කුරුණෑගල - මහනුවර මාර්ගයේ පිලැස්ස ද්විත්ව වංගුව අසල රිය අනතුරු බහුල වීම සැලකිල්ලට ගත් මාවතගම පොලිසිය අද (8) පාරට මහාසංඝරත්නය වැඩම කරවා සෙත් පිරිත් සජ්ඣායනයක් කෙරවූහ.
එම පිරිත්වල බලයෙන් අනතුරු අවම වේවායි පිලැස්ස බෝධි මළු විහාරාධිකාරී හුණුපොළ සරණපාල හිමියෝ සිය අනුශාසනාවේ දී පැවසූහ.
මාවතගම පොලිසියේ ප්‍රධාන පරීක්ෂක ලලිත් සඳසිරි රථවාහන අංශයේ උප පරීක්ෂක කසුන් සුබසිංහ මහත්වරු මෙම පිරිත සංවිධානය කළහ.
මාසයක් ඇතුළත මෙම පාරේ අනතුරු පහක් සිදුවී එක් අයකු මියගොස් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
වසර කිහිපයකට පෙර කොළඹ - මහනුවර පාරේ ගම්පහ සීමාවේ රථවාහන අනතුරු අවම කරවා ගැනීමට නිට්ටඹුව පොලිසියේ පිරිසක් අලුත්ගම සතර දේවාලයේ දේව කන්නලව්වක් කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරේ අවහිරතා අඩු කරලා ගස් ටික අයින් කරලා රියදුරන්ට වංගුව හරහා පෙනෙන විදිහට හදනවා මිස ඔය වැඩ කලාට අනතුරු අඩු කරන්න පුලුවන්ද? (ර)
මෙම ස්ථානයේ පැය 24 ම පිරිත් දාල තියන්න පුළුවන් වුනොත් අනතුරු වලින් මිය යන අයට ලබන ආත්මයේ දී වත් දියුණු රටක ඉපදෙන්න පුළුවන් (ම)
මට පුදුම ඩ්‍රයිවර් මහත්තුරු මේ උදවියව යට කරගෙන නොගිය එක. පිරිත් හරියන්නෙ නෑ ඩ්‍රයිවර්ලට වැහිල ඉන්න යක්කු එලවන්න හොඳ තොවිලයක් නටමු. (ම)
අතීතයේදී,ජා ඇල තුඩැල්ල රුක්මනී දේවී පිළිරුව අසල බොහෝ අනතුරු ඇතිවූ ස්ථානයක්.එකල එය වළක්වා ගැනිමට ප්‍රදේශයේ ආගමික නායකයින් ස්වේච්චාවෙන් ඉදිරිපත් වුණා. කිතුනු පුජක වරුන් දේව මෙහෙයන් පැවැත්වූ අතර බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිත් සජ්ජායනය කළා. අපට අදහන ආගම්වල පිහිට නැතුව බැහැ මෙවන් දේ අගය කරන්න. (ම)
පිරිත් කියන්න කලින් පගා ගන්නේ නැති නිලදාරීන් ටිකක් හදන්න. පිරිත් වල බලයක් තියෙනවා කියල මම පිළිගන්නවා. නමුත් පිරිත් කීමෙන් කොහොමද අනතුරු අඩු කරන්නේ? නිකන් බොරු වැඩ නොකර හරියට මාර්ග නීති ක්‍රියාත්මක කරන්න. (ම)
පිරිතට වඩා හොඳ ඉලපත අතට අරන් බූරු රියදුරන් හිරේට දැම්මනම් (ම)
පාර මැදින් බෙදපන් බන් ගොන් වැඩ නොකර. (බ)
ලංකාවෙ උන් දෑන් බලන්නෙ ස්වප්නානේ ....ඉතින් මේවා නෝර්මල් (බ)
මෙච්චර දියුණු ලෝකෙක කරන දේවල්......අනේ අනිච්චං අනික ඔය කියන තැන හිලැස්ස නෙවෙයි. මම දන්න තරමට ඕක පිලැස්ස (ම)
