IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අ‘පුර පුර සබෙත් ගව ඝාතනය තහනම් කරයි

පොසොන් සමයත් සමඟ  අනුරාධපුර නගරයේ ගව ඝාතනය  සම්පුර්ණයෙන්ම තහනම් කළ යුතු යැයි  එක්සත් ජනතා නිදහස් සංධානය අනුරාධපුර මහ නගර සභා රැස්වීමට ඉදිරිපත් කළ යෝජනයවක් විපක්ෂ මන්ත්‍රීන්ගේද ඡන්දයෙන් සම්මත විය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී  දුෂ්‍යන්ත කුමාර මහතා ගෙන ආ යෝජනාව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආරියරත්න වික්‍රමාරච්චි මහතා ස්ථිර කළේය.

හරක් හොරුන්  ගවයින් 34 කින් යුත් ගව පට්ටියක්  සොරකම් කළ පසු ගවපට්ටිය අයිතිකාර  මව අසරණ වු පවතක් ගැන සඳහක් කර මන්ත්‍රීවරයා එම යෝජනාව ඉදිරිපත් කළේය.



අදහස් (0)

අ‘පුර පුර සබෙත් ගව ඝාතනය තහනම් කරයි

ජූඩ් Friday, 07 June 2013 04:00 PM

අනේ මට නම් ඕවායේ එච්චර ගානක් නැහැ (නි)

:       0       0

මාධව Saturday, 08 June 2013 02:04 AM

මේක දීපව්‍යාප්ත කරන්න ඕනේ (දී)

:       0       0

ලලිත් Friday, 07 June 2013 04:02 PM

නුවරදී අපවත් වූ හිමි නමට කල උපහාරයක්

:       0       0

අසිත Saturday, 08 June 2013 02:27 AM

බොහොම අගය කළ යුතු ක්‍රියාවක්. ඔබ සැමට බොහොම ස්තුතියි (නි)

:       0       0

සම්සුදීන් Friday, 07 June 2013 04:07 PM

දැන් මුස්ලිම් අයට කන්න හරකුන්ගේ මිල අඩුවෙන්නේ නැද්ද එතකොට? (නි)

:       0       0

ශෙහාන් Friday, 07 June 2013 04:10 PM

මේ උතුම් ක්‍රියාව සැමට ආදර්ශයක්! මෙම ක්‍රියාවට මුල් වූ සියල්ලටම පිං අත්වේවා! (නි)

:       0       0

චන්දි Friday, 07 June 2013 04:15 PM

ඉතා හොද දෙයක්. පොසොන් එකටවත් හිත සැනසිල්ලෙන් පත්තරේ පොඩ්ඩක් බලන්න පුළුවන් වේවිද මන්දා?පක්ෂ බේදයකින් හා පාට බේදයකින් තොරව එකමුතුව වැඩ කරනවා නම්,අපේ මේ පුංචි රට කොච්චර දියුණු වේවිද නේද..? (නි)

:       0       0

ෂෙරිෆ් Saturday, 08 June 2013 02:58 AM

මස් කඩ කොහොමත් වහන්න පුළුවන්. නමුත් තැබෑරුම් වහන්න හිතන්නත් අමාරුයි. අයිතිය මහ ජාතියටනේ. හෙළයෝ හරක් මස් කන්න හොඳට පුරුදුවෙලා ඉන්නේ. පෙරේත හෙළයෝ මත්වෙනකොට ඕනෑම මසක් කනවා. (නි)

:       0       0

විමලසේන Friday, 07 June 2013 04:15 PM

ඉතා වටිනවා ඒ ක්‍රියාව

:       0       0

චන්දි Friday, 07 June 2013 04:16 PM

හැබැයි ,දැන් හරක් විකුණන අයට මොනවා හිතෙනවා ඇද්ද? නේද? (මම කිව්වේ අනුරපුරේ පැත්තේ ) (නි)

:       0       0

ප්‍රභාත් Friday, 07 June 2013 04:23 PM

අනුරාධපුරය පුජා බිමක්. ඔය ගත්ත තීරණය ඉතිහාසගත වෙනවා. ආයෙත් කවදාවත් දාන්න ඉඩ තියන්නත් එපා. හැබැයි සිංහල බෞද්ධයෝ සල්ලි ඕනෑ වෙලාවට හරක් විකුනන්නත් එපා (නි)

