ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව මාස පහකට ආසන්න කාලයක් රෝහලේ ගත කළ උතුරුමැද ආයුර්වේද කොමසාරිස් උදයසිරි චන්ද්‍රකුමාර අල්විස් මහතා අද රෝහලින් ගෙදර ගියේය.
සිංගප්පුරුවේ හා කොළඹ ඇස් රෝහලේ ප්‍රතිකාර වලින් අනතුරුව ඇසේ පෙනුමද ලැබු ඔහු පවසනුයේ ලබන සතියේ සිට රාජකාරියට යන බවයි.
ඔහුට ඇසිඩ් ගැසුවැයි සැකපිට ආයුර්වේද වෛද්‍යවරයෙක්, සෙබළෙක් හා මාළු වෙළෙන්දකු ඇප මත මුදා හරිනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට සියළු දෙවියන්ගේ පිහිටයි! (නි)
අපේ සුභ පැතුම්! දිගු කලක් සේවය කිරීමට ලැබේවා. (නි)
ඔබතුමාට සුව වීම ගැන සතුටුයි (නි)
මම නම් කියන්නේ දෙගොල්ලොම වැරදියි (නි)
සියලු සත්වයෝ සුවපත් වේවා...නිදුක්වෙත්වා.(අ)
කොමසාරිස්ට මඩ ගැසුව අයත් ඉන්නවා. එහෙත් ඇත්ත දිනනවා. (නි)
පෙර කල ,ආයුර්වේද වෙදකම,ගුරුකම හා ග්‍රාමසේවක ඉතාම ගෞරවයකට පාත්‍ර වුනු රැකියාවන් (නි)
අපේ වියදමෙන් සිගප්පුරු රෝහල්වල ප්‍රතිකාර ලබන සමහරු දිහා බැලුවාම, අල්විස් මැතිතුමනි, ඔබතුමන්ට එවැනි පහසුකමක් රජයෙන් ලබාදීමම අප ලැබූ භාග්‍යයක්, පිනක්! කලින් මෙවැනි අනතුරකට පත්වුණු විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතාණන් කිව්වා වගේ ඔබතුමන් බල්ලන්ගේ බිරුම්වලින් නොසැලී ඉදිරියට යන්න. ඔබට නිරෝගී සුව පතමි. (නි)
බුදුන් වහන්සේගේ පිරිසිදු ධර්මයේ බලයෙන් ඔබතුමාට නිරෝගී සුවයෙන් ජනතාවට සේවයක් කිරීමට ශක්තිය ලැබේවා..!!! (ස)
අමිල කටුනායක, කොහොමද ඔය දන්නේ දෙන්නම වැරදියි කියල? (දී)
කොමසාරිස්ට ඇසිඩ් ගහපු එක හරි කියලද අමිල කටුනායක කියනේ ඔය වගේ අදහස් තියන අයගෙන් තමියි මේ සමාජය විනාස වෙන්නේ (දී)
මම ඔබතුමා අදුනන්නේ නැහැ .එත් සිද්ධිය වුණ දවසේ ඔබතුමා වෙනුවෙන් මම දෙවියන් යැද්ද .දෙවියන්ගේ පිහිටෙන් ඔබට යලි ලෝකය දකින්න ලැබීම ගැන මම සතුටු වෙනවා සහ දෙවියන්වහන්සේට ස්තූති වේවා! (ස)
ඔබතුමාට සුව වීම ගැන සතුටුයි, සම්පුර්ණ සුවයක් ලබා හොදින් ඉන්න. නමුත් ලංකාවේ ඉන්න බව හිතේ තියාගන ප්‍රවේසමින් ජීවත් වෙන්න. නීතියක් රීතියක් නැති රටක කීපදෙනෙක් විතරක් නීතිය ක්‍රියාත්මක කරන්න ගියොත් ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනෙවා. මාත් ඔයවගේ හිතුව, බැරිම තැන හිතට එකගව ඉන්න ලංකාවෙන් සමුගන්ත. (අ)
ඔහු සුව කල දොස්තර මහතුන්ට පින් සිදු වේවා ! (ස)