(යොහාන් භාසුර)
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉවත්වන ලෙස බලකරමින් ඉදිරි දින දෙක තුළ බරපතල ක්‍රියාමාර්ග ගැනීම බලාපොරොත්තු වන බවත් අනිද්දා (19 වැනිදා) විරෝධතා දිනයක් බවට පත්කරන බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අද (17) පස්වරුවේ පැවසීය.
අද සිට ආසන්න නගරවලට පැමිණ විරෝධතා පවත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී වසන්ත මුදලිගේ මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත් කළ හැකි වූයේ සමස්ත රටම විරෝධතා භූමියක් බවට පත්කිරීමට හැකිවීමෙන් බව ද සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධූරයෙන් ඉවත්කිරීමට වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව දැවැන්ත ක්‍රියාමාර්ග ගන්නා බව දැනුම් දුන් බවත් අරගලය ජයග්රහණයෙන් අවසන් කිරීමට හැකි බවත් වසන්ත මුදලිගේ මහතා වැඩි දුරටත් කීය.
වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකමුතුවේ නියෝජිතයන් සමඟ අද (17) පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා එසේ පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනිද්දා රනිල්ට එරෙහිව විරෝධතා දිනයක්
ganegoda Sunday, 17 July 2022 07:49 PM
බැංකු හොරුන් භංගවේවා..! අරගලයට ජයවේවා...!
ShammiMonday, 18 July 2022 09:15 AM
බැංකු හොරාට ජය වේවා
saliya Sunday, 17 July 2022 08:00 PM
වසන්ත මුදලිගේ වහාම ජනාධිපති කරනූ...
SIRISunday, 17 July 2022 08:38 PM
මෙයාට වෙන ජොබ් SET වෙන්නේ නැහැ. උපතින්ම රාහු ඉන්නකොට ඔලුවක් නොමැති පිස්සන් වගේලු හැසිරෙන්නේ... ඉබාගාතේ අවිදිනවාලු වටේ ඉන්න පිරිසත් පිස්සු කරනවාලු. කදුළු ගෑස් වතුර ප්‍රහාරවලට වැඩියෙන් කැමතිලු. මිනිහාට බොහෝ දෙනෙක් මේක තේරුම් කර දෙන්න උත්සහ කලාලු...
AJITH Sunday, 17 July 2022 08:01 PM
අනාගතයේ පත්වන කවුරුන් හෝ ජනාධිපතිට, අගමැතිට ඔබලා ලබාදෙන්නාවූ ඉලක්ක සහ කොන්දේසි ජනතාවට පැහැදිලි නැත..
Sethuhami Sunday, 17 July 2022 08:02 PM
අනේ බන් ඕකම කරලා හරියන්නේ නැහැ... ජොබ් එකක් හොයාගනින්...!
BTSunday, 17 July 2022 08:27 PM
කොහොමටත් ඔය නඩේට කිසිම පුද්ගලික සමාගමකින්නම් රස්සාවක් ලැබෙන්නේ නැහැ.
siriSunday, 17 July 2022 08:55 PM
මෙයට වෙන ජොබ් SET වෙන්නේ නැහැ. උපතින්ම රාහු ඉන්නකොට ඔලුවක් නොමැති පිස්සොවගේලු හැසිරෙන්නේ, ඉබාගාතේ අවිදිනවලු වටේ ඉන්න පිරිසත් පිස්සු කරනවලු. කදුළු ගෑස් වතුර ප්‍රහාරවලට වැඩියෙන් කැමතිලු. මිනිහට බොහෝ දෙනෙක් මේක තේරුම් කර දෙන්න උත්සහ කලාලු නමුත් උපතින්ම රාහු නිසා මිනිහා කියනවලු එයා හරි අනෙක් අයයට පිස්සු කියල
BamunuarachchiMonday, 18 July 2022 08:38 AM
මෙයා ජප්පන්ගේ පත්කළ මන්තිරියෙක් වෙන්නලු ඉන්නේ. ඊටපස්සේ සැපට ගරයි
fairoosMonday, 18 July 2022 11:59 AM
බැංකු හොරාටත් දැන් මිනිස්සු කඩේ යනවනේ... අනේ මෙහෙමත් ජාතියක්..!
