අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර ලබන 26 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගංගොඩවිල මහෙස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා නියෝග කළේය.
ඔහු උද්ඝෝෂණ කරමින් රජයේ දේපළ වලට හානි කළැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
ඔහු ජයවර්ධනපුර සරසවි උද්ඝෝෂණයට පිටින් සෙනග රැගෙන ආ බවටද, රුහුණ විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍යයකු නොවන බවටද ලියුම් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කැරිණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඔය කුරුනේරුවෝ වගේ වෙළද පොලේ ඉන්න තක්කඩියෝ නෙමෙයිනේ" වෙළඳ පොලේ ඉන්න මහ මිනිස්සු විශ්ව විද්‍යාල ගිය අය නොවෙයි. (නි)
අනේ මහතුනේ සටන් කිරීමේ අරුත අර දොන්ගි කතාවවත් බලල රටකට නායකයෝ හැදෙන හැට්යි ඉගනගන්න බැරි උන කොට්ඨාශයක් ඉන්න රට ශ්‍රී ලංකාව.(නදී)
පොදු දේපල වලට හානි කරන්නේ මේගොල්ලෝ නෙවේ. නිදහස් අධ්‍යාපනයෙන් බලයට ආපු ආණ්ඩුව. මේගොල්ලන්ට කවද හරි සාදරණය ඉෂ්ට වෙනවා සිකුරුයි. ජයවේවා !(නදී)
අපි නම් මේ අන්තරයේ කැඳවුම්කරුවාට සහ අන්තරයට හරි කැමතියි. මේ අය නිසා බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වල ඉගන ගන්න අපි වගේ අයගේ වටිනාකම් වැඩි වෙනවා. අන්තරයේ කැඳවුම්කරුවන් සහ අන්තරය නිසා ලංකාවේ විශ්ව විද්යාල අධ්‍යාපනිකව වැටිලා. ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ලංකාවේ විශ්වවිද්‍යාල ඉන්නේ ඉතාම පහල මට්ටමක. අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍ය පවා ලංකාවේ විශ්වවිද්‍යාල පරද්දවල්ලා ලංකාවේ විශ්වවිද්‍යාල උපාධියට ලෝකයේ තියන තැන නැතිවේගෙන එන්නේ. අපි නම් බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වලට ගියා. අපේ උපාධි වලට දේශීයව සහ අන්තර්ජාතිකව විශාල පිළිගැනීමක් තියනවා. අපි නැවත ලංකාවට එනකොට රාජ්‍ය සහ පුද්ගලික අංශය අපිට රැකියා දෙන්න පොරකනවා. එත් දිස්ත්‍රික් කෝටා එකට අඩු උසස්පෙළ ලකුණු වලින් ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගිය අය ගැන නම් දුකයි. ඒ අයට අනාගතයක් නැහැ. අන්තරේ මේ අයව පාරවල් වල දක්කන්නවා , මේ අයට ඉංග්‍රීසි බැහැ , පරිගණක හැකියා නැහැ , කළමනාකරණය දන්නේ නැහැ . අන්තරේ මේ අයට උගන්වන්නේ පෝස්ටර් අඳින්න, පෝස්ටර් අලවන්න, කැට හොල්ලන්න , මහා පාරේ වේලෙන්න. ඉතින් ඉංග්‍රීසි දන්න, පරිගණක , කළමනාකරණ හැකියා තියන බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වල ඉගන ගත්ත අපි ලංකාවට ආවාම අන්තරේ කාබාසිනියා කරපු ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිටවන සෝම්බිවරුන්ට අපි වගේ අයත් එක්ක හැරෙන්නවත් පුලුවන්ද? ඉතින් ඕනෑම ආයතනයක තැන තියෙන්නේ උඩට යන්නේ අපි. අපි ඉංග්‍රීසියෙන් වචන දෙක තුනක් දාපුවම, කම්පුටර් එකෙන් ප්‍රොජෙක්ට් එකක් ඩිසයින් කලාම අන්තරේ විසින් කැට හොල්ලන්න , පෝස්ටර් ගහන්න මහා පාරේ උද්ඝෝෂණය කරන්න විතරක් පුරුදු කරපු නුපුහුණු ලංකාවේ විශ්ව විද්‍යාල උපාධිකාරයෝ වෙව්ලනවා ඉතින් අපි තමයි වැඩකාරයෝ . අපි ලන්ඩන් ,පැරිස් නිව්යෝක්, සිඩ්නි ගැන කතා කරනකොට අන්තරේ මොළ හෝදපු දේශීය උපධිකාරයා කතා කරන්නේ ගලහ හන්දියේ , කැලණියේ , හැව්ලොක් පාරේ කරපු උද්ඝෝෂණ , උපාවස, පොලිසියෙන් ගුටි කාපු ඒවා . ඉතින් මේ අය ඉබේම කොන් වෙනවා. අපි බැබලෙනවා අපිට සදහටම ඉහලින් බැබලෙන්න ක්‍රමය හදල දුන්නේ අන්තරය නිසා අපි අන්තරයට හරිම කැමැතියි. අන්තරයට ජය වේවා.(නදී)
ඔය අන්තරේ නිසා තමයි අපිට ළමයින්ව සරසවියට එවන්න බය. ඉගෙනගන්න ළමයින්ව එයාලට වහකදුරු වගේ (නි)
රංග ශානි ඔයා ආණ්ඩුවට කඩේ යන කෙනෙක් වගෙයි. පත්තර බලන්න ඔයිට වඩා වැරදි කරන අපේ පලා බබ්බු දැන් කොයිතරම් නිදස්ව ඉන්නවද? මිනි මරණ මන්ත්‍රීලා දැන් ඔය අගේට එළියේ ඉන්නේ. අනේ මන්දා ඔය විනිසුරුවත් ආණ්ඩුවටම කඩේ යන එකෙක්ද කොහෙද. ලොකු මිනිහෙකුට නම් ඔහොම තීන්දුවක් දෙයිද?(නදී)
මෙයාව රිමාන්ඩ් කරලා විතරක් මදි, අච්චු කරන්නත් ඕනෑ, ජීවිතාන්තය දක්වා. රටේ හැදෙන පරපුර නැති කරන්නේ මේ වගේ මිනිස්සු (නි)
ඔය විශ්ව විද්‍යාල වල අරගල පටන් ගන්නේ කලා පීටයට තේරිච්ච කට්ටිය තමයි බොහෝවිට. පව් අනිත් බුද්ධිමත් සිසුන්. (නි)
නිකන් හම්බවෙන අධ්‍යපනයෙක් උපරිම ප්‍රයෝජන අරන් එලියට යන්නේ නැතුව පුහු වීරයෝ වෙන්න හදනවා. මෝඩ ළමයි. දුප්පත් දෙමව්පියන් දාහක් බලාපොරොත්තු තියාගෙන ළමයින්ට උගන්වනවා. ඉගෙන ගන්න ඕනෑ අයටවත් ඉඩ දෙන්න නැහැ මෙයාලා. (නි)
"මම වගේ දුප්පත් අයට සරසවි යන්න වෙන්නේ නැහැ" ඔබගේ දැනුම ඔය කතාවෙන්ම පෙනෙනවා .ඔබ වගේ අයට කැම්පස් යන්න අන්තරේ අය කොරපු ඉටිගෙඩියක් නැහැ. විද්‍යාලංකාර සහ විද්‍යෝදය විස්වා විද්‍යාල පිහිටුවල ඔබලාට පර හදල දුන්නේ එස් ඩබලිව් ආර් දී බණ්ඩාරනායක උතුමා නැතුව අන්තරේ ගොයියෝ නොවෙයි අන්තරේ ගොයියෝ කොහොමද විශ්වවිද්යාලයට ආවේ? (අ)
