පානදුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරියකු ඉංගිරියේ දී රථවාහන නඩුවක් ගනිද්දී ත්‍රීරෝද රථයක ගිය පුද්ගලයකුට බැණ වැදුනේය.
එම වීඩීයෝව පහතින්...
පානදුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරියකු ඉංගිරියේ දී රථවාහන නඩුවක් ගනිද්දී ත්‍රීරෝද රථයක ගිය පුද්ගලයකුට බැණ වැදුනේය.
එම වීඩීයෝව පහතින්...
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩ්‍රයිවර් එක්ක නෙමෙයි මොක එක්ක කතාකරත් අම්ම ගැන කියල මේ පොලිස්කාරය බනින එක යකෝ කියල බනින එක වැරදියි. ඕන දෙයක් කරන්න පුළුවන් කියන්නේ මූ මොන පොලිස්කරයෙක්ද? මම ඉන්නේ ඔස්ට්‍රලියාවේ. මේ ක්ලිප් එක ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරලත් පෙන්නුවා. හරිම ලජ්ජයි. ලංකාවේ නීතියක් නැහැ කියල නැවතත් ඔප්පු කරලා තියෙනවා. කෝ මේ පොලිස් ප්‍රකාශක? (බ)
පොලිස් සේවය ගැන කතා කරලා වඩක් නෑ.(හේ)
මහජනතාවගේ බදු මුදල් වලින් පඩි ගන්න පිරිසක්. කිසිදු නිෂ්පාදනයකට දායකත්වයක් නැති පිරිසක්. මහජනතාවගෙන් කාල, මහජනතාවටම බනින කට්ටියක්. හිතන්න ඒ ගැනත් (බ)
මැර දේශපාලනයට ඔවැනි පොලිසියක් කල්තියාම ලොක්කෝ නිර්මාණය කරපුබව දැන් තේරෙනවද! (බ)
පොලිසියට තිබුන ගෞරවය,බය,සැලකිල්ල දැන්නැහැ.මේ වසරට පමණක් පොලිස් නිලධාරීන් කීදෙනෙක් ගුටිකෑවද,මැරුවද.[සිවිල් පුද්ගලයන්ගෙන්]පොලිසියේ අය හොඳනම් මෙවැනි දේවල් වෙන්නේ නැහැ.ඉදිරියටත් මෙවැනිදේවල් නොවන්න බලධාරීන් හා ආරක්ෂකලේකම් තුමාවත් මැදිහත්වන්නඕනේ. මුලින්ම පොලිසියේ අයට නිවැරදිව කතාකරන්න උගන්නලම ඉන්නවෙනවා. (බ)
මේ සමාජයම වෙනස් කළ යුතුය (බ)
මේ සිද්දිය පටිගතකරපු පුද්ගලය කරලා තියෙන්නේ ඉතාමත් නිර්භීත සහ කාලෝචිත ක්‍රියාවක්. මාගේ ස්තුතිය. එම පුද්ගලයාගේ රහස්‍ය බවය රැකීම ඉතාමත්ම වැදගත්. මොන කොමිසමක් පත්කළත් ශ්‍රී ලංකා පොලිසිය හදන්න පුළුවන් එකම මග මේකයි.(හේ)
මේ වගේ වැඩ වලින් පොලිසියේ අනිත් අයගේ නම් කැත වෙන එකයි, දෙපාර්තුමේන්තුවේ නම කැත වෙන එකයි විතරයි.(හේ)
මම නම් හිතන්නේ මේ දෙන්නාගේම හැසිරීම වැරදි ! පොලිස් නිලධාරින් බොහොමයකට නිල ඇදුම දා ගත්තම තමන් මහජන මුදලින් නඩත්තුවෙන ජනතා සේවකයන් බව අමතක වෙන අතර ඔවුන් සිතන්නේ ජනතාව තම යටත් වැසියන් පිරිසක් ලෙසයි.මෙම පොලිස් නිලධාරියා හැසිරීම හා කතා විලාශය ඉතාමත් පහත් හා අශෝබන වන අතර, රාජකාරියේ දී සිටින රජයේ සේවකයෙකු සමග රණ්ඩු කිරීම ඔහුට බැණ වැදීම සාමාන්‍ය පුර වැසියකු විසින් නොකළ යුතු කාර්යක් වන අතර මෙම නිලධාරියාගෙන් යම්කිසි අසාධාරණයක් සිදු වූවායයි තමන්ට සිතෙන්නේ නම් අදාළ ඉහල නිලධාරියෙකුට පැමිණිලි කළ යුතුව තිබිණි. (හේ)
මේ පුද්ගලයාට මගේ ගෞරවය. අපේ ලංකාවේ කොල්ලෝ ඔහොම තමයි ඉන්න ඕන.(හේ)
බල්ලෝ පොලිසියට ගිහිල්ලද පොලිසිය බල්ලට ගිහිල්ලද?(හේ)
අනේ ශ්‍රීලංකා පොලිසියට ගිය කළ.(හේ)
පොලිසියට වුණත් මෙහෙම අයිතියක් නෑනේ.(හේ)
මෙතැන දෙන්නගෙම වැරැදි තියෙනවා.(හේ)
ආයතන ස්වාධීන නොවුනම මෙහෙම වෙනවනේ. පොලිස් කොමිසම තිබුනා නම් මෙහෙම වෙන්නේ නැහැ.(හේ)
පොලිසියට එරෙහිව කතා කරලා ඔතනින් කෙලවර වුනා කියන්නේ කතා කරපු කෙනාගේ වාසනාව. පොලිසියේ රාජකාරියට බාධා නළා කියලා නඩුවන්වත් පටලවන්න බැරි නැහැ. (හේ)
දැන් මේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කරයි.(හේ)
මල්ලිටත් තිබුනේ වැඩි කතා නැතුව හරි හමන් නිළදාරියෙකුට පැමිණිලි කරන්න .මුළු පොලිසියම එකවගේ නොවෙයි .(හේ)
තරංග අපි කවදාවත් දැකල නෑ පොලිස් නිලධාරියෙක් ලොකු වාහනේක යන කළු කන්නාඩි දාන ලොකු මහත්තයෙක් ට මේ විදියට ඉවසීමෙන් නීතිය ක්‍රියාත්මක කරනවා. ඔයා දන්නව නම් ඒකට හේතුවත් පොඩ්ඩක් කියල දෙන්න. (දී)
මෙහෙමත් නිලධාරී කිසිම ශිලාචාර කමක් නෑ. (නදී)
මේක ත්‍රීරෝද රථයක්නේ. වාහනය අනුවයි භාෂාව හසුරුවන්නේ.ලොකු වාහනයක් නම් යන්නේ "අනේ සර්, සමාවෙන්න" යනුවෙනි (නි)
ලෝකයේ 100% නීතිය සාධාරණව ක්‍රියාත්මකවෙන එකම රට.ශ්‍රී ලංකා මාතාවයි. බන්දුල ඇතුළු තරංග මහතාට ජයවේවා ! තව ටික දවසයි.ඔහොම යමු (නි)
තරංග සහ බන්දුලට ජයවේවා !!! (නි)
තරංගගේ ඔලුවේ තරම ඔක්කොටම පෙන්නුවා. (දී)
මේක පුදුම පොලිසියක් (නි)
ඇත්ත ඇත්ත අපිට තමයි ඔය කියපු එකක්වත් බැරි (දී)
අහිංසක අපි ඉස්සරහා (දී)
මේවා මෙහෙම වෙන නිසා තමයි නීතියේ පාලනය තියෙන රටක් බිහි කර ගන්න මේ තරම් මහන්සි වෙන්නේ (ම)