:       0       0

වසන්ත Friday, 07 June 2013 04:25 PM

සාධු....සාධු....සාධු.... (දී)

:       0       0

රංජනී Saturday, 08 June 2013 04:10 AM

හාමුදුරු නමක් ගිනි තියාගන අපවත් වෙලා රටම හඩවලත් ගව ඝාතනය නවත්වන්න බැරි වුන එකේ ඔබතුමන්ලාගේ කීම අසාවිදැයි මට ඇත්තේ සැකයකි (නි)

:       0       0

නන්දන Saturday, 08 June 2013 04:21 AM

අපේ අනුරපුර නගරය දැන්වත් අපි ලස්සනට හදමු (නි)

:       0       0

නිමල් Friday, 07 June 2013 04:29 PM

ලංකාවේ ගවයන් මැරීමට සිදුවන්නේ ගවයන් අතිරික්තයක් ඇතිවන බැවිනි. කිරි සදහා ගවයන් ඇති කළ විට නිෂ්පාදනය හමාර කළ ගවයන් තවත් වසර 10 පමණ ජීවත් වේ. ජනගහන වර්ධනය සමගම තණ බිම් ප්‍රමාණය අඩුවේ. එවිට මෙම නිෂ්පාදනය හමාර කළ ගවයන් රැකබලා ගැනීම ප්‍රයෝගික නැත. එවිට ගාතනය කිරීමට සිදුවේ.එම නිසා කළ යුත්තේ පලය නැතිකිරීම නොව හේතුව නැතිකිරිමයි. එනම් කිරි නිෂ්පාදන බාවිතය අත්හැරිමයි. කිරිපානය කරමින් ගව ගාතනය නතර කිරීමට උත්සාහ කිරීම ප්‍රායෝගික නැත.කිරි සදහා ඉල්ලුමක් නැතිනම් ගව පාලනය වැඩක් නැත.ගවයන් ප්‍රමාණය අඩුනම් ගාතනය කිරීම වුවමනා නැත. එමනිසා හෙට සිට ඔබගේ කිරි , යෝගට් , කේක් නතර කරන්න (නි)

:       0       0

ප්‍රියා Saturday, 08 June 2013 04:21 AM

මස් නොකන උතුම් මිනිසුනි, ඔබ සැමට තෙරුවන් සරණයි. (නි)

:       0       0

සරත් ඩු Friday, 07 June 2013 04:36 PM

මාර වැඩේ වැව් වල මුදේ ඉන්න මාළු, ඌරන් හා කුකුලන් හිතනවා ඇති අනේ මමත් හරකෙක් උනානම් කියලා?(නදී)

:       0       0

අනෝමා Saturday, 08 June 2013 05:39 AM

ඇත්තටම අපිට ගොඩක් සතුටුයි. මොකද අපේ නගරෙත් හරක් මරණ එක සම්පුර්ණයෙන්ම තහනම් කිරීම ගැන අපේ මැති දෙපාර්ශවයටම කුවේට් රටේ සිටින සියලුම බෞද්ධ ජනතාවගේ ස්තුතිය පුද කරනවා. (නි)

:       0       0

අහිංසා Friday, 07 June 2013 04:51 PM

හින්දු ආගම අදහන උදවිය එළාර රජුගේ කාලේ ඉදන් ඉන්නවා. රාවණාත් හින්දු ලු. මම හිතන්නේ '' හින්දු ලේ '' අපේ ඇගේ ශරීරගත වෙලා තියෙනවා. අපි හින්දු දෙවියාගේ රථය වන ගවයාට ගරුකිරීම ස්වාභාවිකයි (නි)

:       0       0

මනුප් Friday, 07 June 2013 04:52 PM

මාළු කුකුල් ඌරු මේ සතුන්ගේ ජිවිත මොනවද පොඩි. හරකාගේ ජිවිතේ ලොකුද? කෑගල්ලේ නගරයේ දිනකට හරක් 10කට වැඩිය මරනවා. කව්ද මේවා කන්නේ පොඩ්ඩක් මස් කඩයක් ලගට වෙලා සංගණනයක් ගන්ඩ එතකොට පුළුවන් කව්ද කන්නේ කියලා. මස්කඩ වහන්ඩ පලවෙනි ඡන්දය මගෙන්. මස් කඩ කාරයෝ මස් මරන්නේ තනිකරම වැරදි විදිහට. (නදී)

:       0       0

අප්පුහාමි Friday, 07 June 2013 04:52 PM

දැන් රටේ තියන ලොකුම ප්‍රස්නේ තියෙන්නේ හරක් මැරීමද? මම හිතන්නේ ඔය මරණ විදිහට විල මැද බංගලාවේ සමහර කට්ටිය බයවෙලා ඇති?(නදී)

:       0       0

කුමාර Saturday, 08 June 2013 07:09 AM

අනෙක් සභාවන්ටත් ආදර්ශමත් වැඩක් (දී)

:       0       0

මුනගම Friday, 07 June 2013 05:00 PM

100% හොද වැඩක්

:       0       0

අජිත් Friday, 07 June 2013 05:08 PM

සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ හයන්ති මච්චුනෝ සබ්බෙසං ජිවිතන්ග් ප්‍රියන්ග් - අත්තනාන්ග් උපමන්ග් කත්වා නහ නෙයිය නගාතයේ ........... සියලු සත්වයෝ දඩුවමට බිය වෙති -සියලු සත්වයෝ මරණයට බිය වෙති - සියලු සත්වයෝ ජීවත්වීමට (ජිවිතයට) ප්‍රිය කරති එබැවින් අන් සත්වයෝද තමාට සම සේ සිතා ඔව්න්ට හිංසා පීඩා නොකළ/නොකරවිය යුතුය...ගාතනය නොකළ/නොකරවිය යුතුය.. (දම්මපදය - දණ්ඩ වග්ගය) (නි)

:       0       0

නුවන් Friday, 07 June 2013 05:10 PM

එතකොට බිත්තර , මාළු , කුනිස්සෝ?? මොවුන් දාස් ගණන් මරණ එක ප්‍රශ්නයක් නැද්ද ? (නි)

:       0       0

නෙතුමි Friday, 07 June 2013 05:15 PM

කරනවානම් ඉතාම හොඳ ක්‍රියාවක්. ප්‍රකාශ කරන හැම දේම කරන්න අමාරුයි. වරදක් කිරීම ලේසියි යහමග ඒම අමාරුයි. ඒ වගේ තමා මෙය ප්‍රායෝගිකව කිරීම තරමක් අපහසුයි.නමුත් සෑම සත්වයෙක්ම ප්‍රයෝජනවත් නිසා ඒ හැම සත්වයාටම මෙය වලංගු වෙනවානම් හොඳයි (නි)

:       0       0

සුදත් Friday, 07 June 2013 05:30 PM

ඇති විශිෂ්ටයි...... (දී)

:       0       0

නන්දන Friday, 07 June 2013 05:38 PM

මේ වගේම අනෙකුත් සතුන් මරණ එකත් නවත්වන්න (දී)

:       0       0

ප්‍රේමලාල් Friday, 07 June 2013 06:02 PM

ඉම්රාන්, මම කැසිනෝ දානවට නම් කැමතියි. ගව ගාතනය ඇතුළු ගාතන වලට විරුද්ධයි. (නි)

:       0       0

චාපා Friday, 07 June 2013 01:08 PM

සාදු සාදු සාදු.(නදී)

:       0       0

හසිත Friday, 07 June 2013 01:11 PM

පින්!

:       0       0

අසේල Friday, 07 June 2013 01:15 PM

මෙහෙම ආදර්ශමත් ලෙස හැසිරෙනවා නම් පක්ෂ පාට භේදයකින් තොරව අපි ඔබ සැමට ගරු කරමු.(නදී)

:       0       0

සමන් පෙරේරා - සෞදි Friday, 07 June 2013 01:22 PM

ඉතා හොඳ ක්‍රියාවක් මුළු ලංකාවේම ක්‍රියාත්මක වන්නට වගකිව යුත්තන්ගේ අවදානය යොමුවේවා, ගව ඝාතනය ධර්මද්විපයෙන් තුරන් වේවා!(නදී)

:       0       0

ධනුක පෙරේරා Friday, 07 June 2013 01:24 PM

හොද වැඩක්.(නදී)

:       0       0

වරුණ Friday, 07 June 2013 01:25 PM

පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්ව ගත්ත මේ යහපත් තීන්දුවට මගේ ප්‍රණාමය.(නදී)