මෙයාගේ ලොක්කගේ පවුලේ පින්තූර දාන්නකෝ අපිට ආයේ පොඩ්ඩක් බලන්න. මොන තරම් දුක් විදිනවද එයලා පිට රටවල් වලට වෙලා. හරියට කන්න අදින්නවත් නැතුව මේ රටේ නිදහස් අධ්‍යාපනය බේරාගන්න.(නදී)
"ලංකාවෙ හැමතැනම ඉහල තැන්වල ඉන්නෙ ලංකාවෙ විශ්ව විද්‍යාල වලින් ආපු අය" එනිසානේ අපට මෙහෙම වෙලා තියන්නේ.(නදී)
"මොහුට වඩා අපරාධකරුවන්, කඩකප්පල්කාරීන්, දූෂිතයන් අත්අඩංගුවට නොගැනීම පිළිබදව පාලකයින් සහ පොලීසිය ගැන කළකිරීමක් හටගන්නවා. බලා සිටිමු." මෙයාව අත්අඩංගුවට ගත්තේ දූෂිතයෙක් අපරාධකාරයෙක් නිසා නොවෙයි, මෙය අනික් අය අපරාධකරුවන්, කඩකප්පල්කාරීන්, දූෂිතයන් කරන නිසා (නි)
මෙයාට හිරගෙදර කන්න දෙන බත් පිගානත් රජයට පාඩුවක්.(නදී)
මේගොල්ලන්ට හරියන්නේ මෙතන තමයි. දෙමව්පියන්ගේ මුදල් නාස්ති නොකර ඉගෙන ගැන්නේ නැතිව මනස්ගාත කරනවා. මේ වැඩේ හරි හරියට හරි.(නදී)
මේගොල්ලන්ට හරියන්නේ මෙතන තමයි. දෙමව්පියන්ගේ මුදල් නාස්ති නොකර ඉගෙන ගන්නේ නැතිව මනස්ගාත කරනවා මේ වැඩේ හරි හරියට හරි.(නදී)
අන්තරේ කරන බොහොමයක් වැඩ අනුමත කරන්න බැ. මට හිතෙන හැටියට පුද්ගලික විශ්ව විද්‍යාල කියන්නෙත් හොඳ දෙයක්. අපේ විශ්ව විද්‍යාල පද්දතියේ ගොඩක් අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු මැදත් හොඳට ඉගෙනගෙන ලෝකෙම වැඩ පෙන්නන ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. හැබැයි රජය කරගෙන යන මර්දනය හොඳ දෙයක් නෙමයි. නීතිය හැමෝටම සමාන වෙන්න ඕනි. රටට විනාශකාරී දේවල් කරන තව තරුණ අය ඉන්නවා. උදාහරණයක් විදියට කුඩු ගෙන අය. මේක කියවල මට චෝදනා කරන්න එපා මාත් විශ්ව විද්‍යාලේ ගියේ නෑ කියල. මගේ ලකුණු අහපුවම ගොඩක් අය හිතන්නේ මම විෂයන් හතරක් කරපු කෙනෙක් කියලා. හැබැයි මම ලියුවෙ විෂයන් තුනේ විෂය නිර්දේශයන් :-)(නදී)
විශ්ව විද්‍යාලයකට වැස්සකටවත් ගිය කෙනෙක්, ශිෂ්‍ය විරෝදතා ව්‍යාපාර වලට විරුද්ධව අදහස් ප්‍රකාශ කරත්වා.(නදී)
අරගල කරපල්ලා ඉගෙනගෙන ඉවර වෙලා 'උගත්තු' ලෙස. ඔබලාට දැන් හොඳම ස්ථානය 'වැලිකඩ' ඉස්කෝලෙයි. (අ)
ශ්‍රී ලංකාවේ දැනට ලබා දී තිබෙන නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන නොගෙන විශ්ව විද්‍යාල තුල උද්ගෝෂණ ඇති කරන්නේ නම්, රටට ඉක්මනින් අවශ්‍ය වී තිබෙන බුද්ධිමතුන් බිහිකර ගැනීමට අඩු තරමින් පුද්ගලික විශ්වවිද්යලයක්වත් රජයෙන් අපේ සිසුනට ලබා දෙන්න. එදාට සියලුම සිසුන්ගේ ඇස් හොඳට ඇරෙයි.(නදී)
