IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘අපට කැඩුණු පුටුවක් දීලා‘

‘ආණ්ඩුව අපට කැඩුණු පුටුවක් දී වාඩිවෙන්න කියනවා. අපි කොහොමද වාඩිවෙන්නේ?‘ යනුවෙන් උතුරු පළාත් මහ ඇමැති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් සභා රැස්වීමේ දී අද ප්‍රශ්න කළේය.

කැඩුණු පුටුවේ උපමාව ඔහු ගෙන ආවේ උතුරු පළාත් සභාවට බලතල නැති බව කියාපෑම සඳහාය.

විග්නේෂ්වරන් මහතා ඊළඟට සඳහන් කළේ යුද සමයේ ආණ්ඩුකාර තනතුරට පත් කළ විශ්‍රාමික හමුදා නිලධරයා වෙනුවට ලබන ජූලි මාසයේ දී හමුදාවේ නොවන අයකු ආණ්ඩුකාරවරයා වශයෙන් පත් වන තෙක් ඉවසන බවයි.

උතුරු පළාත් සභාවේ නව විපක්ෂ නායක සිවනේසතුරෙයි නඩරාජා මහතා ඊයේ (28) දිවුරුම් දී වැඩ බාර ගත්තේය.

හිටපු විපක්ෂ නායක කන්දසාමි  කමලේන්ද්‍රන් මිනීමැරුම් නඩුවකට අසුවීම නිසා මන්ත්‍රී පදවියෙන් ඉවත් කැරිණි.

නව විපක්ෂ නායක නඩරාජා මහහතා පැවසුවේ බලය විමධ්‍යගත කිරීමේ 13 වැනි සංශෝධනයෙන් දෙමළ ජනතා අභිලාෂය ඉටුවනවාමයැයි තමා ද විශ්වාස නොකරන බවයි.

උතුරු පළාත් රාජ්‍ය භාෂාව දෙමළ මිස ඉංග්‍රීසි නොවිය යුතු යැයි ද ඔහු කීවේය.

පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් මහතා විපක්ෂ නායකගෙන් ප්‍රශ්න කළේ බොදු බල සේනාව රිෂාඩ් බදුර්දීන් ඇමැතිගේ කාර්යාලයට බලෙන් ඇතුළු වෙද්දී බලා සිටියේ ඇයිද යනුවෙනි.

 



අදහස් (0)

‘අපට කැඩුණු පුටුවක් දීලා‘

නන්දන පනාගොඩ මිලානෝ Monday, 28 April 2014 07:25 PM

නිතරම ගිනියම් වෙච්ච පරණ පුටුවම ද ඕනෑ? (ත)

:       0       0

මෝහමෙඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 28 April 2014 08:13 PM

ඔය පුටුව පමණක් නොව පුටු අටේම මකුනොත් ඉන්නවා ඇති.(ත)

:       0       0

බන්දුල රත්නායක Monday, 28 April 2014 07:34 PM

ඔයගොල්ලන්ට කොයිතරම් හොඳ පුටුවක් ලැබුනත් එක පෙන්නේ කැඩුණු පුටුවක් වගේ. ඒ මොකද තවමත් ඔබ බලන්නේ වපර ඇහෙන නිසා කොයිතරම් හොඳ දෙයක් වුනත් පෙන්නේ නරකට. (ත)

:       0       0

නුවන්ග Monday, 28 April 2014 01:46 PM

මම නම් මේ කියුම් අනුමත කරන්නෙ නැහැ (නි)

:       0       0

රුවන් Monday, 28 April 2014 01:46 PM

මෙපමණ කලක් මෙහෙමවත් දෙයක් තිබුණාද කියලා මඳක් සිතාබැලිය යුතුයි නේද? (නි)

:       0       0

කුමාරි Monday, 28 April 2014 08:42 PM

අවංකව ජනතාවට සේවය කරන්න නම් ඕනි ඔය පුටුව ඕනෑවටත් වැඩියි. පාරට බැහැල මිනිසුන් වෙනුවෙන් සේවය කරන්න. (ත)