අබේපාල, ඔබ හරි. (ර)
ජනක පෙරේරා - අබුඩාබි.ලංකා රේගුව,ලංකා පොලිසිය,ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේවා ගැන පොතක් ලියන්න පුළුවන් (දිල්)
මෙහෙ සමහර රථවාහන සිද්ධි වලදී පොලිසිය ක්‍රියා කරන අකාරය ගැන හිතෙනකොට ලංකාවේ ජීවත් වෙන අසරණ මිනිසුන් ගැන පුදුම දුකක් හිතෙනවා.(දිල්)
මේ සිද්ධිය පටිගතකරපු පුද්ගලයා කරලා තියෙන්නේ ඉතාමත් නිර්භීත සහ කාලෝචිත ක්‍රියාවක්. මාගේ ස්තුතිය. (ර)
මෙම තරුණයාට අපේ උපහාරය. මෙවැනි තරුණයන් ආරක්ෂා කළයුතුයි. (ර)
පොලිස් නිලධාරියා ඉවසනවා බොහොම වැඩි. මම එතන හිටිය නම් දනී. නිලධාරියා වරදක් කළානම් අරයට අවස්ථා 2 ක් තියනවා එකක් අධිකරණයේ අනික සහකාර පොලිස් අධිකාරී ඉදිරිපිට. මෙතැන ප්‍රතිචාර දක්වනවුන් හැගීම්බර මෝඩයෝ අරුගේ දතක් කඩන්න ඕන ලංකාවේ ඉන්න හුගක් උන් හිතාගෙන ඉන්නේ තමන් පොරවල් කියල හරියට ඉස්සෝ වගේ(ඉස්සොන්ගේ අශුචි තියෙන්නේ ඔලුවෙනේ). පොලිස් නිලධාරින්ගේ ඉවසීමට මගේ ප්‍රණාමය (බ)
ලංකාවේ නුගත් පොලිස් නිලධාරීන්ගේ තත්වය තමයි ඔය,ඔය විදියටම සිද්ධියකට මම වසරකට ඉහත මුණ දුන්නා. ලංකා රේගු ආදී රිදී ,රු10,000 බඩු වගයක් වෙනුවෙන් මට 7500 ක් දඩ ගැහුවා කතා කරන්න ගිහිල්ල මගේ අලවන්ස් එක ඩොලර් 1000 ක් තිබුන බඩු නිදහස් කරන්න මගෙන් සල්ලි ඉල්ලුව දෙන්න බෑ කිව්වම ලංකාවේ දඩ ලිව්වා, ලංකාවේ ඉපදීම දුකක් කියල මට දැනුනේ ,අවුරුදු ගණනක් හම්බ කරලා දරුවන්ට කෑමට ,කිලෝ 10 ත් දඩ ගහල අපහාස වෙන විදියට බැනල එලෙව්වා හොරෙක් ගානට එක අතට තත්ත්වය,ලංකාවේ ඉපදීමත් දුකක් කියල මට හිතුණා (බ)
සත්‍යපාල පිට ලෝකෙකින් පැමිණ අසත්‍ය ප්‍රකාශ කරයි. (බ)
මේ තත්වයට සම්පුර්ණයෙන්ම වග කියන්න ඕන ලංකාවේ ඉන්න අධම දේශපාලකයෝ. (නදී)
පොලිසියට දැන් හරි ආඩම්බර ඇති. මෙතන තියෙන අදහස් ටිකම ඇති හැදෙන්න ඕනෑකමක් තියෙනවා නම් (නි)
මෙන්න ගෝලයන්ගේ වැඩ. ලොකු ලොක්කන්ගේ අවධානය යොමුවේවා! (නි)
කෙලින් කතාකරන අපේ කාලයේ වීරයෙක්. මල්ලි, අසාධාරණයට එරෙහිවෙන ඔබට අපේ උත්තමාචාරය!! (නි)
