අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් 13 දෙනකු කොම්පඤ්ඤවීදියේ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන රඳවා පහර දුන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් පෙත්සම් 13ක් ඉදිරිපත් කිරීමට යයි.
එහි කැඳවුම්කරු නජිත් ඉන්දික පැවසුවේ තම නීතීඥවරුන් අදාළ කටයුතු කරගෙන යන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය අන්තරේ වීදි බැස්සේ මොකටද දන්නවද ? (නදී)
ලංකා තිලක් , රෑට රේස් ගියාට , ඒකට සුදානම තිබුනේ දවාලේ. ඒ දවස් වල කොළඹ කොටුවේ වැඩ කරන මිනිස්සුන්ට තිබුන අවහිරය දන්නේ ඒ අයම විතරයි. මට පේන හැටියට තිලක් පවා රේස් එකේ ගිහින් . අවහිරතාව නම් අවහිරතාවම තමා. ඒක ට මුල් වුන පාර්ශවයෙන් මහජනයාට ඇති වැඩක් නැහැ. (ස)
ඔය අන්තරේ ඉස්සර කැඳවුම් කරුවෙක් හිටිය ඉඳුල්ද අරුල්ද උදුල්ද කියලා. නම හරියට මතක නැහැ. මිනිහා දැන් අලුත්කඩේ කලුකෝට්කාරයෙක්. මගේ යහළුවෙකුගේ බැචා. දවසක් හදිසියේ අලුත්කඩේ දී මුණගැහුණු වෙලාවක හලෝ සහෝදරයා කොහොමද කියල කතාකලාලු. මිනිහ කියල තියෙන්නේ මම දැන් සහෝදර හැව අයින් කරලා ගොඩක් කල් කියල. දැන් පාවිච්චි කරන වාහනෙම රුපියල් ලක්ෂ 65 ක් විතරලු. මෙයා නඩුවලට පෙනී හිටින්න තොරතුරු අහලා ගාන කීයද කියල අහපුවහම කියන්නේ මගේ ක්ලාර්ක් එක්ක කතා කරගන්න කියලලු. ඔන්න අන්තරේ වංචාකාරයන්ගේ නිර්ධන පන්ති උත්තරීතර සමාජවාදය.(නදී)
ලංකාවෙ ඉන්න මිනිස්සු වැඩි දෙනෙක් කොච්චර මෝඩ කුහක ජාතියක්ද කියලා මේ අදහස් වලින්ම පේනවා. නිදහස් අධ්‍යාපනය නැතිවෙච්ච දවසට ඔය කියන කට්ටියගේ ළමයින්ට ඉගෙනගන්ඩ විදියක් නැතිඋනාම තේරෙයි. මොකද මහ ලොකුවට නිදහස් අධ්‍යාපනය නැතිකරන්ඩ කියලා කෑගහන වැඩි දෙනෙක් කෝටිපතියෝ නෙමෙයිනේ. වෙනුර ත්‍රිමා ලා එදා කරපු දේවල් නිසා තමා අදටත් නිදහස් අධ්‍යාපනය මේතරන් දුරහට හරි තියෙන්නේ. මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න රටක් ලෝකෙම නැතුව ඇති. (නදී)
මහා මාර්ග අවහිර කරලා මහජනතාව අපහසු කරන එක සමහරුන්ට පෙන්නේ නැහැ.ලංකා පොලිසියට ජයවේවා. (අ)