:       0       0

ලක්විදු Friday, 07 June 2013 07:03 PM

ගව ඝාතනය නවත්තන්න හදන එක හොදයි. ඒත් මුළු රටටම විපත්තියක් වෙලා තියෙන, අසරණ දරුපවුල් කාබාසිනියා කරන , ජීවිත විනාශ කරන අරක්කු වෙළදාම මුලින්ම නවත්තලා හිටියා නම් නේද හොඳ? (නි)

:       0       0

වරුණ Friday, 07 June 2013 01:27 PM

ලංකාව තුල ගව ඝාතනය සම්පූර්ණයෙන් තුරන් කරමු. අනෙත් සියලු පළාත් සභා වලත් මේ සමගම මේ තීන්දුව ගන්න ශක්තිය ලැබේවා (නි)

:       0       0

රම්සි Friday, 07 June 2013 07:07 PM

නොදන්නා නිසයි අහන්නේ. කවුරුහරි මට කියනවද සමාජයට ලොකුම විනාසයක් කරන්නේ ගව ඝාතනයද අරක්කු වෙළදාමද කියලා. (නි)

:       0       0

ශීලියා Friday, 07 June 2013 01:29 PM

අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ජීවිත පූජාවෙන් මේ අයගේ මනස ඇරීම ගැන ඔබ වහන්සේටත් පින්. මේ තීරණයට උදව් වුන හැමදෙනාටත් පින්. ඒ වගේම ජා ඇල ප්‍රාදේශීය සභාවෙත් මේ වගේ තීරණයක් අරන් තිබුනා. ඔවුන්ටත් පින්.(නදී)

:       0       0

ලියනගේ Friday, 07 June 2013 01:30 PM

සියලු පළාත් වලට ආදර්ශයක් වේවා! (නි)

:       0       0

ලහිරු පෙරේරා Friday, 07 June 2013 01:33 PM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

පෙරේරා Friday, 07 June 2013 01:33 PM

ඔබලාට මේ ආත්මයට පසු ආත්මයටත් , තම දරුවන්ටත් කර ගත් මහා පුණ්‍ය කර්මයකි. පින් සිදුවේවා. අනුරාධපුරයෙන් පටන්ගත් මෙම සත් ක්‍රියාවට අපි ශ්‍රී ලංකාව පුරා විහිදුවමු. (නි)

:       0       0

හේරත් Friday, 07 June 2013 01:36 PM

සතුටට කරුණක්. සියලුම මහත්වරුන්ට අපේ ආචාරය! අපි ලක් මාතාවගේ බුද්ධිමත් දරුවෝය. ජයවේවා! (නි)

:       0       0

සම්පත් Friday, 07 June 2013 01:37 PM

මේ ශුද්ධ නගරය ගව ගව ඝාතනයෙන් රැකගත් පක්ෂ විපක්ෂ සියලු දෙනාට ප්‍රණාමය (නි)

:       0       0

හර්ෂණ Friday, 07 June 2013 01:38 PM

සියලුම සත්ව ඝාතන ලංකාව තුළ තහනම් කළ යුතුයි. මිනිසාට වගේම සත්තුන්ටත් ජීවත් වීමට අයිතිය ඇත. ඔවුන් මැරීම මිනිසෙකු මැරීම හා සමානය. එම නිසා නිතිය මිනිසාට සහ සතුන්ට එක සමාන විය යුතුය. (නි)

:       0       0

සංජීව Friday, 07 June 2013 01:38 PM

හැම දෙකටම දෙපැත්තක් තියෙනවා. මේ වැඩෙන් හරක් මස් කන අය අඩුවීම කෙසේ වෙතත් කැළේට වෙලා හොර හරක් මරණ අයගේ ගණන වැඩි වෙන්න පුළුවන් (නි)

:       0       0

අරුණ Friday, 07 June 2013 01:42 PM

හොද වැඩක් (නි)

:       0       0

මොහොමඩ් Friday, 07 June 2013 01:46 PM

යම් දිනක මිනිසාට වඩා ප්‍රබල ජීවියෙකු පැමිණ මිනිසා මරා ආහාරයට ගන්නා තුරු ඔවුන් අනිත් සතුනට කළේ කුමක් දැයි මිනිසාට නොහැගෙයි . එවිට ඔවුන් දුක් වෙනු ඇත. මෙම ගාතන ආගමික බලපෑමකින් තොරව ලෝකයෙන් තුරන් කල යුතුයි. (නි)

:       0       0

රොහාන් Friday, 07 June 2013 01:45 PM

ඉතාමත් හොද වැඩක් (නි)