:       0       0

ලියනගේ Monday, 28 April 2014 01:24 PM

අනෙක් පළාත් සභා වලටත් තිබෙන්නේ ඔය බලතලම නේද? තියෙන බලතල වලින් පළාතේ ජනතාවට සේවයක් කරන්න. රටක් කරන විදියට පළාතක් පාලනය කරන්න බැහැ නේ. මා දන්නා විදියට ඔය බලතල ප්‍රමාණවත් අහිංසක ජනතාවට සේවයක් කරන්න. ඒ නිසා ඒ සේවය කරලා පෙන්වන්න. (ස)

:       0       0

ධම්ම Monday, 28 April 2014 01:25 PM

ජනතාවට සේවය කරන්න උවමනාවක් තියෙනවා නම් පළාත් සභාවට තියෙන බලතල හොඳටෝම ඇති. (ස)

:       0       0

කුසුම් Monday, 28 April 2014 02:20 PM

"බාගෙන කන්න තියන වල ඉහාගෙන කන්න" වගෙයි හදන්නේ. (ත)

:       0       0

සුරාජ් Monday, 28 April 2014 02:31 PM

රුවන්, ඔයා එහෙම කියන්නේ කොහොමද? දෙන්න ඕන දේවල් දුන්නා නම් කිසිම ප්‍රශ්නයක් නැහැනේ. (ත)

:       0       0

තිලක් Monday, 28 April 2014 09:28 PM

ඔය ඉල්ලන්නේ ශ්‍රී ලංකාවේ අටුව කඩලා හදපු පුටුවක්ද ? (ස)

:       0       0

ජයා Monday, 28 April 2014 08:49 PM

ට්‍රයි කරන්නේ පුටුව හදල දෙන්න නේද (ස)

:       0       0

පුංචිරාළ Monday, 28 April 2014 09:42 PM

මේ මහත්තයා කොයි ලෝකෙන්ද උතුරට අාවේ? (නි)

:       0       0

ගුනසෝම Monday, 28 April 2014 01:57 PM

මහත්තයට වාඩි වෙන්න ඕනෙ නම් ඕන තැනක වාඩි වෙන්න. ඒත් අවංක ජනතා සේවයට නම් වාඩි වෙන්න මහපොලව වුණත් ඇති. (ස)

:       0       0

කේ.ගොඩගේ Monday, 28 April 2014 09:55 PM

අන්න අලුත් පුටුවක් හදන්න ලී ලැහැස්ති කරනවා වගේ පත්තරේක දැක්කා (නි)

:       0       0

බොබ් Monday, 28 April 2014 09:11 PM

කුමාරි කියන්නේ හරියට එයාට පාඩුවක් වුණා වගේනේ.කුමාරි,භයනොවෙනුූූ! කැඩුනේ පුටුවකි (නි)

:       0       0

ඉන්දික Monday, 28 April 2014 02:55 PM

තම ප්‍රදේශයට සේවයක් කරනවා නම් ඔය තියෙන බලතල හොඳටම ඇති. මොකද තවත් පළාත් සබා අටක්ම තියෙන්නේ. ඉස්සෙල්ල සේවය කරලා පෙන්නන්න. ඊට පස්සේ බලමු නැති බලතල වලින් කරන්න පුළුවන් මොනවද කියලා. (ස)

:       0       0

එම්. Monday, 28 April 2014 10:54 PM

ඉතින් වාඩිවෙන්නෙ නැතුව හිටගෙන ඉන්න පුළුවන්නේ (නි)

:       0       0

අනුර Monday, 28 April 2014 02:37 PM

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් උගත් මහතාණනි උතුරට පමණක් මහා ඇමැතින් නොවී මුළු රටේම මහා ඇමති ලෙස සිතුවොත් ඔබ මේ රටේ ඉහල තැනක ජනතාව පත්කරනු ඇත (දිල්)

:       0       0

සුරංග මුදියන්සේ Monday, 28 April 2014 02:49 PM

මස් රාත්තලම ඉල්ලන්නද හිතුවේ? (ත)

:       0       0

සේනක Monday, 28 April 2014 03:27 PM

හොඳට දුන්න පුටුව මොකටද කඩාගත්තේ.(ස)

