IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘අපි එක මවකගේ දරුවෝ වෙමු : ශීලාචාර රටක් හදමු‘ - රනිල්

ජයග්‍රාහකයන් හා පරාජිතයන් ලෙස බෙදී වෙන් නොවී නව යුගයේ අභියෝගයන්ට මුහුණ දෙමින් නව දේශපාලන සංස්කෘතියක් යටතේ ශිලාචාර රටක් ගොඩ නැගීම සඳහා සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩ නැඟීමට එක් වන්නැයි සියලු දෙනාට ආරාධනා කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

නව රජයේ නායක වික්‍රමසිංහ මහතා අගමැති පදවියේ දිවුරුම් දීමට නියමිතය.

නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

ජනවාරි අට වැනි දා විප්ලවය ඉදිරියට ගෙන යමින් යහපාලනය සහ සම්මුතිවාදය ඉදිරියට ගෙන යෑම සඳහා මෙරට බහුතර ජනතාවගේ අනුමැතිය හිමි වී තිබේ.

මැතිවරණ කාලය පුරා ජනතා ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ සියලු පාර්ශවයන්ට මාගේ ස්තිතුය පළ කරමි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ සාමකාමී පරිසරය මේ මැතිවරණයේ දී උදා කර ගැනීමට අපට හැකි විය. ඒ යහපත් පරිසරය නිරන්තරව ආරක්ෂා කර ගැනීම අප සතු වගකීමකි.

දැන් ජයග්‍රහාහකයන් හා පරාජිතයන් ලෙස බෙදා වෙන් කිරීම් අනවශ්‍යය. එක මවකගේ දරු කැල ලෙස අපි දැන් මෙරට නව දේශපාලන සංස්කෘතියක් බිහි කරලීමේ කාර්යයට එක් විය යුතු වෙමු. නව යුගයේ අභියෝගයන්ට මුහුණ දී අපේ දේශය ඉහළට ඔසවා තැබීමේ වෑයමට එක හදින් උර දිය යුතු වෙමු.

ඒ අභියෝගාත්මක කාර්යය සඳහා අප හා එක්වන ලෙස මම ඔබ සැමට ආරාධනා කරන්නෙමි.

අපි එකට එක්ව ශීලාචාර සමාජයක් බිහි කරමු. සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩ නංවමු. සැමට සමාන අවස්ථා සපිරි අලුත් රටක් නිර්මාණය කරමු.‘



අදහස් (0)

‘අපි එක මවකගේ දරුවෝ වෙමු : ශීලාචාර රටක් හදමු‘ - රනිල්

සුගත් Tuesday, 18 August 2015 08:20 AM

නායකයා සහ බුද්ධිමතුන් එකතු කර රටට ඔබින විසිඅවුරු (ම)

:       0       0

වැකො Tuesday, 18 August 2015 08:31 AM

සියලු නායකයන් සහ බුද්ධිමතුන් එක්වේ රටට සුදුසු විසිඅවුරුදු සංවර්ධන සැලැස්මක් පිළියෙළ කළ යුතුය. මින් ඉදිරියේ දී කුමන පක්ෂය බලයට ආවත් , මෙම සැලැස්ම අනුව වැඩ කළ යුතුයි. මෙම සැලැස්ම අවුරුදු පතා නිරික්ෂණය කර අවශ්‍ය වෙනස්කම්ද කළ යුතුය .(ම)

:       0       0

නාරද Tuesday, 18 August 2015 06:48 AM

මාර්ග නීති වලින් පටන් ගමුද? (නදී)

:       0       0

නිමල් ලාලිත Tuesday, 18 August 2015 10:39 AM

සිංහලය විනාශ කර අලුත් ජාතියක් නිර්මාණය කිරීමට උත්සාහ නොකර,කාටත් එකම නීතියක් යටතේ ජිවත් වීමට හැකි වනසේ සියලුම කුමන හෝ ආගම් නීති තහනම් කර සම දෙනාටම එකම නීතියකින් රටේ ඕනෑම තැනක ජිවත් වීමේ හැකියාව සකසන්න. සිංහලය තුන් වැනි හෝ හතර වැනි තැනට දැමීමට උත්සාහ නොකරන්න. වෙල්ල්මුල්ලි වයික්කල් රජයේ පාසලේ සිංහලය තුන්වැනි තැන තියෙන හැටි බලන්න. (බ)

:       0       0

සංජීව Tuesday, 18 August 2015 06:59 AM

ජයවේවා (නදී)

:       0       0

ශේන්-මෙල්බර්න් Tuesday, 18 August 2015 07:05 AM

සුබ පැතුම්, රටේ නියම අවශ්‍යතා සහ ප්‍රමුඛතා හඳුනාගෙන, තක්කඩි දේශපාලනයෙන් මිදී මහත්මා දේශපාලනයක් සිදුවෙන තිරසාර සංවර්ධනයක් සිදුවෙන අනාගතයකට රට යොමු කිරීමට හැකිවේවායි පතමි(නදී)

:       0       0

චිත්‍රා Tuesday, 18 August 2015 07:10 AM

අපි එඅදත් අදත් හෙටත් ඔබතුමා සමගයි (නදී)

:       0       0

ධම්මික පෙරේරා Tuesday, 18 August 2015 07:30 AM

වඩාත් වටින ජයග්‍රහණය වන්නේ ඡන්ද දායකයන්ගේ විශ්වාසය දිනා ඒ අය ඡන්ද පොලට ගෙනයාමට රජයත්, මැතිවරණ කොමසාරිස් තුමත්, ආරක්ෂක අංශත් සමත් වීමයි. ශ්‍රී ලංකාවට ජය (නදී)

:       0       0

සිරි Tuesday, 18 August 2015 07:55 AM

හැමදෙයක්ම සිදුවිය යුත්තේ " එක රටක් - එක නීතියක්" යන රාමුව තුළය ..(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 117 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 64 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 111 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 927 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1192 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 78 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14607 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 201 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site