IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අන්තරෙන් පොලිසියට එරෙහිව පෙත්සම් 13ක්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් 13 දෙනකු කොම්පඤ්ඤවීදියේ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන රඳවා පහර දුන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් පෙත්සම් 13ක් ඉදිරිපත් කිරීමට යයි.

එහි කැඳවුම්කරු නජිත් ඉන්දික පැවසුවේ තම නීතීඥවරුන් අදාළ කටයුතු කරගෙන යන බවයි.

 



අදහස් (0)

අන්තරෙන් පොලිසියට එරෙහිව පෙත්සම් 13ක්

කසුන් Sunday, 25 May 2014 11:42 PM

ගුටියක් දෙකක් වැදුනගමන් මෙයාලට ඔක්කොම නීති මතක් වෙනවා.පොලිසියේ නිලධාරින්ට ජයවේවා.. (ස)

:       0       0

නිහාල් Monday, 26 May 2014 01:34 AM

අන්තෙරේ විතරයි ලංකාවේ අධ්‍යාපනය ගැන කතා කරන්නේ. එක ජවිපෙ ද එක්සත් ජාතික පක්ෂයද ආදාල නොවේ,

:       0       0

ගුරුගේ Monday, 26 May 2014 01:38 AM

නිදහස් අධ්‍යාපනය නැති කරලා දැම්මනම් හරි. (ස)

:       0       0

හේරත් Monday, 26 May 2014 02:27 AM

මේ අයත් හොඳයි කියනවා නෙවෙයි. පොලිසියත් කරපු වැඩේ හොඳ නැහැ. කව්ද හරි කව්ද වැරදි කියලා අපිත් බලා හිදිමු.(නදී)

:       0       0

චින්තක Monday, 26 May 2014 04:32 PM

අධ්‍යාපනය අවසන් කරලා රස්සාවකට ගියහම මේ අයට ඔය මොකුත් මතක නැහැ. උද්ගෝෂණය කරලා කවදද මේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කෙරුවේ. ජනතා විමුක්ති පෙරමුණේ අය මේ පිටුපස ඉඳලා කරන අපරාද මේවා.(නදී)

:       0       0

බිමල් Monday, 26 May 2014 05:03 PM

මේ අන්තරයක් නිසා අපි විශ්ව විද්‍යාලවල අවරුදු තුන හතර පාඨමාලා තව අවුරුදු ගණන් ගත කරමින් ගෙවල් වලට ම නාකි වුනා. අපි නම් පිරිමි. එත් මගේ බැච් එකේ ගෑනු ළමයින් උපාධිය අතට ගන්නොකොට වයස තිහටත් කිට්ටුයි. තමන් ඉගෙන ගන්නෙත් නැහැ. ඉගෙන ගන්න කෙනෙකුට ඉඩ දෙන්නෙත් නැහැ. (නදී)

:       0       0

දර්ශන Monday, 26 May 2014 06:04 AM

කොළඹ පාරවල් වහල කාර් රේස් යනකොට මේ කියන අයට කිසිම හිරිහැරයක් නෑ වගේ. මහජනයා අපහසුතාවයට පත්කරන කොටසක් හොදයි ඒවාට අත්පුඩි අනික් කොටසගේ ඒවාට පොලුපරවල් සහ බැනුම්, අනේ මෙහෙමත් මිනිස්සු ඉන්න රටක්. (අ)

:       0       0

එච් ආර් සරත් ර නසංසිංහ Monday, 26 May 2014 08:55 AM

දැන් ඔය අන්තරේ වීදි බැස්සේ මොකටද දන්නවද ? (නදී)

:       0       0

හර්ෂ Tuesday, 27 May 2014 12:26 PM

ලංකා තිලක් , රෑට රේස් ගියාට , ඒකට සුදානම තිබුනේ දවාලේ. ඒ දවස් වල කොළඹ කොටුවේ වැඩ කරන මිනිස්සුන්ට තිබුන අවහිරය දන්නේ ඒ අයම විතරයි. මට පේන හැටියට තිලක් පවා රේස් එකේ ගිහින් . අවහිරතාව නම් අවහිරතාවම තමා. ඒක ට මුල් වුන පාර්ශවයෙන් මහජනයාට ඇති වැඩක් නැහැ. (ස)

:       0       0

ලංකා තිලක් Monday, 26 May 2014 07:44 PM

පාරවල් වහල කාර් රේස් ගියානම් අපිත් විරුද්දයි. ඒ උනාට රෑට වාහන තද බද නැති වෙලාවට කාර් රේස් තිබ්බ මිසක් මහා දවල් පාරවල් වහල රේස් ගියා කියල මේ කට්ටිය කියනකම් දන්නේ නැහැ. එහෙම ගියානම් ඉතින් වැරදි තමයි. සංජිව මහත්තය අන්තරේ ගැන දන්නේ නැද්ද..එහෙම නැත්නම් අපි දන්නේ නැහැ කියල හිතනවද දන්නේ නැහැ..අන්තරේ විශ්ව විද්‍යාල ළමයින්ට ඉල්ලලා දීපු පරිප්පුනම් ඉතිහාසය පුර තියෙනවා. ඒ ඉතිහාසය සංජිව මහත්තය දන්නේ නැතුව ඇති.(නදී)

:       0       0

දිලංක Monday, 26 May 2014 09:42 AM

අම්මපා මේ අධ්‍යාපනය විකුණලා දාන්න විදිහක් නැහැනේ......මේ අන්තරේ හින්දා...මේ අයට ළඟදීම වැඩක් දීලා ....නිදහස් අධ්‍යපනය රටෙන් අතුගාලා දාන්න ඕනි....එතකොට තමයි හැමෝටම නින්ද යන්නේ (අ)

:       0       0

ජයසිංහ Monday, 26 May 2014 10:21 AM

හරිනම් අන්තරේට අපි තමා පෙත්සම් ගහන්න ඕනේ. පාරවල් අවහිර කරගෙන මොනතරම් මිනිස්සු අපහසුතාවට පත්කරනවද. හවස කාර්යාල ඇරිලා දුම්රියට බස් එකට දුවන මුනිස්සුන්ට දුම්රිය මග හැරුනම ගෙදර යන්න පැය කීයක් පරක්කු වෙනවද. සමහර ගෘහණියෝ ගෙදර ගිහින් තම කෑම රාත්‍රියට පිළියෙළ කරන්න ඕනේ. සමහර අය ළමයි දිවා සුරැකුම් මධ්‍යස්ථානවල දාල ඇවිත් හවසට ගන්න බලාගන දුවන්නේ..එතකොට කවුද පෙත්සම් ගහන්න ඕනේ.....? (අ)

:       0       0

තිවංක Monday, 26 May 2014 10:58 AM

ත්‍රිමා ගිය පාරේ සේරමලව එක පාර යැව්වා නම් වැඩේ ඉවරයි (නදී)

:       0       0

ගිහාන් Sunday, 25 May 2014 06:50 PM

මම අන්තරේට එකඟ නැහැ. නමුත් ඒ අවාසනාවන්ත සිදුවීම හෙලා දකිනවා. (ස)

:       0       0

ලංකා අජිත් Monday, 26 May 2014 09:47 PM

මහා මාර්ග අවහිර කරලා මහජනතාව අපහසු කරන එක සමහරුන්ට පෙන්නේ නැහැ.ලංකා පොලිසියට ජයවේවා. (අ)

:       0       0

මහරගම සෝමරත්න Sunday, 25 May 2014 07:03 PM

අනේ මන්ද මේ රටේ පොලීසියේ වැඩනම් කියල මොකටද. මමත් පොලිසියට පැමිණිලි 20 ඉදිරිපත් කලා මට ගොඩක් හිරිහැර කල කළුතර උතුර පොලිස් ස්ථානයට විරුද්දව වැරදි කරුබව තීරණය උනත් දෙසපලුවෙක් නිසා විභාග කරන්නේ නැහැ (දී)

:       0       0

ලංකා තිලක් Sunday, 25 May 2014 07:23 PM

මම නම් අන්තරේට කැමතිත් නැහැ. ගහපු එකත් අනුමත කරනවා. මෙයාල කවුද කෙනෙකුව අත් අඩංගුවට ගන්න එකට බාදා කරන්න. ඔවුන් හැසුරුණු ආකාරය අපි දැක්කා.(නදී)

:       0       0

සෝමපාල Monday, 26 May 2014 12:12 PM

නිහාල්. අන්තෙරේ විතරයි ලංකාවේ අධ්‍යාපනය ගැන කතා කරන්නේ! ඒත් හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියල කවුද නොදන්නේ. ලංකාවට පමණක් ආවේනික වුන මේ වසංගතය හොදින් හෝ නරකින් ඉවත් කර දැමිය යුතුයි. ජවිපෙ හඩු සිරුර අන්තරේ බාල සලුවලින් දවටා අපේ රටේ ප්‍රගමනයට කල විනාශය මිල කල නොහැකිය.(නදී)

:       0       0

සෂික Sunday, 25 May 2014 07:48 PM

අන්තරේ ක්‍රියාකාරීත්වය කෙරෙහි මෙහෙත් පැහැදීමක් නෑ. එෙහෙත් සාමකාමීව උද්ඝෝෂණය කිරීමට සෑම අයෙකුටම අයිතියක් තිබිය යුතුයි. පොලීසිය ක්‍රියා කළ අාකාරය පිළිබදන අැත්තේ කලකිරීමක් පමණයි. සමාජයේ කටයුතු කිරීමේදී පොලීසිය මීට වඩා සැලකිලිමත් විය විය යුතුයි. (නදී)

:       0       0

උපුල් සමන්ත Monday, 26 May 2014 11:37 PM

ලංකාවෙ ඉන්න මිනිස්සු වැඩි දෙනෙක් කොච්චර මෝඩ කුහක ජාතියක්ද කියලා මේ අදහස් වලින්ම පේනවා. නිදහස් අධ්‍යාපනය නැතිවෙච්ච දවසට ඔය කියන කට්ටියගේ ළමයින්ට ඉගෙනගන්ඩ විදියක් නැතිඋනාම තේරෙයි. මොකද මහ ලොකුවට නිදහස් අධ්‍යාපනය නැතිකරන්ඩ කියලා කෑගහන වැඩි දෙනෙක් කෝටිපතියෝ නෙමෙයිනේ. වෙනුර ත්‍රිමා ලා එදා කරපු දේවල් නිසා තමා අදටත් නිදහස් අධ්‍යාපනය මේතරන් දුරහට හරි තියෙන්නේ. මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න රටක් ලෝකෙම නැතුව ඇති. (නදී)

:       0       0

ප්‍රියාන් Sunday, 25 May 2014 08:17 PM

හරියට හොඳම වැඩ කරන අය වගේ මෙයාල.. (දී)

:       0       0

සඳුන් Sunday, 25 May 2014 08:27 PM

අපේ පොලිසියත් සොයා බැලිල්ලක් නැහැ ආණ්ඩු පක්ෂයට විරුද්ධනම් අත්අඩංගුවට ගන්නවා, ගහනවා. මමත් අන්තරේ දේශපාලනයට විරුද්දයි. නමුත් රටේ සාමකාමී විරෝධතාවලට අවස්ථාව තිබිය යුතුයි. නීතිය, සාමය කඩ කරනවිට අත් අඩංගුවට ගත යුතුයි. හැබැයි ගහන්න අයිතියක් නෑ.(නදී)

:       0       0

සෙලාන්සියුස් Monday, 26 May 2014 01:19 PM

මොන මොන ප්‍රශ්න තිබුනත් අනාගතයේදීත් මිනිස්සු රජයට ඡන්දෙ දෙනවා. ඒක විතරයි මට විශ්වාස.(නදී)

:       0       0

පිටිගල Sunday, 25 May 2014 08:58 PM

පාරවල් අවහිර කරන මොනම උද්ඝෝෂණයකට උනත් මමත් පුළුවන් නම් ගිහින් ගහනවා. මගේ තාත්ත මරණාසන්න මොහොතේ මට කතා කලාලු. එත් මට තාත්තගේ මූණ බලලා කතා කරන්න බැරිඋනා. සැතපුම් දහස් ගණනක් ගෙවා ලංකාවට ආවත් ඉතුරු සැතපුම් කීපය යන්න ඉඩ දුන්නේ නැහැ මේ නැහැදිච්ච මිනිස්සු. ඒ නිසා මම මැරෙන තුරුම ඒවාට විරුද්ධයි. පාරවල් අවහිර කරන උද්ඝෝෂණ වලට ඔලු පැලෙන්න ගැසිය යුතුයි. මට වගේම තව කී දෙනෙකුට මේ නිසා කරදර වෙන්න ඇතිද?පාරවල් අවහිර නොකර කරන දෙයක් කරන්න ඒවා මෙහෙයවන නායකයෝ වග බලා ගත යුතුයි. (දී)

:       0       0

සංජීව Monday, 26 May 2014 01:41 PM

හැමදාම, අන්තරේ ගුටි කනවා, මිනිස්සුන්ගෙන් බැනුම් අහනවා. ඒත් මිනිස්සුන්ට ඇත්ත තේරුම් ගන්න බැහැ. දැන් ඔය ගුටි කාපු ළමයින්ට ලැබෙන දෙයක් නැහැ, එත් උන් ඔය දගලන්නේ, නුපන් පරම්පරාවක් වෙනුවෙන්, හැම වෙලාවේම, පාට කන්නාඩියෙන් බලන්න එපා මිනිසුනේ. මේ දගලන්නේ, ඔබෙත් මගෙත්, ගමේ දුක දහදිය හෙලන ගොවියාගෙත්, මුන්ට පොලු පහර දුන්න පොලිසියේ මහතාගේත්, ගම මාලු විකුනන මාලු කරයගේත්, කම්හලේහරි කොහේ හරි වැඩ කරන මනුස්සයගේත් දරුවන් වෙනුවෙන්, එ්ත් ඒ මිනිසුන්ටම එ්ක තේරුම් ගන්න බැහැ. නමුත් මේ රටේ කෝටි ගනන් සල්ලි කාබාසිනියා කරන බහිරවයෝ ඉන්නවද, ඒවාට අපේ මිනිස්සු කතා නැහැ.(නදී)