සියලුම පොලිස් නිලදරයන් පගාව ගන්නේ නැති අතර, අද වනවිට පොලිසියට බැඳෙන අයගේ අධ්‍යාපන මට්ටම අපොස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ වේ. අඩු පාඩු තිබුනත් හොඳ දේ අගයන්න.ස්තුතියි! (ම)
සකුන, ඔබගේ අදහස හරි. එ්ක තමයි කළ යුතු දේ. කෙසේ නමුත් ආගමික වතාවත් වලට ගරු කරමි. (බ)
ඔය පොලිස් ලොක්කෝ තාමත් ගල් යුගයේ කියල කවුරුත් හිතන් හිටියට... එ්ක එහෙම නෙවෙයි. ඕක තමයි ඔවුන්ගේ තිරකඩේ. එ්කට මුවා වෙලා කරන එව්වා දන්නෝ දනිති. (බ)
ලංකාවේ අනතුරුවලට ප්‍රධානතම හේතුව නීතිය අකුරටම ක්‍රියාත්මක නොවීමයි (බ)
පිරිත් කීමනම් ඉතාම හොද දෙයක්. එත් ඒක ප්‍රමාණවත් මදි. හැකි තරම් රියදුරන් දැනුවත් කරන්න. අපේ රට මහා පුදුම රටක්. වැඩක් කරන මිනිහ කොහෙත් වැරදි. මැටිපහන වගේ මැටි මිනිස්සුන්ගෙන් මෙවැනි ප්‍රතිචාර ඇර වෙන කුමක් ලබන්නද? (ර)
මාර්ග අනතුරු වලට ප්‍රධානම හේතුව ප්‍රමිතියකින් තොර මහා මාර්ග. හරක්, බල්ලෝ, මිනිස්සු ඔක්කොම යන්නේ එකම පාරේ. පදික වේදිකා නෑ, පාරවල් පටුයි, ප්‍රධාන පාරවල ත්‍රීවීල් එකක් ඉස්සර කරන්නත් සැහෙන වෙලාවක් පස්සෙන් යන්න ඕන. මාර්ග සඥා, ලාම්පු අවශ්‍ය තැන්වල නෑ. ඊලග කාරනය විනයක් නැති රියදුරන් හා නිතිය හරිහැටි ක්‍රියාත්මක නොකරන පොලිසිය. (ර)
මම නිරන්තරයෙන්ම මේ මාර්ගය පාවිච්චි අරණ කෙනෙක්, මහනුවර කුරුණෑගල පාරේ විශේෂයෙන්ම ගලගෙදර සහ මේ පිලැස්ස පර හොදින් මාර්ග සලකුණු, වේග සිමා, වේග සිමා ගැටිති ආදිය බොහෝ ප්‍රදර්ශනය කර තියෙනවා, ඒ අතින් ගල ගෙදර පොලිසිය බොහොම ඉස්සරහින් ඉන්නවා, මන් දැකල තියෙන විදියට බහුතරයක් අනතුරු සිදු වෙන්නේ රියදුරන්ගේ නොසැලකිල්ලෙන්, විශේෂයෙන්ම මේ මාර්ගයේ බොහෝ දැන්වීම් පුවරු සවි කර තියෙනවා (ම)
මෙවැනි අවදියක මේවගේ දෙයක් අපේ පොලිසියේ මහත්වරුත් ඕව කරන එක තමයි අපිට දුක. (ර)
මැටි පහන මිනිසුන්ට ගරු කරන්න ඉගෙන ගන්න, 8 පාස් උනත් පොලිසියේ අය කරන සේවයට ගරු කරන්න. (ර)
මැටිපහනට, පොලිස් මහත්තුරු මේ වගේ වැඩක් කරපු එක ගැනනේ මේ අපිත් පුදුම වෙන්නේ.? (ර)
මම මේ කල්පනා කලේ බැරි වෙලාවත් නොසන්ඩාල ටිපර් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව මෙතනින් ගියා නම් ඔය පාර අයිනේ වාඩිවෙලා පිරිත් අහන පිරිසට යන කලදසාව මොකක් වෙයිද කියලයි.මොකද එම ස්ථානය අනතුරුදායක බව හොදට පේනවා රූපරාමු තුලින්.(හේ)
මට හිතෙන හැටියට පිරිත් කියවනවට වැඩිය රියදුරන්ට වාහන එලවන හැටි නීතියට අවනතව කියලා දෙනවානම් වැඩි ප්‍රයෝජන ලැබේවි (බ)
මොහොමඩ්ට නම් අමාරු ඇති (බ)
