ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ප‍්‍රධානතම දේශිය ක‍්‍රිකට් තරගාවලිය වන අන්තර් පළාත් පළමු පෙළ (සිවුදින) ක‍්‍රිකට් තරගාවලිය (2013) අවලංගු කර තිබේ. ඒ වෙනුවට තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම සහ ප‍්‍රධානතම ක‍්‍රීඩකයන් අයි. පී. එල්. තරගාවලියට සහභාගි වීමත්, ක‍්‍රීඩාංගණ නොමැති වීම සහ තණතීරු සකස් කිරීමට කාලය නොමැති වීමත් සිවුදින තරගාවලිය අවලංගු කිරීමට ප‍්‍රධාන හේතු බව දැනගන්නට තිබේ.
මැයි මස 12 වැනිදා සිට මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්කොන් තරගාවලියට ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායම, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ කණ්ඩායම සහභාගි වෙති. මෙම තරගාවලිය මැයි මස 20 වැනිදා අවසන් වීමට නියමිතය.
මෙහිදී පළමු වටයේ තරග දිවා තරග ලෙස පැවැත්වෙන අතර දෙවැනි වටයේ සහ අවසන් මහ තරගය දිවා/රාත‍්‍රි තරග ලෙස පැවැත්වේ. මෙම තරගාවලිය පැවැත්වීමේ මූලික අරමුණ වන්නේ ජූනි මස 6 වැනිදා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ශුරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා කී‍්‍රඩකයන් සූදානම් කිරීමේ අරමුණ ඇතිවය.
ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා නම් කර ඇති 30 දෙනකුගෙන් යුත් ජාතික සංචිතයෙන් ජාතික කණ්ඩායම තෝරාගැනීමට නියමිතය. එහෙත් ඒ සඳහා අයි. පී. එල්. තරගාවලියට කී‍්‍රඩා කරන කී‍්‍රඩකයන් ඇතුළත් නොවනු ඇතැයි කියැවේ.
කොදෙව් සංචාරය සඳහා නම් කර ඇති 41 දෙනකුගෙන් යුත් සංචිතයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල තෝරාගැනීමට මේ මස දෙදින තරග තුනක් පැවැත්වේ. මෙම කණ්ඩායම් දෙකටම ඇතුළත් නොවූ ක‍්‍රීඩකයෝ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ කණ්ඩායමට ඇතුළත් වෙති.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ක‍්‍රීඩකයන් 22 ක් තෝරා ගැනීමට නියමිත අතර එම ක‍්‍රීඩකයන් සිවුදින, එක්දින සහ විස්සයි20 තරගවලට අවස්ථා තුනකදී බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව යෑමට නියමිතය.
‘ඒ’ කණ්ඩායම තෝරා ගැනීමේ දෙදින තරග මේ මස 23-24, 26-27 සහ 29-30 යන දිනවල කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තුන්කොන් තරගාවලියේ කාලසටහන
(සියලූ තරග පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අන්තර් පළාත් පළමු පෙළ තරගාවලිය අවලංගු කරයි