IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


අනතුරු දෙකකින් හතරක් මරුට

(කාංචන කුමාර අරියදාස සහ ඉන්දික අරුණ කුමාර)

බකමූණ , ඇළහැර අලිකන්දවත්තේදී අද( 11) අලුයම මෝටර් රථයක් යෝධ ඇළට පෙරැළීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු  මියගොස් තවත් තරුණියක් බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව බකමූණ පොලිසිය පැවසීය.

මෙසේ මිය ගොස් ඇත්තේ  ප්‍රකට පරිසරවේදියෙකු වන  තිලක්  කන්දේගම මහතාගේ බිරිඳ වන විශ්‍රාමික විදුහල්පතිනි ලක්ෂ්මි සිරිවර්ධන (72) මහත්මිය සහ  ඔහුගේ  සොබාදහම ගොවිපලේ අධ්‍යාපනය සඳහා පැමිණ සිටි  ධනුෂ්ක නැමැති සිසුවෙකු බව‍ පොලීසිය කියයි.

එමෙන්ම තුවාල ලබා  ඇත්තේ ඉංජිනේරුවරියක් වන කන්දේගම මහතාගේ දියණිය පොලිසිය කියයි.

නාඋල දෙසින් ඇළහැර දෙසට මෝටර් රථය  ධාවනය වෙද්දි රියදුරුට  ඉදිරි වංගුවක   රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ග සංඥා කණුවක් ද කඩාගෙන යෝද ඇළට මෝටර් රථය පෙරළී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ .

 මේ අතර නාඋල - බකමූණ මාර්ගයේ මොරගහකන්දේදී  කුඩා ලොරි රථයක් තවත් ලොරි රථයක පිටුපස ගැටීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනකු  මියගොස් ඇතැයි පොලිසිය කියයි.

එම අනතුරින් මිය ගොස් ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිවව සිටි ජේ. ඒ. නිශාන්ත උදය කුමාර(47) සහ ආර්.එම්.සංජීවනි දිල්රුක්ෂි (41) නමැති අඹු සැමි යුවලකි.

ඩිමෝ බට්ටා රිය පැද වූ රියදුරු නාඋල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්   කෝන්ගහවෙල ප්‍රදේශයේ පැවති අවමඟුලකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවටසිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

 

(යෝධ ඇළට මොටර් රිය පෙරැළි සිදු වු අනතුරෙහි  ඡායාරූප  - කාංචන කුමාර ආරියදාස )



අදහස් (0)

අනතුරු දෙකකින් හතරක් මරුට

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 19 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 77 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 801 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 1184 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


අදානිගෙන් කොළ එළියක්
2025 මාර්තු මස 11 1227 0

මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 102 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 222 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 196 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site