
(සුජිත් හේවාජුලිගේ )
සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී සිටින අනෝජන් සිවරාජා නමැති ලාංකික තරුණයා නිදහස් කරගැනීම සඳහා තමා ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දීර්ඝව කතා කිරීමට බලාපොරොත්තු වන බව දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසන්නේ මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය හදිසි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් කළ යුතු බවයි.
සිය 'X' ගිණුමේ සටහනක් තබමින් අලි සබ්රි මහතා සඳහන් කර ඇත්තේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අනෝජන් සිවරාජා නමැති තරුණයාට මුලින් නියම වී තිබූ පස් අවුරුදු සිර දඬුවම, මරණ දඬුවම දක්වා ඉහළ යාම පිළිබඳ තමන් දැඩි කනගාටුවට සහ කනස්සල්ලට පත්ව සිටින බවය.
සබ්රි මහතා මෙසේද පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම රටේ ආගම්වලට විශ්වාසයන්ට නිගරු කරමින් කටයුතු කිරීම කළ හැකි වුණත්, මෙම රටවල තම ආගමට නිගරු කළොත් මරණ දඬුවම ලැබෙනවා. අපේ පාර්ලිමේන්තුවේ 225ම විවාද කළත් ඉන් ගැලවෙන්න බැහැ. ඉතාම කනගාටු වෙනවා.
මහත්වරුනි, තමාට රැකියාවක් ලබා දුන් රජය කෙරෙහි මෙම මෝඩ පුද්ගලයා කෘතඥ විය යුතුව තිබුණි. නමුත් ඊට පටහැනිව, එහි සේවය කරන අතරතුරම ඔහු එම රජයේ ආගම පිළිබඳව ඉතා අවමන් සහගත අදහස් පළ කරයි.
මේ මහත්තයා කතා කළාට වෙන රටක නීති වෙනස් වෙන්නේ නැහැ. මට බය ජාතිවාදය ඇවිදෙයිද කියලා.
අවාසනාවකට මෙන් ඊට කිසිදු ඉඩක් නැත; මන්ද සෞදි නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන බැවිනි.