BamunuarachchiMonday, 18 July 2022 05:48 PM
අපිට හම්බයින්ට වැඩිය සිංහල කවුරුත් ලොකුයි...
dm Sunday, 17 July 2022 08:17 PM
කැම්පස් ගිහින් අවුරුදු 10ක් චාටර් වෙවී අනිත් එවුන්ගෙත් ඉගෙනීම නැතිකරන එකාට ඕන විදිහටද මේ රට පාලනය වෙන්න ඕන... නැත්නම් ප්රජාතන්ත්රවාදීවද? අනේ ප්‍රේමදාස හිටියා නම්...!
පණ්ඩුක හේරත් Sunday, 17 July 2022 08:58 PM
8 පාස් නැති රනිල්ගේ ලොල්ලෝ ... A/L පාස්වුන එවුන් ගැන කතා කරනවා ..
PereraMonday, 18 July 2022 12:43 AM
රනිල් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී විදිහට ඉන්නේ නීත්යානුකූලවද, ප්රජාතන්ත්රවාදීවද කියලා ඉස්සෙල්ලා බලන්න.
Nandasena grMonday, 18 July 2022 05:47 AM
ඔව් ඉතින් රාජපක්ෂලාගෙ පුත්තු තරම් මෙි කොල්ලා ඉගෙනගෙන නැතිව ඇති.හැබැයි ඌ සාමාන්‍ය මිනිස්සුන්ට සැබෑ වීරයෙක්.බොලාට ඕන අර වගේ හොරට අධ්‍යාපන සහතික හදාගෙන රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් පිස්සු කෙලින රජ පැටව්.දැන්වත් ඔය වහල්කමින් මිදියල්ලා
නුවන් Monday, 18 July 2022 07:30 AM
මේ හදන්නේ කාගේ හරි කීමකට අපේ රට විනාස කරන්න... අනිත් ළමයි ඔක්කොම විනාශ කරනවා... අම්මාටත් හෙන ගහනවා මේ රටට කරන අපරාදෙට... ගෝඨාභය ගියා, මහින්ද ගියා... දැන් රට ගොඩ යන විදියට වැඩ කරන්න ඕනෑ.
සංකාMonday, 18 July 2022 07:51 AM
මේ රනිල්ගේ බත් බැලයො දාන කමෙන්ට්....අරගලය තමය් එකම විසදුම.මේ බැදුම්කර හෝරාව අනිවාර්යයෙන්ම පන්නන්න ඕන.අපි සමස්ත රටේ ජනතාවම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ වසන්ත පුතා සමගය්.අරගලයට ජයවෙවා.
Sameera Sunday, 17 July 2022 08:32 PM
ජනතාවට අවශ්‍ය වන්නේ දූෂණයෙන් තොරව රට සංවර්ධනය කර වැඩ වර්ජනවලින් තොරවයි! අනුර, සජිත්, කුමාර වෙනුවෙන් මිනිස්සු පෙනී ඉන්නවා කියලා හිතන්න එපා! සංවර්ධනය සඳහා අපට ප්‍රධාන සැලැස්මක් අවශ්‍යයි. වැඩ වර්ජන සංවිධානය සමඟ ආර්ථිකය දියුණුකිරීමට රාමුවක් නොමැත. අපට අවශ්‍ය වන්නේ තත්වය සමඟ කටයුතු කළ හැකි අයෙකි! ඉන්ධන සඳහා මාෆියාව බලන්න! ඔබට ඉක්මනින් වැඩ වර්ජනයක් සංවිධානය කළ හැකි නමුත් විසඳුම සොයාගත නොහැක!