මේ තමා බොහෝ පොලිස් නිලධාරීන් හැසිරෙන හැටි.රටේ තිබෙන පිරිහීම ගැන හරිම කණගාටුයි.මෙවැනි පොලිසියකින් පොදු රටවැසියාට සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? නිල බලය මහජනයා පොඩි පට්ටම් කිරීමට මිස ඔවුන්ට සේවය කිරීමට යොදා නොගන්නා නුගතුන් පොලිස් නිල ඇදුමට ගන්න එකේ වරද.ඕනෑම ප්‍රශ්නයකට ශබ්ද නගා බෙරිහන් දී අනෙකා නිහඩ කිරීමේ ආදර්ශය දුන්නේ අපේ දේශපාලකයන්.බලන්න පාර්ලිමේන්තු විවාද දෙස.අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ? (නි)
අද රටේ නීතිය බල්ලට ගිහිල්ලා. මිනිසුන්ට සළකන්නේ බල්ලෝ බළල්ලු ගානට. මෙහෙම ගියොත් නැවත මහජන නැගිටීමක් වෙන එක නවත්වන්න බැහැ. මෙම පාලන ක්‍රමය වෙනස් කළයුතුයි. මෙම තරුණයාට අපේ උපහාරය. මෙවැනි තරුණයන් ආරක්ෂා කළයුතුයි. (නි)
මම ලංකාදීපයට ස්තුතිවන්ත වෙනවා මේක පළකළාට (නි)
ඔය පොලිසියේ අය වැඩිහරියකගේ බඩ ඇතුළේ තියෙන්නේ කාපු ජරාව!!! වැඩිකල් නොගිහින් දියවැඩියා ලෙඩුන් වේවි (නි)
හරිම විනීත පොලිසිය. මෙහෙම විනීත පොලිසියක් ලෝකයේ කොහේවත් නැතුව ඇති (නි)
පොලිසියේ සද්ද අපි වගේ අහිංසකයන්ට විතරයි.ලැජ්ජාවේ පණයනවා කතරගම මල්වට්ටි උස්සගෙන යනකොට. (නි)
ලංකාදීපයෙන් මේක පලපු කරපු එකට තුති.ලංකාදීප බහුතර පිරිසක් බලන පුවත්පතක්.මෙම වීඩියෝව මම වෙනත් පුවත්වල දැක්කා. නමුත් මේ වගේ ජාතික පුවත්පතක පලවුනාම මෙය වැඩි ජනතාවක් අතරට යනවා. අපේ ජනතාව දැනුවත් වෙන්න ඕන අපිට තියෙන අයිතිවාසිකම් ගැන. පොලිස්පතිතුමනි මෙවැනි අන්තනෝමතිකව හැසිරෙන නීතිය තමුන්ගේ අතට අරගෙන මහජනතාව පෙලන නුගත් නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරන මෙන් අපි ඔබගෙන් ඉල්ලමු. මෙන්න සාක්ෂිත් එක්ක. (නදී)
කොහොම උනත් මෙහෙම පොලිස් කාරයින්ට දුවම් දිය යුතුයි (නදී)
මාර පොලිස් (නදී)
ලංකාවේ පොලිසියේ පුදුම අය (නදී)
මිනිස්සුන්ට ඉතාමත් පහත් විදියට සලකන ආයතන වලින් එකක් බවට ශ්‍රී ලංකා පොලීසිය සමත්වෙලා කියලා හිතෙනවා (දිල්)
උසස් නිලධාරියකුට මේ කෙනාව යොමු කළොත් හොදයි නේද?(දිල්)
මේකට තමා කියන්නේ පහත තැනින් ජලය ගලා යනවා කියලා (දිල්)
පොලිස් කියන වචනේ තේරුම නොදන්නා නිල ඇදුම් ඇදන් පුප්පන ගැරඩි පොලිසියේ ඉන්නවා. එයාලට අම්මා මතක නැහැ.(නදී)