:       0       0

කළු Monday, 28 April 2014 03:38 PM

මොකද කැරකෙන පුටුවක්ද ඉල්ලන්නේ. (ස)

:       0       0

රුවන් Monday, 28 April 2014 04:25 PM

මෙතුමන්ලා හිතන්නේ පළාත් සභාව කියන්නේ ජනාධිපතිටත් වඩා ලොකු තනතුරක් කියලද දන්නේ නෑ. (ත)

:       0       0

චමින්ද Tuesday, 29 April 2014 01:13 AM

ලොකු අයියගේ චන්දෙ ඉවර වෙනකම් පොඩ්ඩක් කලබල නැතුව ඉන්නකෝ.ඊට පස්සේ මහත්තයට හොද පුටුවක් හම්බ වේවි. (දී)

:       0       0

විතාන Monday, 28 April 2014 05:12 PM

සමහරුන්ට කැඩුණු පුටුවක්වත් නැහැනේ.... (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 29 April 2014 01:12 AM

පුටුව හොද උනත් නරක උනත් ජනතා සේවය කරන්න ඕනේ (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 28 April 2014 05:12 PM

ඔය පුටුව දුන් දවසේ ඉදලා උතුරේ අහිංසක ජනතාවට මොනවද කළේ? වෙනත් කැරකෙන පුටු ඉල්ලන්න කලින් ගත් පුටුවේ වැඩ ටික අවංකව කරලා පෙන්වන්නකෝ.එවිට ජනතාව කැරකෙන පුටුවක ඔබතුමාව වාඩි කරවයි. (නි)

:       0       0

සුනිමල් Monday, 28 April 2014 05:23 PM

මේක ඒ තරම් ගණන් ගන්න ඕනෑ ගැටළුවක්ද? (නි)

:       0       0

සිල්වා Monday, 28 April 2014 04:47 PM

අඩු ගානෙ කතාකරන නිදහසවත් එයාලට අද තිබෙනවා. අවුරුදු 5 කට පෙර ඔය අය කොහෙද හිටියේ? (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 28 April 2014 04:48 PM

සමහර මහත්වරු ඉන්නතුරු පුටු අත් ඔක්කොම කැඩිලා තමයි. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 28 April 2014 05:37 PM

මෙයාලව මොන පුටුවක වාඩි කෙරෙව්වත් ඔය ජාතිවාදී සිතිවිලිනම් කවදාවත් මකන්න ලැබෙන්නෙ නැහැ.මෙයාලා වැඩකරන්නෙ හරියට උතුරත් තමිල්නාඩුවේ කැල්ලක් කියල හිතාගෙනද කොහෙද ? (නදී)

:       0       0

චන්දන ගමගේ - මාතර Tuesday, 29 April 2014 05:36 AM

හොඳට සැප පහසුවට තබුන පුටුව කඩා ගත්තේ එයාලමනෙ. අනික ඔය පුටුව දෙමල අහිංසක ජනතාවගේ අවශ්‍යතාවයක් නොවේ. (දී)

:       0       0

තිලින Tuesday, 29 April 2014 06:28 AM

ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල මිසක් දෙමල නොවෙයි. අවශ්‍යනම් දෙමල භාවිත කරන්න. රාජ්‍ය භාෂාව නෙමෙයි (දී)

:       0       0

පිටිගල Tuesday, 29 April 2014 08:11 AM

ඔය පුටු නවයම අපට ඕන දෙයක් නෙවෙයි. අපේ රටේ සම්පත් කාබාසිනියා කරන්න ඉන්දියාවෙන් අපේ රටේ මෝඩ පාලකයින්ට දීපු කුණු ගොඩක්. (ස)

:       0       0

බන්දුල පෙරේරා Monday, 28 April 2014 05:43 PM

ඔය පුටුව අපි හදපු එකක් නෙමෙයි මහත්තයෝ.අඩුම ගානෙ පිට ඔපයවත් තියනවද බලන්නකෝ.අපිටත් ඕනෑ අපේම කියන දේශීය නිෂ්පාදනයක කට්ටිය වාඩි වෙනවා දකින්න.හැබැයි ඉතින් දෙනකම් ඉන්නේ නැතුව කට්ටිය පුටු හදන්න ගියොත් නම් වැඩේ කොහේ නතර වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ලහිරු Tuesday, 29 April 2014 08:27 AM