උන පුරුකේ බලු වලිගේ Sunday, 17 July 2022 08:34 PM
ලපටි සබද පබිලිස් හොඳ විහිලුකාරය, කාලෙකට පස්සේ හොදට කාල බීලා කෙල්ලන්ට පොර වෙලා මෙහෙම ඉන්න තියෙන චාන්ස් එක දිගටම අරගෙන යමු, රනිල් මයෙ අප්පෙ..
Neela Sunday, 17 July 2022 08:41 PM
උඹලා එන හැම එකාටම ගෝ හෝම් නොකියා උඹලාට ඕනි ජනාධිපති කව්ද කියාපල්ලා. හැබැයි කපේකට පෙරෙට්ටො එන්නේ නෑ. කුමාර් කවදාවත් එන්නේ නෑ. ඒ වගේම අපට කියන්න තියෙන්නෙත් කුමාර් ගෝ හෝම් (Australia) කියා. ගෑකි දරුවෝ බලාගෙන ඇති. යන ගමන් නොයෙල් මුදලිගේ අන්තරේ වසන්ත මුදලිගේත් ඇරං කියා නම් ලංකාව ගොඩ. බැරි නම් වසන්තටයි, දුමින්ද නාගමුවටයි උපාධිය පාස්වෙන කල් අනාථාධාර හෝ දියල්ලා.
" බුලට් පෲෆ් " Sunday, 17 July 2022 08:48 PM
එදාට " බුලට් පෲෆ් වෙස්ට් " ඇඳන් යන්න අමතක කරන්න එපා..! ඔක්කොම විහිලු ඉවරයි හලෝ...!
mhl Sunday, 17 July 2022 09:10 PM
ජීවිතේටම චන්දෙකින් බලේට එන්න බැරි කුරුට්ටන්ගෙයි අන්තරෙයි ලව් එකට ඕන විදිහටද මේ රට පාලනය වෙන්න ඕනේ.රාජපවුල එලවල ඊට වඩා අන්තවාදී තලේබාන් ටයිප් සෙට් එකක් නම් එපා.අපිට රනිල් නෙමෙයි අනුර ජනාධිපති වුනත් ඒක පාර්ලිමේන්තුවෙන් වෙයි.උඹලගේ නීති එපා.
SUNIL MILANO Sunday, 17 July 2022 09:12 PM
මේ හාල්පාරුවගේ පිටිපස්සෙන් යන යහපාලකයින්ට ලැජ්ජාවක් නැද්ද මන්දා...? මොවුන් කෑගහන තරමට මොවුන්ට සල්ලි උතුරනවා. කාලකණ්ණි ටිකක් තමයි මේ..!
K Perera Sunday, 17 July 2022 09:15 PM
රනිල්ට අත තියන්න ආවොත් හොම්බෙන් තමයි යන්න වෙන්නේ..!
pakeer Sunday, 17 July 2022 09:18 PM
සාමාන්‍ය මිනිස්සු අරගලේ කළේ... රාජපක්ෂලාව පන්නන්න. දැන් ඒක විතරයි. දැන් ඉතින් නුඹලාගේ ඔය අඬෝ ඇඬියාව තියලා ගෙදර යන්න.
Chappa Sunday, 17 July 2022 09:20 PM
ප්‍රේමදාස මහතාගේ අගය දැනෙනවා...
Kamal Sunday, 17 July 2022 09:23 PM
වසන්ත මුදලිගේ කියන්නෙ පෙරටුගාමි පක්ෂයේ උප නායකයෙක්. එයාගෙ ජොබ් එක උද්ගෝෂන කිරීම එයාට ඒකට දීමනාවක් පක්ෂයෙන් ගෙවනව. ගෝටාභයට විරුද්ධව මිනිස්සු පාරට බැහැපු එකයි. මෙයාගෙ ජොබ් එකයි කියන්නෙ දෙකක්.
Lalith M Sunday, 17 July 2022 09:50 PM
රටේ සියල්ල මුන්ට ඕන විදියට පාලනය කිරීමට උත්සාහ කිරීම කියන්නේ ඒකාධිපතිත්වය රජකරවීම. මේ පිස්සුව ගිය දුර වැඩි නැතිද. මේ අය හිතන්නේ අරගලයට සහභාගිවීමට පැමිණි සියලු දෙනාම මොවුන්ගේ මතවාද අනුමත කරන අය කියල.
