පොසොන් සමයත් සමඟ අනුරාධපුර නගරයේ ගව ඝාතනය සම්පුර්ණයෙන්ම තහනම් කළ යුතු යැයි එක්සත් ජනතා නිදහස් සංධානය අනුරාධපුර මහ නගර සභා රැස්වීමට ඉදිරිපත් කළ යෝජනයවක් විපක්ෂ මන්ත්‍රීන්ගේද ඡන්දයෙන් සම්මත විය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දුෂ්‍යන්ත කුමාර මහතා ගෙන ආ යෝජනාව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආරියරත්න වික්‍රමාරච්චි මහතා ස්ථිර කළේය.
හරක් හොරුන් ගවයින් 34 කින් යුත් ගව පට්ටියක් සොරකම් කළ පසු ගවපට්ටිය අයිතිකාර මව අසරණ වු පවතක් ගැන සඳහක් කර මන්ත්‍රීවරයා එම යෝජනාව ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා වටිනවා ඒ ක්‍රියාව
සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ හයන්ති මච්චුනෝ සබ්බෙසං ජිවිතන්ග් ප්‍රියන්ග් - අත්තනාන්ග් උපමන්ග් කත්වා නහ නෙයිය නගාතයේ ........... සියලු සත්වයෝ දඩුවමට බිය වෙති -සියලු සත්වයෝ මරණයට බිය වෙති - සියලු සත්වයෝ ජීවත්වීමට (ජිවිතයට) ප්‍රිය කරති එබැවින් අන් සත්වයෝද තමාට සම සේ සිතා ඔව්න්ට හිංසා පීඩා නොකළ/නොකරවිය යුතුය...ගාතනය නොකළ/නොකරවිය යුතුය.. (දම්මපදය - දණ්ඩ වග්ගය) (නි)
100% හොද වැඩක්
දැන් රටේ තියන ලොකුම ප්‍රස්නේ තියෙන්නේ හරක් මැරීමද? මම හිතන්නේ ඔය මරණ විදිහට විල මැද බංගලාවේ සමහර කට්ටිය බයවෙලා ඇති?(නදී)
මාළු කුකුල් ඌරු මේ සතුන්ගේ ජිවිත මොනවද පොඩි. හරකාගේ ජිවිතේ ලොකුද? කෑගල්ලේ නගරයේ දිනකට හරක් 10කට වැඩිය මරනවා. කව්ද මේවා කන්නේ පොඩ්ඩක් මස් කඩයක් ලගට වෙලා සංගණනයක් ගන්ඩ එතකොට පුළුවන් කව්ද කන්නේ කියලා. මස්කඩ වහන්ඩ පලවෙනි ඡන්දය මගෙන්. මස් කඩ කාරයෝ මස් මරන්නේ තනිකරම වැරදි විදිහට. (නදී)
හින්දු ආගම අදහන උදවිය එළාර රජුගේ කාලේ ඉදන් ඉන්නවා. රාවණාත් හින්දු ලු. මම හිතන්නේ '' හින්දු ලේ '' අපේ ඇගේ ශරීරගත වෙලා තියෙනවා. අපි හින්දු දෙවියාගේ රථය වන ගවයාට ගරුකිරීම ස්වාභාවිකයි (නි)
මාර වැඩේ වැව් වල මුදේ ඉන්න මාළු, ඌරන් හා කුකුලන් හිතනවා ඇති අනේ මමත් හරකෙක් උනානම් කියලා?(නදී)