මැටිපහන ලෙස තමුන්ව හඳුන්වාගන්නා පාඨකයා වෙත ලියමි. ඔබ උගත් බුද්ධිමත් පඬිවරයෙකු විය හැක. නමුත් ඔබට අනෙක් මිනිසුන්ට අවමන් කිරීමට කිසිම අයිතියක් නැත. මා මෙය ලියන්නේ මාගේ පියාද පොලිස් නිලධාරියෙකු වන බැවිනි. උසස් පෙළ ඉහලින් සමත්ව විශ්ව විද්‍යාලයට යාමට සුදුසුකම් සපුරා තිබියදී පවුලේ අඟහිගකම් නිසා පොලිස් සේවයට බැඳුනු අයෙකි මාගේ පියා. යාපනය ප්‍රදේශයේ සේවය කරයි. ඔබට ඔවුන් අට පාස් සේ පෙනේවි මක් නිසාද ඔබ වැනි අය පිටතින් දකින දේ තුලින් සියල්ල තීරණය කරන්නවුන් නිසාය.(බ)
මෙතන අනතුරු බහුලව සිදුවෙන තැනක් නම් හේතුව සොයා එකට විසදුමක් දෙන්න, මාර්ග නීති හරියට පිළිපදිනවා නම් හැමෝම වැරද්දක් වෙන්න විදියක් නැහැ කොහෙත්ම, අනතුරක් සිදුවෙන්නේ කාගේ හෝ නොසැලකිලිමත් කමින්නේ ,, පිරිත කියන එක හෑල්ලුවට ලක්වෙනවා මේ වගේ වැඩ වලින් (බ)
අපූරු සොයා ගැනීමක්! පොලිසිය විසුරුවා දමා වැඩි වැඩියෙන් හාමුදුරුවරුන් බඳවා ගෙන රටපුරා පිරිත් කියවන්න. අපරාද සුරුස් ගාල අඩුවේවි! අනේ මේ වගේ හරක්. මොවුන් පිරිත් දේශනයටත් මේ කරන්නේ අවමානයක් නොවේද? මුන්ට මොලේ පැදෙන්න ඊළඟට බෝධි පූජාවක් තියන්න තියෙන්නේ! (බ)
මෙවැනි දේවල් දැකීමත් හිතට සතුටක්.(හේ)
හැම දෙමව්පියෙක්ම තම දරුවන්ට තව කෙනෙකුගේ ජිවිතයක ඇති වටිනා කම කුඩා කළ සිටම අවබෝධ කර දුන්නොත්...(හේ)
නීතිය හරියට ක්‍රියාත්මක කරන්න කියලා පොලිසියට කියන්න. අනතුරක් වළක්වාගැනීමට නඩු නොදමා අනතුරක් සිදුවන පරිදි මාර්ග නීති කඩකරන අයට, හතරමං හන්දියකදි දකුණෙන් එන වාහනයට ඉඩනොදෙන අයට, වමෙන් ඉස්සර කරන අයට විරුද්ධව නඩු පවරන්න කියන්න. අනතුරු 80%ක් අඩුවෙනවා (නි)
පුදුම වෙන්න දෙයක් නැහැ මේ දේවල් වල (නි)
කොහොමහරි කමක් නැහැ. වැඩේ සාර්ථක වෙනවා නම් අපි සතුටුයි (නි)
හැමකෙනාම මෙත් සිතින් වාසය කරනවා නම් දෙවියන් පවා ඒ අයව රකිනවා. (නි)
පිරිත් සජ්ඣායනයට මම ගරු කරනවා. නමුත් මෙයට තාක්ෂණය යොදාගෙන අනතුරු අඩුකරන්න බලන්න (නි)
මොනවා කියන්නද කියලා හිතාගන්න අමාරුයි මට (නි)
මැටි මොළ වලින් මැටි වැඩ... පොලිසියේ වැඩි හරියක් ඉන්නේ කොහොමත් 8 පාස් අයනේ. (ම)
ආගමික වතාවත් කිරීම නරක නැහැ. එත් මාර්ග නීති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමත් නීතිය තදින් ක්‍රියාත්මක කිරීමත් අත්‍යවශ්‍යයි. අද ගොඩක් දෙනෙක් වාහනයක් අතට ගත්තම හිතන්නේ පාර එයාලගේ බූදලේ කියල. (ම)
පොලිසිය කළදේට වරදක් කියන්න අමාරුයි. එයාලා කළේ යම් උත්සාහයක් (නි)