පාරවල් වහල කාර් රේස් ගියානම් අපිත් විරුද්දයි. ඒ උනාට රෑට වාහන තද බද නැති වෙලාවට කාර් රේස් තිබ්බ මිසක් මහා දවල් පාරවල් වහල රේස් ගියා කියල මේ කට්ටිය කියනකම් දන්නේ නැහැ. එහෙම ගියානම් ඉතින් වැරදි තමයි. සංජිව මහත්තය අන්තරේ ගැන දන්නේ නැද්ද..එහෙම නැත්නම් අපි දන්නේ නැහැ කියල හිතනවද දන්නේ නැහැ..අන්තරේ විශ්ව විද්‍යාල ළමයින්ට ඉල්ලලා දීපු පරිප්පුනම් ඉතිහාසය පුර තියෙනවා. ඒ ඉතිහාසය සංජිව මහත්තය දන්නේ නැතුව ඇති.(නදී)
මේ අන්තරයක් නිසා අපි විශ්ව විද්‍යාලවල අවරුදු තුන හතර පාඨමාලා තව අවුරුදු ගණන් ගත කරමින් ගෙවල් වලට ම නාකි වුනා. අපි නම් පිරිමි. එත් මගේ බැච් එකේ ගෑනු ළමයින් උපාධිය අතට ගන්නොකොට වයස තිහටත් කිට්ටුයි. තමන් ඉගෙන ගන්නෙත් නැහැ. ඉගෙන ගන්න කෙනෙකුට ඉඩ දෙන්නෙත් නැහැ. (නදී)
අධ්‍යාපනය අවසන් කරලා රස්සාවකට ගියහම මේ අයට ඔය මොකුත් මතක නැහැ. උද්ගෝෂණය කරලා කවදද මේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කෙරුවේ. ජනතා විමුක්ති පෙරමුණේ අය මේ පිටුපස ඉඳලා කරන අපරාද මේවා.(නදී)
කොළඹ පාරවල් වහල කාර් රේස් යනකොට මේ කියන අයට කිසිම හිරිහැරයක් නෑ වගේ. (නදී)
මම අන්තරේට එකඟ නැහැ. නමුත් පොලිසිය කල වැඩේ හෙලා දකිනවා (නදී)
හැමදාම, අන්තරේ ගුටි කනවා, මිනිස්සුන්ගෙන් බැනුම් අහනවා. ඒත් මිනිස්සුන්ට ඇත්ත තේරුම් ගන්න බැහැ. දැන් ඔය ගුටි කාපු ළමයින්ට ලැබෙන දෙයක් නැහැ, එත් උන් ඔය දගලන්නේ, නුපන් පරම්පරාවක් වෙනුවෙන්, හැම වෙලාවේම, පාට කන්නාඩියෙන් බලන්න එපා මිනිසුනේ. මේ දගලන්නේ, ඔබෙත් මගෙත්, ගමේ දුක දහදිය හෙලන ගොවියාගෙත්, මුන්ට පොලු පහර දුන්න පොලිසියේ මහතාගේත්, ගම මාලු විකුනන මාලු කරයගේත්, කම්හලේහරි කොහේ හරි වැඩ කරන මනුස්සයගේත් දරුවන් වෙනුවෙන්, එ්ත් ඒ මිනිසුන්ටම එ්ක තේරුම් ගන්න බැහැ. නමුත් මේ රටේ කෝටි ගනන් සල්ලි කාබාසිනියා කරන බහිරවයෝ ඉන්නවද, ඒවාට අපේ මිනිස්සු කතා නැහැ.(නදී)
මොන මොන ප්‍රශ්න තිබුනත් අනාගතයේදීත් මිනිස්සු රජයට ඡන්දෙ දෙනවා. ඒක විතරයි මට විශ්වාස.(නදී)
නිහාල්. අන්තෙරේ විතරයි ලංකාවේ අධ්‍යාපනය ගැන කතා කරන්නේ! ඒත් හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියල කවුද නොදන්නේ. ලංකාවට පමණක් ආවේනික වුන මේ වසංගතය හොදින් හෝ නරකින් ඉවත් කර දැමිය යුතුයි. ජවිපෙ හඩු සිරුර අන්තරේ බාල සලුවලින් දවටා අපේ රටේ ප්‍රගමනයට කල විනාශය මිල කල නොහැකිය.(නදී)