ලංකාවේ ගවයන් මැරීමට සිදුවන්නේ ගවයන් අතිරික්තයක් ඇතිවන බැවිනි. කිරි සදහා ගවයන් ඇති කළ විට නිෂ්පාදනය හමාර කළ ගවයන් තවත් වසර 10 පමණ ජීවත් වේ. ජනගහන වර්ධනය සමගම තණ බිම් ප්‍රමාණය අඩුවේ. එවිට මෙම නිෂ්පාදනය හමාර කළ ගවයන් රැකබලා ගැනීම ප්‍රයෝගික නැත. එවිට ගාතනය කිරීමට සිදුවේ.එම නිසා කළ යුත්තේ පලය නැතිකිරීම නොව හේතුව නැතිකිරිමයි. එනම් කිරි නිෂ්පාදන බාවිතය අත්හැරිමයි. කිරිපානය කරමින් ගව ගාතනය නතර කිරීමට උත්සාහ කිරීම ප්‍රායෝගික නැත.කිරි සදහා ඉල්ලුමක් නැතිනම් ගව පාලනය වැඩක් නැත.ගවයන් ප්‍රමාණය අඩුනම් ගාතනය කිරීම වුවමනා නැත. එමනිසා හෙට සිට ඔබගේ කිරි , යෝගට් , කේක් නතර කරන්න (නි)
සාධු....සාධු....සාධු.... (දී)
අනුරාධපුරය පුජා බිමක්. ඔය ගත්ත තීරණය ඉතිහාසගත වෙනවා. ආයෙත් කවදාවත් දාන්න ඉඩ තියන්නත් එපා. හැබැයි සිංහල බෞද්ධයෝ සල්ලි ඕනෑ වෙලාවට හරක් විකුනන්නත් එපා (නි)
හැබැයි ,දැන් හරක් විකුණන අයට මොනවා හිතෙනවා ඇද්ද? නේද? (මම කිව්වේ අනුරපුරේ පැත්තේ ) (නි)
එතකොට බිත්තර , මාළු , කුනිස්සෝ?? මොවුන් දාස් ගණන් මරණ එක ප්‍රශ්නයක් නැද්ද ? (නි)
ඉතා හොද දෙයක්. පොසොන් එකටවත් හිත සැනසිල්ලෙන් පත්තරේ පොඩ්ඩක් බලන්න පුළුවන් වේවිද මන්දා?පක්ෂ බේදයකින් හා පාට බේදයකින් තොරව එකමුතුව වැඩ කරනවා නම්,අපේ මේ පුංචි රට කොච්චර දියුණු වේවිද නේද..? (නි)
මේ උතුම් ක්‍රියාව සැමට ආදර්ශයක්! මෙම ක්‍රියාවට මුල් වූ සියල්ලටම පිං අත්වේවා! (නි)
දැන් මුස්ලිම් අයට කන්න හරකුන්ගේ මිල අඩුවෙන්නේ නැද්ද එතකොට? (නි)
නුවරදී අපවත් වූ හිමි නමට කල උපහාරයක්
අනේ මට නම් ඕවායේ එච්චර ගානක් නැහැ (නි)
දුෂ්‍යන්ත කුමාර, නියම කුමාරයෙක්. අනුරාධපුරය පුජා බිමක්. ඔය ගත්ත තීරණය ඉතිහාසගතවෙනවා. අය කවදාවත් දාන්න ඉඩ තියන්නත් එපා. හැබැයි සිංහල බෞද්ධයෝ සල්ලි ඕන වෙලාවට හරක් විකුනන්නත් එපා. හරකා විකුණන් කනකොට දෙවියෝ ඔබ දිහා බලන්නේ නැහැ.(නදී)
