
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අපි ළඟදීම දවසක බැරියර් කඩාගෙන එනවා යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මන්ත්‍රීවරයා මේ බව කීවේ 22 වැනි ආණ්ඩුක්‍රම ඉවස්ථා සංශෝධන විවාදය අමතමිනි.
" හොරු අල්ලන මුවාවෙන් අධිකරණයේ නිදහස සහ ප්රජාතන්ත්රවාදය යටපත් කරන්න හදන්නේ.අපි ඊයෙ නෑවලු.ඒගොල්ලෝ ප්රජාතන්ත්රවාදය කෑවා. කාලා පාර්සලුත් අරගෙන ගියා. ඊයේ අපි බැරියර් කඩාගෙන ඇවිත් පාර්ලිමේන්තුව ගිනි තබනු ඇතැයි ආණ්ඩුව සිතුවා. අපි එහෙම කලේ නැහැ.
හැබැයි අපි දවසක බැරියර් කඩාගෙන එනවා. ඒ දවස තීන්දු කරන්නේ සමගි ජන බලවේගය.ගෝඨාභයගේ බැරියර් කැඩුවෙත් අපි.අපිට බැරියර් කඩපු ඉතිහාසයක් තිබෙනවා.ඒ බැරියර් කඩන දවස වැඩි ඈතක නෑ" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ උඹලා කරයි.
බැරියර් ඔක්කොම ඇරලා දීලත් කෝ මුකුත් කරගන්න ගත්තේ නැහැනේ,ආයේ ඉතින් ඕගොල්ලෝ කවදා බැරියර් කඩාගෙන එන්නද…
පල යන්න
ගෝතාබයගේ බැලියල් කැදුවේ අපි :) :) :)
අම්මපා! ගෝටා බයගේ බැරියර් කැඩුවෙ ඔහෙලද, ඔහෙලද? ඕකට හිනාවෙන්න ඕන කොයි භාගෙන්ද කියල අනේ ද්න කෙනෙක් ඉනන්නව නං මට කියන්නකො.
කොහොමටත් මෙයා අවුලෙන් ඉන්නේ,නගරාධිපති සිහින මාළිගාව බින්ද වැටුනා.ගහපු ගේම් වලිනුත් වැඩක් උනේ නැහැ.අසමගි ජන බලවේගයට පැවැත්මක් නෑ වගේ?
වේගවත්ව ශක්තිමත් ලෙස අවශ්‍යම කරුණු කාරණා ගොනු කරගත් මාලිමා ගොබ්බ අගමැතිනි ඇතුළු මන්ත්‍රී සෙට් එකටත් අලුගොසු ජනපතිටත් එරෙහිව මෑත කාලයේ එල්ල කල ප්‍රබල වාග් ප්‍රහාරයක්.විපක්ෂයට ජයවේවා .
ඒක ඔබේ ශ්‍රේෂ්ඨ නායකයා සමඟ සිදු කෙරෙන දෙයක්ද?