‘ආණ්ඩුව අපට කැඩුණු පුටුවක් දී වාඩිවෙන්න කියනවා. අපි කොහොමද වාඩිවෙන්නේ?‘ යනුවෙන් උතුරු පළාත් මහ ඇමැති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් සභා රැස්වීමේ දී අද ප්‍රශ්න කළේය.
කැඩුණු පුටුවේ උපමාව ඔහු ගෙන ආවේ උතුරු පළාත් සභාවට බලතල නැති බව කියාපෑම සඳහාය.
විග්නේෂ්වරන් මහතා ඊළඟට සඳහන් කළේ යුද සමයේ ආණ්ඩුකාර තනතුරට පත් කළ විශ්‍රාමික හමුදා නිලධරයා වෙනුවට ලබන ජූලි මාසයේ දී හමුදාවේ නොවන අයකු ආණ්ඩුකාරවරයා වශයෙන් පත් වන තෙක් ඉවසන බවයි.
උතුරු පළාත් සභාවේ නව විපක්ෂ නායක සිවනේසතුරෙයි නඩරාජා මහතා ඊයේ (28) දිවුරුම් දී වැඩ බාර ගත්තේය.
හිටපු විපක්ෂ නායක කන්දසාමි කමලේන්ද්‍රන් මිනීමැරුම් නඩුවකට අසුවීම නිසා මන්ත්‍රී පදවියෙන් ඉවත් කැරිණි.
නව විපක්ෂ නායක නඩරාජා මහහතා පැවසුවේ බලය විමධ්‍යගත කිරීමේ 13 වැනි සංශෝධනයෙන් දෙමළ ජනතා අභිලාෂය ඉටුවනවාමයැයි තමා ද විශ්වාස නොකරන බවයි.
උතුරු පළාත් රාජ්‍ය භාෂාව දෙමළ මිස ඉංග්‍රීසි නොවිය යුතු යැයි ද ඔහු කීවේය.
පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් මහතා විපක්ෂ නායකගෙන් ප්‍රශ්න කළේ බොදු බල සේනාව රිෂාඩ් බදුර්දීන් ඇමැතිගේ කාර්යාලයට බලෙන් ඇතුළු වෙද්දී බලා සිටියේ ඇයිද යනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුටුව හොද උනත් නරක උනත් ජනතා සේවය කරන්න ඕනේ (දී)
ඔය පුටුව පමණක් නොව පුටු අටේම මකුනොත් ඉන්නවා ඇති.(ත)
ඔයගොල්ලන්ට කොයිතරම් හොඳ පුටුවක් ලැබුනත් එක පෙන්නේ කැඩුණු පුටුවක් වගේ. ඒ මොකද තවමත් ඔබ බලන්නේ වපර ඇහෙන නිසා කොයිතරම් හොඳ දෙයක් වුනත් පෙන්නේ නරකට. (ත)
අවංකව ජනතාවට සේවය කරන්න නම් ඕනි ඔය පුටුව ඕනෑවටත් වැඩියි. පාරට බැහැල මිනිසුන් වෙනුවෙන් සේවය කරන්න. (ත)
ඔය ඉල්ලන්නේ ශ්‍රී ලංකාවේ අටුව කඩලා හදපු පුටුවක්ද ? (ස)
ට්‍රයි කරන්නේ පුටුව හදල දෙන්න නේද (ස)
මේ මහත්තයා කොයි ලෝකෙන්ද උතුරට අාවේ? (නි)
අන්න අලුත් පුටුවක් හදන්න ලී ලැහැස්ති කරනවා වගේ පත්තරේක දැක්කා (නි)
කුමාරි කියන්නේ හරියට එයාට පාඩුවක් වුණා වගේනේ.කුමාරි,භයනොවෙනුූූ! කැඩුනේ පුටුවකි (නි)
ඉතින් වාඩිවෙන්නෙ නැතුව හිටගෙන ඉන්න පුළුවන්නේ (නි)
ලොකු අයියගේ චන්දෙ ඉවර වෙනකම් පොඩ්ඩක් කලබල නැතුව ඉන්නකෝ.ඊට පස්සේ මහත්තයට හොද පුටුවක් හම්බ වේවි. (දී)
