
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක් වෙනුවට සංකෝචනයක් සිදුවෙමින් තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මාධ්‍ය හමුවකදී අද (9) පැවැසීය.
2025 දෙවැනි කාර්තුවේ පැවැති සියයට 5.8% සංවර්ධනය 2026 දෙවන කාර්තුව වන විට සියයට 4.2 දක්වා අඩුවී තිබෙනවා පමණක් නොව 2008 වසරේ පැවැති ආර්ථික ප්‍රමාණයට වඩා සියයට 2 ක අඩුවීමක් අද වන විට පෙන්නුම් කරන බව සඳහන් කළේය.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති මෙම මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙසේද කීය.
මාසයෙන් මාසය ඉහළ යන උද්ධමනය හමුවේ ජනතාවගේ ඉතිරි කිරීමේ හැකියාව මෙන්ම මුදල්වල වටිනාකමද ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතිනවා. ජූනි මාසයේ 6.3%ක් ලෙස පැවැති උද්ධමනය අගෝස්තු වන විට 8% දක්වාත්, ආහාර උද්ධමනය 8.5% දක්වාත් ඉහළ ගිහින්. උද්ධමනයේ දරුණු බව නිසා අවුරුදු 9ක් ගතවන විට ජනතාවගේ වත්කම් වලින් 50%ක් අඩුවී යාමට නිමයිතයි.
වත්මන් රජය බලයට පත්වන විට 2024 ඔක්තෝබර් මාසයේදී රුපියල් 293ක් ලෙස පැවැති ඩොලරයක වටිනාකම අද වන විට රුපියල් 337 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය රුපියල් 45ක පමණ පහත වැටීමක්. මේ හේතුවෙන් ඉන්ධන, පරිප්පු, ලූනු, සීනි, පිටි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේදී සෑම ඩොලරයකටම අමතරව රුපියල් 45ක් වැය කිරීමට සිදුව තිබේ. එමෙන්ම, මෙරට විදේශ ණය ගණනය කිරීමේදී ද මේ වැඩිවීම දැඩි ලෙස බලපානවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd