IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


අන්තරේ විරෝධයට තහනම් නියෝගයක්

(මනෝප්‍රිය ගුණසේකර)

ජනාධිපති මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය මහ බැංකුව ආදී ප්‍රදේශවලට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මහත්මිය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට නියෝගයක් නිකුත් කළාය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් ජනාධිපති මන්දිරය පිහිටි අධි ආරක්ෂිත කලාපයට ඇතුළු වී උද්ඝෝෂණය කිරිමට සුදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කියමින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, මැදිරිගිරියේ ධම්ම හිමි, උදාර රණසිංහ, චමෝද් රණසිංහ ඇතුළු පිරිතක් ප්‍රමුඛ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින්ට එරෙහිව අදාළ තහනම් නියෝගය නිකුත් කර ඇත.



අදහස් (11)

අන්තරේ විරෝධයට තහනම් නියෝගයක්

Ahmed (Gulf) Wednesday, 08 January 2025 01:19 PM

අන්තරේ හොරිකඩයින්...

:       17       37

indikaWednesday, 08 January 2025 02:27 PM

තමන් කරනකොට හොඳයි... දැන් තමයි වැරැද්ද පේන්නේ. දෙපැත්තට බෙදිලා මරාගන්න කල්... අවුරුදු 73ක් ඕක තමයි කරේ හිටපු ආණ්ඩුවලට...

:       7       35

අමා Wednesday, 08 January 2025 01:48 PM

දැන්වත් තේරුණොත් ඇති. ඕවා කරන්න හොඳ නැහැ කියලා.

:       4       38

එක මිටට... Wednesday, 08 January 2025 02:03 PM

අනේ මන්දා.. මාස තුනක් තිස්සේ මම හිතාගෙන හිටියේ ක්‍රමය දැන් වෙනස් වෙලා කියලා...

:       5       22

රම්බොඩ Wednesday, 08 January 2025 02:17 PM

ආණ්ඩුවට එනකම් අන්තරේ අවුස්ස අවුස්සා ඕනෑ එකටයි, එපා එකටයි පාරට බැස්සුවා. දැන් තේරෙයි අන්තරේ කියන්නේ කාලකණ්ණි කොටසක් කියලා...

:       6       38

පිටිගල මිලානෝ Wednesday, 08 January 2025 03:26 PM

රජයට විරුද්ධව ජනමතයක් නැත. ඒ නිසා මේ කැරැළි නිකං පුස් වෙඩි වගේ…

:       35       22

විකුම් Wednesday, 08 January 2025 03:34 PM

ඉතින් තහනම් නියෝග ගත්තු එක හරිනේ. දැන් jvp එක නෑනේ. ඉතිං එහෙනම් කොහේ ද අන්තරායක්. අර කවු ද කීවා නේද සියලු වෘත්තිය සමිති විසුරුවා හරිනවා කියලා. දැන් ගෙදර යන්න හොඳ ළමයි වගේ...!

:       1       20

ගමේ එකාලා Wednesday, 08 January 2025 03:44 PM

අන්තරේ කියන උන් රටට සාපයක්..මේ වගේ කඩාකප්පල් කාරයෝ ඉන්නකම් රටට හොන්දක් වෙයිද? මේ වගේ උන් ලෝකෙම නැතුව ඇති .

:       4       16

චන්දිම Wednesday, 08 January 2025 04:05 PM

මාර වැඩක්නේ ! මේ අය බැරිවෙලාවත් කවදා හරි ඔවුන්ගේම ආණ්ඩුවක් පත් කර ගත්තත් ඒකටත් විරුද්ධව ඔවුන්ම පාරට බහීවි නොවැ...

:       2       10

මලින් Wednesday, 08 January 2025 04:52 PM

JVP, පෙරටුගාමී, අන්තරේ කියන තුනම එකම කල්ලියක්. මුලින්ම තිබුනේ JVP විතරයි. අන්තරේ කියන්නේ JVP බළල් අතක්. තමන්ගේ දේශපාලන වැඩ වලට කඩේ යවන කල්ලිය තමයි අන්තරේ කියන්නේ. 1980/1990 කාලේදී ලංකාවේ විශ්ව විද්‍යාල වල හිටපු අය මේ ගැන හොඳට දන්නවා. විශ්ව විද්‍යාල පද්ධතිය සහ අධ්‍යාපනය ස්ම්පූර්නයෙන්ම කඩා කප්පල් කරපු තකතීරු රැලක් තමයි JVP/අන්තරේ කියන්නේ. 2012 දී JVP එක දෙකට කැඩුනා. ඒ කෑල්ල තමයි පෙරටුගාමී කියන්නේ. මෙතැනදී අන්තරේ පාලනය JVP එකෙන් පෙරටුගාමී එකට ගියා. දැන් අන්තරේ මෙහෙයවන්නේ කුමාර් ගුණරත්නම්ගේ නායකතත්වයෙන් තියෙන පෙරටුගාමී පක්ෂය. මේ ඔක්කොම එකයි. ඉල්ලන හැමදේම දුන්නත් ස්ට්‍රයික් කරනවා, රට අඩාල කරන එක මොවුන්ගේ එකම පරමාර්ථයයි. රටේ බොහෝමයක් දෙනා විශ්ව විද්‍යාලවල වෙන දේවල් ගැන දන්නේ නැහැ. කරුණාකර මේ ගැන අවදානයෙන් ඉන්න. මොවුන්ට අනුකම්පා කරන්න එපා.

:       2       17

[email protected] Sunday, 12 January 2025 10:56 AM

පිටිගල, ආන්ඩුවට විරුද්ධව ඉක්මනට ජනමතයක් එනවා. තව තවත් බොරු කියන්න ඉඩදෙන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රටපුරා රජයේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක්
2025 අප්‍රේල් මස 16 1147 1

කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.


සුව ඇමති මහ නාහිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 16 311 1

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) පෙරවරුවේ මහනුවර දී මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.


තෝරදෙණියගේ පැමිණිල්ලට ඉන්ද්‍රානන්දට කොන්දේසි සහිත වාරණයක්
2025 අප්‍රේල් මස 16 1486 1

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා


ජනපති කාර්යාලය වැඩ අරඹයි
2025 අප්‍රේල් මස 16 584 0

ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්


ඉන්ධන විදුලි බලාගාර 21 දා දක්වා වැසෙයි
2025 අප්‍රේල් මස 16 748 1

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව කාලයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලි පද්ධතිය සමතුලිත කිරීම සඳහා අක්‍රීය කළ ඉන්ධන විදුලි බලාගාර මේ මස 21 වැනිදා ව


කොළඹ උප කුලපති පුටුවේ වැඩ බලන්න මහාචාර්ය සේනක රාජපක්‍ෂ පත් කරයි
2025 අප්‍රේල් මස 16 1109 1

කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්‍ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 157 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 323 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 994 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site