දොඩංගොඩ බෝඹුවල දී වෙඩි ප්‍රහාරයකින් බේරුණු බව කියන පොලිස් කොස්තාපල් සුමන්දි සමන් අද රෝහලෙන් නික්ම ගියේය.
සිකුරාදා රාත්‍රී ඔහුගේ නැනෝ රිය පසුපස ලුහුබැඳ ගිය බව කියන වාහනයක තොරතුරු මෙතෙක් පොලිසියට ලැබී නැතැයි දැනගන්නට ඇත.
එහෙත් ඔහුගේ කාරය ගිනි තබා ඇත.
බෝඹුවල අක්කර විස්ස පාරේ අධික වේගයෙන් එවැනි ලුහුබැඳීමක් කළ හැකි ද යන්න පොලිසිය මුහුණපාන තවත් ප්‍රශ්නයකි. එසේ ලුහු බැඳ ගියේ නම් එම වාහනයේ ටයර් සලකුණු සොයා ගැනීම පොලිසියේ මීළඟ උත්සාහයයි.
වාහනයක් පිටුපස තවත් වාහනයක් ලුහුබඳින බව දැනගන්නා පුද්ගලයකු එය පාළු පෙදෙසකට හරවනුයේ කුමන හේතුවක් නිසා ද යන ප්‍රශ්නයට ද උත්තර සොයා ගැනීම පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් මුහුණපාන තවත් බරපතල ප්‍රශ්නයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොයි යන්නනේ, (ස)
අන්තිමට තමන්ගේ වාහනය තමන්ම ගිනි තියාගත්තා කියයි.(නදී)
අන්තිමට රාළහාමිම එයාගේ කාර් එකට ගිනි තියාගත්තා, එයාම එයාට ගහගත්තා කියන කතාව කියයිද? (නි)
මෙවන් ප්‍රශ්න ගැන ජනතාව අවදියෙන් තබා ගැනීමත්, සත්‍ය තොරතුරු සොයාදීමත් පුවත්පත් කරන ඉතා වැදගත් දෙයකි (නි)
ලංකා තිලක්ගේ කතාව ගැන මට සැකයි... (නි)
ජාත්‍යන්තර සහයත් ගත්තොත් නේද හොඳ? (නි)
මේක හරි පැටලිලිසහගත අවනඩුවක් වගෙයි (නි)
අනේ මෙහෙමත් රටක්! (නි)
ඔන්න අපි නම් මුකුත්ම දනනේ නැහැ.පොලිස් රාළහාමිගෙන්ම අහලා ඇත්ත දැනගන්න (නි)
අපිට ඉතින් දෙවියන්ගේම පිහිටයි. (නි)
අනේ පවු කොස්තාපල්! (නි)
නැනෝ වාහනයකට රේස් යන්න බැහැනේ. ඉතින් ලුහුබඳින්නේ මොකටද? (නි)
ඔහොම යමුකෝ! (නි)
පොලිසිය මුහුණපාන ප්‍රශ්න ගැන පත්‍ර කරගහන්න ඕන නෑ. ඒක ඒ ය බලාගනීවි .පත්‍ර තොරතුරු දෙන්න. පොලිසියට ඕන ප්‍රශ්න සහ ගැටළු. (ස)
අන්තිමට අර සුරංගනා කතා කියන පොලිස් මාමා ඇවිත් කියයි "ඇමතිගේ ගෝලයෝ මෙයාව වලක්වන්න හදද්දී මෙයාම තමන්ගේ වාහනයට ගිනි තියාගත්තා" කියලා.. ඊට පස්සේ තව තව රස කතා කියයි... (ස)
දඩ කොලයක් ලිව්වම අපිත් ඉතින් පොලිස් රාළහාමිගේ හත්මුතු පරම්පරාව මතක් කරන එකේ මේ ඇමති ගොයියත් පොඩි සත්තමක් දාන්න ඇති..නැතුව ඒකට මේ වාගේ බරපතල දෙයක් කොච්චර ඇගේ උන තියෙන එකෙක්වත් කරයි කියලනම් හිතන්න බැහැ..පොලිසියට අත තියල කට්ටිය කාපු පරිප්පු දන්නවනම් ඉතින් ඇමති තුමා කිව්වත් ගෝල බාලයෝ ඔය වැඩේටනම් යන්නේ නැහැ.(ස)
ඔය වාහනයෙ ෆිනෑන්ස් එරියස් තියනවද කියල හොයල බලන්න(ස).
පොලිසියට මිනිසුන් ප්‍රතිචාර දක්වන විදිය තමයි ඔය. (නි)
තවත් අලුත් ආරංචියක් ළඟදීම බලාපොරොත්තු වන්න. (නි)
අපේ විශිෂ්ට පොලිස් දෙපාර්තමේන්තුවට අපේ උපහාරය! (නි)
පොලිසියට ජය වේවා! (නි)
අවසානය කෙසේ විසඳේවිද? (නි)
පීසීගේ අනාගතය කෙබඳු වේවිද මන්දා? (නි)