IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අනුරාධපුරය අගනුවර කරන්නැයි ඉල්ලීමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුව පස්වරු 4.30 දක්වා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මහජන අදහස් විමසයි. සභාපති ලාල්  විජේනායක,සුනිල්  ජයරත්න, තේමිය හුරුල්ලේ, නදීකා  දමයන්ති කමිටු සේවා සාමාජිකයෝය.

අද සහ හෙට (18) දවස පුරා  උදෑසන 9.30 සිට 4.30 දක්වා  පැවැත්වේ.

විශ්‍රාමික රාජ්‍ය  සේවා  එකමුතුව වෙනුවෙන්  පියදාස පතිරණ මහතා  මුලින්ම කරුණූ දක්වමින්  රාජ්‍ය  සේවා  විශ්‍රාම ලබන අයට ප්‍රතිලාභ ලබා ගැනීමට  දැනට  පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බාධාවක් වී  ඇතැයි  සඳහන් කළේය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  හිටපු  උප කුලපති  හා රජරට එක්සත් වෘත්තියවේදීන්ගේ  සංසදයේ ජ්‍යෙෂ්ඨ උපදේශ මහාචාර්ය සී.එම්. මද්දුමබණ්ඩාර  අදහස්  දක්වමින් කොළඹ වාණිජ  අගනුවර ලෙස පවත්වා  ගෙන යමින්  මීළඟ අගනුවර  අනුරාධපුරය කළ යුතු යැයි ද ප්‍රකාශ කළේය.

සිංහල රජදවස අනුරාධපුරය වසර  1500 ක්  පමණ මෙරටේ අගනුවර  වු  බව ඉතිහාසය කියයි.

DSC_4866[1] DSC_4869[1]



අදහස් (0)

අනුරාධපුරය අගනුවර කරන්නැයි ඉල්ලීමක්

රුවන් Wednesday, 17 February 2016 08:13 AM

ජාති වාදීන් වෙතටයි දෑන් රජය මේ යෝජනාවත් ක්‍රියාත්මක කරන්නද යන්නේ එකෙක් ජතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න කියලා යෝජනා කලානේ ඒකට මරහඩ තලපු නිසයි ඈහෑවුවේ ඕනේ කෙනෙකුට යෝජනා කරන්න අයිතියක් තියෙනවා වගේම ඒවා නොකර සිටින්නත් රජයට අයිතියක් තියෙනවා. (ර)

:       0       0

චාමර Wednesday, 17 February 2016 11:51 AM

හොද අදහසක්. (ර)

:       0       0

තුසිත Thursday, 18 February 2016 02:43 AM

හොඳ අදහසක් (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Thursday, 18 February 2016 02:47 AM

අහවලා තව ටික දවසක් හිටියා නම් අපේ රටේ නව අගනුවර මැදමූලන වෙන්නත් තිබුණා (නි)

:       0       0

ජයරත්න Wednesday, 17 February 2016 12:24 PM

අත්ත වශයෙන්ම ලංකාවේ අගනුවර වියයුත්තේ අනුරාධපුරයයි. රටේ පවතින ගැටලු රැසකටම විසඳුම් ලැබෙයි. මෙය පුලුල් ජනතා සාකච්ඡාවකට බඳුන් කළයුතු කාරණයක්. අදහස අත්නොහැර ඒ වෙනුවෙන් දිගටම ක්‍රියාත්මක වන මෙන් එම විද්වතුන්ගෙන් ඉල්ලා සිටිමි. (නි)

:       0       0

නොයෙල් Wednesday, 17 February 2016 12:26 PM

බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

චම්පික Wednesday, 17 February 2016 08:53 AM

ගොඩක් හොඳ යෝජනාවක්. අපිත් කැමතියි ඒකට අනුරාධපුරයේ තවමත් රැඳී ඇති බුද්ධ ශක්තියෙන් රටට යහපතක් වේවි (බ)

:       0       0

තරිඳු හංසක (අනුරාධපුර) Monday, 14 March 2016 10:52 AM

ගොඩක් හොඳ යෝජනාවක්. අපුර ඕන තරම් ඉඩ තියෙනවා අනික අවුරුදු 1500ක ඉතිහාසයක් තියෙනවා. කොළඹට විතරයි දෙවැනි අනිත් හැමදේම තියෙන නගරයක්. අනික ඔකෙන් කොළඹ තදබදය සැහෙන අඩුවෙනවා වගේම මේ නිසා සංචාරක ආකර්ෂණය වැඩිවෙනවා. (ර)

:       0       0

අර්ජුන රණවන Wednesday, 17 February 2016 09:21 AM

හොඳ යෝජනාවක්. අපිත් කැමතියි ඒකට අනුරාධපුරයේ තවමත් රැඳී ඇති බුද්ධ ශක්තියෙන් රටට යහපතක් වේවි. (හේ)

:       0       0

නන්දලාල් ප්‍රංශය Wednesday, 17 February 2016 09:32 AM

කලින් කලට මේ විදියේ වෙනස්කම් කරන්න ගියොත් අපේ රටේ ආර්ථිකයට බලවත් පහරක් වදින්න පුළුවන්. අනුරාධපුරය පුජා නගරයක් ලෙස තවත් දියුණු කරන එක මීට වඩා වැදගත් වෙන්න පුළුවන්. (ර)

:       0       0

නිල්මිණි-ජපානය Wednesday, 17 February 2016 09:41 AM

චන්දන - ඕස්ට්‍රේලියා, අනුරාධපුරේ පවතින වකුගඩු රෝගය අඩු කිරීමට මගක් සොයා ගැනීමට කලින් ඊට නිශ්චිත හේතුව සොයාගන්න ඕනේ. තවම කිසිම පර්යේෂකයෙක් පලිබෝධ නාශක වලින් එන කාබනික සංයෝග ගැන විශ්ලේෂණය කර නැහැ. බැර ලෝහ සහ ෆ්ලුවොරයිඩ් ගැන පමණයි සොයා තිබෙන්නේ. බැර ලෝහ පරමාණුක අවශෝෂණ වර්ණවලිමානයෙන් සහ ෆ්ලුවොරයිඩ් අයන වරණ ඉලෙක්ට්‍රොඩයක් මගින් ඉතා පහසුවෙන් විශ්ලේෂණය කල හැකි වීම ඊට හේතුවයි. පලිබෝධ නාශක වලින් එන කාබනික සංයෝග ගැන වායු/ද්‍රව ක්‍රමලේඛ-ස්කන්ධ භේද-ස්කන්ධ භේද විශ්ලේෂණය වඩා අපහසුයි. හරියට හේතුව නොදන්නා මේ රෝගය පාලනයට මා දකින්නේ දැනට හොදම ක්‍රමය නම් හැකිතරම් ජනතාව වෙනත් ප්‍රදේශ වලට යැවීමයි. ඒ වෙනුවට අනුරාධපුරය අගනුවර කර ජනගහන වැඩිකිරීම කොරේ පිටට මරේ වැනි කියමන මෙන් විය හැකි ව්‍යසනයකි. (ර)

:       0       0

ජයන්ත Wednesday, 17 February 2016 06:22 AM

මෝඩ නැත්නම් හොඳයි ඉතින් නේද ? (ර)

:       0       0

මහින්ද සෞදි Wednesday, 17 February 2016 06:23 AM

අදහස හොඳයි වරායකුත් හදන්න වෙයි. (ර)

:       0       0

නිල්මිණි Wednesday, 17 February 2016 06:38 AM

ඇයි ඒ තවත් වැඩිපුර මිනිස්සු ටිකකට වකුගඩු රෝගය බෝ කරන්නද ? හැකිනම්, වකුගඩු රෝගයක් බහුල වුණ අනුරාධපුරයේ ජීවත් වන ජන ප්‍රමාණය හැකිතාක් අඩු කල යුතුයි ජීවිත බේරා ගැනීම සදහා. මේ අදහස මට නම් තේරුම් ගැනීමට නොහැකියි. (ර)

:       0       0

ජි . ජි . ඒ . කුමාර Wednesday, 17 February 2016 06:45 AM

අනුරාධපුරය අගනුවර කිරීම ඉතාම වැදගත්. (ර)

:       0       0

ලහිරු Wednesday, 17 February 2016 06:57 AM

වටිනා අදහසක්. (ර)

:       0       0

ජනක Wednesday, 17 February 2016 06:49 AM

නුවර පුරවැසියෙක් හැටියෙට මම කැමති, මහනුවර කියන නමට වඩා, සෙන්කඩගල නුවර කියනවනම්. (ර)

:       0       0

පීරිස් Wednesday, 17 February 2016 06:58 AM

රජයේ දෙපාර්තමේන්තු හා පරිපාලනය අනුරාදපුරේට ගෙනිහින් පැරණි රාජධානි ශ්‍රී විබුතිය පෙන්වලා උතුරෙන් ආපහු සොලී ආක්‍රමණ අවාහම කොළඹට දුවගෙන එන්න පුළුවන් පස්සේ. (ර)

:       0       0

මොහාන් Wednesday, 17 February 2016 07:16 AM

මේකත් අර ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න කියනවා වගේ කතාවක්. (ර)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Wednesday, 17 February 2016 07:18 AM

නිල්මිණි, වකුගඩු රෝගයක් බහුල නිසා අනුරාධපුරයේ ජීවත් වන ජන ප්‍රමාණය හැකිතාක් අඩු කල යුතුද? ඒ නිසා අනුරාධපුරය අගනුවර නොකළ යුතුද? ඔයාගේ ප්‍රශ්ණ වලට කල යුත්තේ අනුරාධපුරේ පවතින වකුගඩු රෝගය අඩු කිරීමට මගක් සොයා ගැනීමයි. (ර)

