ලංකා අපනයන ආදායම බිලියන නවය ඉක්මවයි

(අංජුල මහික වීරරත්න)
2026 වසරේ පළමු මාස හය තුළ ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකා ඩොලර් බිලියන 9 ඉක්මවා තිබෙන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අග්රාමාත්යවරිය මේ බව කීවේ ශ්රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවේ (SLEIS) 2026 සැසිවාරයට සහභාගී වෙමිනි.
මෙම සමුළුව සඳහා ප්රතිපත්ති සම්පාදකයන්, ව්යාපාරික නායකයන්, ආයෝජකයන් ඇතුළු පාර්ශ්වකරුවන් රාශියක් සහභාගී වූ අතර, ශ්රී ලංකාවේ ආර්ථික අපේක්ෂාවන් සහ ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම සමුළුව මඟින් අවස්ථාව සැලසුණි.
“ඩිජිටල් යුගයක ජාතිය ගොඩනැගීම” (Nation Building in the Digital Age) මැයෙන් පැවති සැසිය ඇමතූ අග්රාමාත්යවරිය ශ්රී ලංකාව හුදෙක් තාක්ෂණය භාවිත කරන රටක් නොව නවෝත්පාදන බිහිකරන රටක් බවට පරිවර්තනය කිරීම සඳහා රජය කැපවී සිටින බව අවධාරණය කළාය.
ඒ අනුව 2030 වන විට ඩිජිටල් ආර්ථිකය ඇමෙරිකා ඩොලර් බිලියන 15 දක්වා ඉහළ නැංවීම, ඩිජිටල් අපනයන ඇමෙරිකා ඩොලර් බිලියන 5 දක්වා වර්ධනය කිරීම සහ ඩිජිටල් ක්ෂේත්රයේ වෘත්තිකයන් 200,000කින් සමන්විත ශ්රම බලකායක් ගොඩනැගීම රජයේ අරමුණ බව අග්රාමාත්යවරිය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd