IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අපේ යාළු මාළුවෝ - 16

ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ බහුලව දැකිය හැකි මත්ස්‍ය විශේෂයක් වන බලයා ආර්ථික වටිනාකමක් සහිත මාළුවෙකි. බල මාළු මෙරට වැසියන් අතර ජනප්‍රිය ආහාරයකි. එමෙන් ම උම්බලකඩ සෑදීම සඳහා යොදා ගන්නේ ද මේ මත්ස්‍ය විශේෂයයි.

ඉංග්‍රීසි බසින් ස්කිප්ජැක් ටූනා Scipjack Tuna ලෙස හඳුන්වන බලයා සත්ත්ව විද්‍යාත්මක ව කැට්සුවෝනස් පෙලමිස් Katsuwonus pelamis යනුවෙන් නම්කැර ඇත.

සාමාන්‍යයෙන් සිරුර දිගටිය. සම්පූර්ණයෙන් පරිනත මාළුවකු මීටරයක් පමණ දික්ව වැඩෙන නමුත් ලංකාව අවට මුහුදෙන් අල්ලා ගන්නා මසුන් වැඩි ප්‍රමාණයක් සෙන්ටි මීටර 80ට වඩා අඩු දිගින් යුතුය.

බලයා අයත්වන්නේ ස්කොම්බ්‍රිඩේ Scombridae කුලටයි. ලොව කරදිය මසුන් හෙවත් මුහුදේ සිටින මසුන් අතරින් වැඩිම ආර්ථික වටිනාකමක් සහිත මසුන් විශේෂ රාශියක් දක්නට ලැබෙන්නේ ස්කොම්බ්‍රිඩේ කුලයේය. ඒ අතරට බලයා, කෙලවල්ලා, තෝරා, අලගුඩුවා, ඇටවල්ලා, ඉරටවල්ලා හා කුම්බලාවා වැනි මත්ස්‍ය විශේෂ ස්කොම්බ්‍රිඩේ කුලයට අයත් වේ.

බලයා ස්කොම්බ්‍රිඩේ කුලයේ අනෙක් මසුන්ට වඩා ශරීරය තර්කරූපී හෙවත් දෙකොණ උල්වූ ස්වරූපයකින් යුක්තය. බලයාගේ සිරුරේ හරස්කඩ දළ වශයෙන් ගෝලාකාරය.

බලයාගේ පෘෂ්ඨීය වරළ හෙවත් පිටමත ඇති වරල් දෙක පැහැදිලිව වෙන්වී ඇත. පෞච්ඡ වරළට හෙවත් වලිගයට ඉදිරියෙන් හොඳින් වර්ධනය වූ ඉහළට නෙරාගිය දාරයක් දක්නට ඇත. සාමාන්‍යයෙන් බලයාගේ වරල් අඳුරු ස්වභාවයක් ගනී. එසේ වුව ද ගුද වරළ සුදු පැහැතිය. සිරුරේ කොරළ නැත.

බලයා හඳුනාගැනීමට පහසු ම ලක්ෂණය වන්නේ සිරුරේ පාර්ශ්විකව උදරීයව දික් අතට විහිදුණු රේඛා 4-6 ක් පමණ පිහිටා තිබීමයි. පිට දෙසින් අඳුරු නිල් පැහැයක් ගන්නා බලයාගේ උදර පෙදෙස රිදී පැහැතිය.

කුඩා මසුන්, දැල්ලන්, බූවල්ලන්, ඉස්සන් හා කකුළුවන් වැනි සතුන් ආහාරයට ගන්නා බලයා රංචු වශයෙන් ජීවත් වීමට දැඩි සේ ප්‍රිය කරයි. ගැඹුරු මුහුදේ මෙන් ම නොගැඹුරු මහද්වීපික තටාකයේ ද බහුලව දැකිය හැකි බලයන් දකුණු ඇමෙරිකාව, නැගෙනහිර අප්‍රිකාව, මැඩගස්කර දූපත්, ලක්දිව් දූපත්, මාලදිවයින, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අවට බහුලව හමුවේ.

හැඹිලි දැල, මරු වැල, බල දැල ආදිය යොදා ගනිමින් ගැඹුරු මුහුදේ දී ද වෙරළාසන්නයේ දී බිලී බෑමෙන් ද බලයන් අල්ලා ගැනීමට ශ්‍රී ලාංකික ධීවරයෝ පුරුදුව සිටිති.

Kapel_m0 katsuwonus_pelamis_thunfisch Thai-Skipjack-tuna-3 - Copy

අපේ යාළු මාළුවෝ - 01

http://www.lankadeepa.lk/index.php/articles/269354

අපේ යාළු මාළුවෝ - 02

http://www.lankadeepa.lk/index.php/articles/269724

අපේ යාළු මාළුවෝ - 03

http://www.lankadeepa.lk/index.php/articles/271330

අපේ යාළු මාළුවෝ - 04

http://www.lankadeepa.lk/index.php/articles/271559

අපේ යාළු මාළුවෝ - 05

http://www.lankadeepa.lk/index.php/articles/271675

අපේ යාළු මාළුවෝ - 06

http://www.lankadeepa.lk/index.php/articles/276731

අපේ යාළු මාළුවෝ - 07

http://www.lankadeepa.lk/index.php/articles/277013

අපේ යාළු මාළුවෝ - 08

http://www.lankadeepa.lk/index.php/articles/277332

අපේ යාළු මාළුවෝ - 09

http://www.lankadeepa.lk/index.php/articles/277576

අපේ යාළු මාළුවෝ - 10

http://www.lankadeepa.lk/index.php/articles/277886

අපේ යාළු මාළුවෝ - 11

http://www.lankadeepa.lk/index.php/articles/278262

අපේ යාළු මාළුවෝ - 12

http://www.lankadeepa.lk/index.php/articles/278845

අපේ යාළු මාළුවෝ - 13

http://www.lankadeepa.lk/index.php/articles/279668

අපේ යාළු මාළුවෝ - 14

http://www.lankadeepa.lk/index.php/articles/280139

අපේ යාළු මාළුවෝ - 15

http://www.lankadeepa.lk/index.php/articles/280462



අදහස් (0)