රනේ Sunday, 17 July 2022 10:03 PM
දරුවනි, අපි ඔබට ණයගැති වෙමු.
අන්න පොරගලය Sunday, 17 July 2022 10:53 PM
අරගලය යනු ජනවරමකින් පත් වූ ජනපතිවරයකු මරා දැමීමට තැත්කල ත්රස්තවාදීන් පිරිසකි. මත් ද්‍රව්‍ය ජාවාරමුන් පිරිසකි. කුඩු ත්රස්තයන් විනාශකර රට වහා බේරාගනු.......
විපරමා Sunday, 17 July 2022 10:59 PM
අන්තරේ උන් එදා ඉන්දළම කෙරුවේ අරගල? අඩුම ගානේ ඉගෙන ගන්න අය ගැනවත් හිතුවද?
කිරිපුතා Sunday, 17 July 2022 11:28 PM
ව්‍යවස්ථානුකූලව ඒ මනුස්සයා ජනාධිපති වුණේ. මේ කාල කන්නි N.G.O. බත් බැලයන් කියන විදිහට රටේ කැලෑ නීතියද රජ කරවන්න ඕන. 89 දීපු කෑම හරි කියල හිතෙන්නේ මෙන්න මේ ලොවට තමයි. රටට ඔලුව උස්සගන්න දෙන්නෙම නෑ.
Lakhman Monday, 18 July 2022 12:03 AM
දැන්පවතින රටේ ආර්ථීක තත්වය තව මාස ගානකින් වත් මොකා රටේ ජනාදිපති උනත් විසදන්න බැහැ. එහින්ද මුන්ට හැමදාම පත්වන ඕන ජනාදිපති කෙනෙක් පන්නා දැමිල්ල තමා කරන්න වෙන්නේ. අන්තිමට රටේ මිනිස්සු හැමෝම හිගාකන තත්වයට පත්උනාට පස්සේ මුන්ගේ අරගලය ඉස්සරහට එන්නේ නැති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයාට පුළුවන් පුළුවන් මම දිනුවා කියලා අරගල කරවිල්ල නවත්තන්න.
Bandara Monday, 18 July 2022 12:05 AM
රනිල්වත් මේ රස්තියාදු කාරයින් ටිකට ගහලා පැන්නුවොත් හොඳයි...!
Prase Monday, 18 July 2022 01:31 AM
මෙයා හරියට සිත්තරපට හිටියා... ගජමෑන් වගේ ළඟදීම කනවා.
සත්‍ය Monday, 18 July 2022 05:38 AM
තමන් හැදෙන්නෙ නැතුව රට හදන්න යනවා. ජනතා බදු මුදල් කාබාසිනියා කිරීම ජාතික අපරාදයක්.
bamunuarachchi Monday, 18 July 2022 06:36 AM
මෙන්න මේ ජෙප්පා ගහලා හෝ පන්නලා දමන්න මේකා රජයේ වැඩවලට විසාල බාදාවක්. ජනාධිපති තුමනී මවුන් අතුගා දමන්න.
ජයලත් Monday, 18 July 2022 06:58 AM
මුන් ඉන්නකන් රටක් ඉතුරු වෙයිද
lesly Monday, 18 July 2022 07:47 AM
සියලු මන්ත්‍රීවරු සාකච්ඡා කර තීරණයක් ගන්න. සර්ව පාක්ෂික රජයක් ඕනෑ.
Nalin Monday, 18 July 2022 07:50 AM
කවද්ද අයියා ඉල්ලන්නේ...? ලැජ්ජා නොවී කෙළින්ම කියන්නකෝ..!