ත්‍රිමා ගිය පාරේ සේරමලව එක පාර යැව්වා නම් වැඩේ ඉවරයි (නදී)
හරිනම් අන්තරේට අපි තමා පෙත්සම් ගහන්න ඕනේ. පාරවල් අවහිර කරගෙන මොනතරම් මිනිස්සු අපහසුතාවට පත්කරනවද. හවස කාර්යාල ඇරිලා දුම්රියට බස් එකට දුවන මුනිස්සුන්ට දුම්රිය මග හැරුනම ගෙදර යන්න පැය කීයක් පරක්කු වෙනවද. සමහර ගෘහණියෝ ගෙදර ගිහින් තම කෑම රාත්‍රියට පිළියෙළ කරන්න ඕනේ. සමහර අය ළමයි දිවා සුරැකුම් මධ්‍යස්ථානවල දාල ඇවිත් හවසට ගන්න බලාගන දුවන්නේ..එතකොට කවුද පෙත්සම් ගහන්න ඕනේ.....? (අ)
අම්මපා මේ අධ්‍යාපනය විකුණලා දාන්න විදිහක් නැහැනේ......මේ අන්තරේ හින්දා...මේ අයට ළඟදීම වැඩක් දීලා ....නිදහස් අධ්‍යපනය රටෙන් අතුගාලා දාන්න ඕනි....එතකොට තමයි හැමෝටම නින්ද යන්නේ (අ)
මම අන්තරේට එකඟ නැහැ. නමුත් ඒ අවාසනාවන්ත සිදුවීම හෙලා දකිනවා. (ස)
කොළඹ පාරවල් වහල කාර් රේස් යනකොට මේ කියන අයට කිසිම හිරිහැරයක් නෑ වගේ. මහජනයා අපහසුතාවයට පත්කරන කොටසක් හොදයි ඒවාට අත්පුඩි අනික් කොටසගේ ඒවාට පොලුපරවල් සහ බැනුම්, අනේ මෙහෙමත් මිනිස්සු ඉන්න රටක්. (අ)
මේ අයත් හොඳයි කියනවා නෙවෙයි. පොලිසියත් කරපු වැඩේ හොඳ නැහැ. කව්ද හරි කව්ද වැරදි කියලා අපිත් බලා හිදිමු.(නදී)
නිදහස් අධ්‍යාපනය නැති කරලා දැම්මනම් හරි. (ස)
අන්තෙරේ විතරයි ලංකාවේ අධ්‍යාපනය ගැන කතා කරන්නේ. එක ජවිපෙ ද එක්සත් ජාතික පක්ෂයද ආදාල නොවේ,
ගුටියක් දෙකක් වැදුනගමන් මෙයාලට ඔක්කොම නීති මතක් වෙනවා.පොලිසියේ නිලධාරින්ට ජයවේවා.. (ස)
ඔව් ඔව් පාර වහගෙන කාර් රෙස් ගියට කමක් නෑ උද්ගෝෂණය කරොත් අඩු කඩන්න ඔන (දී)
පිටිගල මහත්තයට ජය වේවා..මම හැමදාමත් කියන්නේ ඔයට්ක..කට්ටිය මට වට කරගෙන ගහනවා.මගේ පැත්තට පිටිගල මහත්තයවත් ඉන්නවා කියල මම දැන් දන්නවා.පාරක වාහනයක් ඇතුලේ පැය ගානක් හිර වෙලා දුක් විදපු මිනිහෙක් තමයි එකේ අමාරුව දන්නේ.උද්ගොෂනවලට අපි විරුද්ද නැහැ..උද්ගෝෂණය කරන්න අය්තිවසිකමක් ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ තිබුනට තව කෙනෙකුට හිරිහැරයක් බාදාවක් පිඩාවක් ගෙන දෙන විදියට ඒක කරන්න කාටවත් අය්තියක් නැහැ.අපේ කට්ටිය දැන් හිතන් ඉන්නේ එක තමන්ගේ අය්තියක් කියල..පාරක වලවල් තිබුනත් අලියෙක් ගැහුවත්,පොලිසියෙන් ගැහුවත් කුබුරට වතුර ටික නැති උනත් පාසලේ ගුරු හිගයක් තිබුනත් කොටින්ම හැමදේකටම ප්‍රධාන පාරවල් හරස් කරන්නේ ඒකනේ..අනෙක් එකාව ඇපේට අරන් අනෙක් එකාට හිරිහැර ගෙන දෙමින් අයතිවාසිකම් ගැන කතා කරන ඕන එකෙකුට සලකන්න ඕන ඔය සලකල තියෙන විදියට තමයි. අපේ පොලිසියට මල් මිටක්.. (දී)
පාරවල් වහගෙන වෙනුර ත්‍රිමා ගියපාරේ ගිහිල්ලා ඉවර වුනොත් සාමාන්‍ය මිනිස්සු කරදරයක් නැතුව පාරවල් වල යාවී. නැත්නම් සියදහස් ගනන් මිනිස්සුන්ට වෙන පීඩා වලට මානව හිමිකම්වුත් නැහැ, පිටරටින් එන ඩොලර් වාසිත් නැහැ. (ස)
පාරවල් අවහිර කරන මොනම උද්ඝෝෂණයකට උනත් මමත් පුළුවන් නම් ගිහින් ගහනවා. මගේ තාත්ත මරණාසන්න මොහොතේ මට කතා කලාලු. එත් මට තාත්තගේ මූණ බලලා කතා කරන්න බැරිඋනා. සැතපුම් දහස් ගණනක් ගෙවා ලංකාවට ආවත් ඉතුරු සැතපුම් කීපය යන්න ඉඩ දුන්නේ නැහැ මේ නැහැදිච්ච මිනිස්සු. ඒ නිසා මම මැරෙන තුරුම ඒවාට විරුද්ධයි. පාරවල් අවහිර කරන උද්ඝෝෂණ වලට ඔලු පැලෙන්න ගැසිය යුතුයි. මට වගේම තව කී දෙනෙකුට මේ නිසා කරදර වෙන්න ඇතිද?පාරවල් අවහිර නොකර කරන දෙයක් කරන්න ඒවා මෙහෙයවන නායකයෝ වග බලා ගත යුතුයි. (දී)
අපේ පොලිසියත් සොයා බැලිල්ලක් නැහැ ආණ්ඩු පක්ෂයට විරුද්ධනම් අත්අඩංගුවට ගන්නවා, ගහනවා. මමත් අන්තරේ දේශපාලනයට විරුද්දයි. නමුත් රටේ සාමකාමී විරෝධතාවලට අවස්ථාව තිබිය යුතුයි. නීතිය, සාමය කඩ කරනවිට අත් අඩංගුවට ගත යුතුයි. හැබැයි ගහන්න අයිතියක් නෑ.(නදී)
හරියට හොඳම වැඩ කරන අය වගේ මෙයාල.. (දී)
අන්තරේ ක්‍රියාකාරීත්වය කෙරෙහි මෙහෙත් පැහැදීමක් නෑ. එෙහෙත් සාමකාමීව උද්ඝෝෂණය කිරීමට සෑම අයෙකුටම අයිතියක් තිබිය යුතුයි. පොලීසිය ක්‍රියා කළ අාකාරය පිළිබදන අැත්තේ කලකිරීමක් පමණයි. සමාජයේ කටයුතු කිරීමේදී පොලීසිය මීට වඩා සැලකිලිමත් විය විය යුතුයි. (නදී)
මම නම් අන්තරේට කැමතිත් නැහැ. ගහපු එකත් අනුමත කරනවා. මෙයාල කවුද කෙනෙකුව අත් අඩංගුවට ගන්න එකට බාදා කරන්න. ඔවුන් හැසුරුණු ආකාරය අපි දැක්කා.(නදී)
අනේ මන්ද මේ රටේ පොලීසියේ වැඩනම් කියල මොකටද. මමත් පොලිසියට පැමිණිලි 20 ඉදිරිපත් කලා මට ගොඩක් හිරිහැර කල කළුතර උතුර පොලිස් ස්ථානයට විරුද්දව වැරදි කරුබව තීරණය උනත් දෙසපලුවෙක් නිසා විභාග කරන්නේ නැහැ (දී)