සංජීව බණ්ඩාර ගැන කතා කරන්නට වැඩිය මම මේකට අදඑසක් දාන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල ගැන කියපු කතා ගෙන කියන්නයි.අපේ විශ්ව විද්‍යාල වලින් එලියට එන්නේ උඩින්ම කියලා තියෙනවා වගේ නරුමයෝ නම් නෙමෙයි.ඒ වගේම තමා ලංකාවේ විශ්ව විද්‍යාල වලින් එලියට එන හොදම මොළ වලින් වැඩක් ගන්න ලංකාවේ ඉහල නිල තල වල ඉන්න අය කිසිම දෙයක් කරනනේ නැහැ. ඒ මිනිස්සු ලංකාවේ හරියට වැඩක් කරන්න හැදුවත් මොකෙක් හරි එකෙක් කකුලෙන් ඇදලා ඒ මිනිස්සුන්ට ලංකාවේ ඉන්න එකත් එපා කරවනවා. මමත් පේරාදෙණිය විශ්ව විද්‍යාලේ දැනට ඉගෙන ගන්නවා. හැබැයි ඔය කියනවා වගේ නරුමයෝ නම් මේකේ නැහැ.ඉන්නේ මිනිස්සුන්ගේ දුක දන්නා ඒ මිනිස්සුන්ට උදව් කරන්න කැමති ළමය ගොඩක්.එහෙම නැති අයත් ඇති. හැබැයි බොහොම ටිකක්. (නි)
පෙරේරා කලින් දිනයේ කිව්වා ඔහේ මේ රටේ විශ්වවිද්‍යාලයකට ගිය බව .දැන් කියනවා බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාලයකට ගිය බව .ඔහේ නම් මොන විශ්ව විද්‍යාලයකට වත් ගිය මිනිහෙක් වෙන්න බෑ.අපේ රටේ විශ්ව විද්‍යාල ඔය විදියට බොරුවට පාච්චල් කරන්නේ නැතිව තමන් නොදන්නා දේවල් ගැන කතා නොකර හිටිය නම් රටට සෙතක් . (අ)
නෙල්සන් මැන්ඩෙලා අවුරුදු විසිගනක් හිරබත් කෑවා. ඔහොම යන් සංජීව. (අ)
සරසව් සිසු සටනට ජයවේවා.(නදී)
සුදුසුම පුද්ගලයන් වෙනුවට නරකම පුද්ගලයන්ද, කරන්න ඕනෑම දේ වෙනුවට නරකමදේද, කරන්න හොඳම ආකාරය වෙනුවට වැරදීම විදියද සිදුවේද, එහෙව්වූ සමාජයක පාතාලය, ප්‍රචණ්ඩත්වය, අයුක්තිය, භීෂණය, දුෂණය රජ කරයි. සත්පුරුෂයන් හූල්ලමින් භීතියෙන් ජීවත් වෙති. (නි)
බණ්ඩාර මහත්තයෝ, පොලිසියේ අයට ඕනෑ තමන්ගේ ළමයින්ට හොඳට අධ්‍යාපනය දෙන්න මිසක් පිස්සු නටනවා බලන්න නොවෙයි. එමනිසා මේ පොඩි එකා සමග සියලු දෙනාට අමතක නොවෙන දෙයක් කළ යුතුයි. මේ දරුවාව දකිනකොට මට හරි සතුටක් දැනෙනවා (නි)
විශ්ව විද්‍යාල ළමයිනේ, අන්තර්ජාල පහසුකම් තිබෙනවා නම් මෙහි ඇති පාටක අදහස් කියවලා මොලේ පාදාගනිල්ලා (නි)
අමිල, බන්දුල පෙරේරා, ඔබලා නම් හරියටම හරි. අන්තරේ අයම තමයි ඔය ගොඩක් අදහස් දාලා තියෙන්නේ. ළමයින්ට ඉගෙන්න ගන්න උදව් කරන අන්තරයක් නෙමේ ඕක. (නි)
පෙරේරා, ඔබේ කීම 1000% හරි. අන්තරේ ඔබලා මේ ළමයි ටික නටවන්න. එතකොට පිටරට විශ්ව විද්‍යාල වල උපාදි ගත්ත අපේ ළමයි මෙහ රැකියා පොළ අල්ලලා ඉවරයි (නි)
