IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘අපේ මැතිවරණ යෝජනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කරන්න‘

 පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් අතුළු පොරොන්දු ඇතුලත් කරමින් ගෙන ආ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යෝජනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කර ගන්නැයි දෙමළ ජාතික සන්ධානය රජයට බලකර සිටී.

වව්නියාවේ දී  පැවති ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂ නියෝජිත සම්මේලනයේදී මෙම තීරණය ගෙන ඇත.

උතුරේ අර්බුදයට මධ්‍යම රජය විසින් පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කරන ෆෙඩරල් විසදුමක් ගෙන ඒම,ත්‍රස්ථවදය වැලැක්වීමේ පනත යටතේ අතඩංගුවට ගත් කොටි සැකකරුවන් නිදහස් කිරීම,  උතුරේ අධි ආරක්ෂිත කලාප ඇතුළු ආරක්ෂක අංශ අත්පත්කරගෙන සිටින ඉඩම් නිදහස් කිරීම, ආරක්ෂක හමුදාව උතුරෙන් අඩු කිරීම ඇතුළු ඉල්ලීම් ඇතුලත් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කරනු ලැබීය.

මෙම සම්මේලනයේදී දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂනායක ආර්.සම්බන්දන් අවධාරණය කර සිටියේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට වූ පොරොන්දු එම ජනතාවගේම පිහිටෙන් පාර්ලිමේන්තු ආ අප ඉටු කරදීම වගකීමක් බවයි.

මේ සම්බන්ධයෙන් රජය සමග ඉදිරියේදී සාකච්ඡා කරන බවද හෙතෙම පැවසීය.

තවද දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සෙසු පක්ෂවල මතයන් වලට ගරුකරමින් එක් සන්ධානයක් ලෙස උතුරේ අර්බුදවලට විසදුම් සෙවීමට ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය තීරණය කර ඇත.

12584187_720841548053447_271688630_n (Copy) 12607201_720841561386779_1367446730_n (Copy)



අදහස් (0)

‘අපේ මැතිවරණ යෝජනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කරන්න‘

පාඨලී Sunday, 24 January 2016 04:38 AM

තිස්ස අත්තනායක ඉදිරිපත් කළ දේ නේද මේගොල්ලෝ ඉල්ලන්නේ (බ)

:       0       0

බෙන්තර මහේෂ් Saturday, 23 January 2016 07:52 AM

ඉල්ලන්නකෝ මහත්තයෝ පිරිසිදු ජලය, දරුවන්ට හොද අධ්‍යාපනයක් වගේම පෝෂණයක්, අනවශ්‍ය ගාස්තු අඩුකරන වගේ දේවල් ටිකක්. අපිත් ෆුල් සපෝර්ට් (අ)

:       0       0

නිමල්ලලිත් Saturday, 23 January 2016 08:53 AM

කෙටියෙන්ම මේ ගොල්ල ඉල්ලා තියෙන්නේ ස්වයං තීරණ ගත හැකි, විදෙසයන්ගෙන් ඔවුන්ට අවශ්‍ය විදිහට මුදල් සහ ආදාර ලබා ගත හැකි, එහෙත් රජයෙන්ද ඔවුන්ගේ පැවැත්මට මුදල ලැබෙන, සිංහලය එම පළාත් වලින් ඉවත් කළහැකි පාලනයක් නේද? (අ)

:       0       0

ගයන්ත සේනානායක Sunday, 24 January 2016 07:58 AM

අතුල ඔයා 100% ක් හරි. (ර)

:       0       0

අතුල Saturday, 23 January 2016 10:24 AM

ඔයාල ඉල්ලන්නේ ඔයාලට ඔනදෙවල් මිසක දෙමල ජනතාවට අවශ්‍ය දේවල් නොවේ , එහෙ මිනිසුන්ටත් දකුණේ මිනිසුන්ටත් තියෙන්නේ එකම ප්‍රශ්න වැලක් ,දුප්පත් කම පිටුදකින ක්‍රමයක් ඕකට ඇතුලත් කරන්න ඔය විකාර වලින් වැඩක්නැහැ (අ)

:       0       0

රූපසිංහ Saturday, 23 January 2016 10:51 AM

හරියටම හරි නිමල් ලලිත්. කියමනක් තියෙන්න මුස්ලිම් මනුස්සයා මස් රාත්තල ලැබෙන තුරු ඉල්ලන්නේම එකයි කියල. (අ)

:       0       0

සුසන්ත Saturday, 23 January 2016 06:44 PM

ඕවා දෙන්න පොරොන්දු වුණා නම්, ගිවිසුමකුත් ගැහුවා නම් ඉතින් බය නැතුව ඉන්න, ඔක්කොම ලැබේවි. දැනටම ගොඩක් දේ ලැබුනානේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 238 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1280 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1482 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 516 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1716 3

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘
2024 සැප්තැම්බර් මස 25 1765 1

මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37035 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24400 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site