීය.
නීතිඥ මහානාම හේවා මහතා එසේ පැවැසුවේ එම නඩු තීන්දුව සම්බන්ධයෙන් ඔහුගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
මහානාම හේවා මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙතෙක් බලයේ සිටි ජනාධිපතිවරුන් අතරින් ඩී.බී විජේතුංග මහතා  හැර අනිකුත් අය මෙම ජනාධිපති සමාව අයුතු ලෙස භාවිතයට ගත් බවය.
වත්මන් ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතාට ද ඇතැම් පිරිසක් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිය ද ඒ මෙතෙක් සිදුව නැති බව ද ඔහු කීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි එක් වැනි වගන්තියේ තුන්වැනි පරිච්ඡේදයේ ඉතා පැහැදිලිව මේ  සම්බන්ධයෙන් සඳහන් කර ඇති බව පැවැසූ නීතිඥ මහානාම මහතා ඒ අනුව  ජනාධිපතිවරයකු මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කළහොත් ඕනෑම පුරවැසියකුට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමු කළ හැකි බව ද හෙතෙම පැවැසීය.
ජනාධිපතිවරයකුට අධිකරණය මගින් දඩුවම් ලැබ සිටින යම් පුරවැසියකුට ජනාධිපති සමාව  ලබා දෙන්නේ නම් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සලසා ඇති බව ද මහානාම හේවා මහතා කීය.
ඒ අනුව කමිටුවක් පත් කළ යුතු බවත්  ඊට අදාළ නඩුව විභාග කළ විනිසුරුවරයා නීතිපති හෝ ඔහුගේ නියෝජිතවරයකු අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් හෝ නියෝජිතයකු සහ විශ්‍රාමලත් විනිසුරුවරයකු  එම කමිටුවට ඇතුළත් කළ යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් බව ද පැවැසීය.
එම කමිටුව මගින් ලබා දෙන නිර්දේශ මත ජනාධිපතිවරයාට සිය තීරණය ලබා දිය හැකි බව ද මහානාම හේවා මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (6)

අනාගත ජනපතිවරුන්ට පූර්වාදර්ශයක් දෙන තීන්දුවක්

Chaminda Friday, 07 June 2024 06:27 AM

දැන් මිනීමැරුම් කලොත් මරණ දඩුවම ලැබුනොත් ජීවිතාන්තය දක්වාම දඩුවම් විදින්න වෙනවා කියලා සමාජයේ අදහසක් ඇතිවෙන නිසා සමාජයට යහපතක් වෙනවා සාමාන්‍යයෙන් ජනතාවට පීඩනයක් ඇතුවෙන ගෙවතු හා වතුපිටි වලට පැන හොරකම් මැරකම් කරලා හිරගත වෙන සිරකරුවන් විවිධ අවස්ථාවල රංචුපිටින් නිදහස් කිරීමත් තහනම් වුනොත් මහත්ම සේවයක් රටේ ඇතිවෙනවා එයිනුත් අධිකරණයට පැමිණෙන නඩු අඩුවෙන්න පුළුවන් කියලා හිතෙනවා

:       3       21

Saman Friday, 07 June 2024 08:13 AM

මුත් පට්ට රාජපක්ෂ කෙනෙක්

:       18       21

Lalla Friday, 07 June 2024 09:46 AM

අදාල නෑ.කතාව ඇත්ත නේද. රාජපක්ෂ පවුල කරපු දේටත් නැවත ක්‍රියාත්මක වෙන්න පුළුවන් නේද?

:       1       15

අරවින්ද මොනරවිල Friday, 07 June 2024 09:11 AM

මෙම නඩු තීන්දුව අනාගත ජනාධිපතිවරුන්ට පූර්වාදර්ශයක් වෙන්න හරි පූර්වාදර්ශයක් කර ගන්න හරි පුළුවන් වෙන්නේ ඒ සදහා අවබෝධයක් සහ දැක්මක් සහිත නිහතමානී පුද්ගලයෙක් ජනාධිපති තනතුරට පත්කර ගතහොත් විතරයි. බලයෙන් ඉස උදම්වා ගත් මෝඩ උද්දච්ච පුද්ගලයෙක් නැවත වරක් ජනාධිපති උනොත් වෙන්නේ තව තවත් නරක පූර්වාදර්ශයන් රටට ඉතිරි වෙන එක විතරයි.

:       1       10

Lalla Friday, 07 June 2024 09:36 AM

කාටහරි තේරුම්ගන්න පුලුවන් කෙනෙකුට ඔය විදියටම අර කුප්‍රකට කමිටුවක් පත්කරල රාජපක්ෂ පවුලට සහ හිතවතුන්ට එරෙහිව තිබුන නඩු සියල්ල අහෝසිකර දැමූ ආකාරය නැවත සලකා බලන්න කියල ඉල්ලන්න හැකිනම් .... ඒක අනාගත පාලකයන්ට පාඩමකට හොඳ වෙයි නේද? රටේ නීතිය ක්‍රියාත්මක වීම ගැන තරුණ පරපුර අතර විශ්වාසය තව ඉදිරියට යයී.

:       1       17

lalindra Friday, 07 June 2024 11:00 AM

ඒතකොට ගෝටාභය දුමින්දට දුන්න සමාව කැන්සල් වෙනකොට ඔය වාගෙ නිති තර්ක පැහැදිලි කරන්න මෙතුමා හිටියේ නැත්තෙ මොකො

:       1       19

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 882 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 315 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4002 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1440 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 690 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2437 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37796 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site