මහත්තයෝ පාර දෙපැත්තේ තියෙන ගස් ටික අයින් කරලා රියදුරන්ට වංගුව හරහා පෙනෙන විදිහට හරිගස්සල පාරේ දෙපැත්තෙන්ම අනතුරු ඇඟවීම් ගහන්න හෙමින් යන්න කියල. පිරිත කෝකටත් තෛලයක් නෙමෙයි. (බ)
මේවගේ වැඩ වෙන්නේ ඉතින් ලංකාව වගේ නොදියුණු රටවල් වලම විතරයි . මෙච්චර අනතුරු වෙන තැන තවත් අවහිර කරලා පිරිත් කියනවා. මේවා දැක්කම අපි ගැනම කල කිරෙනවා. . (බ)
අනතුරු අඩුකරන්න නම් යන පාරත් එන පාරත් වෙන්ව තියන්න ඕනෑ. ඊට අමතරව වේගය කඩන බාධක දැමීම වැදගත්. පාසලක්, විශ්ව විද්‍යාලයක් හෝ කාර්යාල වැනි ස්ථාන වල පාර මාරුවන ස්ථාන පාරේ මට්ටමට වැඩිය උස්කර රතු එළි දැල්වීම ඉතා සුදුසුයි. (නි)
හොඳ වැඩක්. පිරිත් වල තියෙන බලය සමහරුන්ට තේරෙන්නේ නැහැ (නි)
පිරිත් කියන එක ඕනෑම දෙයකට හොඳ දෙයක්. දියුණු කියලා කියන මිනිස්සු මේවා ගැන බලන්නේ නම් තේරුමක් නැති දේවල් විදියට. මම පොලිසිය කරන ගොඩක් පහත් වැඩ වලට විරුද්ධ කෙනෙක්. එ්ත් පොලිසිය 8 පාස් කියපුදේට නම් මම විරුද්ධයි. දැන් එහෙම බඳවාගන්නේ නැහැ. දියුණුයි දියුණුයි කියලා මැරෙන්න හැදුවට තාමත් ලෝකය බුද්ධාගමට අනුව නම් කිසිම දියුණුවක් වෙලා නැහැ (නි)
මැටිපහන, ඔබ ගැන පුදුමවිය යුතු නැහැ. ඒ ඔබේ හැටි. ප්රායෝගිකදේට අමතරව, මෙවන් ආගමික ක්‍රියාකාරකම් වලින්ද ඵල ප්‍රයෝජන බොහෝ බව සළකන්න. පොලිසිය කළ වටිනා ක්‍රියාව අගය කරන්න ඔබ අදහන ආගමේ නාමයෙන්. (නි)
මැටිපහන, ඔයා මෝඩයෙක් වුණාට පොලිසිය හොඳ හිතින් කරපු සත්ක්‍රියාවට අගෞරව කරන්න එපා. අපි හැමෝම දන්නවා මේවා කරලා අනතුරු අඩුකරන්න බැහැ කියලා. නමුත් මේ ක්‍රියාව ඔය තරම් පහත් කරන්න හොඳ නැහැ නේද? (නි)
මෙවන් දෙයක් සංවිධානය කිරීම ගැන පොලිසියට ස්තූතියි! (නි)
පිරිත් කියල අනතුරු අඩුකරන්න පුලුවන්නම් මේ මඟින් අනික් රටවලටත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්වෙයි (නි)
නීතිරීති ක්‍රියාත්මක කරන්න. නුසුදුස්සන් බලපත්‍ර ගන්න එක ගැනත් බලන්න (නි)
මැටිපහන, නමේ හැටියටම අදහසුත් ප්‍රකාශ කරලා තියෙනවා. අපි හැමෝම 8 පාස් අයනේ. ඔබතුමා 8 පාස් වෙන්නේ නැතුව 7න් පස්සේ එකපාරටම 9 ට ගියාද? (නි)
පොලිස් නිලධාරීන් නිතරම මහපාරේ සිටින නිසා තමයි මේ තරම්වත් අනතුරු අවම වී තිබෙන්නේ. ඒ වුණාට පොලිස් නිලධාරීන්ටත් පෞද්ගලික බස් රථ රියදුරන්ට එරෙහිව හරියට නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබෙන්නේ, පවතින පෞද්ගලික බස්රථ මාෆියාව නිසයි. පිරිත් කියලා, පිරිත් පැන් ඉහින්න ඕනෑ රියදුරන්ට මිස පොලිස් නිලධාරීන්ට නොවේ. (නි)
