IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


අපිට ඕනේ රටට ආදරය කරන තාර්කිකව හිතන ක්‍රියාශීලි දරුවෙක් බිහි කරන්න

2016-08-19-ent-24

පාසැල් නිවාඩු කාලේ නිසා රන්වල බළකායේ පුදුම ඉස්කෝලෙන් අලුත් වැඩක් කරන්න යනවා කියලා ආරංචි වුණා. ඉතින් ඒ ගැන හදසර අපි සහන් රන්වල එක්ක කතා කළා. මේ ඒ කතා බහ.

 

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?

2016-08-19-ent-23මේ පාසල් නිවාඩු කාලේ නිසා ටිකක් කාර්ය බහුලයි. මොකද අපි සංදර්ශන මාලාවක් කරගෙන යනවා. ඉදිරියේදී විදෙස් සංචාර කිහිපයකුත් ඇවිල්ලා තියෙනවා මැද පෙරදිග ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සහ යුරෝපයේ. ඉතින් ඒ සඳහාත් සුදානම් වෙනවා. ඒ වගේම වැඩ මුළු දේශන පවත්වනවා. රන්වල පදනමේ ජන ගී ප්‍රාසාංගික පාඨමාලාවේ ගාල්ල සහ ගම්පහ පාඨමාලා ආරම්භ කළා. කොළඹ පාඨමාලාට අලුත් අය බඳවා ගැනීම සිදුවෙනවා සැප්තැම්බර් 17, 18 දිනවල. ඒ අතර තමා මේ විශේෂ වැඩෙත් අපි කරන්නේ.

 

අපි කියමු මොකක්ද මේ විශේෂ වැඩේ කියලත්?

ඔව් අගෝස්තු 27 වැනිදා තමයි මේ විශේෂ කාර්යය සිදුවෙන්නේ. චිත්‍ර ශිල්පය කෙරෙහි කුසලතාව ඇති අය වෙනුවෙන්. අපි කරන පුදුම ඉස්කෝලේ කියන ක්‍රියාකාරකම් සහිත පාසැල හරහා තමයි මෙය සංවිධාන කරන්නේ. සිත්තර සූත්තර කියලා තමයි අපි නම් කරලා තියෙන්නේ.

 

කොහොමද මේ සඳහා සම්බන්ධ වෙන්නේ?

ඔව් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සඳහා ඕනෑම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. 072 9333666 දුරකථන අංකයට කතා කරලා ඔබේ පැමිණීම පමණක් දන්වන්න. වයස් සීමාවක් නැහැ. චිත්‍ර ශිල්පයට ඇළුම් කරන ලොකු කුඩා ඕනෑම කෙනෙක්ට මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. සම්පුර්ණයෙන්ම නොමිලේ තියෙන්නේ බත්තරමුල්ල පැලවත්ත අපේ ගම පරිශ්‍රයේ දී උදෑසන 8 සිට දහවල් 12 දක්වා. මේ සිත්තර සූත්තර චිත්‍ර වැඩසටහන මෙහෙයවන්නේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී සුදත් අබේසේකර මහතා.

 

පුංචි අයත් එක්ක ඔබ වැඩියෙන් වැඩ කරනවා. කොහොමද ඒ අත්දැකීම?

මම පොඩි අය දකින්නේ පොඩි අය විදියට. එයාලට අපිට කලින් තාක්‍ෂණය ළංවුණාට මදි. ළමා මනසට අවශ්‍ය කරන ළමා මනස වර්ධනය කරන දේවල් ලැබෙන්න ඕනේ. අපිට ඕනේ නූතන යුගයට මුහුණ දිය හැකි රටට ආදරය කරන නිර්මාණශීලි තාර්කිකව හිතන ක්‍රියාශීලි දරුවෙක් බිහි කරන්න. ඒ සඳහා තමා අපි පුදුම ඉස්කෝලේ පටන් ගත්තේ. ඒ හරහා තමා මේ සිත්තර සූත්තර වැඩ සටහන කරන්න හිතුවේ.

 

කොහොමද ඔබේ ඉදිරි වැඩ කටයුතු?

ඔව් ඉදිරියේදී වැඩ සටහන් ගොඩක් තියෙනවා. දැන් 27 මේ සිත්තර සූත්තර වැඩ සටහන වගේම 28 වැනිදා හොරණ ශ්‍රීපාලියේදී සවස 3.00 ට සහ 6.30 ට පැවැත්වෙනවා රන්වල බළකායේ ත්‍රි සිංහලේ ත්‍රිවිධ සම්ප්‍රදායේ තුන්කල් යාකෙරන හෙවත්, රන්වල බළකායේ ත්‍රී, කියන සංදර්ශනය. ඒ වගේම පොඩි, අයට ජන ගී, කියන ප්‍රසංගය පැවැත්වෙනවා සැප්තැම්බර් 4 සහ 11 ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ළමයි වෙනුවෙන් විශේෂ වැඩසටහන් කරනවා කොළඹ, ගම්පහ සහ ගාල්ලේදී. ඒ වගේම අවුරුදු 4 සිට දරුවන් අපි අපේ පුදුම ඉස්කෝලෙට ගන්නවා ඒ සඳහා අලුත් ළමයි බඳවා ගැනීමේ කටයුතු සිදුවෙනවා සැප්තැම්බර් 3 අපේ ගම පරිශ්‍රයේ දී. ඔය දේවල් නිසා කාර්යබහුල වෙලා ඉන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මගේ පියාගේ උපන් දිනය යෙදෙන නොවැම්බර් මාසේ 27 වැනිදා රන් සලකුණ කියලා දැවැන්ත ප්‍රසංගයක් පවත්වන්න දැනටමත් කටයුතු කරගෙන යනවා.

ඒ සඳහා රන්වල පදනමේ පැරුණි, වර්තමාන සහ අනාගත කියන සියලු දෙනා සහභාගි කරගන්නවා. එය අලුත් අත්දැකීමක් වේවී.

 

ලොකු කුඩා සැවොම එක්ක වැඩ කරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

මිනිස්සු එක්ක වැඩ කරන්න ලැබීම ගැන මම ගොඩක් තෘප්තිමත්. මොකද විවිධ සිතුම් පැතුම් තියෙන පිරිස් එක්ක වැඩ කරන්න ලැබෙන්නේ. ඒ වගේම අරමුණක් නැති අයට අරමුණක් දෙන්න බලාපොරොත්තුවක් නැති අයට බලාපොරොත්තුවක් ඇති කරන්න. වටිනාකමක් නැති අයට වටිනාකමක් දෙන්න මට පුළුවන්වෙලා තියෙනවා. මට ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා.

 

ඔබේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?

මමත් බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ජීවත් වෙනවා. මගේ බලාපොරොත්තුව තමයි මම මැරෙන දවස වෙනකොට ලංකාවේ ජාතික සංගීතය බවට ජන සංගීතය පත්කිරීම.

 

නීශා රන්සිත්

 

DESHAYA

 

2016-08-19-ent-25



අදහස් (0)

අපිට ඕනේ රටට ආදරය කරන තාර්කිකව හිතන ක්‍රියාශීලි දරුවෙක් බිහි කරන්න

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට
2024 ඔක්තෝබර් මස 07 2 0

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම


ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 77 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 273 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 566 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 425 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3616 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site