අන්තරේ හිටපු ඉඳුල් ප්‍රේමරත්න කෝ දැන් ? මිනිහද ? අර උසාවියේ නඩු වලට පෙනීහිටින්නේ . සමාජවාදී මිල න්‍යායයෙන් ලු ගාන අයකරන වා කියන්නේ . මම නම් මේවා මුකුත් දන්නේ නෑ. මං අසරණයා. (අ)
කව්ද අනේ පසුපස සිටින බලවතා. සාමාන්‍ය බවලත් කෙනෙක් ගේ සරසවි ළමයින්ට මේවට වෙලාව නෑ. හනුමන්තා වගේ වලිගෙන් ගිනි දෙන දෙවියෙක්.(නදී)
ටින් ටින් - මෝඩ හරකෙක්. අනුන් වෙනුවෙන් හිරබත් කන්න ලොකු අමාරුවක් ඇති. අහිංසක කොල්ලන්ට පාඩුවේ ඉගෙනගන්න දෙන්නේ නැහැ. මුට මර අමාරුවක් තියෙන්නේ. රන්ජන් විජේරත්න ගේ ක්‍රමය තමා හරි. (නදී)
සංජීව මොකද අපේ දුමින්ද වගේ අමතකයි කිව්වේ නැත්තේ. ඒ දවස කොරියාවේ යන්න තියනවා කියන්න එපා. ගොඩින් සේප් වෙන්න එපා. කරන දෙයක් හදවතට අවංකව කරපල්ලා පක්ෂ වලට කඩේ යන්නේ නැතුව. ආණ්ඩුවට ඕනේ දැන් මිනිස්සුන්ට ප්‍රශ්න අමතක කරන්න. උඹලා ඒවාට උත්පේරක වෙනවා නේද කොල්ලෝ. පළමුව තමන් ගැන හිතපන්. .වෙන අය ගැන හිතන්න එපා. නැත්නම් උඹලත් අනාගතේ කැම්පස් යනව අයට වීර චරිත විතරයි හරියට වෙනුර එදිරිසින්හලා, ත්‍රීමා විතාරනලා, නිශිමිල වගේ. ඉගෙනගෙන හොඳ තැන්වලට ගිහින් පුලුවන්නම් රට හොඳ පැත්තට වෙනස් කරපල්ලා. වැඩේ තියෙන්නේ එතකොට උඹලටත් ඕව කරන්න අමතක වෙන එකයි.(නදී)
වරුණ, ඔය වගේ අසරණයෙක් අල්ලන් තලයි පොලිසියත්. අද ඔය දේවල් කරන පොලිසියේ මහත්තුරුන්ගේ දරුවොත් කැම්පස් වල ඉන්න කාලෙක දැනෙයි ඕවා. කරුමේ කියන්නේ පොලිස් ලොක්කන්ගේ පුත්තු කැම්පස් යන්නේ නැතුව කෙලින්ම යන්නේ කප්පන් මිනීමැරුම් අපරාද වලට නේ.(නදී)
රටේ තරුණ පරම්පරාව විනාසම කරන කුඩු මුදලාලි කෙනෙක්,මිනිමරුවෙක්, ස්ත්‍රී දූෂකයෙක්,කඹ හොරෙක් ගැන ඇහුවහම හීන් කනින් දාඩිය දානවා. රටේ අනාගත දරුවන්ට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඉදිරිපත් වෙන කෙනෙක් ආවහම දැඩි දඩුවම් දෙනවා. සංජීව..ඔබ අපට වීරයෙකි.(නදී)
රංග ශානි ඔයා ආණ්ඩුවට කඩේ යන කෙනෙක් වගෙයි. පත්තර බලන්න ඔයිට වඩා වැරදි කරන අපේ පලා බබ්බු දැන් කොයිතරම් නිදහස්ව ඉන්නවද? මිනි මරණ මන්ත්‍රීලා දැන් ඔය අගේට එළියේ ඉන්නේ. ලොකු මිනිසුන්ට කිසි දඩුවමක් නැහැ.(නදී)
සංජීව ඔබ හරි. හිරේ විලංගුවේ වැටුනේ මහජන මුදල් ගසා කාලා මිනි මරලා කුඩු විකුණලා නෙවේනේ. ඉදිරි පරම්පරාවට නිදහස් අධ්‍යාපනයක් කියලා දෙයක් ඉතුරු කරලා දෙන්නයි. නුඹ ගැන ආඩම්බරයි. නැතුව ඔය කුරුනේරුවෝ වගේ වෙළද පොලේ ඉන්න තක්කඩියෝ නෙමෙයිනේ මේ.(නදී)