නිතරම ගිනියම් වෙච්ච පරණ පුටුවම ද ඕනෑ? (ත)
හොඳට සැප පහසුවට තබුන පුටුව කඩා ගත්තේ එයාලමනෙ. අනික ඔය පුටුව දෙමල අහිංසක ජනතාවගේ අවශ්‍යතාවයක් නොවේ. (දී)
ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල මිසක් දෙමල නොවෙයි. අවශ්‍යනම් දෙමල භාවිත කරන්න. රාජ්‍ය භාෂාව නෙමෙයි (දී)
ඔය පුටු නවයම අපට ඕන දෙයක් නෙවෙයි. අපේ රටේ සම්පත් කාබාසිනියා කරන්න ඉන්දියාවෙන් අපේ රටේ මෝඩ පාලකයින්ට දීපු කුණු ගොඩක්. (ස)
මුලින්ම මතක තිය ගන්න ඕන රාජ්‍ය භාෂාව සිංහල කියල.මේ හැම ප්‍රශ්නෙකටම මුල තමන්ගේ තත්වේ තමන් නොදැන වැඩ කරන්න යන එක.කව්රු කොහොම මොනවා කිව්වත් මේක සිංහල රට.සිංහලයාගේ රට.එකේ ඕන ඕන එකට ඕන ඕන විදියට නටන්න දෙන්න බෑ.අපි මෙච්චර කල් එහෙම කරන්න දීපු එක තමි කරගත්ත ලොකුම මෝඩ කම. සිංහලයෝ කොන්ද පන තියාගෙන කෙලින් ඉදන් වැඩ කරන්න පටන්ගත්තොත් ඉස්සරහට අපේ පොඩි උන්ට රටක් ඉතුරු වේයි. (ස)
ජුලි මාසයෙන් පසු මොනවා කරන්නද දන්නේනෑ හදන්නේ .ප්‍රභාකරන්ගේ සිහිනය සැබෑ කරන්න ආ විග්නේසන්වරන් කල්පනා කාරී විය යූතූයි . (ස)
ඓහෙන් මෙහෙන් ඒකතු කරල හදා ගත්ත පුටුව දැන් ඔක්කොම කැඩී ගිහින් පුටු සේරම ලිපට. (ස)
නටන්ඩ බැරි මිනිහට පොලොව ඇදලු. (ස)
ඔය පුටු හොඳට තිබුණ පුටු. අහිංසක මිනිස්සුන්ව උසිගන්වල ඔය පුටුවලට ඔය අපරාධය කළේ ඔබ තුමන්ලම තමා. (ස)
හැම පළාත් සභාවටම දුන්නේ පහසුවෙන් වාඩිවෙන්න හැකි මුල් පුටු වුණාට උතුරු පළමු පළාත් සභාවේ මුල් පුටුව කඩා ගත්තේ ඔබතුමන්ලාම කට්ටිය තමයි. පළාත් සභා පුටුව කඩලා රජ පුටුවක් හදන්න ගිහින් කරගත්තු දේ ගැන ඔබලාම පසුතැවිලි වෙන එක හොඳයි. (ස)
ඉතින් මහත්තයෝ අනිත් පළාත් සභා වලටත් ඔය කියන ටිකමනේ තියෙන්නේ, බොරු මතවාද ඇති කරන්නේ නැතුව හිටියොත් හොඳයි නේද ? (දී)
මොකද කැරකෙන පුටුවක්ද ඉල්ලන්නේ. (ස)
මෙපමණ කලක් මෙහෙමවත් දෙයක් තිබුණාද කියලා මඳක් සිතාබැලිය යුතුයි නේද? (නි)
අනෙක් පළාත් සභා වලටත් තිබෙන්නේ ඔය බලතලම නේද? තියෙන බලතල වලින් පළාතේ ජනතාවට සේවයක් කරන්න. රටක් කරන විදියට පළාතක් පාලනය කරන්න බැහැ නේ. මා දන්නා විදියට ඔය බලතල ප්‍රමාණවත් අහිංසක ජනතාවට සේවයක් කරන්න. ඒ නිසා ඒ සේවය කරලා පෙන්වන්න. (ස)
ජනතාවට සේවය කරන්න උවමනාවක් තියෙනවා නම් පළාත් සභාවට තියෙන බලතල හොඳටෝම ඇති. (ස)
"බාගෙන කන්න තියන වල ඉහාගෙන කන්න" වගෙයි හදන්නේ. (ත)
