රටේ ඇතිවී ඇති අපරාධ රැල්ල මැඩ පැවැත්වීමට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අද (30) පැවසීය.
ජනාධිපතිවරයා පැමිණි චොපරය නවතා තිබුණේ උත්සවය පැවති විද්‍යාලය අසළ පිහිටි ඉබ්බාගමුවේ වෙනත් පාසලක ක්‍රීඩා පිටියේය. උත්සවය අවසානයේ ජනපතිවරයා පිටත්ව යාමට චොපරය අසලට යන අවස්ථාවේදී එම විදුහලේ කුඩා දරුවන් පිරිසක් ඇමතීමටද අමතක නොකළේය. ඔවුන්ට ඇති ගැටළු සම්බන්ධයෙන් ජනපති විමසූ අවස්ථාවේදී තමනට වැසිකිළි නොමැතිවීම ගැන ඔවුහු කියා සිටියහ. ඒ අවස්ථාවේම විදුහලේ ගුරුවරයකුගෙන් විමසා සත්‍ය තත්ත්වය හෙළිකරගත් ජනපති සිරිසේන මහතා කඩිනමින් වැසිකිළි ගැටළුව නිරාකරණය කිරීමට කටයුතු යොදන බවට පොරොන්දුවී පිටත්ව ගියේය.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.
අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය
ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක
ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘අපිට වැසිකිළි නෑ‘ : සිසුහු ජනපතිට කියති
විජිත් Wednesday, 01 July 2015 03:41 AM
මේ පාසල ලොකු පාසලක්.වැසිකිලි ප්‍රශ්නයක්..?අනේ මන්ද..(බ)
දුමින්ද Tuesday, 30 June 2015 09:12 AM
හිටපු ජනපති වගේම දරුවන් හුරතල් කිරීම හොඳ දෙයක් (බ)
ශාමන්ත වෙල්ගම Tuesday, 30 June 2015 09:15 AM
කුඩා මිනිහගේ හැගීම් දැනීම් දැනෙන නායකයෙක්, ජනපති තුමනි, ඔය අනෙක් අයවගේ ලස්සනට උජාරුවට කියල යනව වගේ නැතුව ඒ වැසිකිලි පහසුකම් ලබාදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ලංකාවේ පාසල් 9000 කින් 2500 කට විතර පානිය ජලය සහ වැසිකිලි පහසුකම් නැත,මේ ගැනත් සොයා බලනු මැනවි. (බ)
නිතේෂ් Tuesday, 30 June 2015 09:25 AM
බොරු ශෝබන නැති නිහතමානී නායකයෙක්. මෙහෙම කෙනෙක් නම් හැමදාම හිටියත් කමක් නෑ. වැඩේ තියෙන්නේ මෛත්‍රී මහත්තයා දෙවැනි පාරවත් ඉල්ලන්නේ නෑ කියන එකනේ. එක තමයි මහත්මා ගුණය.(ම)
සුනිල් ගිකියනගේ Tuesday, 30 June 2015 10:10 AM
මෙච්චර ලොකු පාසලක් වෙලත් වැසිකිළි නැත්නම් අනෙක් දුෂ්කර පාසල් ගැන කියන්න දෙයක් නැහැ. අර පොඩි ළමයි කියන කල්ම ගුරුවරුන්ටවත් එම ගැටලුව ගැන අවබෝධයක් තිබුණේ නැතිද? (ම)
කුමාර් Tuesday, 30 June 2015 10:44 AM
හිටපු ජනපති දරුවන්ට අමතරව මරුවනුත් හුරතල් කළා නේ. (නදී)
ප්‍රභාත් Tuesday, 30 June 2015 11:21 AM
මේ ගැන රජයට ම දොස් කියා වැඩක් නැත අනිත් ජාතික පාසල් වලද හුඟක් වැඩ කෙරන්නේ දෙමව්පියන් ආදී සිසුන් හා ආධාරකරුවන් මගිනි මෙවන් උත්සහයක් වත් කර බැරි නං රජයට කියන්න. හැමදේම නිකන් දෙන මේ රට ඇත්තටම අශ්චාර්යමත් රටක්. රටවැසියන් හැටියට හැමදේම නිකන් ලැබෙනතුරු බල ඉන්නේ නැතිව තම උත්සාහයෙන් ලබා ගන්න බලන්න. (ම)
අජන්ත Tuesday, 30 June 2015 11:43 AM
මේ වගේ පාසල් රැසක වැසිකිලි ප්‍රශ්න තිබෙනවා.මේ ගැන අවධානය යොමු කර බැලුවා නම් නේද හොද?(හේ)
සුසි Tuesday, 30 June 2015 11:55 AM
වැඩේ කියන්නේ ජනාධිපතිතුමාට රටේ අනේකවත් ප්‍රශ්න තියෙද්දී මේ වගේ පොඩි පොඩි වැසිකිලි ප්‍රශ්නත් විසදන්ට සිදු වීම ගැනයි.(ම)