ප්‍රසංශා වේවා! රජයට ලබාදෙන පන්නරය තරුණයන්ට.(නදී)
සමස්ත විශ්ව විද්‍යාල පද්ධතිය මේ බංකලොත් දේශපාලනෙන් මුදවා ගන්න නම් හැමදාම පතුරු ගහන සටන් පාට ටික නිහඩ කරවන්න ඕනෑ.අන්තරේට සරසවියේ පැවැත්මක් තියෙන්නේ සරසවි පද්ධතියේ අවුල් තිබුනොත් පමනයි. මෙයාලව හිරේ දාලා වීරයෝ කරවනවට වඩා හොදයි සිසුන් අතරින්ම ප්‍රතික්ෂේප වෙන්න අරින එක. ඒකට ක්‍රියාකාරී වැඩසටහනක් හදන්න මෙච්චර බලවත් ආණ්ඩුවට තාම හරියට බැරි වුන එක තමයි අපිට තියෙන ප්‍රශ්නය (දී)
අපොය් පියල් මහත්තයෝ, අපේ ලමයි වෙනුවෙන් කව්රුවත් හිර බත් කන්න ඕන නැහැ. අපේ ළමයින්ට ඕක ඇතුලේ නිදහසේ ඉගෙන ගෙන එලියට යන්න දුන්නනම් ඇති. කුරුනේරු මහත්තයෝ බය වෙන්න එපා. මේ හැම විප්ලවයක්ම ඕක ඇතුලෙදි විතරයි. මෙයාලා කරන්නේ රැකියාවක්. අවශ්‍ය සම්පත් වියදම් නඩත්තුව පක්ෂෙන් ලැබෙනවා . මෙයාලගේ රාජකාරිය විස්ව විද්‍යාල පද්දතිය අවුල් කරවීම හා පක්ෂයට සාමාජිකයෝ එකතු කිරීම. ළමයින් ඕවට අහුවෙන්නේ ඔය සීමිත කාලේදී විතරයි. එලියට ආපු ගමන් ඔය දේශපාලනේ කලාද කියලවත් දන්නේ නැහැ.(නදී)
රම්පෙට පොරි ...අපට බජිරි... කොළඹට කිරි... ගමට කැකිරි ... (දී)
මේ ලඟදි හිගන්නෝ වගයක් අල්ලලා උසාවි දැම්මහම මහේස්ත්‍රාත්තුමා පොලිසියෙන් අහලා තිබුනා මේ රටේ වෙන අපරදකාරයෝ නැද්ද කියලා. මේකටත් ඒ කතාවම තමයි කියන්න වෙන්නේ (දී)
සංජීව බණ්ඩාරලා වගේ අය නැතිවෙන්න මෙතන මේ කතා කරන සමහර අයට වෙන්නේ ගෙදරට වෙලා ඉගෙන ගන්න. මොකද මේ උත්සාහ කරන්නේ නිදහස් අධ්‍යාපනය රැක ගන්න. (දී)
විශ්ව විද්‍යාල වල ඉගෙනීම පැත්තකට දාලා විප්ලව කරන්නේ කිරෙන් බාලවෙච්ච අයයි. (දී)
මෙයාව පිස්සන් කොටුවට නොදා මොකට රිමාන්ඩ් එකට දැම්මද?(නදී)
මේ අය අරගල කරන්නේ අනුන් වෙනුවෙන් අපි සටන් කරන්නේ බඩගෝස්තරය වෙනුවෙන් (දී)
ඔවුන් හිරබත් කන්නේ ඔබේම ළමයින්ගේ අනාගතය වෙනුවෙන්. මෝඩ දෙමාපියන් මේක නොදන්නාකම තමා රටේ කරුමය. මෙය ජතාවගේ කරුමයයි (දී)
අධිකරනෙට අපහාස කළා නම් දැන් එම දඬුවම මොහුට දෙන්න වෙනවා නේද? (දී)
රොෂාන් කිරෙන් බාල වුනහම කරන්නේ මේවා නෙමේ .මේවා කරන්නේ අනාගතේ ඔයාගේ ළමයකුට හරි ඉගනගන්න පාසලක් විශ්වා විද්‍යාලයක් ඉතිරි කරන්න (දී)
සංජීව ඔබ හරි. හිරේ විලංගුවේ වැටුනේ මහජන මුදල් ගසා කාලා මිනි මරලා කුඩු විකුණලා නෙවේනේ. ඉදිරි පරම්පරාවට නිදහස් අධ්‍යාපනයක් කියලා දෙයක් ඉතුරු කරලා දෙන්නයි. නුඹ ගැන ආඩම්බරයි. නැතුව ඔය කුරුනේරුවෝ වගේ වෙළද පොලේ ඉන්න තක්කඩියෝ නෙමෙයිනේ මේ. (දී)
