
(අංජුල මහික වීරරත්න)
සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් නමැති ශ්‍රී ලාංකික තරුණයාට ජීවිත සමාවක් ලබා ගැනීම සඳහා සෞදි තානාපතිවරයා හරහා සෞදි රජතුමාගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවැසීය.
සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්ලාම් දහමට අපහාස කළැයි මෙම තරුණයා මරණ දඬුවමට නියමව සිටී.
දැන් කරන්නට තිබෙන එකම දේ ඔහු මරණීය දණ්ඩනයෙන් මුදවා ගන්නේ කෙසේද යන්න සලකා බැලීම බව සඳහන් කළ මුජිබුර් රහුමාන් මහතා සමාව ලබාදීමේ බලය තිබෙන්නේ සෞදි රජතුමාට පමණක් බව සඳහන් කළේය.
අදාළ සමාව ලබා ගැනීම සඳහා මේ වන විට විපක්ෂ නායකවරයාද මැති ඇමැතිවරුද කතා කර තිබෙන බව පැවසූ රහුමාන් මහතා ආණ්ඩුව පැත්තෙනුත් මීට ඉහළ රාජතාන්ත්‍රික මැදිහත් වීමක් අනිවාර්යයෙන්ම කළ යුතු වන්නේ යැයි කීය.
එමෙන්ම අරාබි රටවල සේවයට යන අයට ඒ රටවල තිබෙන නීති පිළිබඳව යම් දැනුමක්
ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වගකීමක් තිබෙන බව සඳහන් කළ මුජිබුර් රහුමාන් මහතා මීට පෙරත් ශ්‍රී ලාංකික තරුණියක වූ රිසානා නෆීක්ට මරණ දඬුවම නියම වූ බව සිහිපත් කළේය.
ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේ බොහෝ රටවල උදවිය එහි රැකියා වලට ගිය විට ඒ රටේ නීති රීති ගැන නොදැනුවත්ව වැඩ කිරීම නිසා මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදුවී තිබෙන්නේ යැයි ද නොදැනුවත්කම නිසා ඒ දේ සිදු කළා යැයි කියා අදාළ තරුණයා මේ වන විට සමාව අයැද තිබෙන බවද මන්ත්‍රීවරයා තවදුරටත් කීය.
මුජිබුර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන කථා කරන එක ඇත්ත ටම වටිනවා මන්ත්‍රී තුමා මෙය වෙලාවේ පිහිටක් වෙන එක ගොඩක් වටිනවා වරදට සමාව දීලා ගලව ගන්න හැකි නම් ලොකු දෙයක්
මුලින්ම මේ සිදුවීම පිලිබඳ කනගාටුව පලකරනවා.මෙයින් අපේ ජීවිත වලට පාඩමක් එක්කර ගන්න පුලුවන්.සමහර මිනිසුන් ජාත්‍යන්තරයට යන්නේ පෙර සූදානමකින් නෙමෙයි.තමන් ඉන්න රටේ ජීවත් වෙද්දී තිබුනු කසල අදහස් කසල ගති එහේමම අරගෙන යනවා..ඒ රටවලුත් ගඳගස්සන්න ගියාම තමයි එහේනීතියෙන් තරු පෙන්නන්නේ.පසුව ඇඬුවට වැඩක් නැහැ.
ඒක ඒගොල්ලන්ගේ වගකීම. බල්ලට ගැහුවේ අපි නෙමෙයිනේ? වැඩේ පටන්ගත්තු කට්ටිය වැඩේ ඉවර කරන්න වෙනවා.