මැටිපහන, ඔබට උපාධියක් ඇති. එ්ත් මිනිසා තුළ ජනිතවන ධර්මතාවය යනු තව එකක්. උගතුන් යැයි තොප්පිය දමාගෙන ඉන්නා බොහෝ දෙනෙකුට නැත්තේද මිනිස් ධර්මතාවයයි. පළමුව එය හදාගන්න බලන්න. ඒ වගේම පිරිත් කියලා විතරක් මදි. මාර්ගනීති සහ අනතුරු නොවෙන විදියට මාර්ගය හැදීමත් කළයුතුයි. (නි)
පිරිත් කියලා හරි මේ දේවල් අඩුවෙනවා නම් ලොකු දෙයක් (නි)
අපි බලමු උත්සාහ කරලා (නි)
සංස්කෘතිය, ජාතිකත්වය, ආගම රැකගත යුතුයි. එ්කේ විවාදයක් නැහැ. මට මතක් වෙන්නේ පසුගිය දවසක මුහුණු පොතේ දාලා තිබුන දෙයක්. "ලෝකය අලුත් තාක්ෂණයන් හොයාගෙන ඉදිරියට ගමන් කරනකොට අපි දැකල නැති ඉතිහාසයේ සදහන් දඬුමොනරයක් ගැන උදම් අන අනා ඉන්නවා" කියන කියමන (නි)
පිරිත් සජ්ඣායනය හොඳයි. නමුත් අනතුරු අඩු කරන්න නම් නව තාක්ෂණය හඳුන්වා දියයුතුයි. විශේෂයෙන්ම පුද්ගලික හා ලංගම බස් වලට. මේ මඟින් මාර්ග වල ස්වභාවය අනුව වේගය පාලනය කළහැකි අතර වේග සීමාව ඉක්මවනකොට වාහනයේ සවිකළ ඉලෙක්ට්‍රෝනික් උපාංගය මඟින් ඉන්ධන සැපයුම අවහිරකොට වේගය පාලනය කරනවා. ඒ වගේම තවත් බොහෝ වාසි ලබාගත හැකියි. (නි)
ගුගල් ස්ට්‍රීට් මැප් එකෙන් හිලැස්ස ද්විත්ව වංගුව බලන ගමන්ම පිරිත්වල බලයෙන් අනතුරු අවම වේවායි කියලාත් ප්‍රාර්ථනා කළා. අනේ අපි ඉන්නේ 2016දැයි කියාත් හිතුනා. ඔතනට වේග සිමා ගැටිති (ස්පීඩ් හම්ප්ස් ) දෙක තුනක් දාලා අනතුරු අඟවන බෝර්ඩ් දැම්මොත් නරකද? පාර මැද්දේ තනි ඉරි දෙකක් ගහන්න. දෙපස ඇති අතු කපා දමන්න (නි)
පිරිත් දේශනා කරන එක හොඳ දෙයක්. නමුත් මෙතනදී පිරිත් දේශනා කරන තැන තමයි වරදකට තියෙන්නේ. බලන්න පින්තූරය දෙස. ඒ පැත්තෙන් එන වාහන යන්නේ බාගයක් අනිත් පැත්තට ගමන් කරන මංතීරුවට ඇතුළුවෙලා. හදිසි ප්‍රයිවෙට් බස්කාරයෙක් එහෙම අාවා නම්?? (නි)
වෙනත් ආගමික පුජකවරයෙක් මේ වෙනුවෙන් මේ ස්ථානයේ දී දේව මෙහෙයක් කළා නම්, මැටිපහනට මෙන්ම ඇතැම් අයටද මෙතරම් ප්‍රශ්නයක් නොවනු ඇත. (නි)
මාර්ග නීති කඩන අය අල්ලලා ගස් බඳින්න තියෙන්නේ. (නි)
ලසන්තගේ කතාව හරියට හරි, ස්වීඩන් වගේ රටවල සීරෝ ඇක්සිඩන්ට් පොලිසි කියල මාර්ග අනතුරු අඩුකරන්න මාර්ග නීති වගේම ඉදිකිරීම් හා නඩත්තු කටයුතු වලදී තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රම පාවිච්චි කරනවා. ලංකාවේ අපට ඒවා කොහොම වුනත් මේ වගේ ප්රවෘත්ති දකිනකොට අපි ගැන අපිටම දුක හිතෙනවා. (බ)