කුරුනේරු මහත්මයට අර අහවලා නරුමයෙක් කියලා කියන්න බැරි නිසා මේ විදිහට කියනවද දන්නේ නැහැ නේද? (දී)
මම කැම්පස් හිටියේ 1999-2003 පේරාදෙණියේ. ඒ කාලෙත් කැම්පස් එක අවුල් කරන එක අන්තරයේ පුරුද්දක් වෙලා තිබුනේ. මේ ගොල්ලෝ ළමයින්ට ඉගන ගන්න දෙන්නේ නැහැ (දී)
එලියට දාන්න එපා. ගිය සතියේ අත්අඩංගුවට ගත් අර කහ පාට රෙද්ද පොරවා ගත්ත කෙනාවත් මෙයා එක්කම ඇතුලෙම තියාගන්න. අනිත් අයටවත් ඉගන ගන්න. (දී)
කුරුනේරු මහත්තයා හරිම කනගාටුයි ඔබතුමාගේ ආකල්පය ගැන. ඔබතුමා අන්තර්ජාතික පාසලකද ඉගෙන ගත්තෙ. ලංකාවෙ හැමතැනම ඉහල තැන්වල ඉන්නෙ ලංකාවෙ විශ්ව විද්‍යාල වලින් ආපු අය. හැබැයි අන්තවාදී නරුමයෝ නෙවෙයි. (දී)
මේ ලඟදි හිගන්නෝ වගයක් අල්ලලා උසාවි දැම්මහම මහේස්ත්‍රාත්තුමා පොලිසියෙන් අහලා තිබුනා මේ රටේ වෙන අපරදකාරයෝ නැද්ද කියලා. මේකටත් ඒ කතාවම තමයි කියන්න වෙන්නේ (දී)
ඔබ හරි කමල් (දී)
මේ මිනිස්සු නිසා තමයි මේ රට අඩුම තරමේ වෙළඳ පොළ ක්‍රමය තුළවත් ඉදිරිරියට යන්නේ නැත්තේ. සම්ප්‍රදාය තුල මාරාන්තික ලෙස ගැලී සිටින මිනිස්සු. මෙම සම්ප්‍රදායික එක තැන පල්වෙන අධ්‍යාපනය රැක ගන්න දිවිහිමියෙන් සටන් කරනවා. මෙම විශ්ව විද්‍යාල වලින් එලියට එන්නේ අන්ත පුද්ගලවාදී නරුමයෝ පිරිසක්. (දී)
කමල්, ඔබ හරි (දී)
ඔය වගේ අසරණයෙක් අල්ලන් තලයි පොලිසියත් .අද ඔය දේවල් කරන පොලිසියේ මහත්තුරුන්ගේ දරුවොත් කැම්පස් වල ඉන්න කාලෙක දැනෙයි ඕව. කරුමේ කියන්නේ පොලිස් ලොක්කන්ගේ පුත්තු කැම්පස් යන්නේ නැතුව කෙල්න්ම යන්නේ කප්පන් මිනීමැරුම් අපරාද වලට නේ (අ)
අම්මපා එස්.බී මහත්තයෝ, ඔක්කොටම හොස්ටල් දීලා, ලෙක්චරුත් දීලා, පර්ඝනක හදලා, පුස්තකාලේ පොත් පුරවල දීලා කඩේ යන දේශපාලුවෝ ටික ඔක්කොම විශ්ව විද්‍යාල කොමිෂන් එකෙන් එලවලා තියෙද්දී උද්ගෝෂණ කරන්න. අරින්න එපා රාළහාමි ඕකුන් ගහන්න දඩු කදේ.(නදී)
කුරුනේරු, විශ්ව විද්‍යාල වලින් එලියට "අන්ත පුද්ගලවාදී නරුමයෝ" එලියට එනවනම් එන්නේ මේ කැදවුම් කරුගේ උගුලට අහු උන නිසා.(නදී)
මේ අය නිසා මම දන්නා බොහෝ දක්ෂ ළමයි විශ්ව විද්‍යාල අත හැරලා ලොකු මුදලක් වියදම් කරගෙන පිට රට ගියා ඉගෙන ගන්න. මේ අයව හිරේ නෙමෙයි සුදු වැන් වලින් ගෙනියන්න ඕනේ.(නදී)
මට පෙනෙන්නේ පොලිසියට තේරුම් ගන්න බැරිවෙලා 'අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු' කියන එක. ඒක වෙන්න ඇති රුහුණ විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍යයකු නොවන බවක් උසාවියට කියන්නේ. (දී)
