තලංගම පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පැදවු බව කියන වෑන් රියේ ත්‍රිරෝද රියක් හැපීමෙන් රුපියල් එක්ලක්ෂ විසි පන්දහසක අලාභයක් සිදු වී යැයි කියමින් ත්‍රිරෝද රියදුරා පොලීසියට රැගෙන ගොස් බලෙන් හිස් කොළ පහකට අත්සන් කැර ගෙන ඇතැයි කියන සිද්ධියක් ගැන නුගේගොඩ කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිලි කැර ඇත.
මාදිවෙල හන්දියේදී සිදු වු මෙම අනතුරින් පසු රියදුරාගෙන් රුපියල් විසිඑක් දාහක් එවෙලේම ලබා ගත් බවත් පසුදින විසි නව දාහක්ද ඉතිරිය සතියකින් ද ගෙවන බවට රියැදුරාගේ හා තවත් තිදෙනකුගෙන් අත්සන් ගෙන ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.
රියැදුරාගෙන් අලාභය ලබාගෙන රක්ෂණ වන්දි ලබා ගැනීමට ද සුදානමක් තිබු බව ද එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාගේ දේවල් තව කොච්චර නම් වෙනවා ඇත්ද? (දී)
අනේ රටට ගිය කලක් ..(දිල්)
පොලිස් මාද්‍ය ප්‍රකාශක කෝ? (දිල්)
මේවා කොහෙද නැත්ත (දී)
මෙවැනි සිද්දියක් මේවනතුරු වාර්තා වී නොමැති බව පොලිස් මාද්‍ය ප්‍රකාශක .... ... මහතා සදහන්කරයි (දී)
ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නා වගේ (දී)
ඇමරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙම නෑ (දී)
ඕවා තමා පොලිස් කැත වැඩ,(දී)
පොලිස් සේවයට නුසුදුසු පුද්ගලයෙක්(දී)
අපේ මාධ්‍යය ප්‍රකාශක තුමා මොකද කියන්නෙ බලමු (අ)
පොලිසීය කියලා ජාතියක් ඉන්නේ ඔය වගේ වැඩ කරන්න තමයි... මට දුක ඇත්තම බ..... ගැන... පොලිසිය මෙහෙම බ.... වැඩ කරනකොට බ....... තත්වයක් නැති වෙනවා...(දී)
නඩු කියල ,තීන්දු දීල,වන්දිත් අරන්..., අපොයි පොලිස් ....!!(දී)
ඕක මොකක්ද වීථි නාට්‍ය කණ්ඩායමකටත් පහර දීල තියෙන්නේ (දී)
පොලීසියේ ඉන්න ඔක්කොම් හිතාගන ඉන්නේ මම තමයි ලොක්කා කියලා (දී)
පොලිසියේ ඉන්න අවංක මිනිස්සු බෙල්ලේ වැල දාගන්නවා අනිත් අය සැප විදිනවා (දී)
100% දඩුවම් ලබා දිය යුතුයි (දී)
අහිසක මිනිස්සු මොනවා කරන්නද (දී)
අහින්සකයෙක්ව තමයි අල්ල ගත්තොත් (දී)