:       0       0

නිශාන්ත Sunday, 25 May 2014 09:33 PM

පාරවල් වහගෙන වෙනුර ත්‍රිමා ගියපාරේ ගිහිල්ලා ඉවර වුනොත් සාමාන්‍ය මිනිස්සු කරදරයක් නැතුව පාරවල් වල යාවී. නැත්නම් සියදහස් ගනන් මිනිස්සුන්ට වෙන පීඩා වලට මානව හිමිකම්වුත් නැහැ, පිටරටින් එන ඩොලර් වාසිත් නැහැ. (ස)

:       0       0

අසාද් Monday, 26 May 2014 01:48 PM

මම අන්තරේට එකඟ නැහැ. නමුත් පොලිසිය කල වැඩේ හෙලා දකිනවා (නදී)

:       0       0

ලංකා තිලක් Sunday, 25 May 2014 09:53 PM

පිටිගල මහත්තයට ජය වේවා..මම හැමදාමත් කියන්නේ ඔයට්ක..කට්ටිය මට වට කරගෙන ගහනවා.මගේ පැත්තට පිටිගල මහත්තයවත් ඉන්නවා කියල මම දැන් දන්නවා.පාරක වාහනයක් ඇතුලේ පැය ගානක් හිර වෙලා දුක් විදපු මිනිහෙක් තමයි එකේ අමාරුව දන්නේ.උද්ගොෂනවලට අපි විරුද්ද නැහැ..උද්ගෝෂණය කරන්න අය්තිවසිකමක් ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ තිබුනට තව කෙනෙකුට හිරිහැරයක් බාදාවක් පිඩාවක් ගෙන දෙන විදියට ඒක කරන්න කාටවත් අය්තියක් නැහැ.අපේ කට්ටිය දැන් හිතන් ඉන්නේ එක තමන්ගේ අය්තියක් කියල..පාරක වලවල් තිබුනත් අලියෙක් ගැහුවත්,පොලිසියෙන් ගැහුවත් කුබුරට වතුර ටික නැති උනත් පාසලේ ගුරු හිගයක් තිබුනත් කොටින්ම හැමදේකටම ප්‍රධාන පාරවල් හරස් කරන්නේ ඒකනේ..අනෙක් එකාව ඇපේට අරන් අනෙක් එකාට හිරිහැර ගෙන දෙමින් අයතිවාසිකම් ගැන කතා කරන ඕන එකෙකුට සලකන්න ඕන ඔය සලකල තියෙන විදියට තමයි. අපේ පොලිසියට මල් මිටක්.. (දී)

:       0       0

විධුෂක Tuesday, 27 May 2014 06:30 AM

ඔය අන්තරේ ඉස්සර කැඳවුම් කරුවෙක් හිටිය ඉඳුල්ද අරුල්ද උදුල්ද කියලා. නම හරියට මතක නැහැ. මිනිහා දැන් අලුත්කඩේ කලුකෝට්කාරයෙක්. මගේ යහළුවෙකුගේ බැචා. දවසක් හදිසියේ අලුත්කඩේ දී මුණගැහුණු වෙලාවක හලෝ සහෝදරයා කොහොමද කියල කතාකලාලු. මිනිහ කියල තියෙන්නේ මම දැන් සහෝදර හැව අයින් කරලා ගොඩක් කල් කියල. දැන් පාවිච්චි කරන වාහනෙම රුපියල් ලක්ෂ 65 ක් විතරලු. මෙයා නඩුවලට පෙනී හිටින්න තොරතුරු අහලා ගාන කීයද කියල අහපුවහම කියන්නේ මගේ ක්ලාර්ක් එක්ක කතා කරගන්න කියලලු. ඔන්න අන්තරේ වංචාකාරයන්ගේ නිර්ධන පන්ති උත්තරීතර සමාජවාදය.(නදී)

:       0       0

නිශාන්ත පන්ඩිතරක්න Monday, 26 May 2014 03:26 PM

කොළඹ පාරවල් වහල කාර් රේස් යනකොට මේ කියන අයට කිසිම හිරිහැරයක් නෑ වගේ. (නදී)

:       0       0

ජය Sunday, 25 May 2014 10:46 PM

ඔව් ඔව් පාර වහගෙන කාර් රෙස් ගියට කමක් නෑ උද්ගෝෂණය කරොත් අඩු කඩන්න ඔන (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 19 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10873 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5375 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7625 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 5066 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1275 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36529 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24210 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 176 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 532 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site