:       0       0

සිල්වා Friday, 07 June 2013 01:57 PM

යහපත් ක්‍රියාවක් !! හොද ආදර්ශයක් ජනතාවට. (නි)

:       0       0

චතුර Friday, 07 June 2013 02:01 PM

වැඩේ නම් හොදයි. හැබැයි ඉතින් හොර අරක්කු වගේ මේකත් පස්සේ හොර හරක් වෙයි ද දන්නේ නැහැ. දැන් මස් කන අය මොනවද කන්නේ? දැන් ඉතින් පව්කාරයා කියල මට බනී කට්ටියම. (නි)

:       0       0

චමිල Friday, 07 June 2013 08:26 PM

අපේ රටේ ජීවත් වෙන සමහරක්ට රටට හෙන ගැහුව්වත් '' අනේ අපිට මොකද අපිට මුකුත් කරදරයක් නැත්නම් ''කියල හිතන නිසා , හොද දෙයක් සිද්ද උනාම ඒවා අගය කරන්න කැමති නැහැ. මේ යෝජනාව හොද දෙයක්. බාර් ටිකත් එක එක හරි වහන්න උත්සහ කරනවා නම් මුළු රටේම උපහාරය පුද කරනවා.(නදී)

:       0       0

ටිරාන් Friday, 07 June 2013 02:04 PM

ගව ගාතනය තුරන් කළොත් වැඩිපුර ඉපදෙන ගවයන්ට මොනවද කරන්නේ? උන්ව දඩාවතේ යවලා පාරවල් වල රිය අනතුරු වෙනකන් බලන් ඉන්නවද? එතකොට අනිත් සත්තුන්ගේ ජීවිත? ඒවා ජීවිත නොවෙයිද? (නි)

:       0       0

පවන් Friday, 07 June 2013 02:14 PM

ඒවා හොද වැඩ .... (නි)

:       0       0

නීලම්බරි Friday, 07 June 2013 09:01 PM

යම් කෙනෙක් සත්ව ඝාතනයෙන් වෙන්වන්නේද, ඒ සදහා අනුබල නොදෙන්නේද,ඒ සදහා උපක්‍රම නොයොදන්නේද නම් ඔහු ත්‍රිකෝටික පාරිශුද්ධ ශීලය රකින්නේය (නි)

:       0       0

නීල් Friday, 07 June 2013 02:15 PM

අනේ කාලේ වනේ වාසේ (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 07 June 2013 02:13 PM

පින්බර තීරණයක්! (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 07 June 2013 02:23 PM

තීන්දුව ක්‍රියාත්මක ක‍රන්න ශක්තිය ධෛර්ය,සියලු දෙනාටම ලැබේවා! මගේ ප්‍රණාමය (නි)

:       0       0

ජයසිංහ Friday, 07 June 2013 02:24 PM

ඉන්දරතන හිමිට බුදුබව ලැබෙන්න ඕනෑ මේ විදියට හරි සිංහලයාගේ ඇස අරවිම ගැන (නි)

:       0       0

තුසිත Friday, 07 June 2013 02:26 PM

ගව ඝාතනය විතරද? (නි)

:       0       0

අශේන් Friday, 07 June 2013 02:27 PM

එතකොට පිටරටින් ගෙන්වන මස් හරක් මස් කන එක අනුරපුර තහනම් නැද්ද? (නි)

:       0       0

කමල් Friday, 07 June 2013 02:36 PM

තුසිත, ගව ඝාතනය පමණයි. දැනගන්න ටිකෙන් ටික සතෙන් සතේ, කලබල කරන්න එපා (නි)

:       0       0

චතූ Friday, 07 June 2013 02:37 PM

මෙම තහනම ලංකාව පුරාම ක්‍රියාත්මක කරන්නට සැවොම එක්සත්ව නැගී සිටිමු. (නි)

:       0       0

බණ්ඩාර ජනසිරිගම {කුවෛට්} Friday, 07 June 2013 02:37 PM

අහන්න සතුටුදායකම පුවතක් (නි)

