අරක්කු බෝතලයක මිල යළිත් රුපියල් තිහකින් පමණ වැඩි වී ඇතැයි ඩීසීඑස්එල් සමාගම පවසයි.
මෙවර අයවැයෙන් ආනයනික මද්‍යසාර ස්ප්‍රීතු සඳහා බදු වැඩිකිරීම මීට හේතුව බව ද සමාගම කියයි.
මීට පෙර ද සුරාබද්ද වැඩිකිරීම නිසා පසුගිය 10 වැනි දා සිට අරක්කු මිල රුපියල් 30-60ක් අතර මිලකින් වැඩි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම නවත්වන්නම ඕනෑ නම් එකපාර 500 කින් විතර වැඩිකළා නම් හරි. හැබැයි බොන එකා කොහොමත් බොනවා.ගෙවල් වල අහිංසකයෝ දුක්විඳිනවා. (නි)
අරක්කු මිල වැඩි කරනවා වාගේම , ඔය රජයේ ලොකු ලොක්කන් ගෙන්වන සුදු පව්ඩර් වල මිලත් වැඩි කරන්නකෝ (දිල්)
ආනයනික මධ්‍යසාර වලට බදු වැඩිකළාට පොල් අරක්කු වල මිල වැඩිවෙන එකක් නැහැනේ. ඒවා හදන්නේ ලංකාවේ පොල් රා පෙරීමෙන් නිසා මිල වැඩිවෙන්න කිසිම හේතුවක් නැහැ. (නි)
අරක්කු බෝතලයක් රුපියල් 5000ක්වත් කළොත් හොඳයි (නි)
අපි ලබන සුළු විනෝදෙනුත් ඔයාලා එහෙනම් සහන ලබාගන්නකෝ. (නි)
"ඉතින් ඇයි මේ බෞද්ධ අප රටේ ඔය දේවල් තහනම් කරන්න බැරි." එහෙනම් කෑමට සත්තු මරන එකත් තහනම් කරන්න පුලුවන්නේ! (නි)
මේවා නම් වැඩිවෙන තරමට හොඳයි (නි)
අරක්කු මිල වැඩිවුණාම කසිප්පු මුදලාලිට වාසි ගොඩයි. ඉල්ලීම වැඩිවෙනවා. අනික ඔය අරක්කු කියා බොන්නෙත් වස විස සහිත එතනෝල්නේ! (නි)
බොන එක නවත්වන්න බැරිකම තනිකරම පිර්මින්ගේ මානසික ලෙඩක්... (නි)
මේවා ගැන නම් අපි හරිම සතුටුයි (නි)
එතනෝල් කන්ටේනර් ගණන් හොරෙන් ගෙන්වන අයට තව වටයකින් ලාභ වැඩිවෙනවා. හැබැයි බොන එකා කීය දීලා හරි බොනවා. අන්තිමේ දරුවෝ බඩගින්නේ එතනොල් මුදලාලිලා ඉහලට. (හේ)
අපේ රටේ අරක්කු නතර කරනවා බොරු.(හේ)
ඕවා වැඩිවෙන තරමට හොදයි. අසල්වැසි ඉන්දියාවේ කේරල ප්‍රාන්තේ දැනටමත් තැබෑරුම් තහනම් කරලා තියෙන්නේ හා තරුපහේ හෝටල් වලටත් ලිකර් බාර් තහනම එලෙසම බල පැවැත්වෙනවා.ඉතින් අයි මේ බෞද්ධ වන අප රටේ ඔය දේවල් තහනම් කරන්න බැරි.(හේ)
එක නම් හොඳ වැඩක්. වැඩි වන තරමට හොඳයි. (ර)
අපේ මිනිස්සු අරක්කු මිල කොච්චර වැඩි කරත් හවසට බාර් එක ලඟ.(හේ)
ශ්රී ලංකා කසිප්පු කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ගත් ඉතාම කාලෝචිත පියවරක්.(හේ)
මතට විතරයි තිත. මිලටනම් තිතක් නැත.(හේ)
ඒකනම් හොද වැඩක්.(හේ)
අපි වගේ පොඩි අයටත් බොන්න ක්‍රමයක් තිබිය යුතුයි.(හේ)
සන්තෝසෙන් ඉන්න තිබුන එකත් නැතිවෙනවා.(හේ)