මගේ හඬින් ඔබ සෑම දෙන පිබිදෙන්නේ..... කිරි තිබුනත් දරුවට බිත්තරයම දෙන්නේ.... බිත්තර දෙන අම්මා යයි මට නොකියන්නේ.... ඩෙවිල්, රෝස් රසයට මා හම ගහ පන්නේ....(නදී)
ගොඩක් හොදයි. නමුත් ගව ඝාතනයට පමණක් සීමා කලේ ඇයි ? මේක හින්දු කුමන්ත්‍රණයක්. මේ කුමන්ත්‍රණය පටන් ගත්තේ පොළොන්නරු යුගයේ ඉදලා. අපි සැබෑ බෞද්ධයෝ නම් සියලු සතුන් ඝාතනයට එරහි විය යුතුයි.(නදී)
ටිරාන්, එහෙනම් මිනිස්සුන්ගෙත් වැඩිපුර ඉපදෙන මිනිස්සුන්ව මස් කඩේට දැක්කුවනම් හරි. ඉස්සරහින්ම ඉන්නේ ඔයා.(නදී)
හැමෝටම ප්‍රශ්නේ ගව ඝාතනය විතරද කියන එකයි. එකෙන්වත් පටන්ගත්ත එකත් ලොකු දෙයක්. හැම වැරද්දක්ම හදාගන්න වෙන්නේ ටිකෙන් ටික. එහෙම අපි හැමෝම අපේ රට හදාගමු කරන දේවල් දිහා වැරදියට බලන්නේ නැතුව.(නදී)
මේ දේ හොදයි. ඒත් මේවට කලින් නවත්වන්න තව ගොඩක් දේවල් තියෙනවා නේද ලංකාවේ? (නි)
අනෙක් සභාවන්ටත් ආදර්ශමත් වැඩක් (දී)
ඇත්තටම අපිට ගොඩක් සතුටුයි. මොකද අපේ නගරෙත් හරක් මරණ එක සම්පුර්ණයෙන්ම තහනම් කිරීම ගැන අපේ මැති දෙපාර්ශවයටම කුවේට් රටේ සිටින සියලුම බෞද්ධ ජනතාවගේ ස්තුතිය පුද කරනවා. (නි)
මස් නොකන උතුම් මිනිසුනි, ඔබ සැමට තෙරුවන් සරණයි. (නි)
අපේ අනුරපුර නගරය දැන්වත් අපි ලස්සනට හදමු (නි)
හාමුදුරු නමක් ගිනි තියාගන අපවත් වෙලා රටම හඩවලත් ගව ඝාතනය නවත්වන්න බැරි වුන එකේ ඔබතුමන්ලාගේ කීම අසාවිදැයි මට ඇත්තේ සැකයකි (නි)
මස් කඩ කොහොමත් වහන්න පුළුවන්. නමුත් තැබෑරුම් වහන්න හිතන්නත් අමාරුයි. අයිතිය මහ ජාතියටනේ. හෙළයෝ හරක් මස් කන්න හොඳට පුරුදුවෙලා ඉන්නේ. පෙරේත හෙළයෝ මත්වෙනකොට ඕනෑම මසක් කනවා. (නි)
බොහොම අගය කළ යුතු ක්‍රියාවක්. ඔබ සැමට බොහොම ස්තුතියි (නි)
මේක දීපව්‍යාප්ත කරන්න ඕනේ (දී)
ඇයි අනුරපුරට විතරක්. සම්පූර්ණයෙන්ම නැවත්තුවොත් හොද නේද? (නි)
මොන තරම් හොද වැඩක්ද
ගව මස් විතරක් නෙමෙයි හැම මසක්ම නවත්තන්න. මධ්‍යසාර, ගණිකා මඩම් ඒවාට විරුද්ධවත් යෝජනා ගෙනෙන්න. ඒකට අපි ගොඩාක් කැමතියි. (නි)
ගෞරවනීය අදහසක් මොහොමෙඩ් හැමෝටම දීල තියනවා. මගේ ප්‍රණාමය. වැඩේට මුල් වෙඩිල්ල පත්තුවුනා. නමුත් දළදා සමිදු වැඩ සිටින මහනුවර නගර සබාව තවම නිහඩයි. (නි)