:       0       0

රංජිත් Friday, 07 June 2013 02:46 PM

අශේන් පුතා වෙත. ගව ඝාතනය සහ ගව මස් කන එක අතර ලොකු වෙනසක් තියනවා. අපේ රටේ ගොවිතැනට ගවයාගෙන් විශාල ප්‍රයෝජන තියනවා. ඕනෑම නම් පිටරටින් ගෙනත් ඕනෑම වස විස දෙයක් ගෙනල්ලා කන්නත් පුළුවන්. දැන් මෙහෙ බැටළුවෝ නැතුව බැටළු මස් තියෙන්නේ. මස් කන එක නතර කිරීම් නොව මරණ එක නැවැත්වීම ඉතා වැදගත්. හොඳ දෙයට හොඳයි කියන එකත් ලොකු දෙයක්. (නි)

:       0       0

ඉෂාර Friday, 07 June 2013 02:51 PM

මෙන්න මෙහෙම පක්ශ බේද නැතුව හවුලේ වැඩ කරනවා නම් කොච්චර හොදද මහත්වරුනි? (නි)

:       0       0

උපුල් Friday, 07 June 2013 02:58 PM

අශේන්, පිටරටින් ගෙනෙන මස් ගැන පස්සේ බලමු. දැනට අපි ලංකාව ගැන විතරක් බලමු (නි)

:       0       0

පාල Friday, 07 June 2013 03:01 PM

අපිත් කැමතියි. මධ්‍යසාර, ගණිකා මඩම් ඒවාට විරුද්ධවත් යෝජනා ගෙනෙන්න. ඒකට අපි ගොඩාක් කැමතියි. (නි)

:       0       0

චතුරංග Friday, 07 June 2013 03:06 PM

දැන් අනුරාධපුරේ තම්බිලා මොනවා කයිද දන්නෙ නැහැ... (නි)

:       0       0

ජෙෆ් Friday, 07 June 2013 03:04 PM

තුසිත, ඔබ කෙටියෙන් ඇසුව ප්‍රශ්නය කාලීනයි. මේ රටේ සිදුවන ලොකුම අපරාධය ගව ඝාතනයද ? (නි)

:       0       0

කසුන් ධර්මවංශ Friday, 07 June 2013 10:27 PM

නියමයි. අපි නියම සිංහලයන් විදියට ගව ගාතනය තහනම් කරලා මේ දේ පටන් අරගෙන, හැම සතෙක්ම මස් පිණිස ගාතනය කිරීම නවතා දමමු. අපේ ඉන්ද්‍රරතන හිමියන්ට නිවන් සුව ලැබෙනවා සිංහලයාගේ ඇස් ඇරියට. (නි)

:       0       0

බන්කි Friday, 07 June 2013 03:13 PM

චතුරංග , තම්බින්ට කියමු ඌරු මස් කන්න කියලා. (නි)

:       0       0

ඉන්දික Friday, 07 June 2013 03:11 PM

මොනතරම් හොද දේක උනත් වැරදි දකින අය ඉන්නවා. අපි ඒ අය ගැන කතා නොකර මේ සත් ක්‍රියාව කල අයට ආශීර්වාද කරමු. (නදී)

:       0       0

ටෙනිසන් Friday, 07 June 2013 10:37 PM

ගෞරවනීය අදහසක් මොහොමෙඩ් හැමෝටම දීල තියනවා. මගේ ප්‍රණාමය. වැඩේට මුල් වෙඩිල්ල පත්තුවුනා. නමුත් දළදා සමිදු වැඩ සිටින මහනුවර නගර සබාව තවම නිහඩයි. (නි)

:       0       0

අහමඩ් Friday, 07 June 2013 03:17 PM

එතකොට ගවයන් ලංකාවේ වැඩි වන නිසා මිලත් අඩුවෙයි (නි)

:       0       0

දිල්ෂාන් එම් Friday, 07 June 2013 10:45 PM

මේ දේ හොදයි. ඒත් මේවට කලින් නවත්වන්න තව ගොඩක් දේවල් තියෙනවා නේද ලංකාවේ? (නි)

:       0       0

සාලිය වික්‍රමසුරිය Friday, 07 June 2013 03:17 PM

බොහොම පින් අනුරාධපුර මහා නගර සභාවට. සාධු සාධු සාධු! මම කතෝලිකව ඉඳලා බෞද්ධ වුනාට පස්සේ මස් මාළු කන්නේ නැහැ. අපේ සීයා කළේ හරක් මරපු එක. අවසානෙදි මැරුණෙත් හරකෙක් වගේ තප්පුලලා. බුදුදහම විශ්මිතයි. ඔබ සැමට බුදුසරණයි! (නි)

:       0       0

පුබුදු Friday, 07 June 2013 10:49 PM

මොන තරම් හොද වැඩක්ද

:       0       0

සංජීව ජගත් Friday, 07 June 2013 03:21 PM

""මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි."" ඉතින් අපිට මේව නවතවන්න බැරිනම් කාටද පුලුවන් මේවා නවත්වන්න. මුලුමහත් ලංකාව පුරාවටම මේ විදිහට වෙනසක් වෙන්න ඕනෑ. ගව ඝාතාය, කුකුල්ලු ඝාතනය, ඌරන් ඝාතනය, එලුවන් ඝාතනය, මේ සියලු සතුන් ඝාතනය වලක්වන්න පුලුවන් නම්... " මේ ගෞතම බුද්ධ රාජ්‍යයය" යන්න යථාර්තයක් වේවි. (නි)

:       0       0

ජයසිංහ Friday, 07 June 2013 03:32 PM

තුසිත ගම්වල සත්තු මරාගන කලා ගමට වදයක් උන සමහර පිරිස් අද යම්කිසි තැනකට ආවා කියලා හිතට දැනෙනවා නම් ඔබ අද ඔය ඉන්න තැන ඔබට ගැලපනවද කියලා බලන්න හොදට.(නදී)

:       0       0

සීල Friday, 07 June 2013 11:23 PM

ඇයි අනුරපුරට විතරක්. සම්පූර්ණයෙන්ම නැවත්තුවොත් හොද නේද? (නි)

:       0       0

ඉම්රාන් Friday, 07 June 2013 03:31 PM

ගව මස් විතරක් නෙමෙයි හැම මසක්ම නවත්තන්න. මධ්‍යසාර, ගණිකා මඩම් ඒවාට විරුද්ධවත් යෝජනා ගෙනෙන්න. ඒකට අපි ගොඩාක් කැමතියි. (නි)

:       0       0

දමිත්-ඩුබායි Friday, 07 June 2013 03:34 PM

හැමෝටම ප්‍රශ්නේ ගව ඝාතනය විතරද කියන එකයි. එකෙන්වත් පටන්ගත්ත එකත් ලොකු දෙයක්. හැම වැරද්දක්ම හදාගන්න වෙන්නේ ටිකෙන් ටික. එහෙම අපි හැමෝම අපේ රට හදාගමු කරන දේවල් දිහා වැරදියට බලන්නේ නැතුව.(නදී)

:       0       0

නෙරා Friday, 07 June 2013 03:38 PM

ටිරාන්, එහෙනම් මිනිස්සුන්ගෙත් වැඩිපුර ඉපදෙන මිනිස්සුන්ව මස් කඩේට දැක්කුවනම් හරි. ඉස්සරහින්ම ඉන්නේ ඔයා.(නදී)

:       0       0

කනිෂ්ක Friday, 07 June 2013 03:39 PM

ගොඩක් හොදයි. නමුත් ගව ඝාතනයට පමණක් සීමා කලේ ඇයි ? මේක හින්දු කුමන්ත්‍රණයක්. මේ කුමන්ත්‍රණය පටන් ගත්තේ පොළොන්නරු යුගයේ ඉදලා. අපි සැබෑ බෞද්ධයෝ නම් සියලු සතුන් ඝාතනයට එරහි විය යුතුයි.(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 07 June 2013 03:45 PM

මගේ හඬින් ඔබ සෑම දෙන පිබිදෙන්නේ..... කිරි තිබුනත් දරුවට බිත්තරයම දෙන්නේ.... බිත්තර දෙන අම්මා යයි මට නොකියන්නේ.... ඩෙවිල්, රෝස් රසයට මා හම ගහ පන්නේ....(නදී)

:       0       0

සිංහලේ ධර්මපාල Friday, 07 June 2013 03:46 PM

දුෂ්‍යන්ත කුමාර, නියම කුමාරයෙක්. අනුරාධපුරය පුජා බිමක්. ඔය ගත්ත තීරණය ඉතිහාසගතවෙනවා. අය කවදාවත් දාන්න ඉඩ තියන්නත් එපා. හැබැයි සිංහල බෞද්ධයෝ සල්ලි ඕන වෙලාවට හරක් විකුනන්නත් එපා. හරකා විකුණන් කනකොට දෙවියෝ ඔබ දිහා බලන්නේ නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 13 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 2428 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1388 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 2064 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1415 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 760 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37980 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25017 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 241 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 280 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site