IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අනධ්‍යයන වර්ජකයන්ට හොඳම විසඳුම දෙනවා

(අංජුල මහික වීරරත්න)

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා (3) සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.  

මේ සම්බන්ධයෙන් හොඳම විසඳුම ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය බලාරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය. 

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිෂන් සභාව පිහිටුවීම සඳහා වන නීති සම්පාදනය මේ වන විට සකස් කෙරෙමින් පවතින බවද සිසුන්ට විදේශගත නොවී උසස් අධ්‍යාපනය ලබා ගත හැකි ආකාරයට උසස් අධ්‍යාපනය දියුණු කළ යුතු බවද සුරේන් රාඝවන් මහතා පැවසීය.



අදහස් (2)

අනධ්‍යයන වර්ජකයන්ට හොඳම විසඳුම දෙනවා

Lalla Saturday, 01 June 2024 08:54 AM

හොඳම විසඳුම... අත්තනෝමතික වෘත්තීය සමිති නායකයින් රැල වැඩ තහනමට ලක්කර එලවා දැමීම.... ලක්ෂ සංඛ්‍යාත සිසු අනාගතය දඩාවතේ යන බල්ලන්ට යටකල යුතු නෑ. ජේ ආර්ට තිබුන කොන්ද දැන් ඉන්න නායකයින්ට නෑ.

:       1       1

මොහොට්ටාල Saturday, 01 June 2024 09:53 AM

ඔය වැඩේ අතීසාරයට අමුඩ ගහන්නා වගේ කරන්න එපා කියලා කියන්න කැමැතියි... අපේ දරුවන්ට ඔය පිරිසගේ වැඩ නිසා බලවත් අසාධාරණයක් වෙලා තියෙනවා.. ඒක වෙන්න තීන්දු තීරණ ගන්න පිරිසගේ නොසැලකිල්ල ප්‍රධාන හේතුවක් වෙනවා. ප්‍රශ්නය මතුවීමට පෙර අදාල කණ්ඩායම් සමග අවම වශයෙන් අවුරුදු එකකට වරක්වත් ඇමැතිවරයා තමා යටතේ තියෙන ආයතනවල කාර්‍ය මණ්ඩල සමග හා වෘත්තීය සමිති නායකයෝ සමඟ සාකච්ඡා කරනවා නම් ඔය ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ. අඩුම තරමින් ජනවාරි පළමුවෙනිදා වැඩ ආරම්භ කළ අවස්ථාව හෝ අලුත් අවුරුදු දිනයේ එම කටයුතු කර නිලධාරි හා සේවකයින් තෘප්තිමත් කළොත් තමයි සේවයක් කරන්න පුළුවන් වෙන්නේ... කොහේද ඒකට දැනුමක් තියෙන අයගෙන් ඇමති මණ්ඩලය හදන්නේ නැහැනේ.. හැදුවොත් හදන්නේ අධ්‍යාපන හා මහාමාර්ග වැනි ගොනයි මීමයි වගේ මුදල් වාසි තකා කටයුතු කරන්න පුළුවන් ආකාරයට තමයි. ඒ නිසා දරුවන්ගේ අනාගතය කාබාසිනියා නොවන ආකාරයට අතීසාරයට අමුඩ නොගසා 3 දිනයේ තීරණයක් ගන්න කටයුතු කරන්න කියලා ඉල්ලන්න කැමැතියි...

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 959 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2020 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 990 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 220 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2385 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1672 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37864 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24950 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site