මුලින්ම මතක තිය ගන්න ඕන රාජ්‍ය භාෂාව සිංහල කියල.මේ හැම ප්‍රශ්නෙකටම මුල තමන්ගේ තත්වේ තමන් නොදැන වැඩ කරන්න යන එක.කව්රු කොහොම මොනවා කිව්වත් මේක සිංහල රට.සිංහලයාගේ රට.එකේ ඕන ඕන එකට ඕන ඕන විදියට නටන්න දෙන්න බෑ.අපි මෙච්චර කල් එහෙම කරන්න දීපු එක තමි කරගත්ත ලොකුම මෝඩ කම. සිංහලයෝ කොන්ද පන තියාගෙන කෙලින් ඉදන් වැඩ කරන්න පටන්ගත්තොත් ඉස්සරහට අපේ පොඩි උන්ට රටක් ඉතුරු වේයි. (ස)

:       0       0

ජිලෝ Tuesday, 29 April 2014 07:42 AM

ජුලි මාසයෙන් පසු මොනවා කරන්නද දන්නේනෑ හදන්නේ .ප්‍රභාකරන්ගේ සිහිනය සැබෑ කරන්න ආ විග්නේසන්වරන් කල්පනා කාරී විය යූතූයි . (ස)

:       0       0

ලලිත් කෝන්ගස්පිටිය Tuesday, 29 April 2014 07:48 AM

ඓහ‍ෙන් මෙහෙන් ඒකතු කරල හදා ගත්ත පුටුව දැන් ඔක්කොම කැඩී ගිහින් පුටු සේරම ලිපට. (ස)

:       0       0

අල්විස් Monday, 28 April 2014 06:41 PM

ඔය පුටුව කඩාගත්තේ ඔයගොල්ලොමනේ. ඒකට අපි මොකද කරන්නේ අයියා? (නි)

:       0       0

ධනේෂ් Tuesday, 29 April 2014 08:42 AM

නටන්ඩ බැරි මිනිහට පොලොව ඇදලු. (ස)

:       0       0

වින්සන්ට් Monday, 28 April 2014 06:00 PM

උතුරේ ජනතාව සමග ඔවුන්ගේ ජිවන තත්වය නඟා සිටුවීමට කටයුතු කරනවාට වඩා ඊළම,බලතල මන්තරය මතුරමින් දෙමළ ජනතාව රවටමින් කොළඹට වී තමන්ගේ ජිවිත සැපවත් කර ගැනීම යුද්ධයකින් අවසන් විය. නැවතත් ඊට වෙනස් තත්ත්වයක විනාශයක් කරා ශ්‍රී ලංකාව ගෙනයාමටද හදන්නේ? (නි)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Tuesday, 29 April 2014 08:51 AM

ඔය පුටු හොඳට තිබුණ පුටු. අහිංසක මිනිස්සුන්ව උසිගන්වල ඔය පුටුවලට ඔය අපරාධය කළේ ඔබ තුමන්ලම තමා. (ස)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Tuesday, 29 April 2014 08:27 AM

හැම පළාත් සභාවටම දුන්නේ පහසුවෙන් වාඩිවෙන්න හැකි මුල් පුටු වුණාට උතුරු පළමු පළාත් සභාවේ මුල් පුටුව කඩා ගත්තේ ඔබතුමන්ලාම කට්ටිය තමයි. පළාත් සභා පුටුව කඩලා රජ පුටුවක් හදන්න ගිහින් කරගත්තු දේ ගැන ඔබලාම පසුතැවිලි වෙන එක හොඳයි. (ස)

:       0       0

මොහමඩ් රිෆ්කි Tuesday, 29 April 2014 09:33 AM

ඉතින් මහත්තයෝ අනිත් පළාත් සභා වලටත් ඔය කියන ටිකමනේ තියෙන්නේ, බොරු මතවාද ඇති කරන්නේ නැතුව හිටියොත් හොඳයි නේද ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 20 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 763 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 445 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 331 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2553 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 115 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32802 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site