අනේ ලංකාවේ අපේ පොලීසිය! දුගියා පෙළනා දුගියාට තලනා මැර බලයට යටවුණ පොලිසිය! (නි)
පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මේකට මොනවා කියාවිද දන්නේ නෑ (දිල්)
තිරිසන්නු වගේනේ මේ නිලධාරීන් හැසිරෙන්නේ (නි)
ධම්මික, ඔබ හරි (නි)
දැන් හැම පොලිසියක්ම දේශපාලනීකරණය වෙලා. හෙට දවසේ මීට වැඩිය අන්ත වෙනවා. අපි තීරණයක් ගතයුතුයි. ලොක්කන්ට එක නීතියක්, පොඩ්ඩන්ට තව නීතියක්. ආශ්චර්යය. (නි)
අන්තිම කැත වැඩක්. මොනවට තව සර් කියනවද? (නි)
මේ තමයි ඇත්තම තත්ත්වය (නි)
පොලිසියට මොනවගේ අය ගිහිල්ලද මන්දා (නි)
ආසියාවේ ආශ්චර්යට යනකොට ඔහොම තමයි ඉතින්. තාමත් මේවා මේ විදිහ නම් තව කල් යනකොට ඉතින් බ්‍රසීල පොලිස් වගේ වෙයි (නි)
මෙන්න මේකයි පොලීසියේ තත්ත්වය. සාමාන්‍ය මිනිස්සුන්ට කිසිම හව් හරණක් නෑ. අන්තිම පහත් විදියට තමා සලකන්නේ. (හේ)
සල්ලි දුන්නේ නැත්නම්,වැඳලා සර් කිවුවේ නැත්නම් ඉතින් නඩු තමයි. ඩිෆෙන්ඩර් එකක් හරි බෙන්ස් කාර් එකක් හරි ආවොත් ,මොන වරද වුණත් කමක් නැහැ. මුලින්ම සර් කියන්නේ පොලිසියේ මහත්වරු. (නි)
මේ පොලිස් නිලධාරීන්ට එරෙහිව වහාම පියවරක් ගන්න, මිනිසුන් නීතිය අතට ගන්න පෙර (නි)
බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නෙ නැහැ. මේ වගේ උඩපනින, සාමාන්‍ය මිනිසුන් මරාගෙන කන්න හදන, නමුත් පාදඩ දේශපාලකයෝ ඉදිරියේ හතට අටට නැමෙන කාකි කෝට්කාරයින්ට කියන්න තියෙන්නේ අලුත් අවුරුද්දේ යකඩ කූරු ගනින්න බලාගෙන උඩ පනින්න කියලයි. (නි)
නුගත්කම සහ මෝඩකම. ත්‍රීරෝද මහත්වරු ඕවා ගණන් ගන්න එපා (නි)
කෑගහන්න නම් පුළුවන් ඇති. ඒත් ඕනෑම දෙයක් කරන්නේ කොහොමද? (නි)
මටත් මතක් වෙනවා මට වුණ ඔය වැනි සිදුවීමක්. (නි)
හරිම අප්‍රියජනක නිලධාරියෙක්. මේ අය ගෙවල් වල දරුවන්ට කොහොම කතා කරනවද මන්දා. වෙනත් රටවල නම් මිනිසුන්ට හරි කරුණාවෙන් කතාකරන පොලිස් නිලධාරින් ඉන්නවා. අහිංසක මිනිසුන්ගෙන් මෙහෙම පළිගන්න හොඳ නැහැ. මේ නිලධාරියා විතරක් නෙමෙයි මෙහෙම නිලධාරින් ගොඩක් අපේ පොලීසියෙ ඉන්නවා.ඒ හැම දෙනාටම මුලින්ම සමාජයෙ හැසිරෙන විදිහ කියලා දෙන්න ඕනෑ. මේ වගේ අය හින්දා මුලු පොලීසියටම නරක නාමයක් ගෑවෙනවා. (නි)