මේ වෙනකල් විශ්ව විද්‍යාල වල උද්ගෝෂණ කරලා දිනාගත්ත එක දෙයක් පුලුවන්නම් කියන්න. වුන එකම දේ අහිංසක දුප්පත් දරුවන්ගේ ඉගනීම කඩාකප්පල් කරපු එක. සල්ලි තියෙන අයගේ දරුවන් පිටරට යවලා උපාදිය අරගෙන ඉක්මනට ලංකාවට එනකොට මෙයාලා ටික එකතුවෙලා අපේ අහිංසක දරුවෝ අවුරුදු ගණන් තියාගෙන දේශපාලනය කරනවා. දැන් මේක පාසල් වලටත් ගිහිල්ලා. හෙට අනිද්දා ගෙවල් වලත් පටන් ගනියි, දෙමාපියන්ට විරුද්දව උද්ගෝෂණය කරන්න. (දී)
අන්තරේ කට්ටිය නොහිටිය නම් මම වගේ දුප්පත් අයට සරසවි යන්න වෙන්නේ නැහැ. ඒක පොලවේ පය ගහලා ඉන්න අය දන්නවා. අන්තරේ දේශපාලනය මොකක්ද කියන එක අමතක කරමු. බලලා මැටියෙන් හරි මීයෝ අල්ලනවා නම් එච්චරයි. රටේ දුප්පත් කොල්ලෝ නොමිලේ ඉගෙන ගන්නවා. (දී)
කරනේරු මහත්තයෝ, වෙළඳපොල ක්‍රමය ක්‍රියාත්මක කිරීම තුළ තමයි ඒවායේ ප්‍රතිපල හැම වරද්දකටම මුල වෙලා තියෙන්නේ. ඒ කියන්නේ විවෘත ආර්ථිකේ. දන්නෙම නැහැ නේද. (දී)
මොහු සහ මොහු පසුපස සිටින්නන් පිළිබද මාගේ පැහැදීමක් නැතත්, මොහුට වඩා අපරාධකරුවන්, කඩකප්පල්කාරීන්, දූෂිතයන් අත්අඩංගුවට නොගැනීම පිළිබදව පාලකයින් සහ පොලීසිය ගැන කළකිරීමක් හටගන්නවා. බලා සිටිමු. (දී)
දැන් ඉතින් අපේ රටේ සියළුම අපරාධ නැතිවෙලා අපේ රට සාමකාමී රටක් බවට පත්වෙයි (දී)
අපේ පුද්ගලික තරහක් යාළුකමක් නැහැ මේ කිසිම කෙනෙක් එක්ක. ඒත් සංජීව බණ්ඩාරට වඩා වැරදි නැද්ද අර අමතක වෙන කෙනා? (දී)
ඉස්සරත් අන්තරේ නායකයෝ හිරේ ගියා. මේ විදියට කොහොමද ශිෂ්‍යයෝ දැනුම දියුණු කරගන්නේ? හැසිරෙන්නේ රස්තියාදුකාරයෝ වාගේ. පෙළපාලි ගිහින් මිනිස්සුන්ට කරදර කිරීම යල් පැන ගිය සටන් ක්‍රමයක්. කළයුත්තේ ජාත්‍යන්තර තත්වයට විශ්ව විද්‍යාල ගෙන ඒමට හොඳ සටනක් දීමයි. (දී)
මෙයාටත් අනාගතේ හොඳ දේශපාලන ගමනකට ඕනෑ කරන සියලු සුදුසුකම් තියෙනවා. (දී)
නේරු කියන්නේ ඉන්දියන් සම්බවයක් ඇති කියන එකයි. කුරු කියන්නේ හොඳින් නොවැඩුණු කියන එකයි (දී)
කව්ද, මේ කුරුනේරු? ඔයාට කැම්පස් යන්න බැරි වුනා කියලා, අනිත් අය පලි නැහැ (දී)
සංජීව, රන්ජන්, විරාජ් කාලිංග, මහේෂ්, රාජපක්ෂ, මුතු කියල අදහස් දාන්නේ එක්කෙනෙක්. මෙයා ලංකාවේ මෝඩයෝ ගොඩක් ඉන්නවා කියලා අදහස් දාල පෙන්නන්න හදන්නේ. (දී)
කරුණාකරලා කැම්පස් නොගිය මෝඩයෝ ටික මෝඩ කතා නොකියා ඉන්නවද? (දී)