නියමයි. අපි නියම සිංහලයන් විදියට ගව ගාතනය තහනම් කරලා මේ දේ පටන් අරගෙන, හැම සතෙක්ම මස් පිණිස ගාතනය කිරීම නවතා දමමු. අපේ ඉන්ද්‍රරතන හිමියන්ට නිවන් සුව ලැබෙනවා සිංහලයාගේ ඇස් ඇරියට. (නි)
යම් කෙනෙක් සත්ව ඝාතනයෙන් වෙන්වන්නේද, ඒ සදහා අනුබල නොදෙන්නේද,ඒ සදහා උපක්‍රම නොයොදන්නේද නම් ඔහු ත්‍රිකෝටික පාරිශුද්ධ ශීලය රකින්නේය (නි)
අපේ රටේ ජීවත් වෙන සමහරක්ට රටට හෙන ගැහුව්වත් '' අනේ අපිට මොකද අපිට මුකුත් කරදරයක් නැත්නම් ''කියල හිතන නිසා , හොද දෙයක් සිද්ද උනාම ඒවා අගය කරන්න කැමති නැහැ. මේ යෝජනාව හොද දෙයක්. බාර් ටිකත් එක එක හරි වහන්න උත්සහ කරනවා නම් මුළු රටේම උපහාරය පුද කරනවා.(නදී)
නොදන්නා නිසයි අහන්නේ. කවුරුහරි මට කියනවද සමාජයට ලොකුම විනාසයක් කරන්නේ ගව ඝාතනයද අරක්කු වෙළදාමද කියලා. (නි)
ගව ඝාතනය නවත්තන්න හදන එක හොදයි. ඒත් මුළු රටටම විපත්තියක් වෙලා තියෙන, අසරණ දරුපවුල් කාබාසිනියා කරන , ජීවිත විනාශ කරන අරක්කු වෙළදාම මුලින්ම නවත්තලා හිටියා නම් නේද හොඳ? (නි)
ඉම්රාන්, මම කැසිනෝ දානවට නම් කැමතියි. ගව ගාතනය ඇතුළු ගාතන වලට විරුද්ධයි. (නි)
මේ වගේම අනෙකුත් සතුන් මරණ එකත් නවත්වන්න (දී)
ඇති විශිෂ්ටයි...... (දී)
කරනවානම් ඉතාම හොඳ ක්‍රියාවක්. ප්‍රකාශ කරන හැම දේම කරන්න අමාරුයි. වරදක් කිරීම ලේසියි යහමග ඒම අමාරුයි. ඒ වගේ තමා මෙය ප්‍රායෝගිකව කිරීම තරමක් අපහසුයි.නමුත් සෑම සත්වයෙක්ම ප්‍රයෝජනවත් නිසා ඒ හැම සත්වයාටම මෙය වලංගු වෙනවානම් හොඳයි (නි)
සතුටට කරුණක්. සියලුම මහත්වරුන්ට අපේ ආචාරය! අපි ලක් මාතාවගේ බුද්ධිමත් දරුවෝය. ජයවේවා! (නි)
ඒවා හොද වැඩ .... (නි)
ගව ගාතනය තුරන් කළොත් වැඩිපුර ඉපදෙන ගවයන්ට මොනවද කරන්නේ? උන්ව දඩාවතේ යවලා පාරවල් වල රිය අනතුරු වෙනකන් බලන් ඉන්නවද? එතකොට අනිත් සත්තුන්ගේ ජීවිත? ඒවා ජීවිත නොවෙයිද? (නි)
වැඩේ නම් හොදයි. හැබැයි ඉතින් හොර අරක්කු වගේ මේකත් පස්සේ හොර හරක් වෙයි ද දන්නේ නැහැ. දැන් මස් කන අය මොනවද කන්නේ? දැන් ඉතින් පව්කාරයා කියල මට බනී කට්ටියම. (නි)
යහපත් ක්‍රියාවක් !! හොද ආදර්ශයක් ජනතාවට. (නි)
ඉතාමත් හොද වැඩක් (නි)
යම් දිනක මිනිසාට වඩා ප්‍රබල ජීවියෙකු පැමිණ මිනිසා මරා ආහාරයට ගන්නා තුරු ඔවුන් අනිත් සතුනට කළේ කුමක් දැයි මිනිසාට නොහැගෙයි . එවිට ඔවුන් දුක් වෙනු ඇත. මෙම ගාතන ආගමික බලපෑමකින් තොරව ලෝකයෙන් තුරන් කල යුතුයි. (නි)
හොද වැඩක් (නි)
හැම දෙකටම දෙපැත්තක් තියෙනවා. මේ වැඩෙන් හරක් මස් කන අය අඩුවීම කෙසේ වෙතත් කැළේට වෙලා හොර හරක් මරණ අයගේ ගණන වැඩි වෙන්න පුළුවන් (නි)
සියලුම සත්ව ඝාතන ලංකාව තුළ තහනම් කළ යුතුයි. මිනිසාට වගේම සත්තුන්ටත් ජීවත් වීමට අයිතිය ඇත. ඔවුන් මැරීම මිනිසෙකු මැරීම හා සමානය. එම නිසා නිතිය මිනිසාට සහ සතුන්ට එක සමාන විය යුතුය. (නි)
මේ ශුද්ධ නගරය ගව ගව ඝාතනයෙන් රැකගත් පක්ෂ විපක්ෂ සියලු දෙනාට ප්‍රණාමය (නි)
අනේ කාලේ වනේ වාසේ (නි)
ඔබලාට මේ ආත්මයට පසු ආත්මයටත් , තම දරුවන්ටත් කර ගත් මහා පුණ්‍ය කර්මයකි. පින් සිදුවේවා. අනුරාධපුරයෙන් පටන්ගත් මෙම සත් ක්‍රියාවට අපි ශ්‍රී ලංකාව පුරා විහිදුවමු. (නි)
සාධු... සාධු... සාධු...! (නි)
සියලු පළාත් වලට ආදර්ශයක් වේවා! (නි)
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ජීවිත පූජාවෙන් මේ අයගේ මනස ඇරීම ගැන ඔබ වහන්සේටත් පින්. මේ තීරණයට උදව් වුන හැමදෙනාටත් පින්. ඒ වගේම ජා ඇල ප්‍රාදේශීය සභාවෙත් මේ වගේ තීරණයක් අරන් තිබුනා. ඔවුන්ටත් පින්.(නදී)
ලංකාව තුල ගව ඝාතනය සම්පූර්ණයෙන් තුරන් කරමු. අනෙත් සියලු පළාත් සභා වලත් මේ සමගම මේ තීන්දුව ගන්න ශක්තිය ලැබේවා (නි)
පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්ව ගත්ත මේ යහපත් තීන්දුවට මගේ ප්‍රණාමය.(නදී)
හොද වැඩක්.(නදී)
ඉතා හොඳ ක්‍රියාවක් මුළු ලංකාවේම ක්‍රියාත්මක වන්නට වගකිව යුත්තන්ගේ අවදානය යොමුවේවා, ගව ඝාතනය ධර්මද්විපයෙන් තුරන් වේවා!(නදී)
මෙහෙම ආදර්ශමත් ලෙස හැසිරෙනවා නම් පක්ෂ පාට භේදයකින් තොරව අපි ඔබ සැමට ගරු කරමු.(නදී)
පින්!
මෙන්න මෙහෙම පක්ශ බේද නැතුව හවුලේ වැඩ කරනවා නම් කොච්චර හොදද මහත්වරුනි? (නි)
තුසිත ගම්වල සත්තු මරාගන කලා ගමට වදයක් උන සමහර පිරිස් අද යම්කිසි තැනකට ආවා කියලා හිතට දැනෙනවා නම් ඔබ අද ඔය ඉන්න තැන ඔබට ගැලපනවද කියලා බලන්න හොදට.(නදී)
""මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි."" ඉතින් අපිට මේව නවතවන්න බැරිනම් කාටද පුලුවන් මේවා නවත්වන්න. මුලුමහත් ලංකාව පුරාවටම මේ විදිහට වෙනසක් වෙන්න ඕනෑ. ගව ඝාතාය, කුකුල්ලු ඝාතනය, ඌරන් ඝාතනය, එලුවන් ඝාතනය, මේ සියලු සතුන් ඝාතනය වලක්වන්න පුලුවන් නම්... " මේ ගෞතම බුද්ධ රාජ්‍යයය" යන්න යථාර්තයක් වේවි. (නි)
බොහොම පින් අනුරාධපුර මහා නගර සභාවට. සාධු සාධු සාධු! මම කතෝලිකව ඉඳලා බෞද්ධ වුනාට පස්සේ මස් මාළු කන්නේ නැහැ. අපේ සීයා කළේ හරක් මරපු එක. අවසානෙදි මැරුණෙත් හරකෙක් වගේ තප්පුලලා. බුදුදහම විශ්මිතයි. ඔබ සැමට බුදුසරණයි! (නි)
එතකොට ගවයන් ලංකාවේ වැඩි වන නිසා මිලත් අඩුවෙයි (නි)
මොනතරම් හොද දේක උනත් වැරදි දකින අය ඉන්නවා. අපි ඒ අය ගැන කතා නොකර මේ සත් ක්‍රියාව කල අයට ආශීර්වාද කරමු. (නදී)
චතුරංග , තම්බින්ට කියමු ඌරු මස් කන්න කියලා. (නි)
තුසිත, ඔබ කෙටියෙන් ඇසුව ප්‍රශ්නය කාලීනයි. මේ රටේ සිදුවන ලොකුම අපරාධය ගව ඝාතනයද ? (නි)
දැන් අනුරාධපුරේ තම්බිලා මොනවා කයිද දන්නෙ නැහැ... (නි)
අපිත් කැමතියි. මධ්‍යසාර, ගණිකා මඩම් ඒවාට විරුද්ධවත් යෝජනා ගෙනෙන්න. ඒකට අපි ගොඩාක් කැමතියි. (නි)
අශේන්, පිටරටින් ගෙනෙන මස් ගැන පස්සේ බලමු. දැනට අපි ලංකාව ගැන විතරක් බලමු (නි)
සාදු සාදු සාදු.(නදී)
අශේන් පුතා වෙත. ගව ඝාතනය සහ ගව මස් කන එක අතර ලොකු වෙනසක් තියනවා. අපේ රටේ ගොවිතැනට ගවයාගෙන් විශාල ප්‍රයෝජන තියනවා. ඕනෑම නම් පිටරටින් ගෙනත් ඕනෑම වස විස දෙයක් ගෙනල්ලා කන්නත් පුළුවන්. දැන් මෙහෙ බැටළුවෝ නැතුව බැටළු මස් තියෙන්නේ. මස් කන එක නතර කිරීම් නොව මරණ එක නැවැත්වීම ඉතා වැදගත්. හොඳ දෙයට හොඳයි කියන එකත් ලොකු දෙයක්. (නි)
අහන්න සතුටුදායකම පුවතක් (නි)
මෙම තහනම ලංකාව පුරාම ක්‍රියාත්මක කරන්නට සැවොම එක්සත්ව නැගී සිටිමු. (නි)
තුසිත, ගව ඝාතනය පමණයි. දැනගන්න ටිකෙන් ටික සතෙන් සතේ, කලබල කරන්න එපා (නි)
එතකොට පිටරටින් ගෙන්වන මස් හරක් මස් කන එක අනුරපුර තහනම් නැද්ද? (නි)
ගව ඝාතනය විතරද? (නි)
ඉන්දරතන හිමිට බුදුබව ලැබෙන්න ඕනෑ මේ විදියට හරි සිංහලයාගේ ඇස අරවිම ගැන (නි)
තීන්දුව ක්‍රියාත්මක කරන්න ශක්තිය ධෛර්ය,සියලු දෙනාටම ලැබේවා! මගේ ප්‍රණාමය (නි)
පින්බර තීරණයක්! (නි)