අපේ යාළු මාළුවෝ - 16

අජිත් Tuesday, 09 December 2014 05:53 AM

ලංකාවේ අපිට හොඳ තත්වයේ කෙලවල්ලන් ලැබෙන්නේ නැත. හොඳ තත්වයේ කෙලවල්ලන් අපනයනය කර විදේශ විනිමය උපයනු ඇත. අපිට ලැබෙන්නේ තත්වයෙන් බාල බැහැ කරපු මාලු. අපේ තේ කොල අපේ රටේ තිබිලත් අපිට ලැබෙන්නේ බාල තේ කොලය. පොඩි මිනිහා හැමදාම කන්නේ කටු සහ කුණු (නදී)

:       0       2

කුමාර Monday, 08 December 2014 02:49 PM

බලය සහ කෙලවල්ලා අතර වෙනස පැහැදිලි කරන්න. බිලි කොක්කෙන් අල්ලන බලය දැල් වලින් අල්ලන බලයට වැඩ ගණන් ඇයි? (නදී)

:       0       0

රොෂාන් ද සිල්වා, බලපිටිය Tuesday, 09 December 2014 07:16 AM

ලංකාදීප පාඨකයනි, මෙන්න ඔබටත් කදිම අවස්ථාවක්. මෙන්න මේ කෑම කන්න උත්සාහ කරන්න. හැමදාමත් කන්න බලයි. සුදු හාලේ බතුයි, මිරිසට උයපු බලමාලුයි, දෙල් තම්බලා, සුදුපොල් සමග. කාලා බලලා අපි සමග ඔබේ රස බෙදා ගන්න. (නදී)

:       0       0

ජිනන්දන Monday, 08 December 2014 03:37 PM

කෙළවල්ලා ගැනත් හැඳින්වීමක් කරන්න. මොකද ලංකාවේ බල මාළුම තමයි කෙළවල්ලා කියලා දෙන්නේත් (නි)

:       0       5

තුසිත Tuesday, 09 December 2014 02:57 AM

කුමාර, රොෂාන් ද සිල්වා දෙදෙනාටම ස්තුතියි! (නි)

:       0       0

සෙනරත් Tuesday, 09 December 2014 03:16 AM

මම රොෂාන්ගේ විස්තරයට යමක් එකතුකරන්න කැමතියි. බලයාගේ බඩේ යට කොටසේ තියෙන ඉරි කෙලවල්ලගේ දක්නට නොමැත. කෙලවල්ලගේ බඩේ යට කොටස ලා නිල්පාටක් දක්නට ඇත. ලොකු කෙලවල්ලෝ නම් අදුනාගන්න ඉතාම පහසුයි. සාමාන්‍යයෙන් ඔවුන් කිලෝ 20 සිට කිලෝ 60 තරම් ප්‍රමාණයට දක්නට පුළුවන්. (නදී)

:       0       0

රොෂාන් Tuesday, 09 December 2014 08:22 AM

මම දන්නා තරමට කෙළවල්ලා කියන්නේ පිරිමි සතා, බලයා ගැහැණු සතා (නි)

:       2       2

කැනඩා දිසා Tuesday, 09 December 2014 03:35 AM

මම අද ලංකාවේ නැති උනාට මේ ගැන දන්නවා. කුමාර ගේ ප්‍රශ්නයට බලපිටියේ රොෂාන් දුන්න පිළිතුර හොඳයි. නමුත් කුමාර බලාපොරොත්තු වෙන දේ හරියටම කියා වුනේ නැහැ. මෙන්න උත්තරය බලයා ගේ ඇඟේ දික් අතට කළු පාටට හුරු ඉරි 4 හෝ වැඩි ප්‍රමාණයක් පිහිටනවා. කෙලවල්ලා ගේ ඉරි පිහිටන්නේ නැහැ. අපේ රටේ මාළු වෙළෙන්දෝ කෙලවල්ලා කියා බලයා විකුනනවා මට අහු වෙලා තියෙනවා. පරිස්සමෙන්. (නදී)

:       0       0

රොෂාන් ද සිල්වා, බලපිටිය Monday, 08 December 2014 05:24 PM

සජීව, මෙය ඉතාම හොඳ ලිපියක්. ගොඩක් ස්තුතියි ඔබට. මම බලපිටියේ නිසා මෙය ලිවිය යුතුමයි. හේතුව අපේ ගමේ නම හැදිලා තියෙන්නෙත් බලමාලු නිසයි. ඒ පුරාණයේ බලපිටිය බලමාලු වලට ප්‍රසිද්ධ නිසයි. දැන් කුමාරගේ ප්‍රශ්නයට උත්තර දෙන්නම්. ඔව් බලයයි කෙළවල්ලයි වෙනස්. වැඩුනු කෙළවල්ලා අනිවාර්යෙන්ම වැඩුනු බලයට වැඩිය විශාලයි. කෙළවල්ලා මාළු බල මාළු වලට වඩා ඝනකමින් යුක්තයි. බලයාගේ ප්‍රධානම ආහාරය "ඉගුරා" කියන කුඩා මාළුවායි.බලයා සහ කෙළවල්ලා වැඩිපුරම අල්ලනු ලබන්නේ විශාල සහ බහුදින යාත්‍රා මඟිනි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 0 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 338 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1216 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 417 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1232 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 221 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38579 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 936 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site