:       0       0

ජයන්ත Wednesday, 17 February 2016 07:19 AM

ඉතා කාලෝචිත අදසක් අපේ රටේ අබිමානය රැදිලා තියෙන්නේ රජරට අපි මේගැන සලකා බැලිය යුතුය. කොළඹ තිබෙන අක්‍රමවත් ඉදිකිරිම සහ පරිසර දුෂණයට තිත තියන්න පුළුවන්. (ර)

:       0       0

මහින්ද සෞදි Wednesday, 17 February 2016 07:30 AM

එකම අඩු පාඩුව එපමණයි? (ර)

:       0       0

වීරසිංහ Wednesday, 17 February 2016 07:36 AM

අපිත් කැමතියි මෙම අදහසට. (ර)

:       0       0

විපුල Wednesday, 17 February 2016 07:30 AM

මේවගේ දේවල් වලින් රටේ සංවර්දනය අඩාල වෙනවා කියලා හිතෙන්නේ නැද්ද? (ර)

:       0       0

මහින්ද සෞදි Wednesday, 17 February 2016 07:39 AM

වායු සමීකරණය කල වාහන වල ගිහිල්ල.සැප පහසු හෝල් වල ඉඳගෙන මේ වගේ ප්‍රකාස කරලා,ඒවා සම්මත කරගෙන,තවත් අසරණ ජනතාවගේ කරට බැරි බර පටවන්න හොඳ අදහසක්. (ර)

:       0       0

දිල්ෂාන් Wednesday, 17 February 2016 07:41 AM

ඉතා කාලෝචිත අදසක්. (ර)

:       0       0

ජොනතන් Wednesday, 17 February 2016 07:50 AM

මම කොලබ කෙනෙක්, නමුත් මමත් එකගයි මේ අදහසට , මොකද එතකොට තමා සංවර්ධනය නියම විධියට මුළු රට පුරාම බෙදෙන්නේ. (ර)

:       0       0

අබය Wednesday, 17 February 2016 10:46 AM

අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)

:       0       0

සෑම් Wednesday, 17 February 2016 07:51 AM

හෙට අනිද්දාට අනිකුත් නගර වල ඉන්නා අයත් තමන් ජීවත් වෙන නගරය ලංකාවේ අගනුවර කරන්න කියාවි . (ර)

:       0       0

විජේ Wednesday, 17 February 2016 07:53 AM

අනේ එපා. ලස්සනට කොළ පාටට තියෙන අනුරාධපුරේ කාන්තාරයක් කරන්න එපා. (ර)

:       0       0

සේනක Thursday, 18 February 2016 10:58 AM

අනුරාධපුරය අගනුවර කිරීමද තියන ලොකුම දැවෙන ව්‍යවස්ථා අවශ්‍යතාවය.? අනුවණ කමට ආයුර්වේදයෙවත් බටහිර වෛද්‍ය ක්‍රමේ වත් සුදුසු ඖෂධයක් තවම සමුවී නොමැත.(බ)

:       0       0

අනුර Thursday, 18 February 2016 03:11 PM

හොද අදහසක් අපිත් කැමතියි (බ)

:       0       0

සංජය අබේවර්ධන බණ්ඩාර Wednesday, 17 February 2016 07:55 AM

ඉතාමත් හොඳයි. අපේ අතීත ශ්‍රී විභූතිය නැවත ඉස්මතු කරන්න හොඳම යෝජනාවක්. අපේ හදවත අනුරපුරයයි. මම රත්නපුරයේ උනත් මමත් කැමති අනුරාධපුරයටයි. (ර)

:       0       0

අබරන් Wednesday, 17 February 2016 08:09 AM

අපි බලන් ඉන්නේ පොලොන්නරුව අගනුවර කරනකල්. (ර)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 17 February 2016 08:13 AM

අනේ වඳින්නම් ඒ වැඩේනම් කරන්න දෙන්න එපා , රටේම ඉන්න හොරු , මංකොල්ල කාරයෝ .මිනීමරුවෝ , ස්ත්‍රී දුසකයෝ මෙකි නොකී හැම කෙනෙක්ම පුජනීය නගරයට යාවි, එතකොට අපිට නිවිහැනහිල්ලේ අටමස්තානේවත් වැඳ පුදාගන්න බැරි වෙයි. (ර)

:       0       0

ඩිලාන් Wednesday, 17 February 2016 11:25 AM

60 දශකයෙදිත් ඔහොම සතර පෝය නිවාඩු කරන්න කියා ඉල්ලුවා, අපේ රට බෞද්ධ රටක් නිසා. දුන්නට පස්සේ තමයි ඒකේ වැරැද්ද කාටත් පෙනුනේ. කාලයට ඔබින විදිහට වැඩ කළයුතුය. කලින් ගොන් කරත්තෙන් ගියා කියා අදත් එහෙම කරලා හරියනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 93 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 983 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 197 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 885 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3561 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2256 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24866 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site