IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘‘අපි ජනතා ආණ්ඩුවක් හදමු‘‘

(තිසර සමල්)

රට විනාශ කරන්න සහය වූ, වැරදි තීන්දුවලට අත ඉස්සු, පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවකු ජාතික ජන බලවේගයේ වේදිකාවත් එක්ක සම්බන්ධ කර නොගන්නා බවට සහතික වෙනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අපි මාරුවෙන් මාරුවට ඡන්දය දුන්නාට, මාරුවෙන් මාරුවට නායකයෝ ගෙන ආවට, මාරුවෙන් මාරුවට ආණ්ඩු හැදුවාට ඒ හදලා තියෙන්නේ ඒ ගොල්ලන්ගේ ආණ්ඩු, අපි එකවතාවක් හදමු ජනතාවගේ ආණ්ඩුවක්. ඒ තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. අපි නීතී හදන්නේ පොදු ජනතාව වෙනුවෙන්. සල්ලි වියදම් කරන්නේ පොදු ජනතාව වෙනුවෙන්. ගොවි ජනතාව ණය බරින් නිදහස් කර ගන්න ඕන.

යම් ණය ප්‍රමාණයක් කපා හරින්න ඕන.ඒ ගොල්ල කපන්නේ දයා ගමගේගේ ණය අපි කපන්නේ ගොවි ජනතාවගේ ණය. අපි 2004 චන්ද්‍රිකා එක්ක පරිවාස ආණ්ඩුවට ගියා. දාපු එක කොන්දේසියක් තමයි රුපියල් 25 000 ක් දක්වා සියලු ගොවි ණය කපන්න ඕන කියලා.අපේ කොන්දේසිය වුණේ ගොවි ජනතාවගේ ණය කපන්න, .

ඒ ඒ ගොල්ලන්ගේ ආණ්ඩු.අපි හදන්න ඕන ජනතාවගේ ආණ්ඩුවක්.ඒ නිසා තමයි කියන්නේ සැප්තැම්බර් මාසේ 21 වැනිදා කියන්නේ වැදගත් දිනයක්, මෙච්චර කල් හැදුවේ ඒ ගොල්ලන්ගේ ආණ්ඩු, මෙවර අපි පළමු වතාවට ජනතාවගේ ආණ්ඩුවක් හදමු.

අනුරාධපුර, බුල්නෑව නගරයේදී පැවැති ජාතික ජන බලවේගයේ ගොවි රැළිය, අමතමින් අනුර කුමාර දිසානායක මහතා ඒ බව පැවැසීය. 

ජාතික පුනරුදයක් වෙනුවෙන් ගොවිජන බලය ගොඩනඟන මාලිමාවේ බුල්නෑව ගොවි රැලියට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සුසන්ත කුමාර නවරත්න යන මහත්වරු එක්ව සිටියහ.

 



අදහස් (10)

‘‘අපි ජනතා ආණ්ඩුවක් හදමු‘‘

Anura Pathirana Wednesday, 31 July 2024 09:16 AM

ජනතාවට ජය වේවා

:       0       8

රංබොඩ Wednesday, 31 July 2024 09:36 AM

අනේ මන්දා... මේ පාර කාට ඡන්දය දාන්නද කියලා. හැම කෙනාගේම රටට භයානක දුර්වල පැත්තක් තියෙනවා.

:       9       5

අරවින්ද මොනරවිල Wednesday, 31 July 2024 09:54 AM

ඔව් සහෝදරයා අපි හදමු අපේම ආණ්ඩුවක් ! හොරකම වංචාව දූෂණ නැති, වැඩ කරන මිනිසුන්ට සාධාරණ වැටුපක්, දරුවන්ට හොද අධ්‍යාපනයක්, රෝගින්ට හොද සෞඛ්‍ය සේවයක් හා වැඩිහිටියන්ට හොද විශ්‍රාම ජීවිතයක් ලැබෙන.

:       2       29

Kamal Wednesday, 31 July 2024 10:33 AM

රට සවාරි ඉවරවෙලා ලංකාවට ඇවිල්ලා පච කියනවා.

:       19       2

fairoos Wednesday, 31 July 2024 11:29 AM

අනිවාර්යයෙන්ම වෙනසක් පතමු

:       3       30

සෙනෙවිරත්න Wednesday, 31 July 2024 12:30 PM

ජයවේවා! ඔබට පමණයි එය කල හැක්කේ, තඹුත්තේගම ගොවි දරුවෙකු රටේ නායකයා වේවා, සොරුන් බලපුලුවන්කාරයන්, කලබලවී ඇත. පොදු ජනතාව ඔබ සමගයි. උතුරෙත් නැගෙනහිරත් මැදරටත් එසේමය

:       4       31

Suranga Wednesday, 31 July 2024 12:50 PM

ජනතා ආණ්ඩුවක් හදනවා නම් උපරිමයෙන් සහාය දෙනවා. එයට පෙර 1971 සිදු කල දේවල් හා 2988-89 කාලයේ කරපු විනාශ කිරීම් ගැන කියන්නෙ මොකක්ද කියලා පැහැදිලි පිළිතුරක් ඔය රැස්වීමක් වෙලාවෙ බ්‍රෝම කියන්න ඕන. ඊළඟට මෑත වකවානුවේ පාසල් වල හා විශ්ව විද්‍යාලවල වර්ජන මෙහෙයවා ඔබේ සහෝදර මහින්ද දරුවන්ට කල පීඩාවටත් රෝහල් වල වර්ජන ඇතිකර රෝගීන් පීඩාවට පත්කිරීම ගැනත් කියන්න .ඊළඟට ඔය අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නොපමාව එලිදැක්වීමත් කරන්න කැන්වසින් එන අඅයගේ අතේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවා බැලීමට ප්‍රමාණවත් කාලයක් ඇතුව එවන්න එ.හෙම කියන්නෙ මෙතුවක් කාලයක් ගිනි පෙනෙල්ලෙන් බැටකාපු අපි කණාමැදිරියටත් බය නිසා තමයි බ්‍රෝ

:       24       7

කමල් Wednesday, 31 July 2024 02:09 PM

ජයවේවා! ඔබට පමණයි එය කල හැක්කේ,

:       5       29

Ruwan De Silva Wednesday, 31 July 2024 07:59 PM

දැන් සජිත්ගේ පිලෙත් ඉන්නේ පොහොට්ටු හොරු, රනිල් ගේ පිලෙත් ඉන්නේ පොහොට්ටු හොරු, දැන් පොහොට්ටුවේ ඉතුරු ලොකුම හොරු, ඉතින් ඔය පක්ෂ 3න් එකකට දුන්නත් එකම දේ වෙන්නේ පසුගිය අවුරුදු ගානටම වුනා වගේ ගෙම්බෝ පැනිලි විතරයි. මේ දේ වෙනස් කරන්න කාලේ ඇවිල්ලා නැත්තං 2048 වෙද්දි ලංකාව හයිටිය, සෝමාලියාව වගේ සොහොන් බිමක් වෙයි.

:       0       8

Gamini Friday, 02 August 2024 08:22 PM

මේ හාදයා දිනුවොත් තවත් ආර්ථික කඩා වැටීමක් අත ළඟ...

:       6       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2771 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1993 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2869 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2886 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 653 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1298 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36033 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 516 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site