(බී.ජී.චතුරංග )
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකු කිඹුල් ප්‍රහාරයකට ලක්ව, එම කිඹුලා විසින් ඇද ගෙන යන අවස්ථාවේදී දැඩි පරිශ්‍රමයක් යොදා කිඹුලාගෙන් බේරී ඇති අතර දැඩි ලෙස තුවාල ලැබූ එම රැඳවියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍ය කර්මයකට භාජනය කර ඇති බව වාර්තා වේ.
මෙලෙස කිඹුල් ප්‍රහාරයට ලක්ව ඇත්තේ, අනුරාධපුර බන්ධනාගාරයේ, එලි මහන් සිර කඳවුරේ රඳවා සිටි 34 හැවිරිදි දමිල ජාතික රැදවියෙකි..
මෙම රඳවියා ඇතුළු පිරිසක් බන්ධනාගාර භූමියේ මල්වතු ඔයට යාබදව ඊයේ (22) රාත්‍රී වගා කටයුතු වල නිරත වෙමින් සිටියදී, උණ පඳුරක් ආසන්නයේ සැඟව සිටි කිඹුලෙකු මෙම සිරකරුගේ කකුලෙන් අල්ලා මල්වතු ඔයට ඇද ගෙන ගොස් ඇති බව බන්ධනාගාර නිලධාරියකු පැවසීය.
කිඹුල් ප්‍රහාරයට ලක්වූ එම රැඳවියාගේ එක් අතකට, කකුලකට සහ ගෙල ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර එම තුවාලකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11 වන වාට්ටුවට ඇතුලත් කිරීමෙන් අනතුරුව අද (23දා) උදෑසන ශෛල්‍ය කර්මයකට භාජනය කෙරිණි.
එම රැඳවියා මල් අතු ඔයේ දියේ නාමින් සිටියදී මෙම කිඹුල් ප්‍රහාරයට ලක්වූ බවට ලැබුණු තොරතුරකට අනුව ඒ සම්බන්ධයෙන් අප කල විමසීමකදී උසස් බන්ධනාගාර නිලධාරියකු එය ප්‍රතික්ෂේප කල අතර එම සිර කඳවුරේ වගා කටයුතු කරමින් සිටියදී ඊයේ රාත්‍රී එම කිඹුල් ප්‍රහාරය එල්ල වූ බවද සඳහන් කලේය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අ’පුර රැඳවියෙක්ට කිඹුල් ප්‍රහාරයක්