ඊජිප්තුවේ කයිරෝ අගනුවරට දකුණින් අල්-අයියාත් ප්‍රදේශයේදුම්රිය දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුවිය. අනතුරින් මියගිය ගණන 10 ක් බව පැවැසෙයි. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 100 කට වැඩිය.

තුවාල ලැබූ කීපදෙනකුගේ තත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ඊජිප්තු මාධ්‍ය පවසයි. මියගිය පිරිස අතරේ එක් දුම්රියක නියාමකවරයා ද සිටී.

දුම්රිය අනතුර සිදුවී ඇත්තේ කයිරෝ සිට කිලෝ මීටර් 52ක් පමණ දකුණින් පිහිටි ගීසා පළාතේය. ඊජිප්තු ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති ආකාරයට, ෆයුම් පළාත දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රියක්, අස්වාන් බලා ධාවනය කරද්දී, එම මාර්ගයේම නවතා තිබූ තවත් දුම්රියක පසුපස කොටසේ ගැටී අනතුර සිදුවුණු බවය.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙයි. මූලික විමර්ශන අනුව, සංඥා දෝෂයක් අනතුරට හේතුවක් වූ බව පැවැසෙයි.

දුම්රිය ගැටුමෙන් පසු එක් දුම්රියක් පීලි පැනීමට ලක්වුණු බවත් දුම්රිය මැදිරි දුම්රිය මාර්ගයෙන් පිටතට විසි වී, පෙරැළී ගිය බවත් පැවැසෙයි. එම මැදිරිවල සිරවුණු පිරිස් මුදා ගැනීමට සහන සේවකයන්ට මහත් පරිශ්‍රයක් දැරීමට සිදුවිය.