සුසිල් Monday, 18 July 2022 08:18 AM
සැබෑ නායකයෙක් ඔබගේ කැපවීම අගය කරම්. අරගලයට ජයවේවා
Hiran Monday, 18 July 2022 08:28 AM
මේ රස්තියාදුකාරයෝ ඉන්නකල් රටක් දියුණු වෙන්නේ නැහැ..
uk ran Monday, 18 July 2022 08:52 AM
පසුගිය දින 100 ගලදාරි එකෙන් කාලා මේපාර පොලිසියෙන් හොඳට කන්න යන්නේ ලොරි මුහුණ. අවුරුදු 9ක් තිස්සේ කැම්පස් එකේ තාම උපාධිය නැහැ. මේ වගේ කාලකණ්ණි එක්කද රට හදන්නේ..?
charith Monday, 18 July 2022 10:41 AM
කන්නෙ නැතුව, දගලන්නෙ නැතුව සද්දෙ වහල හිටපන්....එන්ව මෙතන ලොක්කො වෙන්න. මුන් කියන විදියට තමයි වැඩ කරන්න ඕන
wasantha gamarala Monday, 18 July 2022 10:50 AM
දැන් නුඹලා මෝරලා වැඩියි... ඉගෙන ගන්න කාලේ පැන්නා. නිකන් කෑව කාලේ ඉවරයි. දැන් රස්සාවක් කරන්න. රටවල් හදාගන්න දේශපාලකයෝ ඉන්නවනේ.
Lelwala Monday, 18 July 2022 11:13 AM
ළමා ඒකාධිපතියන් අපට අවශ්‍ය නැත.
Krishan Monday, 18 July 2022 11:18 AM
රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ වගේ කියලා හිතලා වැඩකරන්න ගිහින් වසන්ත මුදලිගේට වෙච්චිදේ තමයි කරගන්නේ... මේ මොහොතේ රටේ හදිසි නීතිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ නිකම් නෙමෙයි, දැන් රටට ඕනෑ රනිල් වික්‍රමසිංහ වැනි ජනාධිපති කෙනෙක්.. සජිත් වගේ කෙනෙක් නොවේ. 3% කෙනෙකුත් නොවේ.. ඩලස් අලහප්පෙරුම වගේ සේවයක් නොකරපු කෙනෙකුත් නොවේ... අරගලකරුවන්ට යටත් නොවන කොන්ද කෙලින් තියාගෙන අභියෝගවලට මුහුණදෙන කෙනෙක් එහෙම නම් සුදුසු කෙනා රනිල් වික්‍රමසිංහ පමණයි.
Sunil Monday, 18 July 2022 11:52 AM
රනිල් අගමැති නොවෙයි , අකමැති.
Ravi Monday, 18 July 2022 12:08 PM
අනේ යන්න..!
dm Monday, 18 July 2022 12:41 PM
ජෙප්පන්ගේ පෙරේට්ටන්ගේ සට්ටඹි රැලට රිදිලා වගෙයි.උන්ට මතක නැහැ අනුරය රනිල්ගේ අගමැතිකම නඩුදාළ බේරගත්ත විදිහ.එකට සල්ලි ගත්තේ විජේදාසගෙන් ලැට් එකේදී කියල.ඒවාට වදෙකට එන්න කිව්වම කටයි පසසයි දෙකම ඇඹරෙනවා කියල.
Lelwala Monday, 18 July 2022 01:21 PM
දැන්නම් ඇති . මේයාව අත්තඩංගුවට ගන්න.
Santhu Monday, 18 July 2022 03:39 PM
විභාග පාස් කළා කියලා පාරේ රස්තියාදු වේවි... අරගල උද්ඝෝෂණය කරලා හරි ගිය කෙනෙක් ඉන්නවාද? එක තැන පල් වෙවී ඉන්නවා ඇරෙන්න...!
Bamunuarachchi Tuesday, 19 July 2022 06:46 AM
කොල්ලෝ වැඩිය දඟලන්න එපා කමින් කලර් ඉස් නෝ ගුඩ් කිව්වලු. එන පාට හොඳ නැහැ වැඩේ කැරකෙන්නේ නැවත බටලන්දක් ඉඳිවෙන විදිහටයි. උඹට එක විවෘත්ත කරන්න අවස්තාව ලැබේවි.