රුවන්, ඔයා එහෙම කියන්නේ කොහොමද? දෙන්න ඕන දේවල් දුන්නා නම් කිසිම ප්‍රශ්නයක් නැහැනේ. (ත)
මහත්තයට වාඩි වෙන්න ඕනෙ නම් ඕන තැනක වාඩි වෙන්න. ඒත් අවංක ජනතා සේවයට නම් වාඩි වෙන්න මහපොලව වුණත් ඇති. (ස)
තම ප්‍රදේශයට සේවයක් කරනවා නම් ඔය තියෙන බලතල හොඳටම ඇති. මොකද තවත් පළාත් සබා අටක්ම තියෙන්නේ. ඉස්සෙල්ල සේවය කරලා පෙන්නන්න. ඊට පස්සේ බලමු නැති බලතල වලින් කරන්න පුළුවන් මොනවද කියලා. (ස)
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් උගත් මහතාණනි උතුරට පමණක් මහා ඇමැතින් නොවී මුළු රටේම මහා ඇමති ලෙස සිතුවොත් ඔබ මේ රටේ ඉහල තැනක ජනතාව පත්කරනු ඇත (දිල්)
මස් රාත්තලම ඉල්ලන්නද හිතුවේ? (ත)
හොඳට දුන්න පුටුව මොකටද කඩාගත්තේ.(ස)
මම නම් මේ කියුම් අනුමත කරන්නෙ නැහැ (නි)
මෙතුමන්ලා හිතන්නේ පළාත් සභාව කියන්නේ ජනාධිපතිටත් වඩා ලොකු තනතුරක් කියලද දන්නේ නෑ. (ත)
සමහරුන්ට කැඩුණු පුටුවක්වත් නැහැනේ.... (නි)
ඔය පුටුව දුන් දවසේ ඉදලා උතුරේ අහිංසක ජනතාවට මොනවද කළේ? වෙනත් කැරකෙන පුටු ඉල්ලන්න කලින් ගත් පුටුවේ වැඩ ටික අවංකව කරලා පෙන්වන්නකෝ.එවිට ජනතාව කැරකෙන පුටුවක ඔබතුමාව වාඩි කරවයි. (නි)
මේක ඒ තරම් ගණන් ගන්න ඕනෑ ගැටළුවක්ද? (නි)
අඩු ගානෙ කතාකරන නිදහසවත් එයාලට අද තිබෙනවා. අවුරුදු 5 කට පෙර ඔය අය කොහෙද හිටියේ? (නි)
සමහර මහත්වරු ඉන්නතුරු පුටු අත් ඔක්කොම කැඩිලා තමයි. (නි)
මෙයාලව මොන පුටුවක වාඩි කෙරෙව්වත් ඔය ජාතිවාදී සිතිවිලිනම් කවදාවත් මකන්න ලැබෙන්නෙ නැහැ.මෙයාලා වැඩකරන්නෙ හරියට උතුරත් තමිල්නාඩුවේ කැල්ලක් කියල හිතාගෙනද කොහෙද ? (නදී)
ඔය පුටුව අපි හදපු එකක් නෙමෙයි මහත්තයෝ.අඩුම ගානෙ පිට ඔපයවත් තියනවද බලන්නකෝ.අපිටත් ඕනෑ අපේම කියන දේශීය නිෂ්පාදනයක කට්ටිය වාඩි වෙනවා දකින්න.හැබැයි ඉතින් දෙනකම් ඉන්නේ නැතුව කට්ටිය පුටු හදන්න ගියොත් නම් වැඩේ කොහේ නතර වෙයිද දන්නෙ නැහැ (නි)
ඔය පුටුව කඩාගත්තේ ඔයගොල්ලොමනේ. ඒකට අපි මොකද කරන්නේ අයියා? (නි)
උතුරේ ජනතාව සමග ඔවුන්ගේ ජිවන තත්වය නඟා සිටුවීමට කටයුතු කරනවාට වඩා ඊළම,බලතල මන්තරය මතුරමින් දෙමළ ජනතාව රවටමින් කොළඹට වී තමන්ගේ ජිවිත සැපවත් කර ගැනීම යුද්ධයකින් අවසන් විය. නැවතත් ඊට වෙනස් තත්ත්වයක විනාශයක් කරා ශ්‍රී ලංකාව ගෙනයාමටද හදන්නේ? (නි)